රට ගිය ගොඩයගෙ කතාව – 14 යතාර්තවාදියා කැලිෆෝනියාව , ලංකාව වගේ 7 ගුණයක් විතර විශාලයි. ජනගහණය මිලියන 40 ක් විතර . ඒ 2017 සංඛ්‍යා ලේඛණ අනුව. කැලිෆෝනියාවෙ තියෙනව home town buffet කියල බුෆේ ජාතියක්. ඕන තරම් බෙදා ගෙන කන්න පුළුවන්. කවුරුවත් බලා ගෙන ඉන්නෙ නෑ කවුරු කොච්චර කනවද කියල. මේවා කැලිෆෝනියාවේ ප්‍රධාන නගර හැම එකකම පාහේ තියෙනව ගොඩයා දැකල තියෙනව. ( ඒ කාලේ ) ඇතුළුවීමට ඩොලර් 6 ...
රට ගිය ගොඩයගෙ කතාව – 10 යතාර්තවාදියා පුසුඹා මල්ලී නිතරම බැලුවේ කොහොම හරි ගොඩයට රිද්දවන්න. ඒ එයාගෙ අඩු පාඩු වහගන්න. මෙහේ තියෙනවා සිස්ටම් එකක් ..තමන්ට කැමති ඕනෑම ෆිල්ම් එකක් ගෙදර ඉඳන්ම TV එකෙන් බලන්න. ඒකට කියන්නෙ PPV – Pay Per View කරන්න තියෙන්නේ ඉතාම සුළු දෙයක්. දුරකතන අංකයක් තියෙනවා .. ඒක ඩයල් කරන්න විතරයි අවශ්‍ය. නියම වෙලාවට ෆිල්ම් එක ප්ලේ වෙනව එක දිගටම.. අතර මැදින් ප්රවෘත්ති – ...
දෝන කුසුමාවතී – දහවන කොටස යතාර්තවාදියා කුසුමාවතී රත්නපාල සොයා ගෙන බක්කර කඩේට ගියේ එදා විල්සන් දුන්නු සල්ලි වලින් කඩේ ණය පොතෙන් ටිකක් හරි ගෙවා දාන්න හිතාගෙන. අපරාදෙ කියන්න බැහැ පොතේ ණය වලින් වැඩි හරියක් රත්නපාල කපා ඇරල තිබුණා. ” කුසුමෙ මොකද මේ ගමේ මිනිස්සු කියන්නේ පිචර් බලන්න ගිහින් හිටිය කියල කා එක්කද ?” ” මං වෙන කවුරු එක්ක යන්නද ? එදා අපි ගිය එක කවුරු හරි ...
රට ගිය ගොඩයාගේ කතාව- 4 යතාර්තවාදියා ගොඩයා ගොඩ උනේ EVA AIR ගුවන් යානාවකට. සේරටම ඉස්සෙල්ල කියන්න ඕන මේ ගොඩයගෙ පළමු ගුවන් ගමන. ගොඩයා අඩු තරමින් මාලදිවයිනටවත්, සාරි බිස්නස් කරන්න මැඩ්රාස්වලටවත් ගිහින් නෑ. වෙලාව අළුයම 1.00 ට විතර ඇති. රෑ කෑම කෑවේ ගෙදරින් පිටත් වෙන්න කලින් හවස 7.00 ට විතර. excitement එක නිසා ගොඩයට බඩගින්නක් තිබුණේ නැති උනත් දැන් නම් බඩේ පනුවෝ එකා පිට එකා නැගල ගුස්ති ඇන ...
පළා බබා – 2 යතාර්තවාදියා මස් කඩේ මුදලාලි සුල්ෆි නානා සිංහළ සමඟ දෙමළ කළවම් කරල; රත්නම් මහත්තයා සිංහළ, ඉංග්‍රීසි සමඟ දෙමළ කළවම් කරල දොඩමලු උනා. බීම බෝතල් එක එක හිස් උනා. රත්නම් මහත්තයා කිවු කතා වලට නම් කවුරුවත් කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඒකට සුල්ෆි නානා.. මාර කටක්. හැමෝගෙම අදහස උනේ රජීව් ගාන්ධිට කෙළපු එක හොඳයි කියල. දයා මැණිකේ .. ඒ කියන්නේ රත්නපාල මහත්තයගෙ පවුලයි , දුව- ...
