දෝන කුසුමාවතී – හතරවන කොටස යතාර්තවාදියා කුසුමාවතී අළුත් කැදැල්ලක් හදන්න ඉගිල්ලිලා යන දිනය අත ළඟටම ආවා. අද එයාලගෙ කෑල්ලෙ දළු කඩන දවස. වෙනද වගේම ආසාවෙන් කරුපයියගෙ දුව මාරිත් එක්ක කුසුමාවතිත් දළු කැඩුව. ඒත් එයාගෙ හිත නම් තිබුණෙ ගොඩාක් ඈත. ෂා.. ෂා..බබානිස් උන්නැහේට පිස්සුද ? වට් අ මෑඩ්නස්? ඇයි දෝණි දැන්මම මැරි කරන්න හිතුවේ. තාම එග්සෑම් ඔක්කොම ඉවරත් නෑ නේද? ෂා.. ෂා. වට් අ මෑඩ්නස් ! වත්තෙ ...
දෝන කුසුමාවතී -දෙවන කොටස යතාර්තවාදියා පියවතී , කුසුමාවතිගේ නැන්දා , කුසුමාවතීට ඉරිසියයි. ඒ වෙන මොකවත් නිසා නෙවි, දවසින් දවස ලස්සනවෙන , හැඩවෙන කුසුමාවතිගෙ රූපෙට. ඊටත් වඩා…. කොකුපණු බේත් දෙන්ට ආ සැන්ටිබෝට් මහත්තයත් එක්ක කුසුමාවති හරි හරියට ඉන්ගිරිසියෙන් කතා කරනවා පියවතී බලාගෙන හිටියේ පුදුමයෙන්. හොෆ්මන් මහත්තයත් එක්කත් වත්තෙ කාමණ්ඩි දවසෙ වචනයක් දෙකක් ඉන්ගිරිසියෙන් හුවමාරු වෙනවා පියවතී දැක්කා. ” ඉන්ගිරිස් ඉගෙන ගත්ත කියල ආයෙ කවුන්සලේට යන්ටයැ.. ඕං ...
පාන් ! යතාර්තවාදියා කෝච්චිය හූ කියා ගෙන යයි කපුටා කා කියා ගෙන යයි පාන්කාරයා පාන් කියා ගෙන යයි මේ අපේ කාලෙ ගම්මානයක උදේට අනිවාර්යයෙන්ම ඇසෙන ශබ්දයන්ය. ඒ කාලේ ගමක වැදගතුන් වූයේ ඉස්කෝළේ මහත්තයා , වෙද මහත්තයා හා ආරච්චි මහත්තයා ( ග්‍රාම සේවක ) ය. ඊළඟට කට්ටඬියා , වඩුවා , මේසන් බාස් , බක්කරේ…. වැඩිහිටි හැමෝටම නෑකං කියන ඒ කාලේ මේ අය පිළිවෙලින් ...
පොලී…… යතාර්තවාදියා පොලී , සුළු පොලී හා වැල් පොලී යයි දෙ ආකාර වේ. මුදලක් ණයට ගත් විට ඒ සඳහා ගෙවන ගාස්තුව පොලියයි. මීට අමතරව ගිනි පොලී කියාද පොලියක් ඇත. ගින්දර වගේ අසාධාරණ පොලියකට ගිනි පොලී කියනවාද, නැතහොත් පැරණි බ්‍රිතාන්‍ය මුදල් ඒකකයක් වූ ” ගිනි” අනුව ගිනි පොලිය කියනවාද පැහැදිලි නැත. ඉංග්‍රීසියෙන් “poly” යනු උපසර්ගයකි. එනම් ” බහු ” යන අරුත දෙන්නකි. පොලියට ...
සුභ නත්තලක්. යතාර්තවාදියා ජේසු තුමන් උපන් බෙත්ලෙහෙමේවත් , පාප් වහන්සේ ජීවත්වන රෝමයේවත් නැති තරම් උත්කර්ෂවත් ලෙස නත්තල සැමරෙන්නේ සසිරිබර මෙසිරි ලකය. නත්තල් කාඩ් , ගව ලෙන් , නත්තල් ගීතිකා , කැරොල් , වීදි නාට්‍ය , වේදිකා නාට්‍ය , සති ගානක් එක දිගට රූප වාහිනී වැඩසටහන්,…. 99% ක්ම බෞද්ධයන් වූ අපේ ගමේ කෙළවරක ක්‍රිස්තියානි පල්ලියක් විය. එහි ජීවත්වූ තරුණ පූජක තැන , ගම්මුන්ට “අපේ ...
