මගේ වෙසක් පැතුම. යතාර්තවාදියා කෙළ කෝටියක් විදුලි බුබුළුය තොරණ් රාජයන්ය කූඩු රාජයන්ය එව-කව-බොව බලෙන් කන්ට බොන්ට දෙන දන්සැල්ය සල්පිල්ය ගී ගැයුම්ය ඔළු බක්කන්ය පැලුණු සායවල් ඇළුනු කළිසම් කකුල් ය පාරේ යන තණහා- රතී- රඟාලාය ම’සිත නො පහන්ය මට ඇත්තේ මේ මැටි පහන පමණක්ය ම’සිත පහන් වේ. ඒ පිනේ බලයෙන් කතන්දර – බතී ඔබා- රන්ජා-සලූ ප්‍රවීනා – දුකා- ඔබා ඇතුළු මෙකී නොකී සියල්ලන් සමග එකම ...
දූ දරුවෝ යතාර්තවාදියා ලීලාවතී රෑ මැදියම ඇහැරුනේ තම සැමියා , වීරසිරි කෙඳිරි ගානු අසාය. ඇය වේලාව බැලුවාය. රෑ 12.30 යි. ” ඇයි මොකද ?” ” පපුව ටිකක් රිදෙනව” ” මං සිද්ධාර්තෙ ටිකක් ගාල අතුල්ලන්නද? වාත අමාරුවක් වෙන්නැති. ඔය ඇලේට නිදා ගත්තාමත් ඔහොම වෙනව. කොයි එකටත් මං උදේට සුදු ලූනු ටිකක් තම්බල දෙන්නම්” ලීලාවතී , වීරසිරිගේ පපුවේ තෙල් ගා ටිකක් පිරි මැද්දා. මොහොතකින් ඔහු ...
චූ යතාර්තවාදියා චූ කියන්නේ අප්පිරියාව උපද්දවන වචනයක්. මා ඉතා කුඩා කළ ” මේකට ” කීවේ ” චූ” එක කියලාය. ” අම්මේ … මගෙ චූ එක චප්පෙක් කාලා ” මගේ චූ එක පත්තෑයෙක් කා ඇත. එය බලා ඉඳිද්දී ඉදිමී ආවේය. ඊට ටික කලකට පසු එය ඉබේම ” චූසකේ” විය එය කට හුරු වචනයකි. පොඩි ළමයින්ගේ හැටි එහෙමය. උසස් පෙළ සිටියදී උද්භිද විද්‍යා ...
රූකඩ යතාර්තවාදියා රූකඩ කියන විට එකවරම මගේ මතකයට එන්නේ අපේ නංගීය.ඈ නැටුම් කලාව හැදෑරීමට මහනුවර සරසවි කලායතනයටබැඳී , පළමු පාඩම ඉගෙන ගෙන , ගෙදරදී අප හැමෝම ඉදිරියේ නටා පෙන්නුවා. එය දුටු තාත්තා : ” ඔය මොනවද ? ගෑණු ළමයි නටන කොට ලාලිත්‍යයක් තියෙන්න එපායැ… ඔය නටන්නේ රූකඩ” හඬා ගෙන කාමරයට ගිය ඈ ඉන් පසු කවදාවත් නැටුම් හෝම් වර්ක් කළේ නෑ. රූකඩ ...
අසම්මතයේ පෙම්වතුන්. යතාර්තවාදියා විල්ෆ්රඩ් ඒකනායක හා සැම්සන් සිල්වා මාරුවෙන් මාරුවට බියර් වීදුරු තොල ගෑවා. මාරුවෙන් මාරුවට ටීපෝව මත තිබූ කජු කැබලි දීසියත් හිස් කලා. ” මෙයාල මේ අමෘතය බොනව වාගෙ බොන්නෙ මට නම් තිත්තේ බෑ” එහෙම කිව්වේ විල්ෆ්‍රඩ්ගෙ බිරිය විනීතා. ” බියර් තිත්ත වෙන තරමට තමා මම කැමති” “ඔව් ඒක ඇත්ත.. ලංකාවෙ ස්ටවුට් එක තරම මට නම් මොකවත් අල්ලන්නෙ නෑ” විල්ෆ්‍රඩ්ලා ඇමරිකාවට ඇවිත් ...
