සදාතනික සෙනෙහස ආදර නිසදැස් හිරු එළියෙ රශ්මියේ ජීවයක් තියෙන කල්, සාගරේ රැලි වෙරළ කෙලිදොලින් සිබින කල්, හද මගේ නුබ නමින් සෙනෙහසින් වැයෙන කල්, හිත මගේ නුබ ලගයි ආදරෙන් සදාකල්…
මල් සිනා මැද ආදර නිසදැස් නැවුම් පෙම්දම්වලින් සිත් දෙකක් යා කෙරෙන, නිතිපතා ජීවිතේ දිරියෙන්ම ඔප කරන, රෑ පුරා සිත් පුරා රූ රටා අන්දවන, සුන්දරයි ආදරේ මල් සිනා වස්සවන…
පින්බර සිත ආදර නිසදැස් සුන්දර අරලිය මල මෙන් රුවිනා, ගින්දර වූ සිත සිහිලැල් කරනා, ලස්සන පින් සිත දෙවියන් වඩිනා, වස්තුව නුබ මගෙ ලදකය අගනා…
සවිය ආදර නිසදැස් ගගුලක හැඩය කුමටද පිට ඔපෙන් බලා අරගෙන සවිය බැහැපිය ගග තුලට කිදා කොපමන සැර වුනත් ජල සුළි උබට වඩා දියබුන් සැපයි ඉවුරේ මද නලට වඩා…
වසන්තය දොරකඩක ආදර නිසදැස් විදින්නට පෙම් සිහින තරු දිලෙන සුව රැයක, මිදෙන්න්ට ඉගි කරයි හැගුම් පිරි හදවතක, ගයන්නට ජය ගීත උතුරනා සෙනෙහසක, පැතුම් මල් පුරවගෙන වසන්තය දොරකඩක…
සිතක පැතුම් ආදර නිසදැස් රෝග තුන්දොස් සියලු මැඩගෙන සෑමකල් දිවි සුව විදින්නට, සීත සුළගක දැනෙන සිසිලස විලස සිත්වල හැගුම් තැබුමට, නේක බාධක මග හරෝගෙන සීන එලෙසෙම පල දරන්නට, ඈත අහසේ තාරකාවක කෙනෙකු ඇත අප දෙදෙන රැකුමට… ...
නුබේ සිනාවේ අසිරිය ආදර නිසදැස් හිරුට කර ඇරයුමක් නැවත හමුවන ලෙසට, රැයට තරු මල් පිපෙයි කැටුව සදෙ සිසිලසද, සිතම සතුටෙන් පිරෙයි පහව ගොස් සැම වෙහෙස, නිහඩ බව බිද නැගෙන නුබෙ සිනා අසිරියට…
ජය නියතයි 2013 ආදර නිසදැස් සියදහසක් සිහින පැතුම් වී සපල, දින දිනයක් වැඩි වී නිති සුව සතුට, පය තැබුමට නව වැඩ කටයුතුවලට, ජය නියතයි දෙදහස් දහ තුන ඔබට…
ආදරේට කිස් පනහක් ආදර නිසදැස් දුන්නට මගේ ජීවිතයට මිනි පහනක්, දෙන්න්ට දෙයක් නැති හන්දා ලග මොනවත්, ඉන්නට වේවි ඉවසාගෙන ටික දවසක්, දෙන්නට නුබේ සුදු මුහුනට කිස් පනහක්…
පැතුම ආදර නිසදැස් වලකා සියලු අණවින ඇස්වහ දුරලා, අප හා ඉන්න සැමදෙනගෙත් සෙත සලසා, සැමදා ඉන්න සතුටින් තෙරුවන් වැදලා, දළදා සමිදු පිහිටයි අපහට සැමදා…
රෝස මල් ආදර නිසදැස් මාස ගනන් හිටියත් අප දෙතැන්වල, පාලු බවක් දැනුනෙම නෑ දෙහිත්වල, දෝස නැති නිසා අප සිත්සතන්වල, රෝස මල් පිපෙයි අප හද උයන්වල…
ජීවිතයට නව අරුතක් ආදර නිසදැස් හමා ගොස් අවසනය යලි නොඑන මාරුතය, පිපෙයි යලි සොදුරු මල් නිසා අප ආදරය, දැනෙයි සිසිලක් ලෙසට අවට ඇති සියලු දෙය, පිරෙයි අප ආදරෙන් පන නැගෙන ජීවිතය…
හිතක් ආදර නිසදැස් කොතෙක්වත් ඇති නමුත් බොරු චාටු බස් කියන, අදත් ඇත ගොඩක් අය ආදරේ අගෙ දැනෙන, දොසක් නැත කිසිත්වත් මෙහි නුබට මන් කියන, හිතක් ඇත මේ පැත්තෙ නුබේ දුක සැප සොයන…
ආදරේ තරම ආදර නිසදැස් නොහැකි මුත් නුබේ රුව හැමවිටම දකින්නට, නොහැකි මුත් නුබේ ලග හැමවිටම හිදින්නට, හදවතේ ඇත දෙයක් මට නුබට කියන්නට, ආදරෙයි මම නුබට මුලු හිතක් පිරෙන්නට…
සිරි නුවර ආදර නිසදැස් සොයන්න්ට කාසි කොළ දුකක් වී හෝ කවර, ගෙවන්නට සිදු වුවත් මුලු දවස අගනුවර, පිනක් පල දුන් නිසා පෙර භවක කල කවර, මගේ දැන් සිරි නුවර නුබ ඉන්න මහනුවර…
ආදරයේ සුවය පතා ආදර නිසදැස් සීතල කදු අතරින් දුර ගෙවාගෙන, ලෝකය සිබින සුලගින් මග අසාගෙන, ඒමට ඉදිමි ආදර සුව පතාගෙන, ආදර හැගුම් ගෝනියකට දමාගෙන…
ජීවන පොතේ පිටු සකසමු ආදර නිසදැස් සතුටින් පිරුනු පිටු වැඩි කර සිනහා දමා, සෙනෙහෙන් පිරුනු පිටු එක්කර මිහිර දමා, දුකකින් පිරුනු පිටු ඇත්නම් දිරිය දමා, ජීවන පොතේ පිටු සකසමු එකතු වෙලා…