දොර . යතාර්තවාදියා අද ලස්සන දවසක් වේවායි පතමින් ගෙදර ගෘහණිය උදෑසන දොර කවුළු පියන් පත් විවෘත කරයි. විවාහයක් තීන්දු වූ පසු එකිනෙකාගේ ගෙවල් දොරවල් බලන්ට යාම අපේ කාලයේ සිරිතකි. වත්සලාගේ කට්ටිය අපේ ගෙවල් දොරවල් බලන්ට ආ දා මට අද මෙන් මතකය. ලෝකයේ ප්‍රථමයෙන් ගැහැණුන් හා පිරිමි ඇතිවී උන් ප්‍රසිද්ධියේ එළිමහනේම සංවාසයේ යෙදෙන්නට විය. උන්ට එය ආතල් එකක් උනාට බලා සිටින අයට එය අප්‍රසන්න ...
කුඩම්මා. යතාර්තවාදියා බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලයේ නැන්දම්මා ගැන ලිව්වා. ඒක බලපු මගේ යාළුවෙක් මට ටෙලිෆෝන් එකෙන් බැන්නා. ” උගෙ නැන්දම්ම එහෙම නෑල්ලු” අනේ වාසනාවන්. මගේ තවත් යාළුවෙක් වන සරත් මනුප්රියගෙ නැන්දම්මත් ඒ ජාතියේ විශේෂ නැන්දම්ම කෙනෙක්. එහෙම අතරින් පතර විශේෂ එක්කෙනෙක් දෙන්නෙක් හිටියට කුඩම්මල නම් විශේෂ අය නැතුව ඇති. අහල තියෙනවද කවුරු හරි , හොඳ කුඩම්මා ,ලස්සන කුඩම්මා ,අහිංසක කුඩම්මා වගේ ...
මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න. යතාර්තවාදියා ” Good night- sweet dreams ” පෙම්වතිය පෙම්වතාගෙන් සමු ගන්නා විට පවසයි. ඒ නැවත වරක් සිහිනෙන් හෝ එකිනෙකා හමුවීමේ අභිලාෂයෙනි. ” සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්.. අවදි නොවී ඉන්නම්” කියන්නේ එනිසාය. සිහින නොදකින හෝ නුදුටු අයෙක් නැත. අපේ මහ වෙදනා ඇතුළු පෙරදිග වෙදැදුරන් කියන්නේ සිහින පෙනෙන්නේ තුන්දොස්- වා.. පිත්.. සෙම්.. කිපීමෙන් බවය. මායා දේවියද සිහිනයක් දුටුවාය. අපරදිග ප්‍රාඥයන් කියන්නේ ඒ උප ...
වරද කොහෙද රිසානා ???????????? යතාර්තවාදියා -රිසානා ගේ ගෙළ සිඳියි- දිරච්ච පොල් අතු වහලය කටු මැටි කොට බිත්ති හතර බිමටම සමතලා කරල ඇස්බෙස්ටස් තහඩු දාල ඇමරිකන් පැටන් එකට හැදූ අළුත් ගෙයක් ගැන උඹත් හිතුව නේද රිසානා ? අහල පහල කොල්ලො කෙල්ලො බුරුතු පිටින් ඩුබායි ගිහින් බෑග් හත අටක් පුරවල කාට් අරන් එනකොට එයාපෝට් එකෙන් එළියට උඹත් හිතුව නේද ඩුබායි යන්න රිසානා ? කවමදාවත් වරදක් නොකරන ශුද්ධවූ ...
පොල් පොල් පොපොල් පොල්…. යතාර්තවාදියා “පොල් ගස තාල වර්ගයට අයත් ගසකි” එදා පරණගම ටීචර් කියා දුන්නේ එහෙමය. ටීචර් කියූ දෙය ලියා ගත්තා විනා , පන්තියේ හොඳම සහ දක්ෂතම ශිෂ්‍යයා වූ මේ ගුරුසිංහවත් වෙනත් කිසිවෙක් හෝ ” තාල ” වර්ගය යනු කුමක්දැයි ඇසුවේ නැත. පොල් , පුවක් , කිතුල් , තල් වැනි ” tall ” ගස් තාල වර්ගයට අයත් වේ. අනෙකුත් ගස්ද “tall ” නමුත් ඒවා ...
