චෙස් රොබෝට ‘තරහ ගිහින්’ ළමයකුගේ ඇඟිල්ලක් කඩලා! මල්කැකුළු මේ කතාව ආරංචි වෙන්නේ රුසියාවේ අගනුවර මොස්කොව් නුවරින්. පසුගියදා එහි පැවැත් වූ චෙස් තරඟාවලියකදියි, මේ විස්මයජනක සිදුවීම වෙලා තියෙන්නේ. ඒ පසුගිය ජූලි 19 වැනිදා මොස්කොව් විවෘත චෙස් තරඟාවලියෙදියි. ඒ තරඟවලිය සඳහා කුලී පදනම මත ලබා ගත් චෙස් රොබෝවරයකු නිසයි මේ සිද්ධිය ඇති වී තියෙන්නේ. ළමයා ඊළඟ පියවර අදින්න සැරසෙනවා. රොබෝ චෙස් ඉත්තෙකු සේ වරදවාගෙන ළමයාගේ ඇඟිල්ල ඇල්ලුවේ ඒ අවස්ථාවේදියි.සාමාන්‍යයෙන් රෝබෝලාට ...
චීනයෙන් එන අනාගත රොබෝ ටැක්සිය මෙන්න! මල්කැකුළු චීනයේ තාක්ෂණික යෝධයකු වූ බයිදු (Baidu) කුලී රථ සේවාවේ පෙරළියක් කළ හැකි විද්‍යුත් මොටෝරියක් නිපදවා තියෙනවා. ඒ විදුලි රිය හඳුන්වා ඇත්තේ ඇපලෝ ආර්ටී6 (Apollo RT6) කියායි. මේ නව විදුලි රියේ මූලික නිෂ්පාදනය සඳහා ඩොලර් 37,000 (රුපියල් 10,946,720ක්) වැය වන බවයි ඔවුන් කියන්නේ. ඒ රිය පදවන්න රියැදුරකු නැහැ. වාහනය පැදවෙන්නේ ඉබේමයි. ඔබ කළ යුත්තේ යායුතු තැන දැනුම් දීම පමණයි. ඔබට අවශ්‍ය ...
අභියෝගය - සුපිරි වෙළඳ සලේ කැමි කෙල්ලට තරු පෙනුනේ ඇයි? මල්කැකුළු දිනක් බස්රියේ වාඩි වී ගල්කිස්ස දෙසට ගමන් කළ මට ඉදිරි ආසනයෙහි සිටි තරබාරු ලංසි නෝනලා දෙදෙනකුගේ කථාව ඇසුණේය. අද සතොස මුදල් කැමි කෙල්ලට තරු පෙනෙයි. බිල ගෙවන්න මා රුපියල් 100යේ නෝට්ටුවක් දික් කළාම ඈ නොදැක්කා වාගේ යාළුවකු එක්ක දිග කථාවක්. මා සැර දාලා මුදල් ගන්නේ නැද්දයි ඇසුවාම ඈ මා දිහා ඔරවා බලා බිල්පත ලකුණු කර මා දිහාට ගස්සලා තල්ලු කළා, ...
සියවසේ විස්මය වූ එංගලන්තයේ රෑ මනාලිය මෙන්න! මල්කැකුළු අපේ යටත් විජිත යුගයේ උද්භිද උද්‍යානවලට ආදර්ශය හා ගුරුහරුකම් ලැබුණේ එංගලන්තයේ කිව් (Kew) උද්භිද උද්‍යානයෙනි. අපේ මුල් ම රබර් පැල තොගය මෙරට පැළ කිරීම සඳහා ගෙනාවේ එම උද්‍යානයටය. ගම්පහ අස්ගිරියේ හෙනරත්ගොඩ උද්‍යානයෙහි රෝපණය කළ එහි පළමු ගස අද දක්නට නැතත් එහි විස්තර ඵලකයක් එහි සවි කර තිබේ. එංගලන්තයේ කිව් උද්‍යානයේ ඇති මේ වික්ටෝරියා බොලිවියානා නම් ශාකය උද්භිද ලෝකයේ මහා පුදුමක් ...
