පොර යතාර්තවාදියා සිරා පොරක් සිංහළ භාෂාවට තරම් අළුත් වචන එකතු වෙන්නෙ නැතුව ඇති ලොව වෙනත් එකම භාෂාවකටවත්. මේ අලුත් වචන එන්නේ උප සංස්කෘත වලින්. විශ්ව විද්යාලකාරයින්ගෙන් , ප්‍රයිවට් බස් කාරයන්ගෙන් , ත්‍රී වීල් කාරයන් ගෙන්…. මේක අළුත් දෙයක් නෙවෙයි. අපේ රටේ ජන ගී , ජන කතා හැදිල තියෙන්නෙත් මේ උප සංස්කෘත හරහා. ඒ පතල්කාරයින්ගෙන් , පාරු කාරයින්ගෙන් , කරත්ත කාරයින්ගෙන්… “පොර” ත් ...
ගොලු හදවත් යතාර්තවාදියා අළුත් අවුරුද්ද පටන් ගත්තෙ බමන මතින් , රතු වූ ඇස් වලින් හා ඉදිමුණු මුහුණු වලින් එකිනෙකාට “happy new year ” කියල සුබ පතා ගෙන. ඒත් අහන්න ලැබෙන්නේම අසුබ දේවල්. කොළඹ කොටුවෙ ගුවන් පාලමක් උඩදි පොලිස් පෙම්වතා , පොලිස් පෙම්වතීගෙ බෙල්ල කපල මරල. අද ගොලු හදවතේ පරාජිත පෙම්වතා සුගත් – වික්‍රම බෝගොඩ මිය ගිහින්. බෝගොඩ ලංකා බැකුවේ සේවය කරන කාලෙ ...
බැංකු කතා …. යතාර්තවාදියා තෙරේසා මගේ මිතුරියක්. ඇගේ ” හුරතල් ” නම ටෙස්. අපි එකම ආයතනයේ සේවය කරන්නේ. ටෙස් හිනා උනේ එහෙමත් දවසක. කලාතුරකින්. ඇයට මුදල් ප්‍රශ්න. ආදායමට වඩා වියදම වැඩි. ඉතිරි කරන්න දන්නේ නැහැ. මේරිත් මගේ ආයතනයේ සේවය කරන තඩි සයිස් කළු කාන්තාවක්. මට වඩා වයසින් වැඩි. මේරි හා ටෙස් හිතවත්. එකම වර්ගයේ ප්‍රශ්න ඇති දෙන්නෙක් ඉක්මණට යාලු වෙනවනේ. මේරි දවසක් ආවා ටෙස් ...
අමනයෝ සහ පොන්නයෝ. යතාර්තවාදියා අමනයන් යනු.. අ + මන … මනසක් නැති , හිතන්නට හයියක් නැති අයයි. පොන්නයා යන්න සිංහළ වචනයක් විය නොහැක. ඒ , එය දෙකට තුනට කඩා එය සෑදී ඇති ආකාරය සෙවිය නොහැකි නිසාය. අපේ තාත්තා ඔහුගේ බාල සහෝදරයෙකුට ( බාප්පා කෙනෙකුට ) බැන වැදුනු හැටි මට මතකය. ” කොන්ද පණ නැති පොන්න වැඩ කරන්නෙපා මී හරකා…” කියලාය. එනිසා කොන්ද පණ නැති ...
රණසිංහ . ( ඉතිරිය ) යතාර්තවාදියා දිසානායක මුදියන්සේලාගෙ රණසිංහ පදිංචි වෙලා හිටියෙ ගලගෙදර. ඒක තරමක් විශාල ගෙයක්. ඉස්සරහ කාමර දෙක කුලියට දීල තිබුන බැංකුවේ වැඩ කරන ජෝඩුවකට. එක කුස්සියයි තිබුනෙ. ඒ ජෝඩුවයි රණසිංහගෙ අම්මයි හවුලේ උයා පිහා ගත්ත. තම පුත්‍රයා ආණ්ඩුවෙ ඉහළ රාජකාරියක් කරන බව රණසිංහ මාතාව නිතරම තම පුතාගේ පුරජේරුව කිව්ව. ඉස්සර නම් කාටවත් හම්බු වෙන්න බැරි තැනකයි රණසිංහ වැඩ කළේ. එහෙමයි ගමේ අයට කියල ...
