HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක පරිසර දිනයේ පැතුම ඉටු කරන්න එක් වෙමු!

 ජගත් පරිසර දිනය ජූනි 5 වැනිදා යෙදුනා. මෙවර තේමාව වන්නේ ‘ඇත්තේ එකම එක පොළොවයි. මේ විශ්වය තුළ මන්දාකිණි හෙවත් ගැලැක්සි බිලියන ගණනක් තියෙනවා. අපේ ගැලැක්සිය තුළ ග්‍රහ ලෝක බිලියන ගණනක් තියෙනවා. එහෙත් ඇත්තේ එකම එක පොළොවක් පමණයි. ඒ නිසා අපි ඒ පොළොව රැක ගනිමු.’ යන්නයි. 

අපේ පෘථිවිය හදිසි ආපදා තත්වයන් තුනකට මුහුණ දී තියෙනවා. පෘථිවියේ දේශගුණයේ උණුසුම කෙමෙන් වැඩිවෙමින් පවතිනවා. සතුන්ගේ ජීවන වටාපිටාවන් හා විසුම්පොළ අහිමි වීමෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටිනවා. අපේ වායුගෝලය, වාස භූමිය, ජලය, ඇතුළත් සමස්ත පරිසරයම එන්න එන්නම දුෂණයට ලක්වෙමින් තියෙනවා. මේ ආපදාවන්ගෙන් ගැලවෙන්න නම් ලෝකයේ රටවල් හැම එකක් ම එකට එක්ව ඉක්මනින් ම පරිසරය සුරැකීමේ වැඩ සටහන් ලොව පුරා ක්‍රියාත්මක කළ යුතු වෙනවා. 


පැසිපික් සගරයේ සැරි සරණ මහා කුණු පැල්ලම (The Great Pacific Garbage Patch)

ජගත් පරිසර දිනය නිමිත්තෙන් පරිසරය හා බැඳුණු විස්මිත කරුණු කීපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්න සිතුණා.

1. දිනපතාම ලොව පුරා ගස් 27,000ක් කපා බිම හෙළනවා. 

ලෝකයේ ගස් ත්‍රිලියන 3.04ක් තියෙනවා. ඉලක්කම්වලින් කීවොත් 3,040,000,000,000ක්. මෙයින් ගස් 27,000ක් කඩදාසි තැනීම සඳහා දිනපතා කපා දමනවා. ඒ අනුව වසරකට ගස් මිලියන 9.8ක් වසරක් පාසා කපා දමනවා. ඒ වගේම ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පත්‍රය දිනක අළෙවිය වූ 350,000ක් (ඉරිදා ලංකාදීපයට සමානයි) සඳහා වැය කරන කඩදාසි ප්‍රමාණය ප්‍රතිචක්‍රීකරණය කළොත් කපන ගස් 75,000ක් බේරා ගන්න පුලුවන්. 

2. පාවිච්චි කිරීමට සුදුසු ජලය ඇත්තේ 1%ක් පමණයි. 

පෘථිවියේ ඇති මුළු ජල ප්‍රමාණය 71%ක් වෙනවා. එයින් 96.5% ක් පමණ ඇත්තේ මුහුදු හා සාගරවලයි. ජලය 2%ක් ධ්‍රැව අයිස් තට්ටුවල තියෙනවා. ඉතිරි ජලය සියල්ල ඇත්තේ ගංගාවල, විල් හා පොකුණුවල, ග්ලැසියරවල, හිමෙන් වැසුණු ප්‍රදේශවල, වැව්වල, ජල වාෂ්ප වශයෙන් හා බීමට ගන්නා ජල කරාම හා ජලසම්පාදන ජලාශවලයි. මිනිසාගේ පරිභෝජනයට සුදුසු ජලය ඇත්තේ 1%ක් විතරයි. 

3. පරිසරයේ වැදගත් කාර්යයක් ඉටු කරන දිලීර 

දිලීර (Fungi) වර්ග පරිසරය සුරැකීමේ විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. ඒවා පාෂාණ පද්ධතිවල ඇති ඛනිජ ද්‍රව්‍ය හා විසිරී ඇති පොසිල ඉන්ධන ආහාරයට ගන්නවා. පරිසරයේ ඇති විකිරණ ඉවත් කිරීම ද සිදු කරනවා. 

4. සාගර ක්ෂීපායීන්ගෙන් 78%කට මරු කැඳවන ප්ලාස්ටික්. 

සාගර ක්ෂීපායී සතුන්ගෙන් 78%ක මිය යන්නේ මාළු දැල්වලට හසුවීම වැනි හදිසි අනතුරුවලින්. මුහුදට එක්වන ප්ලාස්ටික් බෑග් ඇතුළු ප්ලාස්ටික් අප ද්‍රව්‍ය නිසා වසරක් පාසා මිය යන මුහුදු සතුන් ගණන මිලියනයකට අධිකයි. 

5. මිනිසුන්ට වඩා බරින් වැඩි කූඹියෝ 

අපේ ග්‍රහයා තුළ කූඹින් කොතරම් ප්‍රමාණයක් වෙසෙන්නේ ද යත් බරින් ඔවුන් මිනිසුන් රදවනවා. ලෝක මිනිස් ජනගහනය බිලියන 7 ඉක්මවනවා. කුහුඹුවන්ගේ සංඛ්‍යාව ත්‍රිලියන 100කටත් වැඩියි. 

6. පැසිපික් සගරයේ සැරිසරණ මහා කුණු පැල්ලම 

සාගරයට එක් කරන කසළ විශාල ලෙස එක් රැස්වී කැරකෙමින්, ඇඹරෙමින් සාගරය පුරා දැවැන්ත පැල්ලමක් සාදා තියෙනවා. පැසිපික් සගරයේ සැරි සරණ මහා කුණු පැල්ලම (The Great Pacific Garbage Patch) යනුවෙන් හැඳින්වෙන පාවෙන කසළ කන්ද උතුරු ඇමරිකාවේ බටහිර වෙරළෙහි සිට ජපානය දක්වා මුළු පැසිපික් සාගරය පුරාම පැතිර තියෙනවා.

7. ගස්වලින් තනන කඩදාසි හය වතාවක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි. 

කඩදාසි තනන්නට ගස් විශාල ප්‍රමාණයක් කපා දමන්න වෙනවා. ගස්වලින් තනන කඩදාසි හය වතාවක් ප්‍රතිචක්‍රීකරණය කරන්න පුලුවන්. එසේ කළ හැකි නම් ගස් කපා දැමීම හය ගුණයකින් අඩු කර ගන්න පුලුවන්. 

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments