ඉලක්කම් තුනක අභියෝගයක් Milinda Prashna 2020/07/01 – ලංකාදීප සියුම් අභියෝගාත්මක අවධියක පසුවන ශ්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු ඉලක්කම් තුනක් තිබේ. කෘෂිකාර්මික අංශයෙන් යැපෙන මෙරට ශ්‍රම බලකාය සියයට විසි පහකි. සමස්ථයෙන් හතරෙන් එකක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට හතකි. රජයේ සේවයෙහි නිරත පිරිස සම්පූර්ණ ශ්‍රම බලකායෙන් සියයට පහලොවක් බව දැක්වෙයි. එම පිරිස ඉටුකරන මෙහෙවර සහ රටට ඇති කරන උත්පාදනය ගැන අප සියළු දෙනාටම ...
ඇයි මේ හදිස්සිය ? Milinda Prashna 2014/05/07- ලංකාදීප-මිලින්ද මොරගොඩ පෙනෙන ආකාරයට වර්තමාන ජන සමාජය තුළ විශාල හදිස්සියක් තිබේ. පාරේ පදික වේදිකාවේ ගමන් කරන විට අනෙක් අය කලබලයට පත් කරමින් ඔවුන් පසු කරන්නට අප කැමැතිය. මහ මග වාහනයක් පදවන්නේ තර`ගයකින්ය. ඕනෑම නීතියක් කඩ කර ඉක්මනින් තමන්ගේ ගමන යාම ඉලක්කය වී ඇත. මාර්ග වර්ණ සංඥා අසල නතර වන වාහනයක සුළු ප්‍රමාදයක් හෝ ඉවසන්නට බහුතරයක් රියැදුරන් කැමැති නැත. ...
කාර්ය මණ්ඩලවලට බිරිය දූලා පුතාලා දාගන්න අපේ මැති ඇමතින්ට ප්‍රංශ පාඩමක් Milinda Prashna 2020/07/15 -ලංකාදීප ජනතා වරමෙන් බලයට පත් වන නියෝජිතයන් මහජන මුදල් අවභාවිතාව ගැන පරෙස්සම් විය යුතුය. ප්‍රංශයේ හිටපු අගමැතිවරයාට එරෙහිව ලැබුණ අධිකරණ තීන්දුව හොද උදාහරණයකි. ප්‍රංශ ජනාධිපතිධුරය දක්වා ගමන් කළ හැකි හොද අනාගතයක් තිබුණ දක්ෂ පාලකයෙකු වූ ෆැන්කෝසි ෆිලන් ගේ දේශපාලන කටයුතු වසර දහයකට තහනම් කර ඇති අතර එය ඉතා කණගාටුදායක අවසානයක් සනිටුහන් කර තිබේ. ප්‍රංශ අධිකරණයේ විභාග වූ නඩු ...
එකමුතුකම කොතරම් බලවත්ද? Milinda Prashna 2014/04/17- මිලින්ද මොරගොඩ සෞභාග්‍යය පදනම් කරගෙන උදාවූ අලූත් අවුරුද්දේ අසිරිය තවමත් ජන හදවත් තුළ පවතී. අනන්‍ය සංස්කෘතික අංග සහ වතාවත්වල යෙදෙමින් තමන්ට හැකි පමණින් අවුරුදු සමරන ලද බව පැහැදිළිය. ජන සමාජයේ සියලූම දෙනාට පොදු අරමුණකින් එකම ආකාරයකට අලූතෙන් කාර්යය අරඹන්නට අවුරුද්ද පදනමක් විය. අලූතින් අපේක්ෂා ඇති කරගන්නටත් එහි දී අවස්ථාව ලැබිණ. දරු පවුල් එකතු වී සුහදතාවයෙන් සහ සාද කතා ...
