Welcome to USA – ක්‍රම සහ විධි.


මා විසින් ලියන ලද රට ගිය ඇත්තෝ ලිපියට කෙනෙක් කර තිබූ චෝදනාත්මක ප්‍රතිචාරය මා දුටුවේ නොබෝදාය. ” මේ දිනවල වීසා ලොතරැයියට අයදුම් පත් කැඳවෙන බැවින් , වෙනත් අය ඇමරිකාවට එනවාට ඉරිසියාවෙන්..” මා එම ලිපිය ලියූ බවය. කාගේ හෝ එම අදහස සම්පූර්ණයෙන්ම වැරදිය.

වසර 22 කට ආසන්න කාලයක් ඇමරිකාවේ විවිධ ප්‍රදේශන්හි ජීවත්වී , විවිධ මිනිසුන් ඇසුරු කිරීමෙන් ලබා ගන්නා ලද තොරතුරු අනුව , ඇමරිකාවට ඒමට හැකි ක්‍රම සහ විධි මම මෙසේ ලියමි.
එම ක්‍රම සාර්තකවිය හැකි සම්භාව්‍යතාවය ඉලක්කමකින් දක්වමි.

1 ) තානාපති සේවය
ලංකාවේ දේශපාලකයන්ට කළ නොහැකි දෙයක් නැත. පළමු කොට දේශපාලකයෙකුගේ හෙන්චයියෙකු වන්න. ආණ්ඩු පක්ෂයේ නම් වඩා හොඳය. පඳුරකට පයින් ගැසූ විට දුසිමක් හමාරක් විසි වන තරමට ඉන්නා පළාත් සභා , ප්‍රාදේශීය සභා, දිස්ත්‍රික්ක ඇමතියන් නොව විමල් වීරවංශ වැනි ප්‍රබල ඇමතියෙකුගේ හෙන්චයියෙකු වීම වඩා හොඳය. තාප්ප වල පාප්ප ගාන හෙන්චයියෙකු වී වැඩක් නැත.

අපේ තාත්තලාගේ කාලයේ තානාපති සේවයට යැවුනේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උගත් නිලදරුවන්ය. තමන්ගේ වාරය එනතුරු ඔවුහු පෝලිමේ බලා සිටියහ. එහෙත් දැන් ජාවාරම් කරුවන් , වෙදුන් වැනි නුපුරුදු අය තානාපති සේවයට පැරෂුට් මගින් බස්සයි. මොන ක්‍රමයකින් හෝ එම ලැයිස්තුවකට නම දා ගන්න.
සම්භාව්‍යතාවය : 90 % යි.

2) ධර්ම ප්‍රචාරය.

ඇමරිකාවේ ජීවත්වන අයෙකු හා යම් අන්දමක හිතවත් කමක් තිබිය යුතුය. බුදු සසුනේ පැවිදි වන්න. සිවුර , අඳනය අඳින හැටි ඉගෙන ගන්න. මෙහේ පන්සලක විහාරාධිපති හිමි කෙනෙකුගෙන් , ඔබ ධර්ම ප්‍රචාරයේ නියැලෙන පූජකයෙක් / පැවිද්දෙක් බවට සහතිකයක් — ලියුමක් ගෙන්වා ගන්න. මෙහේ පන්සලක වෙසක් , පොසොන් හෝ කඨින පින්කමකට ඇරයුම් පතක් ගෙන්වා ගන්න. පසුව සිවුරු හැරීමට පුළුවන. මේ විදියට ආ කෙනෙක් ගැන මම හොඳාකාරව දනිමි. එලෙසම භික්ෂූණියක් ලෙස ආ කාන්තාවක් ගැනද මා අසා ඇත.
සම්භාව්‍යතාවය : 98% යි.

3) සංචාරය.

මීට පෙර ඔබ ඉන්දියාවට හෝ අඩු තරමින් මාල දිවයිනටවත් ගොස් පළපුරුදු කෙනෙක් නම් ඉතා හොඳය. ඔබට සංචාරකයෙකුට අවශ්‍ය පෙනුමක් . පෞරුෂත්වයක් තිබිය යුතුය. එසේම ඔබ සතුව ලංකාවේ සෑහෙන නිශ්චල / චංචල දේපළ තිබිය යුතුය. දන්නා හඳුනන බැංකු නිලධාරියෙක් මගින් ඉලක්කම් ගොඩාරියක් සහිත බැංකු ප්‍රකාශනයක් ලෑස්ති කර ගන්න.
සම්භාව්‍යතාවය : 75 % යි.