රට ගිය ගොඩයගේ කතාව – 5 යතාර්තවාදියා අළුත් ලිපිනයේ සිටියේ මාතරයෙක්. මාතරින් පැමිණ ලොස් ඇන්ජලිස් කිට්ටුව කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඔහු ගොඩයා හොඳින් පිළිගත් අතර කන්ට – බොන්ට දී විඩා නිවා ගන්නා ලෙසට උපදෙස් දී පුසුඹා මල්ලීට ඇමතුමක් ගත්තේය. ” මොකද බං කරන්නේ ? කොහේද ඉන්නේ ? මෙන්න මස්සිනා ඇවිත් ඉන්නවා. අතරමං වෙලා.. ඇයි බං මිනිස්සුන්ට ලණු දෙන්නේ ?” පුසුඹා මල්ලි තව විනාඩි 15 කින් එනු ...
දෝන කුසුමාවතී යතාර්තවාදියා දෝන කුසුමාවතීගෙ සම්පූර්ණ නම අත්තනායක ආරච්චිලාගේ දෝන කුසුමාවතීය. මුලදී ඇය සිතන්නේ මේ “දෝන” කියන කොටසත් තම නමේම කොටසක් කියලාය. මොකද එයාගෙ අයියට දෝන කෑල්ලක් නොතිබිණු නිසා. ඉතාම කුඩා කාලෙදි එයා මේ දෝන කෑල්ලට ගොඩක් ආස කළා. වැඩියෙන්ම ආස කළේ හසලක පදිංචි තමන්ගේ පුංචි අම්මා , ” ඩිංගි” අවුරුද්දකට වතාවක් බඩ ඉරිඟු- පැපොල් අඹ- තල- කැකිරි වගේ දෙවල් ගෝනි කීපයක් අරන් ...
දෝන කුසුමාවතී – අටවන කොටස යතාර්තවාදියා දැන් සිරිමල්ට පහක්. අවුරුදුම පහක්. සිරිමල් ටවුමේ ආගමේ ඉස්කෝළෙ හෝඩියේ පන්තියේ. කියවීමට-ලිවීමට-කියවන විට ලිවීමට සිරිමල් දැක්වූයේ පුදුම දස්කමක්. සිරිමල් අතට අහුවුනු ඕනෑම දෙයක් කියවන්න පුරුදු උනා. දවසක් අම්මගෙ කොට්ටෙ යට තිබිල සිරිමල්ට අහුවුනා අපූරු පොතක්. පිට කවරයක් තිබුණේ නැහැ. සමහර පිටුත් ගැලවිලා ගිහින්. ඒකෙ තිබුණේ සිරිමල්ට තේරුම් ගත නොහැකි පුදුම දේවල්. මේ අන්කල් කෙනෙකුගෙයි – ඇන්ටි කෙනෙකුගෙයි කතාවක්. ” එපා ...
දෝන කුසුමාවතී- තුන්වන කොටස යතාර්තවාදියා අමුත්තෙක්….? ඉදිරිපස දොරට තට්ටු කරනු අසා චීත්ත පොටෙන්ම අත පිස දමමින් බේබිනෝනා ඉස්සරහට ගියා. ” හප්පේ.. මේ විජේරත්න ඉස්කෝළෙ නෝන නෙවැ” “ඕං හොයාගෙනම ආවා.. කුසුමාවතී දවස් දෙකක් ඉස්කෝළෙ ආවෙ නැති නිසා.. ඉස්කෝළෙ නෑවිත් ඉන්න එපා මොන වැඩේ තිබ්බත්” බේබිනෝනට නම් තේරුම් ගියා යමක්, මේක මේ නිකමට ආ ගමනක් නොවේය කියා. ” මෙහෙ වරෙං බේබිනෝනා. මම එහා ගමේ. අපි කවුද කියන ...
දෝන කුසුමාවතී – සත්වන කොටස යතාර්තවාදියා අවුරුදු දෙකක්ම ගෙවිලා ගියා. ගොළුබෙළි වේගෙන්. රස්සාවක් නැති මිනිහෙකුට අවුරුදු දෙකක් කියන්නේ මොන තරම් දිග කාලයක්ද ? රස්සාවකුත් නැතුව බින්න බැහැපු මිනිහෙකුට තව කොහොමට හිටීද ? බබානිස් වත්තේ කිතුල් ගස් දෙකක් මැද්ද. පැණි සහ හකුරු වලට කියල. ඊට අමතරව ටිකක් පැහෙන්ටත් ඇරිය. ” පුතේ යමුද වත්ත පල්ලෙහට ටිකකට. ඔය ඩිංගිත්තක් ගත්තට අපා ගත වෙන්නෙ නෑ” විල්සන් තම මාමණ්ඩියත් සමඟ දොඩමළු ...
