කරගන්නත් බැරි වෙන්නෙත් නැති අලුත් ව්‍යවස්ථාව Milinda Prashna 2019/02/13 – ලංකාදීප අප ජීවත්වන වට පිටාවේ අපට කරගන්නට බැරි දේ තිබේ. සිද්ධ වෙන්නේත් නැති දේවල් ඇත. කරගන්නත් බැරි, සිද්ධවෙන්නේත් නැති යමක් ගැන වෙහෙස විය හැකි ප්‍රමාණයක් තිබේ. කැපවී ක්‍රියා කළ හැකි සීමාවක් ඇත. රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදා ගැනීමේ කාර්යය ද කරගන්නත් බැරි – සිද්ධ වෙන්නේත් නැති යමක් බවට පත් ව තිබේ. බලයට පත්වන ආණ්ඩු තමන්ට ගැලපෙන ව්‍යවස්ථාව හදන්නට ...
සාමාන්‍ය සෙබලෙකු සේ සිහිවටනයක් ඉල්ලූ සුලෙයිමානි Milinda Prashna 2020/01/08 – ලංකාදීප ඉරාන හමුදා ප්‍රධානි කසෙම් සුලෙයිමානි ගේ ඝාතනය ලෝකය පුරා කැළඹීමක් ඇති කර තිබේ. ඉරාකයේ බැග්ඩෑග් ගුවන් තොටුපොල අසල දී එල්ල කරන ලද ඩෝන ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගේ අනුදැනුම ඇතිව මෙම ප්‍රහාරය එල්ල කරන ලද බව සදහන්ය. ඉරානයේ උත්තරීතර නායකයාට පසු බලවත්ම චරිතය වශයෙන් ඉමහත් ගෞරවයට පාත්‍ර වි සිටියේය. මරණයෙන් පසු ...
ලී ක්වාන් යූ Milinda Prashna 2016/08/17 – ලංකාදීප සිංගප්පූරු ගුවන් සේවාව මෙයින් හතලිස් තුන් අවුරුද්දකට කලින් ආරම්භ කර අද වන විට සාර්ථකත්වයේ ඉහළ තැනක සිටින ව්‍යාපාරයකි. විසි හතර දහසකට වැඩි කාර්ය මණ්ඩලයක් සමග අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන පහලොව ඉක්මවන ආදායමක් උපයන සිංගප්පූරු ගුවන් සේවය අන්තර් ජාතික කීර්තියක් හිමි කරගෙන තිබේ. ගුවන් ගමන් ගැන නොව එහි සාර්ථකත්වය අවධානයට ගත යුතුය. සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ, ...
දුප්පතාගේ ආයු කාලය අඩුවීමේ රහස Milinda Prashna 2018/12/19 – ලංකාදීප අඩු ආදායමක් උපයන, දුප්පත් ජන කොටස ගේ ආයු කාලය සාපේක්ෂව අඩු බව පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. බි්රතාන්යයේ පර්යේෂණ ආයතනයක් 2001 වසරේ සිට 2016 දක්වා ලන්ඩන් හි වාර්තා වූ මරණ මිලියන 7.65 ක දත්ත ඇසුරු කරගෙන මෙම පර්යේෂණය කර ඇති බව හෙළිවේ. දුප්පත් ජනතාවගේ ආහාර පාන, සෞඛ්‍ය, නවාතැන්, අධ්‍යාපනය ඇතුළු අංශ වල පවතින නොයෙක් විෂමතා ගැන ...
ව්‍යවස්ථාදායකය අභිබවා යන බි්රතාන්ය අධිකරණය Milinda Prashna 2020/02/26 – ලංකාදීප බි්රතාන්යයේ කරන ලද නවතම සමාජ සමීක්ෂණයකට අනුව අධිකරණය කෙරෙහි එරට වැසියන්ගෙන් සියයට අසූ එකක විශ්වාසයක් තිබේ. දේශපාලනඥයන් ගැන ඇති විශ්වාසය සියයට දහ හතරක් දක්වා පහත වැටී ඇත. ජනතා ඉල්ලීම මත යුරෝපා හවුලෙන් ඉවත්වන ප්රයත්නයක සිටින අතරවාරයේ පසුගිය මහ මැතිවරණයෙන් ද ජනතා කැමැත්ත දිනාගත් දේශපාලනඥයෝ කෙරෙහි අවිශ්වාසයක් ඇයි? අනෙක් පැත්තක් ද තිබේ. බි්රතාන්ය අධිකරණයට හිමි ස්වාභාවික බලය ...