4) අධ්‍යාපනය.

මෙහේ ඇති විශ්ව විද්‍යාලයක් හා සම්බන්ධ වී යම් කිසි පාඨමාලාවක් හැදෑරීමට ලියා පදිංචි වන්න. එමෙන්ම එම පාඨමාලාව ලංකාවේ හැදෑරීමට ඇති අපහසුතාද පෙන්විය යුතුය.
සම්භාව්‍යතාවය : 60% යි.

5) සම්මේලන.

සිංහ සමාජය වැනි පිළි ගත් සංවිධානයක සාමාජිකයෙකු , නිලයක් දරන්නෙකු වන්න. වරින් වර ඇමරිකාවේ නොයෙක් නගරවල වාර්ෂික සමුළු පැවැත්වේ. එම සමුළුවකට එන්න.
සම්භාව්‍යතාවය : 20 % යි.

6) ක්‍රීඩා

කරාටේ ක්‍රීඩකයෙකු වන්න. නමක් ඇති කරාටේ සමාජයකට බැඳී , මෙහි වාර්ෂික පැවැත්වෙන සමුළුවකට එන්න.
සම්භාව‍යතාවය : 20% යි.

7) වීසා ලොතරැයිය.

වාර්ෂිකව සිදු කෙරෙන ලොතරැයියට අයදුම් කරන්න.
සම්භාව්‍යතාවය : 0.001 % යි.

8) දේශපාලන රැකවරණ.

දැන් ලංකාවේ සිංහළ / දෙමළ කෝලාහල නැති බැවින්ද , මේ යන විදියට ඉතා ලඟදී සිංහළ/මුස්ලිම් කෝලාහලයක් ඇති විය හැකි බැවින් , විරුද්ධවාදියෙකුගෙන් ලේ පෙරා ගෙන ගුටි කන/ ගෙවල් ගිනි තියන සේයා රූ කීපයක් හදා ගන්න. ලංකාවේ සටන් නළුවෙකු , තමන් රඟ පෑ චිත්‍රපටයක ගුටි කන ජවනිකා අඩංගු පින්තූර ඉදිරිපත් කොට දේශපාලන රැකවරණ ලැබූ හැටි මා අසා ඇත. එය සත්‍ය සිද්ධියකි.
සම්භාව්‍යතාවය : 15 % යි.

9 ) ප්‍රතිකාර

ඔබට ලංකාවේ දී සුව කළ නොහැකි ලෙඩක් ඇත්නම්ද , ඒ සඳහා ඇමරිකාවේ ප්‍රතිකාර ඇත්නම්ද , ඒ බවට මෙහේ දොස්තරෙකු මගින් ලිපියක් ලබා ගන්න. වියහියදමට අවශ්‍ය මුදල් කන්ටේනරයක් පමණ ඇති බවද පෙන්විය යුතුවේ.
සම්භාව්‍යතාවය : 30 % යි.

10 ) ඔබ විවාහකයෙක් හා බිරිඳට දරුවන් නැත්නම් කෘතිම ක්‍රමයකට දරුවෙකු ලබා ගැනීමට මෙහේ සිටින දන්නා අඳුනන කෙනෙකු මගින් අවශ්‍ය ලිපි ලේඛණ ලබා ගන්න. අවශ්‍ය මුදල්ද ඇති බව පෙන්විය යුතුය.
සම්භාව්‍යතාවය : 25% යි.

11) මෙක්සිකෝවට පැමිණීම පහසුය. කෙසේ හෝ මෙක්සිකෝවට එන්න. මුදල් කන්දරාවක් තිබිය යුතුය. කල් ගත වෙන ක්‍රමයකි. විවිධ බාධක , ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේ. රෑ කාලයේ පොලිස් වෙඩි වලින් බේරී බෝඩරය පැන ගන්න.
සම්භාව්‍යතාවය : 2% යි.