දිල්ලියෙන් පාඩමක්. Milinda Prashna 2014.01.29 – මිලින්ද මොරගොඩ ප්රජාතන්ත්රවාදී පාලනය පවතින ලොව විශාලතම රට වන ඉන්දියාව නොයෙක් අවස්ථාවල අලූත් අභියෝග වලට මුහුණ දෙයි. පවතින දේශපාලන සංස්කෘතිය තුළ නව මතවාද ඇතිවෙයි. දේශපාලනයේ පවතින මුහුණුවර දුෂිත සහ අකාර්යක්ෂම එකක් බවට මහා ආන්දෝලනයක් කළ ඉන්දියාවේ ආම් අදමි (Aam Aadmi) පක්ෂය පසුගිය කාලයේ බලවත් ජනතා අවධානයක් දිනාගත්තේය. දුෂණය තුරන්කර ජනතා අයිතිවාසිකම් වලට ගරු කරන ප්‍රතිපත්ති ඇති කරන ...
මන්මෝහන් සිංගේ සත් සූත්‍රය යළි සංවාදයට ගැනීම Milinda Prashna 30/07/2014 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිංගේ දසවසරක කාර්ය භාරය විවිධ පැති වලින් සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. එරට පළමු අග්‍රාමාත්‍ය නේරුගෙන් පසුව වැඩිම කාලයක් අඛණ්ඩව අගමැති ධුරය හොබවා ඇත්තේ මන්මෝහන්ය. දක්ෂ ආර්ථික විශේෂඥයෙකු වන හෙතෙම දේශපාලනයට සහ පසුව අගමැති ධුරයට පැමිණීම සිදුවූයේ අහම්බෙන් බව විචාරකයන්ගේ අදහසයි. ආර්ථික වශයෙන් අර්බුද ගණනාවකට මුහුණදුන් නරසිංහ රාවෝ අගමැතිවරයාගේ ආණ්ඩුව අලූත් ...
මැදි ආදායම් රටක ජන විඥානය Milinda Prashna 2014/04/30 – මිලින්ද මොරගොඩ පසුගිය දශක තුනක කාලය ඇතුලත ජාත්‍යන්තර සමාජය විශාල පරිවර්තනයකට ලක්ව ඇත. දත්ත දක්වන ආකාරයට 1981 සිට 2014 දක්වා කාලය අතර ලෝකයේ දුගී දුප්පත්භාවය අඩු වී තිබේ. දිනකට ඩොලර් දෙකකට අඩු ආදායමකින් ජීවත් වන පිරිස හරි අඩකින් පහත වැටී ඇත. අඩුම ආදායමකින් ජීවත් වූ පිරිස එයින් ඉහළ තලයේ මැදි ආදායම් ලබන මට්ටමට පත්ව සිටී. එය දියුණුවකි. ...
අනුන් යටපත් කර තමන් ඉස්මතු වීම Milinda Prashna 2014.07.02 – ලංකාදීප -මිලින්ද මොරගොඩ සමාජවාදී ක්‍රමයට විකල්පයක් සෙවීමේ බටහිර උවමනාවට විකල්ප ප්‍රකාශයක් වූ ඇමරිකානු දාර්ශනික අදහසක් තිබේ. සමාජයේ ජීවත් වන ඉහළ පැලැන්තිය පහලට ඇද දමා සාමාන්‍ය පැලැන්තියට උදව් කරන්නට බැරිබව එහි දැක්වෙන පළමු කරුණයි. ශක්තිමත් අය දුර්වල කිරීමෙන් දුබලයන් ශක්තිමත් නොවන අතර යමක් එනම් වැටුපක් වැනි දෙයක් ගෙවන ආයතනය අඩාල කර වැටුප හෝ තමන්ගේ ආදායම වැඩි කරගැනීමට නොහැකිබව ...