දෝන කුසුමාවතී – අවසන් කොටස යතාර්තවාදියා ” ගල්වැටේ අන්නාසි ගෙඩියක් තිබුණා. පැහිල.මං දානෙට අන්නාසි වෑංජනයක් හදන්නයි හිතන් හිටියේ. කවුදෝ කඩා ගෙන ගිහින්. නැත්නම් සතෙක් කාල” ” මමයි ඒක කෑවෙ අම්මේ..” ” මං මේ උඹෙන් අහන්නමයි හිටියේ. අසනීපයක්ද ? මූණත් පිපිහලු වෙලා” ” ඔව් අම්මේ. ලෙඩ හැදුනෙ නෑ මාස තුනකින්” ” ඒ කිව්වේ ….?” ” බබෙක් .. මං හිතන්නේ..” ” අනේ අපේ පවුලට වෙන්ට යන නස්පැත්තියක්. පාරක ...
රට ගිය ගොඩයගෙ කතාව- අවසන් කොටස යතාර්තවාදියා හැමදේකම අවසානයක් තිබිය යුතුය. කෝපය, ක්‍රෝධය, වෛරය, බලාපොරොත්තු බිඳ වැටීම, දුක වගේ සෘණ ආකල්ප සමඟ හිතේ කැකෑරුනු පීඩනය එළියට දමා හිත සන්සුන් කර ගැනීමට ගොඩයා ලියන්නට පටන් ගත් රට ගිය ගොඩයාගේ කතාව අදින් අවසන් වේ. සමහරු හිතනවා ඇති මෙය හුදු ප්‍රබන්ධයක්ය කියා. සමහරු ප්‍රතිචාර දක්වා තිබුණා ලියන වේගය වැඩියි කියා. සමහරු අහනවා ඇයි ඉවර කරන්නේ කියා. හැම දෙයකම අවසානයක් තිබිය ...
පළා බබා – 4 යතාර්තවාදියා ලංකාවට අළුත් දෙයක්වූ පළාත් සභා මැතිවරණයට ඇත්තේ තව සතියකි. අවසාන ප්රචාරක රැස්වීම ඇමතූ රත්නපාල වෙද මහත්තයා ඉතා දීර්ඝ එහෙත් මුල, මැද, අග නොගැලපෙන නීරස කතාවක් කළේය. ” අද අපේ ගමේ – පළාතේ මිනිස්සු ලස්සනට ජීවත් වෙනවා. තැන් තැන් වල අලුතෙන් ගෙවල් ඉදිවෙනවා. අපේ ගම් වල කාන්තාවන්/පුරුෂයන් මැද පෙරදිග ගිහිල්ලා අපේ රටට විදේශ විනිමය එවනවා. දැන් බලන්න සවුදි රියාල් එකකට රුපියල් ...
නව මනමේ. යතාර්තවාදියා ශාලාව අඳුරු වේ. ලෝහිත පැහැ තිරයෙන් වේදිකාව තවමත් වැසී ඇත. පසෙක වූ දොරටුවකින් යමෙක් වේදිකාවට ඇතුළුවේ. විදුලි ආලෝක කදම්බයක් ඔහු දෙසට එල්ල වේ.තීක්ෂණ දෑසත් , උස් තියුණු නැහැයත් , දිගු සුදෝ සුදු රැවුලත්, අත රැඳි පුස් කොළ පොතත් ඔහු පොතේ … Continue reading → ...
Welcome to USA – ක්‍රම සහ විධි. යතාර්තවාදියා මා විසින් ලියන ලද රට ගිය ඇත්තෝ ලිපියට කෙනෙක් කර තිබූ චෝදනාත්මක ප්‍රතිචාරය මා දුටුවේ නොබෝදාය. ” මේ දිනවල වීසා ලොතරැයියට අයදුම් පත් කැඳවෙන බැවින් , වෙනත් අය ඇමරිකාවට එනවාට ඉරිසියාවෙන්..” මා එම ලිපිය ලියූ බවය. කාගේ හෝ එම අදහස සම්පූර්ණයෙන්ම වැරදිය. වසර 22 කට ආසන්න කාලයක් ඇමරිකාවේ විවිධ ප්‍රදේශන්හි ජීවත්වී , විවිධ මිනිසුන් ඇසුරු කිරීමෙන් ලබා ගන්නා ලද තොරතුරු ...
