අසම්මතයේ පෙම්වතුන්.


විල්ෆ්‍රඩ් ඒකනායක හා සැම්සන් සිල්වා මාරුවෙන් මාරුවට බියර් වීදුරු තොල ගෑවා. මාරුවෙන් මාරුවට ටීපෝව මත තිබූ කජු කැබලි දීසියත් හිස් කලා.
” මෙයාල මේ අමෘතය බොනව වාගෙ බොන්නෙ මට නම් තිත්තේ බෑ” එහෙම කිව්වේ විල්ෆ්‍රඩ්ගෙ බිරිය විනීතා.
” බියර් තිත්ත වෙන තරමට තමා මම කැමති”
“ඔව් ඒක ඇත්ත.. ලංකාවෙ ස්ටවුට් එක තරම මට නම් මොකවත් අල්ලන්නෙ නෑ”
විල්ෆ්‍රඩ්ලා ඇමරිකාවට ඇවිත් වසර 15 ක්. සැම්සන්ලත් ඒ ගානටම ඇති. විල්ෆ්‍රඩ්ලා නුවර , සැම්සන්ලා දකුණේ.

මට නම් අර මහ ගෑණි පේන්න බෑ” ඒ විල්ෆ්‍රඩ් ගේ ලොකු අක්කා. තාම බැඳල නෑ. බඳින වයස පැනලා.
” ඒත් අක්කේ ඒ අපේ රටේම මිනිස්සු. මෙහෙ ආශ්‍රය කරන්නවත් හරි හමන් කෙනෙක් ඉන්නවද ? මූණට හායි – බායි ගෑවට.
” කොහොමටත් මට ඔය බෙන්තර ගඟෙන් එහා උන් පේන්න බෑ. අපේ මල්ලිගෙ කණෙන් රිංගයි”
” අක්කට පුළුවන් නම් මේ බවලතුන්ට කෝපි ටිකක් හදන් එන්න”
විල්ෆ්‍රඩ්ගෙ අක්ක මූණ පුළුටු කර ගෙන කුස්සියට ගියා. සැම්සන්ගේ බිරිඳගේ කෝපි එකට කෙළ ටිකකුත් ගැහුවා.

” කෝපි බොන කොට බඩ වේලනව කියන්නෙ බොරු අනේ. මට නම් සුවඳේ බෑ.. මේ ලංකාවෙ කෝපි.” සැම්සන්ගෙ බිරිය වයලා කෝපි කෝප්පේ රස වින්දා.
විල්ෆ්‍රඩ් රක්ෂණ සමාගමක අයිති කරුවෙක්. සැම්සන්ට 7-Eleven ස්ටෝර් 5ක් කැලිෆෝනියාවෙ තැන් තැන්වල තිබුනා. විල්ෆ්‍රඩ්ලටත් දුවයි පුතයි. සැම්සන්ලටත් හිටියෙ දුවයි පුතයි පවුල් දෙකේම ළමයිනුත් හොඳටම යාළුයි.දෙමාල්ලන්ගෙ අදහස වුනේ කවද හරි ආවාහ – විවාහ කටයුතු පවුල් දෙක අතරම සිදු විය යුතු බවයි.ඒ කියන්නේ විල්ෆ්‍රඩ්ගෙ පුතාට සැම්සන්ගෙ දුවත් , විල්ෆ්‍රඩ්ගෙ දුවට සැම්සන්ගෙ පුතාත්.. ඒ ළමයින්ගෙ ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම තීන්දු කරල හමාරයි.

” තාත්තේ.. අන්කල්…… බායි.. අපි තව පැය දෙකකින් එනවා.
” මොකද ළමයිනේ ඔය ගවුම් වල කොට?”
” අපි යන්නේ ටෙනිස් ගහන්න නැන්දේ.. පන්සල් නෙවේ”
” ගෙදරටම නාකි වෙවී ඉන්නව රට තොට ගැන කිසිම දැනීමක් නෑ. විල්ෆ්‍රඩ්ගෙ දුව නීතා මුණු මුණු ගෑ දේවල් කාටවත් ඇහුනේ නෑ හොඳ වෙලාවට.

” පුතා , සුමේධ , මොනවද ඔයා හිතන්නෙ අපේ දුව නීතා ගැන”
” She is smart..gorgeous…assured”
” මම ඇහුවෙ ඒව නෙවේ.. අපි තීරණය කරල තියෙන්නේ පුතා අපේ දුව බඳින්න ඕන කියල”

” නන්නාඳුනන කෙනෙක් බඳිනවට වඩා නරකද දන්න කියන කෙනෙක්.. අපි හැමදා ඉන්නව ඔයාලගෙ පස්සෙන්….මගෙ බිස්නස් වලටත් හවුල් වෙන්න පුළුවන්…”