අරගලයේ සටන මෙතැනින් අවසන් නොවේ. ඉදිරියට කළ යුතු මොනවාද? මල්කැකුළු දින සීයකට ආසන්න කාලයක් තිස්සේ සංත්‍රාසයෙන් හා දෙගිඩියාවෙන් වෙළී සිටි අපට ජූලි 9 වැනිදා සැනසුම් සුසුමක් හෙළන්නට ඉඩක් ලැබුණේ ගාලුමුවදොර පැවති අරගලයේ කූටප්ප්රාප්තිය සිදු වූ නිසයි. ‘ගෝටා ගෝ හෝම්’ යන සටන් පාඨය පෙරටුකොට ගෙන මුහුණුපොතෙන් මතුව ඉදිරියට ආ #අරගලය සමස්ත ශ්‍රී ලාංකිකයන් එකාවන්ව අනුමත කළේ අප අද මුහුණපා ඇති සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයට දිය හැකි ‘හොඳම බෙහෙත’ එය බව ...
විදු වදන් හැදුණු හැටි - ඩයිනොසෝර් (Dinosaur) හා ටී. රෙක්ස් (T. Rex) මල්කැකුළු මේ මහ පොළොවෙහි පැවති ජීවීන්ගෙන් මුළුමනින් ම වඳ වී ගිය සියලු සතුන් අතරින් දැවැන්තම සතුන් ලෙස සැලකිය හැක්කේ මීසොසොයික යුගයේ ජීවත් වූයේ යැයි සැලකෙන යෝධ උරගයින් විශේෂය තමයි. එහෙත් වර්තමානයේ අපට දක්නට ලැබෙන උරගයන් අතරින් විශේෂයෙන් කැපී පෙනෙන්නේ සර්පයන් තමයි. ඔවුන්ගේ පොදු සංචරන විලාසය නිසයි, ඔවුන්ට ඒ නම ලැබී ඇත්තේ. ඩයිනොසෝරයන් අතුරෙන් බිහිසුණුම සත්වයා ලෙස සැලකෙන ටයිරනොසෝරස් රෙක්ස් (Tyrannosaurus Rex)සර්පයන්ට ...
දිවිපරදුවට තබා චිත්‍රපටවල රඟපෑ හැටි අයිරාංගනී කියයි මල්කැකුළු අපේ සිංහල සිනමාවේ අත්තම්මා වයස 95ක් සපිරූ බව පසුගියදා ‘මල්කැකුළු’වලින් ඔබට කීවා මතකද? ඇය ‘රේඛාව’ චිත්‍රපටයේ කතිරිනා, ‘සංදේශය’ චිත්‍රපටයේ යසෝහාමි, ‘බක්මහ දීගේ’ චිත්‍රපටයේ ලමාතැනී, ‘යශෝරාවය’ ටෙලි මාලාවේ සුදු හාමිනේ, ‘දූදරුවෝ’හි ඩල්සි ආච්චි යන චරිත ඔබට මතකද? මේ සියලු චරිත එකට කැටි කොටගත් කල, ඈ අප දන්නා හඳුනන රුවැත්තිය අන් කවරෙකුවත් නොව අයිරාංගනී රොක්සානා මීදෙනියයි. රංගන ක්ෂේත්රයේ හැඳින්වෙන ආකාරයට නම් ...
නවසීලන්තයේ සිට ඇමෙරිකාව සඳ වෙත යැවූ කැප්ස්ටන් යානය මල්කැකුළු පසුගිය ජූනි 28 වැනිදා ඇමරිකාවට සම්බන්ධ ඉතා කුඩා ප්‍රමාණයේ අභ්‍යවකාශ යානයක් නවසීලන්තයෙන් වන්ද්‍රයා ඉලක්ක කර ගෙන යවනු ලැබුවා. ඇමරිකාවේ නාසා ආයතනයෙන් යවනු ලැබූ මේ කුඩා අභ්‍යවකාශ යානය හැඳින්වෙන්නේ කැප්ස්ටන් (Capstone) කියායි. නවසීලන්තයේ මාහියා අර්ධද්වීපයේ අභ්‍යවකාශයට රොකට් යැවීම සඳහා ඉදිකර ඇති විශේෂ අට්ටාලයක සිටයි. මයික්‍රොවේව් උදුනක් තරම් ප්‍රමාණයේ මෙම අභ්‍යවකාශ යානය අනාගතයේ මිනිසුන් හඳට ගෙන යාමට සැලසුම් කර ඇති ආටිමීස් (Artemis) ...
