දම්පල්තුමන් දුටු අනාගත ඛේදවාචකය Milinda Prashna 2014.02.19 – මිලින්ද මොරගොඩ අනගාරික ධර්මපාල තුමන්ගේ ගමන් මග සහ ක්‍රියා කලාපය නැවත නැවතත් ජන අවධානයට පත් වෙමින් තිබේ. එතුමන්ගේ එකසිය පනස් වැනි ජන්ම දිනය ලබන සැප්තැම්බර් මාසයට යෙදී ඇත. බෞද්ධ පුනරුදය ඇති කිරීමට අවිහිංසාවාදීව එතුමන් ගත් අභීත, අඛණ්ඩ වැඩ පිළිවෙල ශ්‍රී ලාංකිකයන්ගේ ඉමහත් ගෞරවයට ලක්ව ඇති බව අවිවාදිතය. දොන් ඬේවිඞ් හේවාවිතාරණ උපදින විට ලංකාව බි්රතාන්යයට යටත්ව තිබූ කොළණියකි. ...
හදිසි ගලවා ගැනීමේ ඒකකයක අවශ්‍යතාව Milinda Prashna 2020.09.09 – ලංකාදීප ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබුණ දැවැන්ත නෞකාවක හදිසියේ හටගත් ගින්න පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කළේය. ක්වෙට් සිට ඉන්දියාව දක්වා ගමන් කරමින් තිබුණ එහි අනතුර හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවේ. නැව විනාශ වී ඉන්ධන පිටාර ගියහොත් බරපතල පාරිසරික ගැටළු ඇති කරන්නට ඉඩ තිබුණි. මත්ස්‍ය සම්පත ඇතුළු සාගර ජීවීහු විනාශ වනු ඇති අතර ලෝකය පුරා වෙරළ තීර අපවිත්රවනු ඇති ...
පොදු රද මඩුලු සමුලූෙව් නූතන අභියෝග Milinda Prashna 2013.11.13 – ලංකාදීප- මිලින්ද මොරගොඩ පොදු රාජ්‍ය මණ්ඩල සමුලූව ශ්‍රීලංකාවේ දී පැවැත්වීම සුවිශේෂී අවස්ථාවකි. සමුලූ වාරය සමග මෙරට ආර්ථික සහ සමාජ සම්බන්ධතා අලූත් කතිකාවතකට අවතීර්ණ වන බව පෙනේ. ඉකුත් කාලය තෙක් අභ්‍යන්තර ගැටුම් සහිත රටක් වශයෙන් අවධානයට ලක් වූ අතර දැන් සාමකාමී පරිසරය තුළ අලූත් ගමනක් කරා යොමු වෙමින් සිටින බව අන්තර්ජාතික ප්‍රජාවගේ අදහසයි. මුල් කාලයේ දී බ්‍රිතාන්‍ය හිටපු ...
ප්රතිරූප මතු කරන මාධ්‍ය භාවිතාව Milinda Prashna 19.11.2014 -ලංකාදීප- මිලින්ද මොරගොඩ වර්තමානයේ මාධ්‍ය භාවිතාව ඉතාම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. ලෝකයේ කොතැනක හෝ සිදුවන දේ එසැනින් ප්‍රවෘත්තියක් ලෙස විකාශය වෙයි. අති විශාල තොරතුරු ප්‍රමාණයක් අහන්නට, දකින්නට සහ කියවන්නට ලැබේ. මේවා අතරින් පුලූල් ජන අවධානයට ඉඩ ලැබෙන්නේ සීමිත ප්රවෘත්ති ප්‍රමාණයකට පමණකි. අධි තොරතුරු සැපයුමක් පවතින අතර ඉහළම අවධානයක් ඇති ප්රවෘත්තියක තැන ගන්නට බලවත් තරගකාරිත්වයක් තිබේ. මෙම තරගකාරීත්වය තුළ ...
නිර්මාණවේදය හමුවේ නිර්මාණශීලී විසඳුම් Milinda Prashna 2016/01/06 – ලංකාදීප වානිජ අග නගරය වන කොළඹ අතිශය කාර්ය බහුල තැනක සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය පිහිටුවා ඇත. එහි ඉගෙනුම ලබන දරුවන් මුහුණ දෙන ගැටලූ ගණනාවක් ගැන සාකච්ඡා කරන්නට පසුගියදා අවස්ථාවක් ලැබිණ. එම තොරතුරු වලින් කියැවෙන කාරණා ඉතා සංවේදී ඒවාය. විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන්නේ බලවත් කැපවීමෙන් ඉගෙනගෙනය. දහසකුත් එකක් බාධක මධ්‍යයේය. තරගකාරී ක්‍රමය තුළ පාසලේ එකට ඉගෙනගත් වෙනත් දරුවන් ...