දොන් මංගල ජයකොඩි යතාර්තවාදියා දොන් මංගල ජයකොඩි මා මුල් වරට දුටුවේ මීට වසර 15 කට පමණ පෙර වුඩ්ලි පාර්ක් එකේ පැවති උත්සවයකදීය. සිත් ගන්නා සුළු සිනහවක් , නිරෝගී දේහයක් ඔහු සතු විය. ” මචං ඔය කවුද දන්නවද ?.. අර තග් MP කෙනෙක් හිටියෙ සුනිල් රන්ජන් කියල.. අන්න උගෙ මල්ලී” දෙහි සහ දොඩම් එකම කුලයකට අයත් වුවද දෙහි ගසේ දොඩම් හෝ , දොඩම් ගසේ දෙහි ...
කාලය යතාර්තවාදියා ආදි කාලෙ ලිව්ව ලිපි ආපහු කියවල අනවශ්‍යයි කියන ඒව අයින් කරන්න හිතුව. අපරාදෙ මගෙ කාලෙ ඒව ලියන්න ගත කල. අද ලියන්නම් මගෙ “ කාලෙ ” ගැන.පරණ ඒවට කට්ටිය තාම කමෙන්ට් කරනව දැක්කමයි ආයෙම මොනව හරි ලියන්න ඕන කියල හිතුනෙ. කාලෙ තමයි ප්‍රශ්නෙ. බ්ලොග් ලියන්න ඕන… අනෙක් අයගෙ බ්ලොග් කියවන්න ඕන…කමෙන්ට් කරන්න ඕන… කමෙන්ට් වලට කමෙන්ට් කරන්න ඕන.. ඔන්න දවසට පැය ...
ආහ් ! චර්යය. යතාර්තවාදියා ඕ , ඔහෝ , අහා , ආහ්… වගේ වචන විශ්මය , පුදුමය ප්‍රකාශ කරන වචන බව හා ඒවායේ අගට ” ! ” ලකුණකුත් දැමිය යුතු බව මට කියා දුන්නේ මඩදෙනිය ගුරුතුමාය. අද ලිපිය ලියන්නේ නියපොතු ගැන. නියපොතු ආහ්චර්යමත් වෙන්නේ කොහොමද කියල අවසානයේදී ඔබට තේරුම් යනු ඇත. ” මං ඔය කෙල්ල හැදුවේ නිය පිටින් පාරක් නොගහ” ” පස්ස කහ ගන්ට නිය ...
දොස්-තොර යතාර්තවාදියා මගේ බිරිඳ අසනීපෙන්. ඒක ලොකු අසනීප තත්වයක්. මොකකින් මොකක් වෙයිද කියන්න බෑ. මගේ හිත එකලාසයක් නෑ. අපි දෙන්නම තරුණ විය ඉක්මවමින් ඉන්නා දෙන්නෙක්. අවුරුදු විස්සක්ම එකට අත්වැල් බැඳන් ආවා වගේම තව දුරටත් මේ ගමන යා යුතුයි. ” අපි දෙන්න කවද හරි එකට මැරෙමු” එයා දවසක් මට කීවා . මම මගෙන්ම ප්‍රශ්න ඇහුවා. ඔබ ඇයට කවදා හරි ද්‍රෝහී වී ඇද්ද ? ...
මට දුකයි …. යතාර්තවාදියා එති….. යති…… ආවෝතින් යායුතුය නොගොස් ඉන්ට බැරිය එසේ සිටියෙක්ද නැත.. එදා දිළුම් ඔබට කීයක්වත් දෙන්ට නොහැකිවීම ගැන අදත් ලත වෙමි අද ඔබ ,ඔබා… මුව පුර නැගුනු ඔබේ සිනහව ඔබේ අව්‍යාජ බව පවසයි හෙට මා මළොත්… මා ගැන සියළුදෙය ලොවට රහසක් වනු ඇත එය මගෙ බ්ලොග් මිතුරනට දන්වන්නටවත් කෙනෙක් නැත ඒ අතින් ඔබ ශ්‍රෙෂ්ටයි මා මිතුර.. මා සොහොයුර.. ඔබට නිවන් ...