අපේ මහා රංගනවේදිණිය අයිරාංගනී 95 විය සපුරයි! මල්කැකුළු අයිරාංගනී සේරසිංහ අපේ නළුනිළි පරපුරේ ‘සිළුමිණ’යි. වසර දසක හතක් තිස්සේ රංගනයෙන් රිදී තිරය, පුංචි තිරය හා වේදිකාව බැබළවූ ඇය 95 වසරට පා තැබුවා. පසුගියදා ඇය හදිසියේම සිහිසුන්ව ඇද වැටීම නිසා රෝහල් ගත කළ ද දැන් සුවය ලබා නිවසට පැමිණ සිටිනවා. උපාධියක් අතැතිව රංගනයට පිවිසි ප්‍රථම රංගනවේදිනිය ඇයයි. ඇය දසක ගණනාවක් තිස්සේ රංගනයට එක් වූ දහස් ගණනක් රංගනවේදීන්ට ඇය නිහඬ ...
අතුරුදන් වූ විස්මිත රාජධානිය ‘ඇට්ලෑන්ටිස්’ මතුවෙයි! මල්කැකුළු පසුගියදා ඩිස්කවරි නාලිකාවෙහි Blowing Up History නම් වැඩසටහන් මාලාව යටතේ පුරාණ ඇට්ලැන්ටිස් - අතුරුදන් වූ විස්මිත නගරය නමින් අපූරු වැඩසටහනක් විකාශය කෙරුණා. ඒ අනුව අතුරුදන් වූ විස්මිත නගරය වන ඇට්ලෑන්ටිස් පැවති බවට තොරතුරු, සැන්ටොරිනි (Santorini) නම් ග්‍රීක දූපත ඇසුරෙන් සොයා ගෙන තියෙනවා. මෙම ශාන්ත සැන්ටොරිනි දූපතේ අක්‍රොටිරි නම් ස්ථානයෙන් දූපතෙහි තමයි, ඇට්ලෑන්ටිස් ශිෂ්ටාචාරය තිබිලා තියෙන්නෙ.යමහල් (ගිනිකඳු) පිපිරීමකින් නිකුත් වූ අඩි ...
ඕස්ට්‍රේලියානු පිලට ජය ගෙනා ලංකා කොල්ලා මල්කැකුළු ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු විස්සයි තරඟාවලිය පරාජයට ප්‍රධාන වශයෙන් දායක වුණේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ශ්‍රී ලාංකික මවකගේ පුතෙක්. ඔහු නමින් ඈෂ්ටන් චාල්ස් ඒගාර්. ඇය මහනුවර විසූ සෝනියා හේවාවිස්සයි. ඇය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ 1974දියි. ඇය එහි දී ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන ජෝන් ඒගාර් සමග විවාහ වී තියෙනවා. සෝනියාගේ පියාත්, ඒ කියන්නෙ ඈෂ්ටන් ඒගාර්ගේ නුවර සීයා වූ නාල හේවාවිස්සත්, ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ...
විභාග ප්‍රතිඵල නිසා වසර 5ක් තිස්සේ නඩු කී සිසුවියක් හා මවක්. මල්කැකුළු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බැලීම මේ දවස්වල සිදු වෙනවා. ඒ නිසා ටිකක් පමා වුනත් විභාගයට වාඩි වුණු දරුවන්ට මුහුණ පාන්නට වන ගැටලුවක වැදගත් පැත්තක් පෙන්නන්න හිතුන හින්දා මේ සටහන එක්කරනවා. මේ සටහන ලියන මොහොතේ ප්‍රශ්න පත්‍ර බලන සමීක්ෂකයන් වර්ජනයක් කරන්න තීරණය කරලා තියෙනවා. එ් වෙන හේතුවක් නිසා නෙවෙයි, ඒ අයට සේවයට වාර්තා කරන්න ඉන්ධන නිසි පරිදි ලබා නොදීම නිසා ...
ශ්‍රී ලංකාවේ ළමයින් නොපෙනෙන අනතුරක! යුනිසෙෆ් ලෝකයේ අවධානය ඉල්ලයි! මල්කැකුළු ‘ගෝටාගෝගම’ අරගලය දැන් නො කඩවා දින හැත්තෑවක් තිස්සේ පැවැත්වෙනවා. ඒ සඳහා එක් වූ තරුණයන් රටේ දැවෙන ප්‍රශ්න රාශියකට විසඳුම් ඉල්ලා තවමත් උද්ඝෝෂණය කරනවා. ඔවුන්ගේ ඒ සමහර ඉල්ලීම්වලට විසඳුම් පවා ලැබුණා. තරුණ පරපුරේ මේ උද්ඝෝෂණය නිසා රටේ ජනතාව ඡන්දය දීමට එහා කාර්යභාරයක් හා වගකීමක් තමන්ට තියෙන බව තේරුම් අරගෙන තියෙනවා. ඒත් රටේ දේශපාලන අධිකාරියට තවමත් ඒක තේරුම් ගිහින් නැහැ. ළමා මන්දපෝෂණය ...
විද්‍යාඥයෝ පොසිල සාක්ෂි අනුව ඩයිනසෝර ලෝකය මවති මල්කැකුළු අවුරුදු මිලියන 66 කට පෙර පෘථිවිය මත රජකම් කළේ ඩයිනසෝර නම් සත්ව විශේෂයයි. ඔවුන් මේ මිහිමත විසූ අපූර්වතම ජීවීන් විශේෂයක් වූ බව අවිවාදයෙන් පිළිගැනෙනවා. මේ සතුන් අතරින් ඇතැම් සතුන් දැවැන්තයන් වූ අතර ඇතැම් සතුන් ප්‍රමාණයෙන් කුකුළන් තරම් කුඩා වුණා. මේ ඩයිනසෝර විශේෂ අතරින් වඩාත් ජනප්‍රිය ඩයිනසෝරයාගේ නම මුල අකුරුත් සමග ටී. රෙක්ස් ය. උප්පැන්නයේ සම්පූර්ණ නම ටයිරැනසෝරස් රෙක්ස් ය. ඌ ...
කැමරාවෙන් ලෝක ඉතිහාසය ලියූ සේන අද අවසන් ගමන් යයි. මල්කැකුළු ඉතිහාසය ලියන්නේ ඉතිහාසඥයන් පමණක් නොවේ. ඡායාරූප ශිල්පීන් ද ඉතිහාසය ලියනවා. එවැනි කීර්තිමත් ඡායාරූප ශිල්පියකු අද (2022 ජූනි 9 වැනිදා) අවසන් ගමන් යනවා. ඔහු සේන විදානගමයි. ඔහු ලෝක ඉතිහාසය ලිව්වේ මේ සමග පළ වන ඡායාරූපයෙන්. මේ ඡායාරූපය ඔහුගේ කැමරාවට හසු වූයේ 1987 ජූලි මාසයේ 30 වැනිදා උදේ වරුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති මැඳුර ඉදිරිපිටදියි. ඉන්දියානු අගමැතිවරයා වෙනුවෙන් එහි පැවති උත්තමාචාර පෙළපාලියේදී ඊට ...
ලෝක පරිසර දිනයේ පැතුම ඉටු කරන්න එක් වෙමු! මල්කැකුළු ජගත් පරිසර දිනය ජූනි 5 වැනිදා යෙදුනා. මෙවර තේමාව වන්නේ ‘ඇත්තේ එකම එක පොළොවයි. මේ විශ්වය තුළ මන්දාකිණි හෙවත් ගැලැක්සි බිලියන ගණනක් තියෙනවා. අපේ ගැලැක්සිය තුළ ග්‍රහ ලෝක බිලියන ගණනක් තියෙනවා. එහෙත් ඇත්තේ එකම එක පොළොවක් පමණයි. ඒ නිසා අපි ඒ පොළොව රැක ගනිමු.’ යන්නයි. අපේ පෘථිවිය හදිසි ආපදා තත්වයන් තුනකට මුහුණ දී තියෙනවා. පෘථිවියේ දේශගුණයේ උණුසුම කෙමෙන් වැඩිවෙමින් ...