ගහ හැදෙන්නටත් පෙර අස්වැන්න නෙළීම Milinda Prashna 2015/11/25 – ලංකාදීප මෙරට සමාජය තුළ සංස්කෘතික දුර්වල කමක් තිබේ. ගහ හැදෙන්නට කලින් අස්වැන්න අපේක්ෂා කිරීමය. දේශපාලනඥයන් ආර්ථිකය සම්බන්ධයෙන් එය මැනැවින් ප්‍රයෝජනයට ගනී. එම උපයෝගී කරගැනීම තුළ මහජනතාවගේ බලාපොරොත්තු ඉහළ නංවන අතර කැපවීම සහ ඉවසිල්ල නැති සමාජ ක්‍රමයක් බිහි කර තිබේ. නිදහස ලැබූ දිනයේ සිට ශ්‍රී ලාංකේය සමාජය ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල ඉල්ලන අතර ඒවා සාක්ෂාත් නොවන පසුබිම තුළ පාඩමක් ...
සමාජ පැවැත්මට අලූතින් සිතමු Milinda Prashna 2017 01 04 – ලංකාදීප සමාජය වෙනස් වෙයි. ඇවතුම් පැවැතුම් යහපත් පැත්තට හැරෙයි. ජනසමාජය සංකීර්ණ වන විට හො දේ මතු කරගත යුතුය. කලින් පරම්පරාව අනුගමනය කරන සිරිත් තුළ ඇති වටිනාකම් ඉදරියට ගෙන යන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම වැදගත් යැයි හැගේ. ගෙදර ප්‍රධාන දොරටුවේ අඹ කොළ වැලක් නොඑසේනම් ගොක් කොළ රුහැනක් එල්ලන අවස්ථා අදත් කලාතුරකින් දක්නට ලැබේ. එයින් අඟවන්නේ ගෙදර බෝවෙන ...
උසාවියේ ඇප තැබීමට තාක්ෂණික දායකත්වය Milinda Prashna 2019/10/09 – ලංකාදීප අධිකරණයේ ඇප තැබීමට තාක්ෂණික දායකත්වය අධිකරණ ක්‍රියාවලිය සංකීර්ණ එකකි. චූදිත පුද්ගලයා ස්වකීය නිවැරදි භාවය ඔප්පු කළ යුතුය. සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු නඩු කටයුතු අවසන් වන තෙක් ඇපයකට යටත්ය. නියමිත නඩුවාරයේ දී අධිකරණයට ඉදිරිපත් වන විශ්වාසය ඇපයකින් සහතික කෙරේ. ශරීර ඇප එක ක්රමයකි. රජයේ සේවකයෙකු වන පිලිගත් පුරවැසියෙකුට පුද්ගලයෙකු වෙනුවෙන් ශරීර ඇප නියම කළ විට පෙනී සිටිය හැකිය. ...
මහ පොළොව සුවපත් කරමු Milinda Prashna 2016/02/24 – ලංකාදීප ගෝලීය උණුසුම අද ජාත්‍යන්තර අවධානයට ගෙන ඇති විශේෂිත කාරණයකි. මිනිස් ක්‍රියාකාරකම් හෙයින් ඕසෝන ස්ථරයට හානි වෙමින් පවතින අතර එය මහ පොලව හිරු එළියට නිරාවරණය වන හේතුවක් වී තිබේ. හිරු තාපය ගෝලීය උණුසුමට බලපා ද්‍රැවීය අයිස් කඳු දියවෙනු ඇති අතර එය සාගර වල ජල මට්ටම ඉහළ නැග ගොඩබිම යටවෙනු පමණක් නොව කාලගුණ විපර්යාස ඇතුළු තව තවත් බරපතල ...
සවුදි අරාබියේ ආර්ථික ප්‍රතිසංස්කරණ දෙන ආදර්ශය Milinda Prashna 2022/02/09 – ලංකාදීප වසර 2030 ඉලක්ක කරගෙන ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නංවන්නට සවුදි අරාබිය තීරණය කර තිබේ. කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකයේ පසුබෑම ප්‍රශ්නයක් වනු ඇති බව සවුදි පාලකයෝ නිගමනය කර ඇත. ලෝක ප්‍රජාව ඛනිජ තෙල් භාවිතය සීමාකිරීම එරටට තීරණාත්මක ලෙස බලපාන බව ද නිරීක්ෂණය කරන කරුණකි. පැවැත්ම වෙනස් නොකළහොත් ගැටළු මතුවිය හැකි බව ප්‍රකාශ වී ඇත. අංශ ...