රට ගිය ගොඩයාගේ කතාව. යතාර්තවාදියා ගොඩයා රට ගියේය. රට කීවාට මේ හැම කොල්ලයි-බල්ලයිම යන දෝහා-කටාර් නෙවි. ඇමරිකාවටය. ඒ 1997 වසරේය. මෙතෙක් කතාව… ගොඩයාගේ දුර ඥාතියෙක් ඇමරිකාවේ පදිංචිවී සිටියේය. දුර කීවාට එතරම් දුර නොව ගොඩයාගේ බිරිඳගේ නංගි බැඳපු එක්කෙනාය. ගොඩයාට රට යන ආසාව ඇති උනේ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා කාලයේමය. ඒත් නොයෙකුත් අමාරුකම් නිසා ඒ ආසාව පස්සා පැත්තේ ගසා ගැනීමට සිදුවිය. පස්සා පැත්තේ ගසා ගත් රට ...
රණසිංහ . ( ඉතිරිය ) යතාර්තවාදියා දිසානායක මුදියන්සේලාගෙ රණසිංහ පදිංචි වෙලා හිටියෙ ගලගෙදර. ඒක තරමක් විශාල ගෙයක්. ඉස්සරහ කාමර දෙක කුලියට දීල තිබුන බැංකුවේ වැඩ කරන ජෝඩුවකට. එක කුස්සියයි තිබුනෙ. ඒ ජෝඩුවයි රණසිංහගෙ අම්මයි හවුලේ උයා පිහා ගත්ත. තම පුත්‍රයා ආණ්ඩුවෙ ඉහළ රාජකාරියක් කරන බව රණසිංහ මාතාව නිතරම තම පුතාගේ පුරජේරුව කිව්ව. ඉස්සර නම් කාටවත් හම්බු වෙන්න බැරි තැනකයි රණසිංහ වැඩ කළේ. එහෙමයි ගමේ අයට කියල ...
රණසිංහ. යතාර්තවාදියා රණසිංහ මුඩ්ඩෙකි. එහෙම නැත්නම් මුදියන්සේ කෙනෙකි. සාමාන්‍ය පෙළ විබාගෙන් යාන්තමට එගොඩ වූ ඔහු ආණ්ඩුවේ කන්තෝරුවක කාකාස කෙනෙකි. කට්ට කයිරාටික වෙට්ට පිත්තලයෙක් වුනාට කාර්යාලයේ කිසිවෙකුටත් ඔහුගෙන් හිරිහැරයක් නම් නොවීය. ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේද , මරණාධාර සමිතියේද නිල තල දැරූ ඔහු සාමදාන විනිශ්චය කරුවෙකි. පළාතේ දේශපාලකයාගේ ප්‍රබල ආධාර කරුවෙකුද වූ ඔහු ලොක්කන් සොච්චමකට මායිම් කළේ නැත. ආයතනයේ ප්‍රධානියාද රණසිංහ කෙනෙකුම වූයේ ඔහුගේ ...
( අ ) මනාප තරු. යතාර්තවාදියා ඉස්සර මං කොච්චර ආසද රෑට අහස දිහා බලන් ඉන්න. අහසෙ එකම වලාකුළක්වත් නෑ. ඔහොම බලන් ඉන්න ගමන් මම දකිනව තරු කැට . කඩා හැලෙන තරු කැට. දිලෙන තරු කැට. සමහර ඒවා ගමන් කරනව. මම පස්සෙ තමයි දැන ගත්තෙ ඒ තරු නොව කෘතිම චන්ද්‍රිකා කියල. තරු අපට අල්ලන්න බෑ. ඒව ගොඩාක් ඈතින් තියෙන්නෙ. රිදී තිරේත් තියෙනවා ඔහොම තරු. වේදිකාවටත් පායනවා තරු. ...
සාමකාමී වසරක් වේවා ඔබ සැමට ! යතාර්තවාදියා හැමදාම කියන්නා වාගේ දුක් කම්කටොළු අඩු නිදුක් නිරෝගී හොඳ දේවල් අහන්ට දකින්ට ලැබෙන සාමකාමී වසරක් වේවා ඔබ සැමට !