********************************************************************

” කොහෙද ළමයිනේ මේ රෑ වෙලා යන්නේ ?”
” අන්කල් අද ප්‍රොටෙස්ට් එකක් තියෙනව හොලිවුඩ් බුලවාඩ් එකේ.. අපි ඉක්මණට එනවා. රෑ කෑමට එනවා.”
” ප්‍රොටෙස්ට් එකක්.. කාට විරුද්ධවද ?”
” සෑම් ඔය එයාල යන්නේ අර සම ලිංගිකයන්ගේ පෙළපාලියකට.. විවාහ වෙන්න අයිතිය ඉල්ලල ඒ අය කෑ ගහනව”
සමහර ස්ටේට් වල දැනටමත් නීතියෙන් අවසර දීල තියෙන්නෙ .. තාම කැලිෆෝනියාවෙ විතරයි නැත්තෙ”

” ඉතින් මෙයාල එහෙම අය නෙවිනේ”
” අනේ මන්ද සෑම්.. මේ ළමයි එක්ක වාද කරල අපට දිනන්න බෑ. එයාල ෆයිට් කරන්නේ එයාලගේ යාළුවො වෙනුවෙන්”
” මට නම් නිකම් කුණුහරප වාගේ”
” මම ඔය ගැන ගොඩක් කියවල තියෙනව.. උත්පත්තියෙන් අපි හැමෝගෙම විරුද්ධ ලිංගික ගතිගුණ තියෙනවා. උදාහරණයක් කියනවා නම් මම මම පුංචි කාලෙ ආසයි අපෙ අක්කලගෙ ගවුම් අඳින්න. නියපොතු පාට කරන්න.. ලොකු වෙන කොට ඒ ගති මග ඇරිල යනව. ඒත් සමහරුන්ට එයින් අත් මිදෙන්න අමාරුයි.

” ඔව් මෙයාට මතකද අපෙ අයියගෙ වෙඩින්ග් එකට උයන්න ආව මිනිහ. මිනිහට කියන්නෙ මැනිකෙ කියල. සරම අඳින්නෙත් ගෑණු චීත්ත රෙද්ද අඳිනව වාගේ… පවු..”
” මෙහෙ ඒ වාගෙ අවුරුදු ගණන් එකට ජීවත් වෙන ජෝඩු ඉන්නවලු. නීතියෙන් අයිතියක් නැති නිසා එක්කෙනෙක් මැරුනාම අනිකාගෙ දේපල , 401K එකවත් අයිති වෙන්නෙ නෑල්ලු. ඔය වගේ දේවල් ගොඩාරියයි.
” එහෙම ගෑණු – ගෑණු ජෝඩුවලට කියන්නේ ලෙස්බියන්ලා කියලලු.. මට නම් disgusting .. නැද්ද අනේ”
” ඕකට ඔය තරම් නැහෙන්නේ මොකටද.. උන් අහිංසක අය. මම දන්න ලෙබනීස්ල කීප දෙනෙක් ඉන්නව”
” අනේ මේ .. අක්ක නොදන්න දේට කට නොදා ඉන්න. ලෙබනීස් නෙවේ ලෙස්බියන්”
****************************************************************************************************************

එදත් විල්ෆ්‍රඩ්ගෙ දුව නීතයි , සැම්සන්ගෙ දුව මායයි ටෙනිස් ප්ලේ කරන්න ගියා.
” අනේ.. අපි යමු.. මට නම් දැන් හොඳටම ඇති”
” අපි යමු චේන්ජ් කරන්න”
නීතාගෙ මූණ විඩාවෙන් රෝස පාට වෙලා. දෙන්නාම අත් පටලා ගෙන නාන කාමරයට ගියා.
” මායා.. මගේ ඇහැට මොකද්ද ගියා.. ටිකක් කෙවෙනව වාගෙ”
” ඉන්න මම පිඹින්නම්”
” දැං හරිද…. නීතාගේ ඇහැට පිම්බ මායා එක් වරම නීතාගේ දෙතොල සිප ගත්තා. නීතා තවත් ඊට අනුබල දෙමින් මායාට තුරුළු උනා.
” මොනවද ඔයා ඒ කලේ?.. මම තරහයි”
****************************************************************************************************
” අම්මා.. අද මායා අපේ ගෙදර නවතිනවා…
එදා නීතාත් , මායාත් අළුත් අත්දැකීම් කීපයක්ම රස වින්දා. පසුදා උදෙන්ම දෙදෙනාම පිබිදුනේ හරිම ප්‍රබෝධයකින් , හරියට මධුසමය ගත කළ යුවලක් වාගේ.
****************************************
” මට බඳින්න බල කරන්න එපා අම්මි.. මට තව කල් තියෙනව..”
” ඔයාට 26 යි. දන්නවද මම බඳින කොට මට 23 යි. පහු උනොත් ඔයාට හොයන්න වෙන්නේ නාකි මිනිහෙක්. 50 පැනපු පිරිමිත් ඉල්ලන්නෙ 18 ත් 20 ත් අතර කෙල්ලො. ඇයි ඔයා සුමේධට කැමති නැත්තෙ ?
” මගෙන් අහන්න එපා.. මම කවද හරි බඳින්නෙ මායා..”
” මොකද්ද කිව්වෙ? විකාරද ඔයාට?”
” ok .. ok…ok.. I am a lesbian OK… ? We are having 100% body contact.. ok ???”
නීතා කෑ ගහගෙන කාමරයට දිව ගියා. විනීතත් ඇගේ පස්සෙන්ම ගියා.. ඇයට හීනයක් වාගෙ ඇගේ කණට වැටුනු දේවල්
” හරි ඔයා මගෙ දුව… එතකොට මායා මගෙ කවුද? son-in-law වෙන්න බෑනෙ.
” ඒ ගැන එච්චර හිතන්න එපා. තවත් දුවෙක් කියල හිතන්න. සේරටම වඩා අපෙ සතුට ගැන හිතන්න”
“එතකොට අපේ පරම්පරාව?”
” ඇයි අයිය ඉන්නෙ.. එයා කවද හරි අම්මලාට grand kid කෙනෙක් හදල දෙයි”
” එයාගේ ඔලුවෙ මොන දහ ජරාව තියෙනවද කවුද දන්නෙ?”
අනේ අපට වෙච්චි දෙයක්. තාත්තට හාට් ඇටැක් එකක් ආවෙ නැත්නම් පුදුමයි.”
” මම කියන්නම් තාත්තට.. අම්මට වඩා තාත්ත දන්නව ලෝකෙ ගැන”