වත්සලා – අවසන් කොටස යතාර්තවාදියා මා දෙවියන් කෙරෙහි විශ්වාසයක් නැත්තෙකු වුවද ඈ වෙනුවෙන් දෙවියන් යැදීමට තීරණය කළා. එයට මා යොමු කළේ ඇගේ මිතුරියක වන ෆිලීෂියා. ” නිහාල් අපි කියනවට කොච්චිකඩේ යන්න බලන්න. එතන හාස්කම් තියෙන තැනක්”. මම ඊළඟ අඟහරුවාදා සෙන්ට් ඇන්තනීස් පිළිරුව ඉදිරියේ දණ ගසා ඇයට සුවය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. ඉටි පන්දම් දා හතරක්ම පත්තු කළා. මිනිසාගේ හා ගැහැණියගේ එක්වීමෙන් අළුත් ජීවියෙක් ඇතිවීම ...
හීන මානය යතාර්තවාදියා ඊර්ෂ්‍යාව , කුහක කම, ක්‍රෝධය වගේම හැමෝම ගාව තියෙන දෙයක් මේ හීනමානය කියන එක. පිස්සුවක්. බුදුන් වහන්සේ කියල තියෙනව ” සබ්බේ සත්තා උම්මත්තකා” කියල. අපි හැමෝම ළඟ යම් ආකාරයක පිස්සුවක් තියෙනවා. ඒක නැති කරන්න බෑ. මේ මා ළඟත් තියෙනව. එය එක්තරා මානසික දුබලතාවයක් කියල මිනිස් මනස ගැන දන්නා අය කියනව. හීන මානය කියන්නේ කොහොම එකක්ද කියල කියන්න බෑ. නියම වචනය ...
පොඩි හාමුදුරුවෝ – 2 යතාර්තවාදියා ” සීලානන්ද , ඔය කාමරවල යතුරු කැරැල්ල උත්තරානන්දට දෙන්න. සීලානන්දට දැන් වැඩත් වැඩියි නේ.. ඒකයි.” උත්තරානන්ද හාමුදුරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව සීලානන්ද හාමුදුරුවන්ට තේරුම් ගන්ට වැඩි දවසක් ගියේ නැහැ. ඔන්න ඔය දවස් වලයි ලොකු හාමුදුරුවෝ පිටරට පන්සලකට තැපෑලෙන් යැවූ ගුවන් තැපැල් ලියුමක් ආපහු ආවෙ. ” අපෙ හාන්දුන්නේ… මේකට අඩුවෙන් මුද්දර ගහල තියෙන්නේ.. ඒකයි රිටන් ආවෙ..” ඒ ලියුම් බෙදන්නා.” මම ඕකට ...
පොඩි හාමුදුරුවෝ…. යතාර්තවාදියා ගොඩගම ශ්‍රී ජිනරතනාරාමය සමහරුන් හැඳින්වූයේ ගලේ විහාරේ හෝ කන්දේ විහාරේ නමින්. පිට ලෑලි දෙකක් එකට පුරුද්දා හැදූ බෝඩ් ලෑල්ලක සුදු ලැකර් වලින් ” ශ්‍රී ජිනරතනාරාමය” කියා යමෙකු විසින් ලියා අපිළිවෙලකට හැදූ බෝඩ් ලෑල්ල හිටුවා තිබුනු ලී කණු දෙකද වේයන් ගෙන් අරක් ගෙන තිබුනා. ගොඩගම කියන්නේ මහනුවරට කිට්ටු කාගේවත් බලපෑමකට යටත් නුවූ අසරණ ගැමියන් දෙතුන් සීයක් ජීවත් වූ කුඩා ගම්මානයක්. සියළු ...
මට තනියි…. යතාර්තවාදියා මා සිත ගත් කත කොහිදෝ ගොස් ඇත ඒ අත – මේ අත කොතැනකවත් නැත පාළුයි දස අත නාඬන් හදවත ( මගේ බිරිඳ දින හතරක රාජකාරි කටයුත්තක් සඳහා වෙනත් ප්‍රදේශයකට ගිහින් ) “කඩේ යන්න කාර් එක හෝදන්න ඔය රැවුල කපාගන්න කිලිටි රෙදි වොෂර් එකට දාන්න කුස්සියේ බල්බ් එක පිච්චිල , ඒක හදන්න” නෑසේ කිසි ඇණවුමක් දැනේ හරිම නිදහසක් ගොඩ ගැසී ...