12 ) මෙහේ දන්න කෙනෙකුගේ , පවුලේ ළඟම ඥාතියෙකුගේ විවා මගුලට , අවමගුලට , දරුවෙකු ගේ උපාධි ප්‍රදානෝත්සවයකට ඒමට ආරාධනාවක් ගෙන්වා ගන්න. හැම දේටම සල්ලිය. අවශ්‍ය මුදල් පෙන්වන්න. ගුවන් ටිකට් පතක්ද , ඇරයුම්පත සමඟ ගෙන්වා ගත හැකි නම් අඩුවෙන් ප්‍රශ්න අසනු ඇත.
සම්භාව්‍යහාවය : 50% යි.

13 ) පිට රටවලට කලා කටයුතු , සංස්කෘතික කටයුතු සඳහා ශිල්පීන් යවන සංවිධායකයෙකු හඳුනා ගන්න. ඔබට යම් කලාවක් , අඩු ගානේ තාලම්පොටක් ගැසීමටවත් හැකිනම් වඩා හොඳය. එවන් නඩයකට නම ඇතුලත් කර ගන්න.
සම්භාව්‍යතාවය : 60 % යි.

ක්‍රම 13 කි. මේ….. මට මීටර් වී ඇති ඒවාය. තවත් ඒවා තිබිය හැක. 13 නපුරු ඉලක්කමකි. තවමත් රටේ ආර්තිකය හරි මගට වැටී නැති බැවින් , මේ මොන ක්‍රමයකට ආවත් , සෑහෙන කට්ටක් කෑමට සිදුවන බවත් සිහියේ තබා ගන්න.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

18 Responses to Welcome to USA – ක්‍රම සහ විධි.

  1. praveena පවසයි:

    //සෑහෙන කට්ටක් කෑමට සිදුවන බවත් සිහියේ තබා ගන්න.//
    එන අය එන්නේ මෙහෙම හිතාගෙන නෙමේ නිහාල්… 🙂

  2. Raigama පවසයි:

    අරක සම්භාවිතාවය වෙන්න ඕනේ නේද නිහාල්? සම්භාව්‍යතාවය ගොඩක් වෙලාවට තියෙන්නේ ලංකාවේ සිනමා ශාලා වල නේද? තාලම් පොට නම් මටත් ටිකක් ගහන්න පුළුවන්. කලින් කියන්න එපෑය.:D

  3. WK පවසයි:

    Coming for Higher Studies –
    If you have a 4 year degree in a science or engineering related field, then apply for higher studies. In most cases you can get a teaching or a research assistantship. Complete your Masters or PhD. Then find a job with a company that sponsors H1B visas and apply for OPT (Optional practical training). At the end of the OPT apply for H1B visa. After that you can get the green card through Labor certification or if you are good enough then NIW (National Interest Waiver)
    This is the best way I know of for folks with a BSc.

  4. roasa kumaari පවසයි:

    “Coming for Higher Studies –
    If you have a 4 year degree in a science or engineering related field, then apply for higher studies. In most cases you can get a teaching or a research assistantship. Complete your Masters or PhD. Then find a job with a company that sponsors H1B visas and apply for OPT (Optional practical training). At the end of the OPT apply for H1B visa. After that you can get the green card through Labor certification or if you are good enough then NIW (National Interest Waiver)
    This is the best way I know of for folks with a BSc.”

    මා දන්නා 90% ක් මේ ක්‍රමයට් ආ අයයි

  5. salu පවසයි:

    කුමක් කියා ගෙන්වා ගත්තත් අන්තිමට කවදත් බැනුම් තමයි. මුල් දිනවල මූණ පාන්ට සිදු වන අමාරු කම් කීවාම, ඒවා ඉරිසියාවට කියන කතාලු. කිසිවක් නොකීවොත්, “මෙහෙම දෙයක් කලින් කීවා නම් එන්නෙත් නෑ.”
    බැන බැන හිටියට හැබැයි යන්නෙත් නෑ.

  6. JP පවසයි:

    නිකන් සංගීත ප්‍රසංගයකට වගේ ඇවිල්ල නැති වෙන්න බැරිද ?

  7. sonduru sitha පවසයි:

    මම දන්න කෙනෙක් ඉන්නවා. ඩොලර් වලින් මෙහෙ ඉන්න අය සතුටින් ඉන්නවා.ඒත් එහේ ඉන්න කෙනා ගොඩාක් දුක් විදිනවා.

  8. dayal bathee පවසයි:

    ධර්ම ප්‍රචාරය තමයි නොවරදින මග

ප්‍රතිචාරයක් ලබාදෙන්න