අමනයෝ සහ පොන්නයෝ. යතාර්තවාදියා අමනයන් යනු.. අ + මන … මනසක් නැති , හිතන්නට හයියක් නැති අයයි. පොන්නයා යන්න සිංහළ වචනයක් විය නොහැක. ඒ , එය දෙකට තුනට කඩා එය සෑදී ඇති ආකාරය සෙවිය නොහැකි නිසාය. අපේ තාත්තා ඔහුගේ බාල සහෝදරයෙකුට ( බාප්පා කෙනෙකුට ) බැන වැදුනු හැටි මට මතකය. ” කොන්ද පණ නැති පොන්න වැඩ කරන්නෙපා මී හරකා…” කියලාය. එනිසා කොන්ද පණ නැති ...
බයිට් යතාර්තවාදියා ඉංග්‍රීසියෙන් බයිට් කියන්නේ හපනවාටය. කන බොන පිරිමි බයිට් කියන්නේ ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට හපන්ට ගන්නා කට කැස්මටය. අපේ යාලුවෙක් වන දල්පයා ලේඩීස් ජෙන්ටල්මන් කෙනෙක්ය. කන බොන වෙලාවට අපි කාටවත් ඌ පෙන්නන්න බැරිය. හේතුව ඌ බයිට් එක ඩයට් එක කර ගන්න බැවින්ය. පසු ගියදා ලංකාවට ගොස් එනවිට විශාල ප්‍රමානයේ ” බයිට්” පැකට් දෙකක්ම ගෙනාවෙමි.ඉන් එකක් මගේ සේවාස්තානයේ ලන්ච් රූම් එකේ ...
මේකත් ඇමරිකන් කතාවක් ! යතාර්තවාදියා මේක කමණිගෙයි ; වීරසිරිගෙයි කතාව. මේ කතාවෙ කතා නායකයො මේ දෙන්න. මෙයාල ජීවත්වෙන්නේ ඇමරිකාවෙ , කැලිෆෝනියාවේ, සැන් ඩියාගෝ නගරයට කිට්ටුව. ලංකාවෙන් එන බොහොමයක් විවිධ හේතු නිසා තමන්ට නොගැලපෙන , නුසුදුසු රැකියාවල යෙදෙනව. ප්‍රධානම හේතුව තමයි භාෂා ප්රශ්නය. ලංකාවෙ භාෂාව පිළිබඳ කතිකාචාර්යවරයෙක් මේ ප්රශ්නය නිසාම පකිස්තාන්කාරයෙක් ළඟ කඩේක වැඩ කෙරුව සැහෙන කාලයක්. ඒත් කමණිටයි වීරසිරිටයි එහෙම වුනේ නැහැ මොකද්ද වාසනාවකට. කමණි ...
මෙහෙමත් මිනිස්සු – අවසන් කොටස යතාර්තවාදියා නිමල්ලෑ ගෙදර කුස්සියේ රජකම් කළේ නිමල්ලෑ අම්මත් , ලොකු නෑනත්. එක අතකට ඒක හොඳයි. ඒත්.. ” මමත් ආසයි මගේ අතින් ඔයාට කෑම වේලක් උයල දෙන්න” ” ඉතින් හෙට නිවාඩුනේ.. අපි උයමු හෙට දවල්ට” ඔෆීස් එකේ යාළුවො තෑගි දුන්නු සන්යෝ රයිස් කුකර් එක හා හාපුරා කියල එළියට ගන්නෙ හෙට. කෝප්පෙන් හාල් මැනල , මිම්මට වතුර තියල කුස්සියටම වෙලා ජෝඩුවම බලා හිටියා ...
කම්බ හොරු යතාර්තවාදියා ගලපිටමඩ දාවිත් මුදලාලි කිව්වම නොදන්න කෙනෙක් නෑ. පරම්පරාවෙන් උරුම වුනු ඉඩකඩම් , කුඹුරු වතු පිටි වල වැඩට අමතරව මධ්‍යම පරිමාණයේ සිල්ලර කඩේකුත් කළා දාවිත් මුදලාලි. හිටියේ එකම එක පුතයි. තම පුතාට හොඳ නමක් දාන්න ඔහුට ඕනෑ වුනා. කොල්ලගෙ ග්‍රහචාරෙ හැටියට නැකත් හදන ගුරුන්නාන්සෙ කීවෙ කොල්ලට මේ පොළව නම් හරියන්නෙ නෑ.. මහ බලගතු යෝගයක්.. බටහිර පැත්තට වෙන්ට තමා ඉරණම විසඳෙන්නෙ කියල. ...
