මගේ වෙසක් පැතුම.


කෙළ කෝටියක් විදුලි බුබුළුය
තොරණ් රාජයන්ය
කූඩු රාජයන්ය
එව-කව-බොව
බලෙන් කන්ට බොන්ට දෙන
දන්සැල්ය
සල්පිල්ය
ගී ගැයුම්ය
ඔළු බක්කන්ය
පැලුණු සායවල්
ඇළුනු කළිසම් කකුල් ය
පාරේ යන
තණහා- රතී- රඟාලාය
ම’සිත නො පහන්ය
මට ඇත්තේ මේ මැටි පහන පමණක්ය

Flame
ම’සිත පහන් වේ.
ඒ පිනේ බලයෙන්
කතන්දර – බතී
ඔබා- රන්ජා-සලූ
ප්‍රවීනා – දුකා- ඔබා
ඇතුළු මෙකී නොකී
සියල්ලන් සමග
එකම නුවරක ඉපිද
එකම දම් සභා මණ්ඩපයකදී
එකම බුදු කෙනෙකුගෙන් බණ අසා
එකටම නිවන් යන්නට හැකිවේවා

This entry was posted in Uncategorized. Bookmark the permalink.

10 Responses to මගේ වෙසක් පැතුම.

  1. ඕනමැන්ටල් පවසයි:

    එකටම බැරි උනොත් එක හමාරටවත් නිවන් යන්න ලැබේවා !!

  2. chef-architect පවසයි:

    ප්‍රීති වෙසක් නිහාල්…..හුඟකාලෙකින්…..

  3. salu පවසයි:

    පැතුමත් හොඳයි. ගෙතුමත් හොඳයි.
    ප්‍රීති වෙසක්!
    සියළු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා.

  4. කටිට්ය එක්ක එකට බණ අහන්න වගේ………….. 😀 වෙසක් කියන්නෙ තවත් ප්‍රීති උත්සවයක් විතරයි. ඒකනේ ප්‍රීති වෙසක් කියන්නේ….

  5. පොඩ්ඩි පවසයි:

    මටත් ඔබ එක්කම නිවන් යන්ට ලැබේවා කියලා හිතීමත් සතුටක් නිහාල්. ඇත්තටම බුදු කෙනෙක් දැකලා, එයාගෙන් බණ අහලා, කට්ටියටම නිවන් යන්ට ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා…

    නිහාල්ට සහ පවුලේ සැමට සුබ වෙසක්!!!
    (හිත හිතා හිටියේ මොකෝ සද්දයක් නැත්තේ කියලා )

  6. ranja පවසයි:

    esema wewaai pathami…..kaalekata passe me paththe godawenna puluwan une….

  7. Buddhika Anuradha පවසයි:

    ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)

ප්‍රතිචාරයක් ලබාදෙන්න