බයිසිකලේ

රතු පාටින් නිල් පාටින් පුංචි පුංචි බල්බ් දමා තොරණක් වාගේ හැඩ කල පුංචි මගේ බයිසිකලේ
හැමදාමත් හවස් අතේ ඇති වෙනකං පාර පුරා සුලගක් වාගේ පැද ගිය පුංචි මගේ බයිසිකලේ
ටික ටික මට මදි වෙන කොට තියා ගන්න ඉඩක් නැතුව විංකලේට නිකං දුන්න මගේ පුංචි බයිසිකලේ
හැමදාමත් ආදරේ ඇති කවදාවත් අමතක නැති ලගපාතද ඉන්නෙ ඔයා මගේ පුංචි බයිසිකලේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න