ප්‍රදීපා…. මිය ගියාය. යතාර්තවාදියා ඒ ආරංචිය අසා අමුතුවෙන් දුකක් ඇතිවීමට තරම් ඈ ගැන හැඟීමක් මා තුළ ඉතිරි වී නොමැත. විය පත් වීම නිසාද, පැරණි බැඳීම් වෙනුවට අළුතින් ඇතිවුනු බැඳීම් නිසාද ජීවිතයේ ඇති නිස්සාර බව දැන් දැන් පසක් වීම නිසාද , පපු කුහරය ඇතුළත් යම් හිස් බවක් දැනුනද , මගේ හිතවතෙක් එවා තිබූ ඊ-මේලය දුටු විගස හීන් විදුලි සැරයක් වැදී එය හිස් මුදුනින් පිටවූ විටකදී ...
මෙහෙමත් මිනිස්සු . යතාර්තවාදියා කොස්ගහකන්දේ රොස්ලින් නැන්දට දූවරුම තුන් දෙනයි. තුන් දෙනාම නිකං ඉටි රූප වාගේ. ලොකු දුව කසාද බැන්ද ඉක්මණටම. ඒක ප්‍රේම විවාහයක්. ඒත් එතරම්ම සරු තැනක් නෙවි. ඊ ළඟට බාලම දුව බැන්දා යෝජනාවකින්. මනමාලය රට. රට කිව්වට මේ දෝහා කටාර් නෙවි.. කැනඩා. පොඩි පරහකට තිබුණේ මනමාලය ටිකක් උසින් හා වයසින් මනමාලිට වඩා අඩු වීමයි. ඔය දෙකේම දෝස දුරින්බූත වෙන්ට දෙවෙනි දුවට සෙට් ...
බෝ ! යතාර්තවාදියා බෝ කියන කොට මතක් වෙන්නේ පන්සලක් කෝවිලක් වැනි පූජනීය ස්ථානයක් හෝ කුඩා ළමයෙක්. කුඩාම ළමයින් බෝ කියන්නේ වතුරටය. බහ තොරන වයසේ ඉන්නා පොඩි උන් පහසුවෙන් පිට කළ හැකි ශබ්ද ඉක්මණින් වචන වලට හරවයි. උදා: මා – අම්මා බාබා – කුකුළා / කුරුල්ලා චා – තාත්තා බෝ – වතුර කුඩා ළමයි හබුං කාල බෝ ටිකක් බොන්න ඕනෑය. බෝ නාන්න නං කම්මැලිය. ...
ඈත් ගැහැණියක් . යතාර්තවාදියා පේරාදෙණියේ මැද බෝවල පදිංචි , බෝගම්බර හිර ගෙදර ජේලර් ගාඩ් කෙනෙක් වූ දුරින් මාමා වන කෙනෙකුගෙන් උදව්වක් ඉල්ලා තාත්තා යැවූ ලිපියට ඔහු මට පිළිතුරක් එවා තිබුනා. ” පුතේ අපේ ගෙදර දැනට එක කාමරයක් ගෑනු ළමයි හතර දෙනෙකුට දීල තියෙනවා. පුතා ගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වීම ගැන කණගාටුයි.මම පුතාගෙ යාළුවටත් එක්ක වෙන තැනක් ලෑස්ති කරන්නම්. මා දන්නා කියන තැනක්” මමත් ...
උභය කුල පාරිශුද්ධ – බ්ලොග් ලියන ගුරුසිංහ යතාර්තවාදියා ටිකක් අමුතු විදියක ලිපියක් ලියන්න සිත් උනේ මොකද කියනවා නම්… මම දැක්ක එක බ්ලොග් කරුවෙක් ඉන්නවා “පද්දා” කියල.පොඩ්ඩී හෙවත් ප්‍රවිනා ලියපු කුමාරිහාමි කතාවෙත් අඩංගු වුනා ඔය ” පදු ” කතාව. මම උභය කුල පාරිශුද්ධ කෙනෙක්. උභය කියන්නෙ ” දෙන්නා”. මගේ මවු සහ පියා හොඳ කුලවතුන්. ඔවුන් වෙනත් කිසිම කුලයක් හා ” හාමු” වෙලා නෑ. ඒත් මගේ දරුවන්ට නම් එහෙම කියන්න ...
