රට ගිය ගොඩයගේ කතාව – 7 යතාර්තවාදියා දවසක් ගොඩයා පන්සලට ගියා පයින්ම. ගෙදර ඉඳන් හැතැක්ම 3 ක් විතර ඇති. ගොඩයට ගොඩාක් දුක හිතිලා. තමන්ට අත දෙන්න කෙනෙක් නැති වීම ගැන සහ කරදර ගොඩක පැටලී ඉන්න තමන්ට සළකන විදිය ගැන සීතල සුළඟට දුක කිය-කියා තමා ඒ මුළු දුරම ඇවිද්දේ. පන්සලේ ලොකු හාමුදුරුවෝ හිටියා මිදුලේ තවත් ශ්‍රී ලාංකිකයෙක් සමඟ කතා බස් කර කර.. උන් වහන්සේ ඔහුට ගොඩයා හඳුන්වා දුන්නා. ...
පනුවා. යතාර්තවාදියා ඉස්සර අපේ ගෙදරට සිල් මෑණි කෙනෙක් එනව ඉඳ හිට. මොනව හරි වළඳල , බණ කතාවකුත් කියල , ගානකුත් කඩා ගෙන යනව. ” ඉතින් උපාසකම්මේ , අප මහ බෝසතාණන් , වඳුරු ආත්මයක උත්පත්තිය ලබල, වඳුරු රංචුවේ නායකයා වෙලා ඉන්න කොට …” … Continue reading → ...
අඹු සැමියෝ යතාර්තවාදියා “අපි කොහොම හරි ගේ පොඩ්ඩක් හදා ගන්න ඕන , දැන් අවුරුදු 3 ක්ම කුලියට හිටියනේ, නංගිලටත් තියෙනව එයාලගෙම ගෙයක්” නන්දනී දවසක් නිදි ඇඳේදී සිරිපාලගෙ කණට කෙඳිරුව. “ගෙයක් හදනවා නං ඉතිං ටිකක් කොළඹට කිට්ටු වෙන්නත් ඕන. අඩු ගානෙ නුගේගොඩ , මහරගම … Continue reading → ...
සිංහයා. යතාර්තවාදියා සිංහයා රජාය. කැලයේ සියළු සතුන් ඔහුට යටහත්ය. සිංහයාට වඩා ප්‍රමාණයෙන් විශාල අලියාද සිංහයාට බයය. උගේ ගර්ජනාව හෙවත් ගෙරවුම් ශබ්දය කේශාරවයයි. ඇහින් දුටුවා වාගේ කතා කියන අත්තම්මා කීවේ සිංහ ගර්ජනාවට අලි ඇතුන්ගේ කුම්බස්තලය පුපුරන බවය. ” ගජ කුම් බිඳින කෙසරිඳු ” … Continue reading → ...
බස්සා. යතාර්තවාදියා බස්සා , බකමූණාට සමාන එහෙත් ප්‍රමාණයෙන් කුඩා නිශාචර පක්ෂියෙක්. සමහරු මේ දෙන්නාම එක්කෙනා කියා කීවත් , නාදය අනුව දෙන්නෙක් බව තේරුම් යයි. බකමූණා ” හූම් ” කියන අතර බස්සාගේ නාදය පොඩි කැස්සක් වගේ ” බැහ්” ශබ්දයකි. බස්සා ගේ දොරකඩ ඇඬීම … Continue reading → ...
නයා. යතාර්තවාදියා මා කුඩා කල , බිම දිගේ ඇදෙන හැම සර්පයාටම කිව්වේ නයා කියලාය. පනුවාද මට නයෙක්ම විය. නයා සිංහළ අන්තවාදියෙකැයි මා මුලින් සිතුවෙ උගේ පෙණ ගොබයේ ඇති ” ප ” යන්න නිසාය. එහෙත් පසුව ඌට දෙමළ බසින් ” පාඹු ” කියන … Continue reading → ...
රට ගිය ගොඩයාගේ කතාව – 2 යතාර්තවාදියා ” මල්ලී ඉතින් මොකද්ද එහේ කරන රස්සාව ?” ගොඩයාට පුසුඹ ගහන මල්ලී පෙනෙන්නේ තමන් දිව්‍ය ලෝකයට කැඳවා ගෙන යාමට ආ මාතලී දිව්‍යපුත්‍රයා වාගේය. ” මම එහේ රස්සා දෙකක් කරනවා. මගේ මේන් ජොබ් එක ඇවිල්ල… ඇන්ඩෲ මල්හොලන්ඩ්.. මිනිහ මාර සල්ලිකාරයා. මිනිහ කොම්පණි කීපයක අයිතිකාරයා. දැන් වයසයි. මම තමා එයාගෙ ප්‍රයිවට් සෙකට්‍රි.. මට දරුවෙකුට වාගෙ තමා සලකන්නෙ” ” මොනවද ඉතින් මල්ලිට තියෙන ...