රතු ජෝන්ගේ පුනක්කු බාල්දියේ ගැටලුවට පිළිතුර මල්කැකුළු දිවංගත එස්. පී. පෙරේරා මහතාගේ ‘අභියෝගය’ පැන පොඩි පොතෙන් තවත් අභියෝගයක් ඔබ වෙනුවෙන් අපි මෙසේ පළ කරමු. රතු ජෝන්ගේ පුනක්කු බාල්දියේ කතාව කරත්ත බාස් යයි හැඳින්වෙන රතු ජෝන්ගේ රට ගොන් බානෙන් එකෙක් උතුර බලාගෙන ද අනෙකා දකුණ බලාගෙන ද සිටිති. කුඩා වුවත් බර ඇදීමට කිසි සේත් නො දෙවැනි සිංහල ගොන් බානෙන් එකෙක් නැගෙනහිර බලා ද අනෙකා බටහිර බලා ද සිටිති. ...
තවත් අභියෝගයක්! ඔබේ පිළිතුර කුමක් ද? මල්කැකුළු දිවංගත එස්. පී. පෙරේරා මහතාගේ ‘අභියෝගය’ පැන පොඩි පොතෙන් තවත් අභියෝගයක් ඔබ වෙනුවෙන් අපි මෙසේ පළ කරමු. රතු ජෝන්ගේ පුනක්කු බාල්දියේ කතාව කරත්ත බාස් යයි හැඳින්වෙන රතු ජෝන්ගේ රට ගොන් බානෙන් එකෙක් උතුර බලාගෙන ද අනෙකා දකුණ බලාගෙන ද සිටිති. කුඩා වුවත් බර ඇදීමට කිසි සේත් නො දෙවැනි සිංහල ගොන් බානෙන් එකෙක් නැගෙනහිර බලා ද අනෙකා බටහිර බලා ද සිටිති. ...
ඩේවිඩ් ඇටන්බරෝ දුටු කාන්තාරවල සැඟවී පණ ලබන විස්මිත මල්ගොමු මල්කැකුළු ලෝකයාට වනසත්ව ජීවිතයේ අරුමය කියා දුන් විශ්ව පුරුෂයාගේ තවත් අලුත් විස්මිත වැඩසටහන් පෙළක් බීබීසී ආයතනයේ ටෙලිවිෂන් සේවාව ඔස්සේ දැන් මුදා හැර තියෙනවා. එය නම් කර ඇත්තේ ‘ග්‍රීන් ප්ලැනට්’ (හරිත ග්‍රහයා) කියායි. ‘මල් කැකුළු’ කියවන ඔබ දැනටමත් මේ විශ්ව පුරුෂයා ගැන දන්නවා. මොකද අපි ඔහු ගැන, ඔහුගේ සොබාදහම පිළිබඳ අපූරු වාර්තා වැඩසටහන් ගැන (Life on Earth, Living Planet, Fragile Earth) බොහෝ ...
හිරුගේ මෙතෙක් නුදුටු දසුන් දක්වන සෝලා ඕබිටර් යානය මල්කැකුළු හිරුගේ ගිනි දලු හිරුගේ ධ්රැව අතර සැතැපුම් 15,000ක් දිගට විහිදෙනවා. ඒවා ඉත්තෑවාගේ ඇඟේ කූරු මෙන් වන නිසා ‘ඉත්තෑවා’ කියා අන්වර්ත නාමයකුත් විද්‍යාඥයන් හිරු හැඳින්වීමට යොදා ගෙන තියෙනවා. එසේ ගිනි දලු විහිදෙන බව දැක ගත හැකිවූයේ පසුගිය දා හිරුගේ දර්ශන එවීමට විශේෂයෙන් සකසා යැවූ සෝලා ඕබිටර් (Solar Orbiter) යානයෙන්. මේ සූර්ය අග්නි ජාලා විවිධාකාරයට විහිදෙන බව ඒවායින් පෙනී යනවා. මේ සෝලා ...