*************************************************************************************************************
” ඕක අපි අදහන ආගම් වලටත් විරුද්ධයිනෙ. මුස්ලිම් රටක වුනා නම් ගල් ගහල මරන්නෙ”
” හොඳයි දෙවියන් වහන්සේ ආදම්- ඊවා කියල ගෑණියෙකුයි මිනිහෙකුයි දෙන්නෙක් මැව්වෙ ඇයි. මේ ලෝකෙ ඉස්සරහට ගෙනියන්න නේද ?”

” බුදු දහම කියන්නේ මේ කප තියෙන්නෙ අවුරුදු 5000 යි කියල . 2547 ක් ගෙවිල . තව ටිකයි. ලෝක විනාසෙ සිදුවෙන එක ක්‍රමයක් වෙන්නෑති මේක.

*****************************************************************************************************************
නීතයි , මායයි හවස පාක් එකට ගියා. ඒක ලස්සන , ලස්සනම හැන්දෑවක්. තරුණ ජෝඩු අත් පටලා ගෙන ඇවිද ගියා.
සමහරු තැන් වලට හේත්තු වෙලා රහස් කෙඳිරුව. කුඩා හුරුබුහුටි දරුවෙක් පොකුණේ පීනන තාරාවුන්ට කෑම විසි කළා.

” අපිටත් අර වාගේ දරු පැටියෙක් ඉන්නව නම් නේද මායා?…

” අපිට ?”

This entry was posted in Uncategorized. Bookmark the permalink.

9 Responses to අසම්මතයේ පෙම්වතුන්.

  1. ස්තුතියි නිහාල්. වෙනද වගේම ඔබගේ කතාව රස වින්ද
    No comments … Grown up people can make their own decisions.

  2. dayalbathee පවසයි:

    නිහාල් ගුරුසිංහට ජයවේවා!

  3. salu පවසයි:

    ගුරුසිංහ මහතාගේ ලිපියක් නොදැක ගතවූ මාස දෙක හරියට කල්පයක් වාගෙයි. කතාව හොඳට ගොතලා තියෙනවා, අනිත් කතා වාගේම. පාඨකයින් අතරමං නොකර දිගටම ලියන මෙන් ඉල්ලා සිටිනවා.

  4. පොඩ්ඩි පවසයි:

    මම කැමති නිහාල්ගේ අනෙක් කතාවලට. 😦

  5. Nihal Gurusinghe පවසයි:

    සලු….. දයාල් බතී.. මහසෝනා. පොඩ්ඩී .. ප්‍රතිචාර වලට ස්තූතියි. සම්මත කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා. ඒකයි අසම්මත දෙයක් ලියන්න හිතුවේ.

  6. නසියර් මලය පවසයි:

    බලන් ඉදල බලන් ඉදල ඔන්න නිහාල්ගෙ ආර්ටිකල් එකක් වැටිලා… කතාව ලස්සනයි… මේ කතාව මෙහෙමම නොවුනත් මේ වගේ හැලහැප්පීම් නම් පිට රට ආවම වෙන්න පුළුවන් කියල හිතෙනවා… ඉස්සර අපි කියන පරම්පරා ගට්ටනය වගේ මේකට කියන්නේ සංස්කෘතික ගට්ටනය කියලද…

  7. ranja පවසයි:

    හරසුන් බොල් බ්ලොග් කියවනවට වැඩිය කොච්චර ලස්සනද මේ කතා….ස්තුතියි ඔබට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න