රට ගිය ගොඩයගේ කතාව – 9 යතාර්තවාදියා ගොඩයා උදෙන්ම හැරියට් වැඩ කරන තැන හොයා ගෙන ගියා. වීදුරු කාමරයේ සිටි හැරියට් දුර තියාම ගොඩයා හැඳිනගෙන අතවනා නැවත බිම බලා ගෙන වැඩෙහි නිරත උනා. ගොඩයා නිය පිටින් ජනේලයට පොඩි තට්ටුවක් දැම්මා. ” Are you looking for me ?” වගේ බැල්මකින් හැරියට් හිස ඔසවා බලා ප්‍රශ්නාර්තයක් සමඟ කාමරයෙන් එළියට ආවා. ” ගුඩ් මෝනින්ග් මිස් හැරියට්.. ඊයේ චෙක් කරල දාල ගිය ...
රට ගිය ගොඩයගෙ කතාව – 6 යතාර්තවාදියා අද තමා ගොඩයයි පුසුඹ මල්ලියි ලස්සන ගෑණු බලන්න යන දවස. පුසුඹ මල්ලි කාර් එක එලෙව්වා. ගොඩයා දකුණු පැත්තේ ආසනේ. ඇමරිකාවේ වාහන වල රියැදුරු අසුන තියෙන්නේ වම් පැත්තේ බව සියල්ලන් දත යුතුය. පුසුඹා මල්ලී ඉස් ඉසෙල්ලම කතාව පටන් ගත්ත. ” අර මාතරයා ඉන්නව නේද ලෝකයා. ඌට ඉංග්‍රීසි බෑ. උගෙ ගෑණිටත් බෑ. අනික උගේ ගෑණි ෆාස්ට් නම්බර් එකක්” ගොඩයා කතාව වෙනස් කළා. ...
රට ගිය ගොඩයගෙ කතාව -3 යතාර්තවාදියා ” මම ඉන්නෙ ලක්ෂරි අපාර්ට්මන්ට් එකක. හතර පස් දෙනෙකුට උනත් නවතින්න පුළුවන්. අයිය කිසි දේකට බය වෙන්න එපා. මං සේරම බලා ගන්නම්.. මෙහේ බෙහෙත් ඇඳුම් වගේ දේවල් තමා ටිකක් ගණන්. ඒ නිසා ඇඳුම් ටික විතරක් අරන් ආවොත් ඇති. මොකද මගෙ ඒව අයියට අඳින්නත් බැහැනේ…” පුසුඹ මල්ලි පිටත් වෙන්න කලින් අවසන් වරටත් හැමෝම ඉඹ ගත්තා. හප්පා උගෙ ළඟ තියෙන පුසුඹ.. ******************************************************** “මල්ලී ...
රට ගිය ගොඩයගෙ කතාව – 13 යතාර්තවාදියා ඇමරිකාවට අයිතිවාසිකම් කියන 4 වර්ගයකි. එනම් යුරෝපා රටවලින් වන්දනාකරුවන් ලෙස පැමිණ පැලපදියම් වූවන් ගෙන් පැවත එන සුදු හම සහ නිල් ඇස් ඇති අය; වහල් වැඩ සඳහා අප්‍රිකානු රට වලින් ගෙනෙන ලද කල්ලන් ගෙන් පැවත එන කළු සම සහ බොකුටු කෙස් ඇති කල්ලන්; මෙක්සිකෝ- ගෝතමාලාදී රටවල් වලින් දේශ සීමාව හරහා හොරෙන් පැන ගත් අය සහ ඇමරිකාවේ මුල් පදිංචි කරුවන් වන රතු ...
අවුරුද්දත් කිට්ටු… කිට්ටු යතාර්තවාදියා අවුරුදු එන බව හැමෝටම කලින් දැනෙන්නෙ කොහාට. මල් බර වුනු , පල බර වුනු ගස් අතු අතර හැංගී ඉඳන් කොහෝ.. කොහෝ. කියන්න පටන් ගන්නෙ මාර්තු මාසෙ අන්තිම වෙන්නත් කලින්. වෙලාවකට හිතෙනව මොන කන්කරච්චලයක්ද කියලත්. අවුරුදු කිට්ටු වෙන කොට මිනිස්සු හරි කලබලයි. අපේ ගමේ නම් වැඩ වැඩි වෙන්නේ මහන ගෙදර සුසිලා අක්කාටයි. ගෑණු – පිරිමි – ළමයි හැමෝගෙම ඇඳුම් මැහුවෙ සුසිලක්කා. ...
කොටා … යතාර්තවාදියා ” චාරිකා ලර්නර්ස් , කොටා රෝඩ් , බොරැල්ල ” රූපවාහිනි නොතිබූ එහෙත් ගුවන් විදුලිය පමණක් තිබූ අපේ කාලයේ වෙළඳ සේවයෙන් නිතරම ඇසුනු ලිපිනයකි , ඒ. කොටා පාර යනු කෝට්ටේ පාරම බව පසුව මට දැන ගත හැකි විය. අද කොටා ගැන ලියන්නේ , cotta road එකක් කැලිෆෝනියාවේ culver city නම් ප්‍රදේශයේදී හදිසියේම ඇස ගැටුනු නිසාවෙන්ය. මගේ ගජයෙකු වූ ” ධනපාල ” ...