සුරේෂ් සහ තමාරා යතාර්තවාදියා සමහර විට ඔබ දැනටමත් හිතනවා ඇති මට මේ තරම් සංවේදී කතා කොහෙන්ද කියා. මේ කතාව ඇත්ත කතාවක්. මම ටිකක් දැනගෙන හිටියා. ඒත් නිවැරදි තොරතුරු මම දැන ගත්තෙ තව කෙනෙකුගෙන්. මම මෙතැන් සිට කියන්නම් ඒ කතාව.. හැබැයි මට සිදු වුන දෙයක් විදියට. ඒක වඩාත් ලේසියි. එහෙනම් මේ දිග ඇරෙන්නේ සුරේෂ් හා තමාරගේ කතාවයි. මම හැමදාම හවසට යනවා ඇවිදින්න. බඩ බස්ස ගන්න. ...
ගමනක නිමාව යතාර්තවාදියා මගේ සමහර කතා කියවන ඔබ , මා බොරුකාරයෙක් හෝ අසහනකාරයෙක් යැයි සිතනු ඇත. ඔබට ඕනෑම දෙයක් සිතිය හැක.මහළුවියේ දොරකඩ සිටින මා , පසු ගිය මතකයන්ට එබිකම් කරමින් ස්වයං විවේචනයක යෙදෙනවා විනා ඒවායේ අබැටක අසත්‍යක් නැත. ස්වයංවිවේචනය යන වචනය වෙනුවට පාපොච්චාරණය යන වචනය මා යොදා නොගන්නේ මා මෙන්ම ඔබද සාන්තුවරයින් නොවන වග මා දන්නා නිසාය. මීට මාස කීපයකට පෙර ලංකාවට ...
පළා බබා -5 යතාර්තවාදියා ගොඩපොල ගම්සභා පාර පිළිසකර කිරීම. පාර දෙපස සුද්ධ පවිත්‍ර කිරීම, වතුර බැස යාමට කොන්ක්‍රීට් කාණුවක් බැඳීම, බෝක්කු 4 ක් සෑදීම, හුළුගඟෙන් එගොඩ වීමට ඇති අබලන් ලී පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් භාර ගනු ලැබේ. සාමාන්‍ය පෙදරේරුවෙකු වූ සිසිර කුමාරගේ පියා දැනට මේසන් වැඩ සඳහා ගෙවන වැඩ කුලී සහ වෙළඳපොලේ ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය වල මිළ ගණන් සෑම අයිටමයකට රුපියලක් ...
මුතු යතාර්තවාදියා මුතු කියන කොට මතක් වෙන්නෙම ඉන්දියන් සාගරේ මුතු ඇටයයි. හලාවත , මන්නාරම අවට මුහුදේ මුතු තියෙන නිසා ලංකාවට එහෙම කියනවා කියලයි මම මුලින් හිතුවේ. ඒත් ඉහළඅහසේ සිට ලංකාවේ ඡායාරූපයක් ගත් විට එය මුතු ඇටයකට හැඩයෙන් සමානයි. හිමිදිරි උදෑසන තණ අග එල්ලී තිබෙන පිනි බින්දුත් මුතු වගේ. ඒ මුතු පින්න. කඳුළුත් මුතු වගේ. ඒ නිසා දැන් අපේ ලස්සන රටට කඳුළු ...
හතර යතාර්තවාදියා අද සිංහළ බ්ලොග් බැලුවාම ඒවා හතර වර්ගයකට වෙන් කරන්න පුළුවන්. 1 අධ්‍යාපනික වශයෙන් වැදගත් තොරතුරු අඩංගු බ්ලොග් 2 පැණි ටෝක් - 3 දේශපාලන 4 වල් කතා සහ වැල කතා ගුරුසිංහ මේ සේරගෙන්ම ටික ටික අරන් සරල වින්දනයක් ගෙන දෙන ඒවා ලියයි.සමහරු නං කියනවා මම ලියන ඒවා මෙලෝ රහක් නෑ කියල. ඒත් මං තනිවම ලියූ ” රට ගිය ඇත්තෝ” ඔය යන්නෙ ...
