නිල් මැනික ආදර නිසදැස් පාකර දමා ලතැවුල් තිබු සිත් කොනක, ලෝකය සොදුරු පලසක් කල සැම දිනක, යාමට සිතෙයි කර ගැනුමට මගෙ හනික, ජීවන ගමන කලඑළි කල නිල් මැනික…
බොද නොවන ආදරය ආදර නිසදැස් සතුට පිරි හෙට දිනට මග හසර සලසමින්, දිවිය ඇති තුරු මගේ දෙනෙත මෙන් රැක ගමින්, ගැටලු දුක් පැමිනි කල ලගම ඉද දිරි දෙමින්, නොවන බොද ආදරය පුද කරමි නුබ නමින්…
ආදර සිත් හමු වුනු තැන ආදර නිසදැස් සීතල කදු මුදුන්වලින් හමන පවන ගත දැවටේ, ලෝකය තව හැඩ කරමින් නෙක පැහැයෙන් මල් පිබිදේ, ජීවන ගමනේ කිසිදා කිසිලෙසකින් තනි නොම වේ, ආදර සිත් හමු වුනු තැන සුරපුරයක සිරි ගෙනදේ… ...
දින ලගයි උනුහුමේ ගුලි වෙන්න ආදර නිසදැස් තනිකමට පාලුවට සදහටම සමු දෙන්න, තරු පිරුනු සොදුරු රැයෙ පහස නිති විද ගන්න, දින ලගයි සිත් දෙකක් පැතු ලෙසින් එක් වෙන්න, සෙනෙහසේ මල් පිපුනු උනුහුමේ ගුලි වෙන්න… ...
බාර දමමු දෙවියන්හට ආදර නිසදැස් හීනවලට වඩා සොදුරු සැබෑ ලොවක් දැක ගන්නට, දෝස සියලු මග හරවා සෑම ලෙසින් ජය වන්නට, බාර දමමු දෙවියන්හට නියත ලෙසින් ඉඩ ගන්නට, දෝරෙ ගලන සෙනෙහෙ හැගුම්වලින් දිවිය පුබුදන්නට… ...
සිතක අරුමය ආදර නිසදැස් හිරු නැගෙන හිමිදිරියෙ පැතුම් මල් මෝදු වෙන, දින පුරා ලග දැනෙන සෙවනැල්ල දෙවෙනි වෙන, හද කොනක දුක් සුසුම් පහව ගොස් එක් සැනම, සිත නිමෙන අරුම කිම නුබ ලගින් හිදින විට… ...
සිතක පිලිසරණ ආදර නිසදැස් ගසකට සවිය අරටුව හැර නැහැ වෙනකක්, පවසට දිය පොදකි කුමටද මහ මුහුදක්, ඉදුමට රුදුරු ලොව තුල දිරිගෙන සැම දවසක්, සිතකට සිතක් මිස නැත අන් පිලිසරණක්…
මැසිවිලි නොමැති හෙට දිනයක් ආදර නිසදැස් අතැගිලි ගනිමි සුබ සිහිනෙක සිත පොවමින්, මැසිවිලි නොමැති හෙටකට සුබ මග හදමින්, සිරිසැප ලගා වේවා දුක පහව ගොසින්, අතැගිලි බැදෙන දින සිට අප සිත සතුටින්…
පිවිතුරු සෙනෙහස ආදර නිසදැස් රැයේ අසිරිය මැවූ සද තරු, දිලේ සැමවිට මකා ඝනදුරු, රැදේ සිත නුබ ලගින් නිරතුරු, සෙනේ සුවදට හදේ පිවිතුරු…
පියබා යන දිනය ලගයි ආදර නිසදැස් රැදෙන්න සැමවිට ලගින්ම සෙනෙහස් මලින් පිරී ගිය සිරි නිවසෙ, වසන්තයක් ගෙන කුමරි වඩියි හෙට විදින්න උනුහුම අප සෙනෙහෙ, සියල්ල සතුටින් ඉටුවෙයි අද හෙට රැයෙත් දවාලෙත් පැතු විලසෙ, කිරිල්ලි සමගින් පියබා යන්නට නිමක් කොනක් නැති නිල් අහසෙ… ...
හදේ තැවුල් නැහැ තවනම් ආදර නිසදැස් දිනේ සිටන් හමුවූ අප පෙම් කෙරුවද කොයි තරම්, ගතේ වෙලී හිදිනා ඒ හැම මොහොතක් ඉස්තරම්, හදේ තැවුල් නැහැ තවනම් ලැබුනු නිසා පින්කදක්, හිතේ එකම එකම පැතුම නුබයි මගේ රත්තරන්… ...
දිය දෝතක සිසිල ආදර නිසදැස් දිය දෝතක සිසිල අරන්, දේදුන්නක පැහැය අරන්, මල් ගොමුවක සුවද අරන්, රැදුනු ලගින් නුබ මනරම්…
සිහිල් පැන්පොද ආදර නිසදැස් සුමුදු වදනින් බවින් සුන්දර, ඉමින් සැමවිට සිතම අද්දර, සිහිල් පැන්පොද නුබයි පින්බර, ගිලන්වූ මුව පොවෙකු සුව කල…
සැනසිලි සුව ආදර නිසදැස් ලස්සන සිහිනයක් ලෙස දිස්වෙනව මැවී, ඉන්නට ලැබුනු දිනයන් අප එකට වෙලී, වන්නට හැකිය සැනසිලි සුව පෙර නොවිදි, සුන්දර සිනා පිපෙනා හෙට දිනට එබී…
තනිකමට සමුදුනෙමි ආදර නිසදැස් ලග ඉන්න සෑම කල් පෙර නොවු සන්තොසින්, පිලිගතිමි සුවද මල් උතුරනා බැති පෙමින්, දුර යන්න නුබ සමග සෙනෙහෙ පිරි හදවතින්, සමුදුනෙමි තනිකමට වසන්තයෙ දොර ලගින්…
නුබට පමනමයි ආදර නිසදැස් සිතු පැතුම් සඵල කර රැගෙනවිත් පිරුනු බව, මතු දිවිය එලිය කොට හැර දමා අදුරු බව, සතු නුබට පමනමයි උපදිනා හැමක භව, රතු රෝස මල්වලින් හැඩ කෙරුනු මගේ ලොව….