කොළ පැහැය Milinda Prashna 2017/03/29 ලංකාදීප අපි එදිනෙදා ගන්නා ආහාර වේල ගැන නොයෙක් අදහස් තිබේ. කුස පිරෙන්නට පමණක් නොව ශරීරයට අවශ්‍ය පරිදි ආහාර තෝරා ගැනීමට බුද්ධිමත් විය යුතුය. ආහාර පුරුදු නරක නම් එය ජීවිතයේ අයහපත් පැත්ත උදෙසා බෙහෙවින් බලපාන බව සඳහන් කළ යුතුය. මැදි ආදායම් රටක් බවට පත් වන විට, තමන්ගේ ආහාර මොනවාදැයි තෝරා බේරා පරෙස්සමෙන් අනුභව කිරීමට රට වැසියන් නැඹුරු විය යුතුය. ...
හිතවත්කම් අවහිර කිරීම Milinda Prashna 2018/03/14 – ලංකාදීප මහනුවර දිස්ත්‍රික්කයේ හටගත් සිද්ධි පාලනය කරනු සඳහා හදිසි නීතිය පනවන ලද රජය එයින් පසු සමාජ මාධ්‍ය වාරණයක් පැනවීය. එය තාවකාලික බව සඳහන් වෙයි. සමාජ මාධ්‍ය අවහිර කිරීම සිද්ධි පැතිරීම වලක්වන එක ප්රයත්නයක් යැයි රජයේ කල්පනා කරන්නට ඇත. ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස් ඇප් යනාදී සමාජ මාධ්‍ය මෑත දශකය තුළ ඉතාම වේගයෙන් ව්‍යාප්ත විය. ලොව පුරා ජනී ජනයා ...
වැඩිම වැටුප් ලැබූ දුප්පත් රාජ්‍ය නායකයෝ Milinda Prashna 2019/10/23 – ලංකාදීප ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂක ප්‍රමාණය සලකනවිට අංශ දෙකක් ගැන අවධානය යොමු කළ යුතුය. එකක් තනතුර සැහැල්ලූවට ලක් කර තිබේ. අනෙක පවතින ක්‍රමයට ඇතුළු වුවහොත් ලැබෙන වාසි කන්දරාවයි. සරල නායකයෙකු වශයෙන් ක්‍රියා කරන බව දක්වන නමුත දේශපාලන ක්‍රමය නඩත්තු කිරීම සදහා සෑහෙන කැපකිරීමක් කරන්නට ජනතාවට සිදුවේ. ක්‍රමය වෙනුවෙන් ගෙවන වන්දියක් බව පොදු ජනතාව තකන්නේ නැත. නිදහස ලැබූ ...
පුරාජේරු රාජ්‍ය උත්සව වලට ආදිවාසි නායකයාගෙන් පාඩමක් Milinda Prashna 2018/08/15 – ලංකාදීප වැඩ වර්ජන, විරෝධතා, නිවාඩු අතරට උත්සව පැවැත්වීමේ විලාසිතාව එකතු වී තිබේ. ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින, රටක ආර්ථික දුෂ්කරතා වලට මෙම උත්සව වලින් ලැබෙන පිටිවහල කුමක්දැයි ප්‍රශ්න කරන්නට අවශ්‍යය. කාලය ධනය නාස්තියකි. මහජන මුදල් වැය කරන මුල්ගල තැබීම, විවෘත කිරීම, නොයෙක් අරමුණු කරගත් වැඩසටහන් වෙනුවෙන් මහා පරිමාන උත්සව පවත්වන්නට දරන වියදම අනවශ්‍ය එකක් බව අප ...
ඉක්මන් ගමන කොටයි Milinda Prashna 2017/03/15 – ලංකාදීප මාර්ග අනතුරු දිනෙන් දින වැඩි වෙමින් තිබේ. මහ මග අනාරක්ෂිත බව කොපමණ දැයි එයින් අඟවයි. අපරාධ වැඩි වන බව වාර්තා පෙන්වයි. දිනපතාම පාහේ මනුෂ්‍ය ඝාතන වාර්තාවන තත්ත්වයක් පවතී. මාර්ග අනතුරු වලින් හා අපරාධ නිසා රටට අහිමි වන ජීවිත ප්‍රමාණය සැලකිය යුතු තරමකින් වැඩි වී තිබේ. අසාමාන්‍ය මට්ටමකින් අනතුරු හා අපරාධ සිදුවන විට එයට හේතු සොයා බලා ...