කාරයා ? යතාර්තවාදියා මගේ වයිෆ්කාරයට ටිකක් සනීප මදි. කවුද මේ කාරය කියන්නේ ? පාන් කාරයා, ආමි කාරයා , තැපැල් කාරයා ලියුම් කාරයා , මාළු කාරයා ….. තව කාරයෝ නං බොහොමයි. කාරයා කියන්නෙ ” යමක් කරන්නා” කියන අශිෂ්ට නොවන , ඒත් කෙනෙකුගෙ මූනට නොකියන වචනයක් කොහොමට තියෙයිද පොලිස්කාරයෙකුගෙ , මූණට පොලිස් කාරයා කිව්වොත් ? බෙර කාරයා , තම්මැට්ටම් කාරයා , දවුල් කාරයා, නලා කාරයා ...
තිත ! යතාර්තවාදියා කුරිරු යුද්ධයට තිතක් තබා ඇත. ත්‍රස්තවාදයෙන් බැට කමින්ම ත්‍රස්තවාදය හෙලා දකිමින්ම ත්රස්තවාදයට උඩ ගෙඩි දුන් බටහිර රටවල් නිසා එය දුර දිග ගියත් , අපේ කොල්ලන් කලාවට වෙලාවට තිතට වැඩේ දුන්නා. මතටද තිත තියන්න ආණ්ඩුව වලි කෑවත් එය කළ නොහැක්කේ මතට තිත තියනවාට වඩා තිතට මත් වෙන්න කැමති කට්ටිය වැඩි නිසාය. කරන වැඩක් තිතට කළ යුතුය. අපේ නැටුම් ගුරුතුමා සුළු තනි ...
බල්ලා… යතාර්තවාදියා බල්ලා මිනිසාගේ මිතුරා.ඒත් දෙවියන් නම් බල්ලට කැමති නෑ වගේ. නොයෙකුත් දෙවි වරු ගමන් බිමන් යන්න තම්න්ගෙ වාහනය ලෙස සතුන් යොදා ගෙන තියෙනවා. ගන දෙවියන්- මීයා, කතරගම දෙවියන් – මොනරා ආදී ලෙසට. බල්ලට නම් තැනක් නෑ. බල්ලන් සුරතලයට ඇති කරන අපේ අරුණි සහ චේජනා ගෙ පිටුව ලියන සොයුරිය කියන්නේ බල්ලෝ domestic animals ලා කියල. මට ප්‍රශ්නයක් .. ඩොමෙස්ටික් ?… ඇනිමල්ස් ?..එහෙම ...
දිවිල්ල. යතාර්තවාදියා මීට පෙර බෙදිල්ල , කැපිල්ල හා වැනිල්ල ගැන ලියූ මම අද දිවිල්ල ගැන මෙසේ ලියමි. දිවිල්ල පටන් ගන්නේ දුවන පනින කාලයේමය. ඒ ” දුවලා.. දුවලා ගිහින් රතු පාට මලක් කඩා ගෙන එන්නටය.” මගේ පාසැල් කාලයේ මිතුරන් අතර සිටි තිලක් , මහින්ද , සරත් හා චම්පා ජයසිංහ එකම පවුලේ සොයුරු සොයුරියන්ය. ඔවුන් සියළු දෙනාම දිවීමේ සූරයෝය. පාසැලේ නිවාස තුනට අයත් වූ ...
අම්මලා… යතාර්තවාදියා කටුස්සොයි , මීයොයි ගැන ලියලා ඒ හුස්මටම අම්මලා ගැන ලියන්නෙ අම්මලත් තිරිසන්නුද ? ඔව් ! සමහර අම්මලා. ඒ , මේ ගුරුසිංහ , මගේ ලිපි කියවන , හොඳ නරක කියන , නදී ,ගිම්හානි , ප්‍රවීනා , ඕනයා , ඇල්කෙමියා, සිරිබිරිස් , වෙදනා , නවම්, දුකා, කතන්දර සහ මෙකී නොකී අයගේ අම්මලා නොවේ. ” උපන් හැටියේ බිළිඳා පිඟා ඔයට විසි කරයි ” ...