රිදී හැන්ද .. ගීත නාටකය යතාර්තවාදියා යූ ටියුබ් එකෙන් ලබා ගෙන ම විසින් බිඳක් සංස්කරණය කර ඇත. අයිතිකරුවෙකු ඇත්නම් සමා වෙත්වා.
දෝන කුසුමාවතී – සයවන කොටස යතාර්තවාදියා නිල් පාට රුවල් නැවක පිංතූරයක් තියෙන සුදු පාට පළංගාන කුසුමාවතී අතින් බිඳී ගියා. ඒ හඬ අසා නැන්දම්මා කුස්සියට ආවා. ” හප්පොච්චියේ.. අවුරුදු දෙසීයක් පරණ පළංගාන. ඕක මට ලැබුණේ අපේ අම්මගෙන්. එයාට , එයාගෙ අම්ම දුන්නු එකක්” ” මේ සබන් වලට අත ලිස්සුව. මං හිතල කරපු එකක්යැ” ” එනකොට ගෙනාපුව නෙවෙයිනේ.. අනුන්ගෙ බඩු අත පත ගාන කොට ටිකක් පරෙස්සම් උනා නම් ...
දෝන කුසුමාවතී – නමවන කොටස යතාර්තවාදියා “ඩිෂුම්….ඩිෂුම්..” සිරිමල් තනිවම කාටදෝ පහර දුන්නා. බිම ඇද වැටුනා. ආයෙම නැගිට පහර එල්ල කළා. කෙසෙල් පැලයකට පා පහරක් එල්ල කළා. ” ඩිෂුම්… ඩිෂුම්..” බේබ්නෝනා තම මුණුබුරාගේ සුරතල් විලාශයන් බලා ගෙන හිටියා. “මොකද පුතේ කරන්නේ?” ” ආච්චි අම්මේ මම තමා ගාමිණී පොන්සේකා..” “කවුරූ…?” “අපි බලපු පිචර් එකේ ගාමිණී තනියම හතර දෙනෙකුට ගහනවා… දුවන්ට… ඩිෂුම්… ඩිෂුම්” “මොන පිචැර් එකේද?” “අම්මයි,මමයි ලයනල් අන්
රට ගිය ගොඩයගේ කතාව – 11 යතාර්තවාදියා ගෑණු වෙලා උපදින්නේ පවු කරපු අය කියලා මේ ළඟකදි ගොඩයා දැක්කා අන්තර්ජාලයේ සැරිසරන විට. ජනප්‍රිය රැල්ලේ එක් බෞද්ධ භික්ෂුවක් එසේ වදාරා තිබුනා. ඒක දැකපු ගොඩයගේ හිතට ආවා හොඳ කුණුහරුප ටිකක්. ප්‍රතිචාර දක්වන්න ගොඩයා පාවිච්චි කළේ පුසුඹගේ විශාල කොම්පියුටරය. ගොඩයට කොම්පියුටරේ මැජික් වගේ. ඇත්තම කියනවා නම් ගොඩයා මවුස් එක පාවිච්චි කරන්නවත් දැන ගෙන හිටියේ නැහැ. ඒ නුහුරුකම නිසාම දවසක් ගොඩයා අතින් ...
දෝන කුසුමාවතී- පස්වන කොටස යතාර්තවාදියා විල්සන්ලගෙ ගෙදර පිහිටා තිබුණෙ මොරටුවේ, ගාලු පාර අයිනෙමයි. ඒක කුලී ගෙයක්. කාමර දෙකයි , සාලෙයි, කුස්සියයි. වැසිකිළිය තිබුණේ ගෙට යාර විසි පහක් විතර ඈතින්. නෑමට එතරම් ගැඹුර නැති ළිඳකුත් තිබුණා. සුරුට්ටු ගඳ හැම තැනම. විල්සන්ගෙ තාත්තා සුරුට්ටු බිව්වේ. විල්සන් නම් සමහර විට සිගරට් බොනව ඇති. එයාට සුරුට්ටු උරන්න දෙන්න නරකයි. එතකොට නාකියි වගේ. කටත් ගඳ ගහනව. ලයනල් දවසක් සිගරට් එකක් ...