හූ කියන්නෝ Milinda Prashna 2016/08/03 – ලංකාදීප ප්‍රංශ අගමැතිවරයා සහභාගී වූ ප්‍රසිද්ධ ජනහමුවක දී වාර්තා වූ සිද්ධියක් ජාත්‍යන්තරය තුර තරමක කලබැගෑනියක් ඇති කර තිබේ. එයට සහභාගී වූවෝ එරට ජනාධිපතිවරයාට හූ කියන්නට පටන්ගෙන ඇත. මෑත මාස දහඅට තුළ බරපතල ත්‍රස්තවාදී ප්‍රහාර තුනකට ගොදුරු වූ පැරිස් නගරය එයින් හෙම්බත්ව සිටී. සාමාන්‍යයෙන් නිදහස් සහ විවෘත සමාජය වික්ෂිප්ත තැනක් බවට පත්ව ඇත. ජනතාව ත්‍රස්තවාදය මැඩ පවත්වන්නට අසමත්වීම ...
E- සාප්පු සවාරියෙන් ගුවනින් භාණ්ඩ Milinda Prashna 2013.12.18- ලංකාදීප- මිලින්ද මොරගොඩ ලෝකය ඉතා ඉක්මනින් පරිවර්තනය වන බව දැනෙන්නට පටන්ගෙන තිබේ. තාක්ෂණය භාවිතාවට පැමිණීම එයට හේතුවක් බව පැහැදිලිය. කෘෂි යුගයෙන් කාර්මික යුගයට පැමිණෙන්නටත්, එතැනින් කර්මාන්ත සහ සේවා යුග වලට අවතීර්ණ වන්නටත් ලෝකය ගත කළ කාලය සෑහෙන එකකි. නමුත් තාක්ෂණික යුගය සමග ලෝකයේ මුහුණුවර වෙනස්වන්නට ගතවන කාලය ඉතාමත් කෙටි එකක් බවට පත්ව තිබේ. දුරකථනය සොයා ගෙන එය රැහැන් ...
අස්වැන්න වෙනුවෙන් පවත්වන සැනකෙළිය Milinda Prashna 2020/01/15 – ලංකාදීප ලොව පුරා දෙමළ ජනතාව අද දිනයේ දී තයිපොන්ගල් උත්සවය නිමිති කරගෙන වතාවත් පවත්වති. වැදගත් සංස්කෘතික සමාජයීය පිලිවෙත් විදහා දක්වන අනර්ඝ පිලිවෙතක් වශයෙන් සදහන් කළ හැකිය. තයිපොන්ගල් උත්සව පුරාණය දකුණු ඉන්දියාව දක්වා විහිදෙයි. ගොවිතැනේ දී ලැබුණ සරු අස්වැන්න වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීම මෙම උත්සවයේ සංකල්පීය පොදු ලක්ෂණය බව සදහන් කළ හැකිය. සොබාදහමේ කාරුණිකත්වය ගොවියන්ට ඉතා වැදගත්ය. හිරු ...
සමාව ගන්න වගේම දෙන්නත් ධෛර්යයක් ඕනෑ Milinda Prashna 2021/04/21 – ලංකාදීප බි්රතාන්ය යේ පිලිප් කුමාරයා අවසන් ගමන පසුගිය සතියේ ජගත් ප්‍රජාවගේ අවධානයට ලක් විය. අයිරිශ් ත්රස්තවාදීන් කළ බව කියන ඝාතනයක් සම්බන්ධයෙන් රජ පවුලෙන් සමාව ඉල්ලන ප්‍රකාශයක් ද ලොව පුරා විකාශය විය. පිලිප් කුමාරයා ගේ ඥාතියෙකු වන ලෝඞ් මවුන්ට්බැටන් මෙහි දී ඝාතනය විය. එය සිදුවූයේ 1979 වසරේ දීය. පිලිප් කුමාරයා ගේ ඥාති මාමා සහ තවත් දෙදෙනෙකු දුර සිට ...
ඊලග ඡන්දය ගැන නොව රට ගැන සිතා තීරණ ගනිමු Milinda Prashna 2022/03/23 – ලංකාදීප අප ගැන අපට ඇත්තේ මහත් ආඩම්බරයෙකි. අපේකම ගැන කතාකරන්නේ ඉහළින්ය. කිසිම රටකට හෝ ජාතියකට දෙවැනි වෙන සූදානමක් නැත. අපේකම කෙසේ වෙතත් එදිනෙදා පැන නැගෙන ප්‍රශ්නවලට උත්තර සොයන්නේ පිටස්තරයන්ගෙනි. දේශපාලන, ආර්ථික හෝ සමාජ ප්‍රශ්න පැන නැගීම සාමාන්‍ය දෙයකි. වරින් වර ගැටළු ඇතිවෙයි. නිරාකරණය කරගැනීමේ නොහැකියාවක් නැත. පමා කළහොත් දැවැන්ත අර්බුද බවට පත්වෙන්නේ සුළු ප්‍රශ්න බව සදහන් කළ ...