වීරත්වය Milinda Prashna 2016/09/07 ‘‘වීරයා මැරිලා’’ රට පුරා වේදිකාගත වන නාට්‍යයකි. රාජිත දිසානායක එම නාට්‍ය ඉදිරිපත් කරන්නට කලින් ‘‘සිහින හොරු අරන්‘‘ යනුවෙන් නාට්‍යයක් වේදිකා ගත කළේය. සම්මාන දිනූ මෙම නාට්‍ය වලින් කියන්නේ එදිනෙදා ජන ජීවිතයේ මුහුණ පාන සරල සිද්ධීන්ය. පොදු ජනතාව හොයන්නේ විරයන්ය. තමන්ගේ සිහින සාක්ෂාත් කරන්නට සමත් නායකයන්ය. නාට්‍යවේදීන් ප්‍රතිනිර්මාණය කරන්නේ මෙම උවමනාවයි. තමන්ගේ අභිමතාර්ථ ඉටු කරදෙන වීරයෙකුට ජනතාව කැමැතිය. නමුත් ...
මැද මාවත විනා අන්තවාදයක් බුද්ධ වංශය තුළ නැත Milinda Prashna 2013.06.05-ලංකාදීප-මිලින්ද මොරගොඩ වෙසක් මාසය බොදුනුවන්ට ඉතාම වැදගත් කාල පරිච්ෙඡ්දයකි. සිදුහත් කුමරු ඉපදීම, බුදුවීම සහ බුදුරජාණන් වහන්සේ ගේ පිරිනිවීම වෙසක් පුන් පොහොය දිනවල සිදුවූ බව පිළිගැනීමයි. වර්තමානය ඉතා සංකීර්ණය. තාක්ෂණික සහ ගෝලීයකරණයට ලක් වූ වත්මන් සමාජයට ගැලපෙන දර්ශනය බුදු දහමින් සපයයි. එහි තර්කයට ඉඩ තිබේ. මධ්‍යම ප්‍රතිපදාව බුද්ධ දර්ශනයේ මූලික රාමුවයි. බුදු දහම ශ්‍රී ලාංකික සමාජ අනන්‍යතාවයට බද්ධ වූ සදාකාලික දර්ශනයකි. ...
නායකත්වය නැති නායකයෝ Milinda Prashna 2020/03/11 – ලංකාදීප නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතා මෙරට දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙන චරිතයකි. පළමු මාක්ස්වාදී පක්ෂය වශයෙන් ලංකා සමසමාජ පක්ෂය පිහිටුවන කණ්ඩායමේ සිටි ප්‍රබලයෙකි. 1907 වසරේ බලපිටියේ දී උපත ලබා ඇති හෙතෙම 1989 පෙබරවාරි 27 වැනි දා ජීවිතක්ෂයට පත්වූ අතර වර්තමාන දේශපාලන පරම්පරාවේ වැඩිදෙනෙකු නොදන්නා බව නිසැකය. නිදහස ලැබුණ කාල වකවානුව හෙතෙම අත් විදින්නට ඇත. සිංහල ...
රෑ නගරාධිපති Milinda Prashna 2016/01/20 – ලංකාදීප නගරයට ප්‍රධානියෙකු පත් කරගන්නේ ජන ජීවිතය සංවිධානය කරගැනීමට පහසුවක් වශයෙන්ය. පොදු පහසුකම් ගැන සොයා බලා ජනතාව සතුටින් තැබිමට පියවර ගැනීම නගරාධිපතිවරයෙකුගේ වගකීමයි. නගරයක් යනු විශාල ආර්ථිකයකි. එහි සේවා නිසි ආකාරයට පවත්වාගෙනයාම පහසු නැත. පැය අටක් වැඩ කර ජනතා සේවය ඉටු කළ හැකිය යන අදහස තව දුරටත් අලූත් එකක් නොවේ. දවසේ වැඩ කරන පැය ගණන අවසන් වූ ...