මහත්වරුන්ගේ සමාජය යතාර්තවාදියා ලෝකය පාලනය කරවන දෙවියනේ …. ඒ එළිය මුගේ ඇස නොගැටේවා” මගේ අතේ ඇත්තේ ඩොලර් 20 ක් පමණි. මහ බැංකුවේ වැඩ කරන නිමල් , සමුළුවකට සැන්ෆ්රැන්සිස්කෝ ආ ගමන් අපේ ගෙදරත් ආවා. පොඩි සොමියක් දාල යන්න. අවුරුදු ගානක් එකට හිටපු අපි , කොහොමද මූ මග අරින්නෙ ? ….නිමල් බොන්ට ආස එකෙක් උනාට ඌට බොන්ට බෑ. බොන්ට ඕන නෑ. බෝතලේ දැක්ක ගමන් කට ...
හැපි ඇනිවර්සරි….. යතාර්තවාදියා සේවාස්තානයේ හදිසි වැඩකට වෙනත් ප්‍රදේශයකට යන්න සිදු උනා. ඒ වැඩයි , ගෙදර වැඩයි නිසා කාලෙකින් මොකවත් කොටා ගන්න බැරි වුනා. ඒ අල්ල පනල්ලෙම ඔක්තෝබර් තුන්වැනිදාත් උදා වුනා. 2 වැනිදා මගේ එක්කෙනා අහනව ” අද කවදද ” කියල. හිතේ ඇති මට අමතකයි කියල. කසාද බැඳිල්ලට සමහරු කියන්නේ හිරයක් ගන්නවා කියලනේ. ඒක ජීවිතාන්තෙට හිරේ ගියා වගෙ වැඩක්. හිරේ ගිය මිනිහ අඩු ගානෙ ...
කඩුව යතාර්තවාදියා හික්කඩුව , බලකඩුව , තමන්කඩුව, වස්කඩුව, ගිරාකඩුව , හුරීකඩුව , ඇල්කඩුව , කොටින්කඩුව , කඩුගන්නාව ; මේ ලංකාවේ කඩු ගම්මානය. පෙර රජ දවස රජුන්ට හා හමුදාවට අවශ්‍ය කඩු මේ ගම්වල සෑදෙන්නට ඇත. කඩුව , පංචායුධ වලින් එකකි. කුඩා කල මගේ බෙල්ලේද කළු නූල් පටකින් එල්ලූ රන් පංචායුදයක් වීය. කඩුවෙන් , දුන්නෙන් හෝ තෝමරයෙන් මගේ දරුවා ආරක්ෂා වෙත්වා යයි නැත්නම් , ...
මීයෝ. යතාර්තවාදියා මීයෝ නැති තැනක් නැත. ගොඩබිම මෙන්ම මහ මුහුදේද මියෝ සිටී. ඒ නැව් තුළය. එහෙත් ගිලෙන නැව් වලින් මුලින්ම පිට වෙන්නේ මේ මීයන්ය. බළලාගේ ප්‍රධාන ආහාරය මීයාය. බළලා ශබ්ද කරන්නේ ” මියෝව් ” කියාය. “මියෝව්” කියමින් මීයන් සොයා යන බළලාට යස පාඩමක් ඉගැන්විය යුතු යැයි මීයන් තීරණය කළෝය. මේ සඳහා මී ළඟ මී ටිම මීවනපලානේ , මී පුර හෝ මී ගමුවේදී ...
බීම සහ කෑම යතාර්තවාදියා මතට තිත තියන්නෙ කොහොමද ? බ්ලොග් අවකාසේ ඉන්න වැඩි දෙනෙක්ම බේබද්දන් කොට. බේබද්දා යන වචනය දෙකට තුනට කඩා එය සෑදී ඇත්තේ කොහොමද කියලා බලන්න පුදුම උත්සාහයක් ගත්තෙ . ටිකක් බීලම හිතන්න ඕන ප්‍රශ්නයක්. එය පෘතුගීසින් ගෙන් අපට ලැබුණු වචනයක්. නියම වචනය “බෙබඩො” bebado. පොඩි සොමියකට ඉඳල හිටල අඩියක් ගහන ගුරුසිංහලා මේ බේබදු ගනයට අයත් වෙන්නෙ නැහැ. “සුරා මේරය මජ්ජ පමා… ...