බත නිපදවීම ලාබදායි කර්මාන්තයකට හරවමු Milinda Prashna 2016/03/09 – ලංකාදීප රටට බත සපයන්නේ ගොවියන්ය. ගොවිතැන ආර්ථිකයක් පමණක් නොව සංස්කෘතික අනන්‍යතාවයක් සහිත කර්මාන්තයකි. කෘෂිකර්මයෙහි වී ගොවිතැනට හිමි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලාංකේය රාමුවක් තිබේ. කෙත් බිම කොටා මඩවා, අස්වද්දන සහ එයින් පසු අස්වැන්න නෙලා ගෙට ගන්නා තෙක් සම්පූර්ණ සම්ප්රදායක් තිබිණ. එය තුළ බත යනු බුද්ධ බෝගයකි. සහල් නිපදවන ගොවිතැනෙහි නිරත ගොවියෝ සරල පැවැත්මක් ඇති ජන කොටසක් විය. සියවස් ...
අලුත් ආරම්භයකට දැන්වත් පියනගමු Milinda Prashna 2022/ 05/ 11 – ලංකාදීප දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව නැවත වතාවක් ඛේදවාචකයක් අභියසය. නැවත වතාවක් යනුවෙන් සඳහන් කරන්නට සිදුවූයේ ඇයි? ශ්‍රී ලංකාද්වීපය පුරා රත් පැහැති කැකෑරෙන රැධිරය ගලා ගිය අවස්ථා ගණනාවකි. බිහිසුණු අන්ධකාර රාත්‍රීන් විශාල ප්‍රමාණයක් අප පසු කරගෙන පැමිණ ඇත. ජාති, ආගම්, දේශපාලනික වශයෙන් බෙදී, ගැටී විනාශයට පත් වූ කාල වකවානු අමතක කළ යුතු ...
භාග්‍යවන්ත මාසයේ නෙලා ඇති අස්වැන්න Milinda Prashna 2022/04/11 – ලංකාදීප අප්‍රියෙල් මාසය භාග්‍යවන්ත කාලයකි. ජෝතිෂ්‍යයට අනුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන්නේ බක් මාසයේ දී ය. සුර්යයා ගේ ගමන පෙරදැරි කරගෙන උත්සව පැවැත්වීම අපගේ සංස්කෘතියෙහි කොටසකි. බක්මාසයේ උදාව සමග උත්සව සිරිය ඇති වෙයි. ගහ කොළ මල් වලින් පිරේ. කොහා ගේ කූජනය අවුරුදු කාලය බව ළමා ලපැටියන්ට අගවයි. අස්වනු නෙලා රැස්කරගන්නා අතර කෙත්වතු සාර වී ධන ධාන්‍යයෙන් ...
වෙළඳුන් නියාමනය කරමු Milinda Prashna 2017/02/22 – ලංකාදීප හාල් මිල පොදු ජනතාව අපහසුතාවයට පත් කරන ප්රශ්නයන් බවට පත්ව තිබේ. සාමාන්‍ය මිලට වඩා වැඩි සහ එදිනෙදා වෙළඳ පොලෙන් මිල දී ගන්නා සහල් විශේෂයට බලපාන මිල සහ ඒවා හිඟ වෙන විට අතෘප්තියට පත්වීම වැලැක්විය නොහැකිය. බත මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරයයි. අද වන විට මිලියන විසි එකක ජනගහනයක් හාල් මිල හමුවේ කිසියම් හෝ ගැටළුවකය. ආනයනය හා මිල ...
තැතිගත් අවස්ථාවක මනසට රසාස්වාදයක් Milinda Prashna 2020/08/11 – ලංකාදීප කොවිඞ් වසංගත තත්ත්වය ඉතාම භයානක තැනක බව අවිවාදිතය. මුළු ලෝකයම තැති ගෙන ඇති ස්වභාවයකය. එන්නත්කරණය ඉතාම සාර්ථකව කරගෙන ගිය රටවල් නැවත වටයකින් වසංගතයේ ව්‍යාප්තියක බව වාර්තාවෙයි. නැවත ලොක් ඩවුන් කරන ලද රටවල් ගණනාවකි. මතුපිටින් පෙනෙන ව්‍යුහයට හාත්පසින්ම වෙනස් අර්බුදකාරී අවකාශයක් කරා යොමුවෙමින් සිටි කාලවකවානුවකි. කිසිවෙකු කිසිම ආකාරයකින් කොවිඞ් වෛරසයෙන් පරෙස්සම් කළ නොහැකි අතර ස්වකීය හැසිරීමෙන් පරෙස්සම්විය යුතු ...