නයි කතාවක්. යතාර්තවාදියා නයා හෙවත් නාගයාට ඇත්තේ වෙනත් බඩ ගා යන සතුන්ට නැති ඉහළ තැනක්. ගෞරවයක්. සැළකිල්ලක්. බයක්. ඒ නිසාමයි ආයෙමත් නයා ගැන ලියන්න සිතුවේ. ඊට හේතු පාදක උනේ ලංකාවේ නයි නළඟනයි. - නයෙකු සමඟ නිදා සිටි තරුණියක් පොලිසියෙන් අල්ලයි.. නයා සත්තු වත්තට බාර දෙයි.- ප්‍රවෘත්තියක්. ලංකාවේ පොලිස්කාරයෝ ඇයට කුණුහරුපෙන් බැන වැදී ඇයට පහර දී ඇත. තවද එම තරුණිය ඇගේ හුරතල් නයා ඉල්ලා ...
අසල්වැසියෝ… යතාර්තවාදියා පතිරූප දෙස වාසෝච…… ඒතං මංගල මුත්තමං…. අප සැන් ඩියාගෝවට පදිංචියට ආවේ මීට වසර අටකට පෙරය. නිවාඩා වල ලාස් වේගාස් කිට්ටුව අප සතුව තිබූ දැකුම්කළු නිවස විකුණා දැමීමට අප තීරණය කළේ කාරණා දෙකක් නිසාය. එකක් දරා ගත නොහැකි උෂ්ණත්වය හා වැදගත්ම කරුණ වූ ක්‍රමයෙන් උස් මහත් වන දියණිවරුන් දෙදෙනාට සුදුසු පරිසරයක් එහි නොවීමත්ය. සැන්ඩියාගෝවේ බොහොමයක් අතුරු පාරවල් ප්‍රධාන පාරේ සිට වම් ...
ගෙදර වරෙන් දුවේ. ( ඉතිරිය ) යතාර්තවාදියා වචනයෙන් විස්තර කළ නොහැකි පාළුවක් – අලස ගතියක් සිරුර පුරාම දිව යයි. දින කීපයක් නිවාඩු දමා ගෙදරට වී ඉන්නට ඇත්නම් යයි සිතේ. එහෙත් එය කිසි තේරුමක් නැති අදහසකි. සේවාස්තානයට ගොස් නියමිත කාර්යයක් ඉටු කර හිතවතුන් – හිතවතියන් හා පැය කීපයක් ගත කිරීමෙන් මනසට සැහැල්ලුවක් ලැබේ. ජීවිතයේ මෙතෙක් ආ ගමන් මග දෙස ආපසු හැරී බලන කල මා ලද ජයග්රහනයක් නැත. කණ ...
බර. යතාර්තවාදියා මේක නං මහා බරපතල වචනයක්. ඒ මොකද කියනවා නං; ලෝකයේ තියෙන හැම භාෂාවකටම පසුව අළුතින් වචන එකතු වෙයි. සමහර වචන කිසි තේරුමක් නැති ඒවා උනත් , දීර්ඝ කාලයක් භාවිතා වීමෙන් එය මුල් බසේම කොටසක් බවට පත්වේ. ඇමරිකන් ඉන්ගිරිසියේද එහෙමය. Cool — සිසිල් Hot – උණුසුම්. ඒත් දැන් හැදෙන පරම්පරාව මේ වචන වලට අළුත් අර්තකතන දෙයි. Cool Idea Cool Song ...
ලස්සන ගීයක්. යතාර්තවාදියා ගීතයක රස විඳින්න අඩ අඳුරේ තනිවෙන්න…. කවුදෝ එහෙම කියල තියෙනවලු. තව කොහොමද ලා වට මධු විතකුත් තොල ගාමින් තනි වුනොත්. ගී රස විඳින්න නම් ඊට සුදුසු වෙලාවක් ඕන. මට නම් එහෙමයි. අනික් අයට කොහොමද මන්ද ? හිමිදිරි උදේ බයිලා අහන්න … Continue reading → ...
කටුස්සෝ. යතාර්තවාදියා කටුස්සා, බොහොඬා, සුළු සුළු වෙනස් කම් ඇතත් එකම ජීවින් කොටසකි. කටුස්සා පරිසරයට ගැලපෙන ආකාරයට අනුවර්තනය විය හැකි සතෙකි. ගස් කොළං අතර ඉන්නකොට කොළ පාටටද , වියළි කොල රොඩු අතර ඉන්නකොට අඳුරු පාටටද ශරීරයේ පාට වෙනස් කර ගනී. අපේ දේශපාලකයන්ද කටුස්සන් … Continue reading → ...
මාළුවෝ – 2 යතාර්තවාදියා බිත්තර සාරු වල ඔබල ඊට පස්සෙ පාන් කුඩු වල දවටල ගැඹුරු තෙලේ බැද ගත්තු මාළු පෙත්තක රස බල බල ඉන්න කොට ” මාළුවෝ පෝස්ට් එක බාගෙට අප්ඩේට් උනා. ඉතින් ඉතිරි ටික මේ විදියට ” මාළුවෝ- 2″ කියල ලියනවා. තද කෝපයක් … Continue reading → ...