වැඩ කරන කාලය අඩු කරමු Milinda Prashna 2016/08/24 – ලංකාදීප කාර්ලෝස් ස්ලිම් ව්‍යවසායකයෙකු වශයෙන් ලෝකයේ ඉහළම තැනට පත් ධනවතෙකි. මැක්සිකෝ පුරවැසියෙකු වන හෙතෙම 2010-13 කාලයේ ලෝකයේ ධනවත්ම පුද්ගලයා විය. නොබෝදා මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වන හෙතෙම ශිෂ්ඨාචාරය දියුණුව සමග වැඩකරන දින ගණන අඩු විය යුතු බවට අදහසක් පළ කරයි. තාක්ෂණය දියුණු වී තිබේ. අඩු වෙහෙසෙකින් වැඩි ප්‍රගතියක් අත්පත් කරගත හැකි අවස්ථාවක නොනැවතී වෙහෙසෙන්නට අවශ්‍ය නැති බව ...
ලෝකයේම ඇස් ඇරවු ප්‍රංශ ජනාධිපති Milinda Prashna 2017/05/17 – ලංකාදීප ප්‍රංශ ජනාධිපතිවරණය ගැන නොබෝදා දක්වා ජාත්‍යන්තර අවධානය යොමු වී තිබිණ. ලෝක ප්‍රජාව කතාකරන්නේ අලූත් ජනාධිපති එමානුවෙල් මැකේන් ගේ සම්ප්‍රාප්තිය සමග මතුවූ අලූත් පැති සම්බන්ධවය. බලයට පත්වන නායකයාගේ තේජස සාමාන්‍යයෙන් අපට හුරු පුරුදු පිලිවෙතය. ප්‍රකාශිත ඡුන්ද වලින් සියයට හැටහයක ප්‍රතිශතයක් ලබාගත් එමානුවෙල් ප්‍රංශ ජනාධිපති ධුරයට පත්වන විට විශාල තේජසක් තිබිණ. වැදගත් වූයේ හෙතෙම ජයග්‍රාහීව හැසිරුණ අන්දම අනුව ...
විශ්ව විද්‍යාලයේ දේශපාලනය තහනම් Milinda Prashna 2017/11/10 – ලංකාදීප විශ්ව විද්‍යාලය යන හැඳින්වීමට විශාල අර්ථයක් තිබේ. එය හුදෙක් පටු රාමුවකට කොටු වූ තැනක් නොවේ. මුළු විශ්වයම අධ්‍යයනය කරන දැනුම සම්පාදනය කරන තැනකි. එය නිවහල් නිදහස් මානසිකත්වයකින් යුතු උදාර බුද්ධිමත්හු බිහි කරති. තර්කයට එහි ඉඩ තිබේ. වාද කරන්නට කිසිම බාධාවක් නැත. දැනුම නිෂ්පාදනය කරන්නට පසුබිම සම්පාදනය එහි අරමුණයි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ක්ෂේත්රයට දීර්ඝ ඉතිහාසයක් නැත. මෙම ...
පාපැදියේ සංවර්ධනය Milinda Prashna 2013.10.23- ලංකාදීප- මිලින්ද මොරගොඩ තාක්ෂණික යුගයට ගැලපෙන පරිදි නගර සංවර්ධනය කරන වකවානුවක පාපැදියට ගැලපෙන ආකාරයට නගරයක් සැලසුම් කිරීම අමුතු ආකාරයක සංවර්ධනයක් විය හැකිය. නමුත් එය එසේ සිදුවෙයි. පා පැදියට පළමු තැන ලැබෙන නගර ලෝක අවධානයට ලක්වන්නට පටන්ගෙන තිබේ. එක පැත්තකින් පරිසරයට හිතකරය. අනෙක ශරීරයට හො`ද ව්‍යායාමයකි. නෙදර්ලන්තයේ Groningen නගරය පාපැදි භාවිතය වැඩිම නගරයකි. සාමාන්‍යයෙන් නෙදර්ලන්තයේ පුරවැසියන්ගේ එදිනෙදා ප්‍රවාහන කටයුතු ...