යතාර්තවාදියාගෙන් නව වසරට සුභ පැතුම්. යතාර්තවාදියා කලට වැසි වසීවා වැව් අමුණු සපිරේවා බව බෝග වැඩිවේවා අටුකොටු පිරේවා බඩු මිළ පහල යාවා දුක් කඳුළු නිම වේවා සිනා බෝ වේවා යුද බිය – ජල බිය – ගිනි බිය රෝ බිය දුරු වෙවා ඉඳ හිට මෙහි පැමිණෙන සරත් ලංකාප්‍රිය , දුකා , ඔබා ඕනයා , සිරිබිරිස්, නදී ,ඇල්කෙමියා ගුලියා සහ අවංක පැට්ටා ලිපියක් පළ කල ඇසිල්ලෙන් ගුණ දොස් දකින ...
බාගෙ ! යතාර්තවාදියා අපේ සැඟිස්කෘතියෙ නිතරම ඇහෙන වචනයක්නෙ මේ ” බාගෙ ” කියන එක. බලමු ඒක යෙදෙන විවිධ තැන්. වැදගත්ම එක බර බාගෙ. බාගෙට ආවරණය කළ , කකුල් හතරෙ ගොනෙක් ඇද ගෙන යන ප්‍රවාහන ක්‍රමයක් ඒක. බර ටිකක් වැඩි උනාම පදවන්නාත් බාගෙට තල්ලුවක් දෙනව මම දැකල තියෙනව. පාන් රාත්තල හරි මැදින් දෙකට කැපුවාම බාග දෙකයි. ඕනෑම සම්පූර්ණ එකකට බාගා දෙකයි. ඒත් අටබාගෙ , ...
100. වැස්ස යතාර්තවාදියා අද වැස්ස ගැන ලියන්න හිතුවේ ; ” වර්ෂා ” මට ගිය ඉරිදා පංසලේදී හමු වූ , ඉතා මෑතකදී ඇමරිකාවට සංක්‍රමණය වූ පවුලක කුඩා හුරුබුහුටි ගැහැණු ළමයෙක්.රවුම් වටකුරු මුහුණත් , වයස වැඩි කර පෙන්වන සේ කරල් දෙකක් වන්නට ගෙතුනු දික් කොණ්ඩයත් නිසා තාමත් ඇගෙන් ශ්‍රී ලාංකීය සුවඳ වහනය උනා. ඈ අනෙක් කුඩා ළමුන් සමඟ පංසල් භූමියේ සෙල්ලම් කලා.ඇගේ මුහුණ විඩාවෙන් රත් ...
රට ඉඳි කා නෑවීම යතාර්තවාදියා මොකද්ද අප්පා ඒ හරුපේ ? ” සීනි නැතුව තේ බොනවා ” කිය කිය පෙළපාලි ගිය නිසාම රටේ සීනි නැතුව ගියා. සීනි හිගයක් ආවා. ආනයන සීමා කෙරුනා. ඒ කාලේ සීනි කම්හල් දෙකයි තිබුනේ. හිඟුරානෙයි තවත් කොහේදයි. ඒවායේ නිෂ්පාදනය පරිබෝජනයට මදි.සීනි වෙනුවට අඩු ගාණට රට ඉඳි ආනයනය කරල සමූපකාර වලින් ඒවා බෙදා දුන්න.ගම්මු රට ඉඳි කාල තේ බිව්ව. රට ඉඳි කියන්නෙ ” ...
විජයාවතරණය… යතාර්තවාදියා ජම්බුද්වීපයේ වගු රට ඝන වන ලැහැබක විසල් ගල් ගුහාවකි. එයට ඇතුළු වීමට තිබෙන එකම දොරටුව මිනිසෙකුට එසවිය නොහැකි විශාල ගල් පොත්තකින් ආවරණය කර ඇත. ගුහාව තුල දැවැන්ත සිංහ රාජයෙක්ද , මිනිස් ගැටයෙක් සහ ගැහැණුන් දෙදෙනෙකි. ” පියාණනි , අයියා අදත් ගල් දොර ඇර ගෙන එළියට යාමට තැත් කළා. මෑණියන්ගේ පිංසෙන්ඩුවටයි ඔහු නිසල උනේ “ ” සුප්පා ! මේ කතා ඇත්තක්ද ...