දියර කිරි නිෂ්පාදනයට කටින් බතල සිටුවීම Milinda Prashna දියර කිරි නිෂ්පාදනය නංවන පියවර සම්බන්ධයෙන් බතල කොළ කටින් හිටවන හපන්කම අපට තිබේ. කිරි පිටි මිල වැඩිවන විට ජන ඝෝෂාව ඇවිලෙයි. පිටරටින් ගෙන්වන්නට යන වියදම පාලනය කරගත නොහැකි වූ විට පාලකයෝ නොයෙක් අර්ථකථන දක්වති. දුර දිග බලන සැලැස්මකට අනුව, වැඩ පිලිවෙලක් තිබුණි නම් අද වන විට කිරි ආහාර වලින් ශ්‍රී ලංකාව පොහොසත්ය. පාන්දර අවදි වී තේ හදන්නට ලිප ගිනි ...
සහනාධාර ගෙවන්නේ කාගේ සල්ලිවලින්ද ? Milinda Prashna 2019/10/30 – ලංකාදීප නිකං දෙනවා නම් ගන්න කැමැති සමාජ යුගය අවසන් වෙමින් තිබේ. අනවශ්‍ය දේ නොගන්නට ශ්‍රී ලාංකික ජනතාව බුද්ධිමත්ය. පාරේ යන එන විට බෙදන කඩදාසියක් හෝ අතට ගන්නේ අවශ්‍යනම් පමණකි. එවැනි පසුබිමක් තුළ තරගයට බෙදන්නට දේශපාලන නායකයෝ සූදානම් වී තිබේ. අප මේ කතා කරන්නේ සහනාධාර ගැනය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයෝ පොරොන්දු අති විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරයි. බලයට ...
රෝග නිවාරණයට මාත්‍රාවෙන් අඩුබෙහෙත් Milinda Prashna 2019/03/27 – ලංකාදීප නිදුක් නිරෝගී බව අප සියළුම දෙනාගේ ප්‍රාර්ථනයයි. රෝගී වූ පසු එය සුවපත් කරගන්නා තෙක් ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිදුවෙයි. වහා නිසි ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්ය. සුදුසු වෛද්‍යවරයෙකු මුණ ගැසී පරීක්ෂා කිරීමෙන් පසු රෝගියාට අවශ්‍ය ඖෂධ නියම කෙරේ. ඒවා නියම කරන ලද පරිදි නිසි මාත්‍රාවට ලබා ගැනීම ඉතාම වැදගත්ය. රෝගීන්ට ලැබෙන ඖෂධ ගැන අලූත් අර්බුදයක් මතු ...
ආර්ථිකය නංවන්නට අලූත් යමක් Milinda Prashna 2013.10.30 -ලංකාදීප – මිලින්ද මොරගොඩ අධිවේගී මාර්ග, ගුවන් තොටුපොල, වරාය සහ තොරතුරු තාක්ෂණය යන පදනම් පහසුකම් වෙනුවෙන් විශාල ආයෝජනයක් කර තිබේ. එමගින් මෑත භාගය තුළ මෙරට ආර්ථික සහ සමාජ පරිසරය විශාල වෙනසකට ලක් වූ බව අවිවාදිතය. මෙම පරිවර්තනය යහපත් මගක් වෙනුවෙන් නිසි ආකාරයට ප්‍රයෝජනයට ගැනීම ගැන අවධානය යොමු කළ යුතුය. ආර්ථිකයක් නැගෙන්නේ මහා පරිමාන ව්‍යාපෘති වලින් පමණක් නොවේ. සාමාන්‍ය ...
සත්ත්ව කරුණාව Milinda Prashna 2016/05/11 – ලංකාදීප දකුණු ඉන්දියාවේ කදිනම්කුලම් හි ශ්‍රී මහාදේව් කෝවිල මේ දිනවල ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති තැනකි. කුමාරපුරම් හි භාග්‍යවතී දේවාලය ද ඒ හා සමාන ආකාරයට ලෝක ජනමාධ්‍යයේ මාතෘකාවක් වී තිබේ. කෝවිල් පරිපාලන අංශ ගෙන ඇති තීන්දු මෙම පසුබිමට හේතුවයි. කදිනම්කුලම් කෝවිල පසුගිය උත්සවය දක්වා අලි ඇතුන් දහ අටදෙනෙකු යොදවාගෙන මහත් භක්තියෙන් දේව ප්‍රතිමා වීදි සංචාරය කරවා ඇත. මේ ...