2013.12.25 – ලංකාදීප අවස්ථාව අත් නොහරින්නට නම් ගත යුතු මග Milinda Prashna 2013.12.25 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ලෝකය පරිවර්තනය ආකාරය අනුව අලූත් අවස්ථා උදාවෙයි. ආර්ථික සහ සමාජ දියුණුවට මෙම ඇතිවන අවස්ථා ඉවහල් කර ගැනීම ඉතාමත් වැදගත්ය. නිදහස ලබා ගැනීමෙන් පසු ගත වූ දශක හයකට වැඩි කාලය තුළ රටට අත්පත් වූ සහ මග හැරී ගිය ආයෝජන අවස්ථා සමාලෝචනය කිරීම වැඩදායක බව පෙනේ. දෙවන ලෝක යුද්ධයට පසු ජාත්‍යන්තර ආර්ථිකයේ තරගකාරීත්වය ක්‍රමයෙන් වර්ධනය විය. ...
සතුටු ඇමති Milinda Prashna 2016/08/10 – ලංකාදීප කැබිනට් මණ්ඩලය ආණ්ඩුවක පුලූල් වගකීමක් උසුලන බලවත් ව්‍යුහයකි. රටක් පාලනයට විෂයයන් අනුව කැබිනට් මණ්ඩල සාමාජිකයෝ තෝරා ගැනෙති. පාලකයන් ක්‍රියා කළ යුතු රටක අභිවාද්ධිය වෙනුවෙන්ය. ජනතාවගේ දියුණුව කැබිනට් මණ්ඩලයක සාමූහික වගකීමයි. පොදු ජනතාවගේ සතුට වෙනුවෙන් තීන්දු ගැනීම කැබිනට් මණ්ඩලයෙන් අපේක්ෂා කරන එක කාරණාවකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙයින් මාස හයකට පමණ කලින් ‘සතුටු ඇමැති’ ධුරයක් ලොව ප්‍රථම ...
ජාත්‍යන්තරය කළඹන ඩ්‍රෝන තාක්ෂණ මෙවලම් Milinda Prashna 2015/10/21 – ලංකාදීප මිනිසුන් රහිත ඩ්‍රෝනා යානා භාවිතාව ගැන ආන්දෝලනාත්මක පැති අනාවරණය වෙන්නට පටන්ගෙන තිබේ. මෑතක දී සාමාන්‍ය භාවිතාවට එකතු වූ මෙම යානා විශේෂය තාක්ෂණික සොයාගැනීම් වල අලූත් පැත්තකි. යුද බිමේ සටන් සිදුවන විට මිනිසුන්ට කළ නොහැකි දේ කරන්නට යම් මෙවලමක් උවමනා වෙයි. මිනිසුන් රහිතව අහසින් ගමන් කළ හැකි සහ දුර සිට මෙහෙයවා ඉලක්කයටම යවන්නට හැකි ඩ්‍රෝන යාත්‍රා නිපදවා ...
සහන හොදයි ! සල්ලි කොහෙන්ද? ප්‍රතිවිපාකත් බරපතළ වේවි ! Milinda Prashna 2022/01/05 – ලංකාදීප ආර්ථික ප්‍රශ්න වලින් මිරිකී සිටින රටට සහන පැකේජයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් කර තිබේ. රජයේ සේවකයන්, විශ්‍රාමිකයන්, සමෘද්ධිලාභීන් සහ යුද්ධයේ දී ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීම් කළ ආරක්ෂක අංශ එයින් ආවරණය කෙරේ. වතුකරයේ ජනතාවට ද තිරිගු පිටි සදහා වෙනම සහනයක් සපයා ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ සදහා අය කරන බදු සම්පූර්ණයෙන් ඉවත්කොට තිබේ. ජීවන වියදම ප්‍රශ්නයක් වී ඇති අවස්ථාවක ...