F……….. ? යතාර්තවාදියා F අපිට නැතුවම බැරි අකුරක්. අපට එය වඩාත් වැදගත් වෙන්නේ සිංග්ලිෂ් කතා කරන විටයි. නාගරික හෝ නාගරික වන්නට දඟලන අය සිංහළ / ඉංග්‍රීසි කළවම් කරමින් කරන කතාව සිංග්ලිෂ් ය. අරාබි හෝඩියේ හා හින්දි / උර්දු හෝඩියේ ” F ” අකුර ඇත. ඒ භාෂා වලට “F ” අනිවාර්යයෙන්ම තිබිය යුතුය. නැතුව කොහොමද මොහමඩ් රාෆි වගේ නම් ලියන්නේ ? සිංහළ හෝඩියේ ” ...
මත යතාර්තවාදියා හෙළ බස ලස්සන බසක් වගේම ටිකක් සංකීර්ණ බසක්. එක වචනයකට අරුත් කීපයක්ම තියෙනව. “මත” කියන කොටත් ඒ වගේමයි. මේ වගේ ලිපි සමහරුන්ට එච්චරම ප්‍රිය නෑ. අටපට්ටම වගේ කියල. ඒ එයාලගෙ මතේ. මේ මගෙ මතේ. හිතට එන දේ ලියනව. එක එක අයගෙ මත වෙනස්. මත වැඩි උනාම තමයි මත - වරණයක් පවත්තන්න වෙන්නෙ. රජයකට නම් ජනමත විචාරනයක් තියන්න වෙනව. ඒත් හිතට ...
හෙළුව සහ නිරුවත. යතාර්තවාදියා මෙම ලිපිය ලිවීමට පටන් ගෙන අතර මඟ නතර කර දමා තිබූ එකකි. ලංකාවේ කළුතර මුහුදු තීරයේ නිරුවතින් හැසිරෙන්නන් සඳහා වෙරළ තීරුවක් ඇති කිරීමට රජයේ අනුමැතිය දී ඇති බව දුටු විගස මෙය ලිවීම ආරම්භ කළත් , පසුව එය වැරදි සහගත පුවතක් බව පළ වූ සැණින් එය ලිවීම නවතා දැමුවෙමි. එයම ටිකක් වෙනස් කොට හුදී ජන පහන් සංවේගය පිණිස මෙලෙස එළි දක්වමි. ...
රහස් කුමන්ත්‍රණය හෙවත් No Loose Ends ! යතාර්තවාදියා ස්ථානය: ශ්‍රී ලංකා හමුදා අණ දෙන මූලස්තානය. ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා සුව පහසු පැද්දෙන පුටුවක හිඳිමින් , සුරතල් පූස් පැටියාගේ ලොම් පිරුණු ගෙල පිටු පස සෙමෙන් පිරි මදියි. දුරකතනය ගෙන කමාණ්ඩෝ රෙජිමෙන්තුවේ ප්‍රධානියාට හදිසි ඇමතුමක් දෙයි. ” හලෝ.. කමාණ්ඩර්.. අද හවස මාව හමුවෙන්න පුළුවන්ද ?” පහට විතර..” කමාණ්ඩර් ජගත් සල්ගාදු: ” සත්තකින්ම සර්.. කොහේදීද?… හරි .. OK සර්.. අද හවස ...
බලු කතාවක්. යතාර්තවාදියා සොයිසා මහත්තයා විශ්‍රාමිකයෙක්. 65 ක් විතර ඇති. ඒත් තවම ඉලංදාරියෙක් වගේ තමා හිත සහ වැඩ. බිරිඳ මිය ගිහින්. දරුවන් තුන් දෙනයි. තුන් දෙනාම කසාද බැඳල පිට වෙලා ගිහින් දූරට දූරට. සොයිසා මහත්තය නිතරම යාළුවොත් එක්ක තම දරුවන්ගේ පුරාජේරු කතා කලා. එයාගෙ තනි නොතනියට හිටියෙ මම විතරයි. මගෙ නම රෝවර්. මම බල්ලෙක්. අපේ ගෙදරට නිතරම වාගෙ ආ – ගිය හිල්ඩා ...