බයිලා. යතාර්තවාදියා බයිලා යනු පෘතුගීසින්ගෙන් අපට දායාද වුනු ” ඩාන්ස් මියුසික් ” විශේෂයකි. බයිලා නැති පාටිය නිකම් ” පරිප්පු නැති හෝටලය” ක් වගේය. ඒත් මං අද ලියන්නේ ඒ බයිලා ගැන නොව මගේ බයිලා ගැනය. මම මගේ බිරිඳට , තරුණ කාලේ කළ විහිළුවක් නැවත කළා. ” අනෙ …හ් , මට ඔයාගෙ බයිලා තේරෙන්නෙ නෑ” ඈ අගේ නොරිස්සුම එළියට දැම්මා. ඈ වයසට ගිහින්. නාකි ...
කලවම ? කවලම ? යතාර්තවාදියා මෙයින් නිවැරදි කොයි එකද කියා මා නොදනී.මා කුඩා කල අසනීප වූ විට රැගෙන ගියේ ටවුමේ ඩිස්පැන්සරියේ අයියදුරේ දොස්තර මහතා ළඟටය. ඔහු , දිව , ඇස් පරික්ෂා කර බලා , බඩ තද කර , ඉන් පසු උණකටුවෙන් උණ මැන, කුඩා කොල කැබැල්ලක නොතෙරේන බසකින් කුරුටු ගා කවුන්ටරයට දෙන්න කියා කියයි.කවුන්ටරයේ ඉන්නා එක්කෙනා විශාල ප්‍රමණයේ බෝතල කීපයකින් ටික ටික ගෙන එකට ...
රට ගිය ගොඩයගෙ කතාව – 8 යතාර්තවාදියා ගොඩයා, හැරියට් මේසය උඩා දාල ගිය ටිකට් එක ස්කෑන් කළා. සාමාන්‍යයෙන් ස්කෑන් කරන කොට “කීක්” ගාල සද්දයක් එනවා. සද්දයක් නෑ. not a winner කියන එකත් තාම තියෙනවා. මේකයි වෙලා තියෙන්නේ. ස්කෑනර් එක freeze වෙලා. එහෙම වෙන්න පුළුවන්ද ? මොකෝ බැරි ? ඔය වෙලා තියෙන්නේ. ගොඩයා වහාම ප්‍රතිපල චෙක් කලා. ඇස් පිහදාල චෙක් කලා. ඉලක්කම් 5න් 5 ම තියෙනවා. ගොඩයාට හිනාවක් ...
දෝන කුසුමාවතී -එකොළොස්වන කොටස යතාර්තවාදියා වෙලාව රෑ 10.00 ට විතර ඇති. අන්තිම බස් එක කුසුමාවතිලගෙ ගේ ළඟ ස්ලෝ කලා . ෆුට් බෝඩ් එකේ හිටි කෙනෙක් සුරුස් ගාල පැන්නා. එහෙම පැනල පුරුදු කාරයෙක්. වට පිට බලල කවුරුවත් ළඟ පාත නෑ කියල සැක ඇරල දැන ගෙන කුසුමාවතීලගෙ ගේ දිහාවට ඇදුනා. ඒත් ඔහු වැරදියි. උකුසු ඇස් දෙකකට මේ දර්ශනය අසු උනා. ඒ බාලන්ගේ. ඊයේ වත්තෙ පඩි. අරක්කු දිනේලගෙ ...
සුදු බෑණා යතාර්තවාදියා උග්‍ර ජාතිවාදියෙක් හා උග්‍ර ආගම්වාදියෙක් වන මගේ බලාපොරොත්තුව වූයේ මගේ දියණිය කවදා හෝ විවා විය යුත්තේ KGB කාරයෙක් සමඟ පමණක් බවය. KGB යනු Kandy-Govi-Buddhist ය.ඇමරිකාවට සංක්‍රමණය වීමෙන් පසු මෙම බලාපොරොත්තුව ක්‍රමයෙන් පටු වන්නට විය.ලංකාවේ ( අපේ කාලයේ නම් ) කෙල්ලක් අවුරුදු 25 වන විට සහ කොල්ලෙක් නම් අවුරුදු 30 වන විට ආවාහ – විවාහ කටයුතු නිමා කර තිබිය යුතුය. ...