තේරුම් ගතයුතු සත්‍යය Milinda Prashna 2017/07 /26 – ලංකාදීප මානව සංහතිය එක්තරා උසස් තැනකට කැඳවන්නේ පරිනාමයයි. අවිචාරයෙන් මිදී විචාරවත් භාවයට හා අවනීතිය හැර නීතියට ගරු කරන තැනට පෙළඹීම මනුෂ්‍යයා අත්පත් කරගත් ජයග්‍රහණයකි. මෙකී ස්වභාවය ඇති කරනු සඳහා එදා මෙදා තුර අති විශාල සමාජ, ආගමික සහ දේශපාලන නායකයන් ප්‍රමාණයක් දායක වන්නට ඇත. දීර්ඝ ඉතිහාසයක් ඇති සහ විශිෂ්ඨ සංස්කෘතික අනන්‍යතා සහිත ශ්‍රී ලංකාවේ පැවැත්ම ද එයින් ...
ඉගෙනීම – ජාත්‍යන්තර මත Milinda Prashna 2014.01.01 -ලංකාදීප – මිලින්ද මොරගොඩ අධ්‍යාපනය ගැන ලොව තැන තැන අලූත් කතිකා ඇතිවෙයි. ඉගෙනුමට ඇති අවස්ථා පුලූල් වන අතර ඉගෙනගැනීමට දක්වන උනන්දුව ද වැඩි වන බව පෙනේ. එහි තර`ගකාරීත්වය කොතරම් ද යත් දියුණු රටවල් තමන් අතරේ ඇති ප්‍රගතිය මැන වෙනස් ආකාරයකට තීන්දු ගන්නට මහන්සිවෙයි. ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය ස`දහා වූ ආයතනය මෑතක දී අධ්යාහපනය සම්බන්ධව කළ අධ්‍යනයක තොරතුරු ගාඩියන් ...
ඉසුරු ෙසායා නගරයට ඒම Milinda Prashna 2013.11.27 – ලංකාදීප- මිලින්ද මොරගොඩ අද පෙනෙන ආකාරය අනුව සැනසිලිදායක ලෙස ගත කළ හැකි ජීවිත නගරයක නැත. නගරය අවිවේකීය. නගරය අවට ජීවත්වන ජනතාවගේ ජීවිත සංකීර්ණය. මහ මග යනෙන, වැඩ පොල වල සිටින වැඩි දෙනෙකුගේ මුහුණු විඩාබරය. මහන්සියෙන්,තරගකාරීව යමක් උපයා ගන්නට දරන තැත පැහැදිලිව හ`දුනාගත හැකිය. අදට කලින් පරම්පරාවට විවේකය තිබිණි. ඔවුන්ගේ ජීවිත පදනම්ව තිබුණේ කෙත සහ අස්වැන්න මූලික කරගෙනය. ...
දහම් අධ්‍යාපනය සහ ඉරිදා පන්ති තහනම් කරන යෝජනාව Milinda Prashna 2013.10.03 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ විශාල තරගකාරීත්වයක් පවතී. ඒ හා සමානව නිදහස් අධ්‍යාපනයක් ගැන පොදු ජනතාව තුළ විශාල විශ්වාසයක් ඇති බව පෙනේ. පවතින රටාව අනුව මෙරට පාසල් පද්ධතිය සහ එහි පැවැත්ම ඉතාම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. රජය අධ්‍යාපන පහසුකම් වෙනුවෙන් වාර්ෂිකව සෑහෙන වියදමක් කරයි. පාසල් පද්ධතිය නඩත්තුව සහ සිසුන්ගේ පොත පත වෙනුවෙන් එය ...
ඉන්දියාවේ බලය හුවමාරුවීම Milinda Prashna 21/05/2014 – ලංකාදීප ඉන්දියානු පුරවැසියන් තම පාලනය සදහා අලූත් නායකත්වයක් තෝරා පත් කරගත්තේය. ඉන්දියාව විශාල ජනගහනයක් ඇති රටකි. ඉදිරි දශකය ඇතුලත එය ලෝකයේ වැඩිම ජනගහනය ඇති රට බවට පත්වනු ඇත. ඉතා දිළිදු රටක් වශයෙන් පැවැති ඉන්දියාව වේගයෙන් ඉදිරියට ගමන් කරන්නට පටන්ගෙන තිබේ. එහි ආර්ථික සංවර්ධනය ජාත්‍යන්තර අවධානයට ලක් වූ එකකි. විශාල වෙළද පොළ සහ නිෂ්පාදන හැකියාව මත ලෝකයේ ප්රමුඛ ...