P…. for පෑන්ටි. යතාර්තවාදියා ජොක්කු ගැන විතරක් ලියල මදි.. අපි අනෙක් පාර්ශ්වය ගැනත් හිතන්න එපායැ… ඇමරිකන් කාරයන්ට අපේ නම් – ගම් දුරකතනයෙන් කියන කොට බොහෝ විට අර මිලිටරි ක්‍රමේට තමයි කියන්න වෙන්නේ. නැත්නම් උන්ට තේරෙන්නෙ නෑ. මගේ නම Nihal කියන්නේ මෙහෙමයි. N for නැන්සි… I for ඉන්ඩියා… H for හෙන්රි…. A for ඇපල්… L for ලයනල් වගේ.. අපිටත් එහෙමයි. උන්ගේ නම් සමහර වෙලාවට මීටර් ...
හැපී වැල……න්ටයින්ස් ඩේ….( වත්සලා…) යතාර්තවාදියා පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනයලු.. ජනවාරි 31 වන විට කඩ සාප්පු පිරී යනව හදවත් හැඩේට හැදූ චොකලට් , කේක් වලින් හදවත් එබ්බ වූ ඇඳුම් ආයිත්තම් වලින් අවුරුද්ද පුරාම වංචා කරල සැමියට – පෙම්වතාට (හැමෝම නෙවි ) මෙදාට රෝස මල් පොකුරක් යවනව උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ කියල පිරිමිත් එහෙම්මමයි ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙලා ඩයමන්ඩ් මුද්දක් අරන් ...
රට ගිය ගොඩයගේ කතාව- 12 යතාර්තවාදියා පුසුඹා මල්ලි ලංකාවට ගියා මාසෙකට , ඒ මොකද කියනවා නම් එයාගෙ බොස් එහෙමත් නැත්නම් පෙම්වතා නිවාඩුවක් සඳහා ජර්මනිය බලා ගිය නිසා. ගොඩයගෙ බිරිඳ කතා කලා. ” මෙන්න මෙයා- පුසුඹා මල්ලි – මෙහේ ඇවිල්ල. දෙන්නගෙ මොකක් හරි හුටපටයක්. නංගි අඬනවා. ඔයාට බැරිද පුසුඹ මල්ලිට කතා කරල අහන්න ප්‍රශ්නෙ මොකද්ද කියලා ?” ” මට බෑ.. ඕකා මහ බක පණ්ඩිතයා” එයා ආයෙම පහුවදත් ...
ජොක්කු හා අමුඩ යතාර්තවාදියා අමුඩයම පරිණාමයට ලක්වීමෙන් ජොකා සෑදී ඇති බව, ඉඳ හිට විකාර සමයං ලියන මේ ගුරුසිංහට හිතේ. අමුඩය නොදන්නා කෙනෙක් ලාංකිකයන් අතර සිටියහොත් ඒ පුදුමයකි. නොදන්නා අයට අමුඩය යනු කුමක්දැයි මම මෙලෙස විස්තර කරමි. අමුඩය යනු ඉනේ බඳින ලද මහත නූලක් හෝ පටියක් හරහා දෙපරැන්දට යවා එහි ඇති වටිනා කියන අවයව ආවරණය කරන රෙදි කඩකි. බොහෝ විට එම රෙදි කඩ සවිවර ...
නෑනා…… යතාර්තවාදියා පියාගෙ සහෝදරියන්ගේ දියණියන්ද , මවගේ සහෝදරයන්ගේ දියණියන්ද නෑ කමට ” ඇවැස්ස” නෑනලාය. ඇවැස්ස කියන්නේ අවශ්‍ය කියන එකටය. මස්සිනාලා හොඳ කෙලින් හිටියේ නැත්නම් නෑනලා පිටගම් යනු ඇත. මගේ මවත් – පියාත් ඇවැස්ස නෑන – මස්සිනාලාය. අම්මාට සොයුරන් 4 ක් හා තාත්තාට සොයුරියන් 3 කුත් නිසා මට නෑනාවරුන් ගෙන් අඩුවක් නොවීය. අපේ අම්මාගේ සහ තාත්තාගෙ මහ ගෙවල් පිහිටියේ එකම වැට දෙපැත්තේය. ඒ ...