හද රැඳි ගීයක්. යතාර්තවාදියා අනුන් කරන වැරදි නිසා අනුන්ගෙ පව් වලට කර ගහන , අනුන් නිසාම හැමදාම අවඥාවට ලක් වන , නින්දා අපහාස විඳින , දඬුවමට ලක් වන , එසේ වූ තවත් එක් ගැහැණියක් ගැන අද මම මෙසේ ලියමි. වංගුවේ ගෙදර කුසුමලතා නැන්දා හිටි හැටියේ අපේ ගෙදරට පාත් වෙන්නේ , යමක් කෑමට බීමට ඇත්නම් එයත් සප්පායම් වී , ඒ හිලව්වට ගමේ ඕපාදූප වලින් අපේ ...
හීන මානය යතාර්තවාදියා ඊර්ෂ්‍යාව , කුහක කම, ක්‍රෝධය වගේම හැමෝම ගාව තියෙන දෙයක් මේ හීනමානය කියන එක. පිස්සුවක්. බුදුන් වහන්සේ කියල තියෙනව ” සබ්බේ සත්තා උම්මත්තකා” කියල. අපි හැමෝම ළඟ යම් ආකාරයක පිස්සුවක් තියෙනවා. ඒක නැති කරන්න බෑ. මේ මා ළඟත් තියෙනව. එය එක්තරා මානසික දුබලතාවයක් කියල මිනිස් මනස ගැන දන්නා අය කියනව. හීන මානය කියන්නේ කොහොම එකක්ද කියල කියන්න බෑ. නියම වචනය ...
ආහ් ! චර්යය. යතාර්තවාදියා ඕ , ඔහෝ , අහා , ආහ්… වගේ වචන විශ්මය , පුදුමය ප්‍රකාශ කරන වචන බව හා ඒවායේ අගට ” ! ” ලකුණකුත් දැමිය යුතු බව මට කියා දුන්නේ මඩදෙනිය ගුරුතුමාය. අද ලිපිය ලියන්නේ නියපොතු ගැන. නියපොතු ආහ්චර්යමත් වෙන්නේ කොහොමද කියල අවසානයේදී ඔබට තේරුම් යනු ඇත. ” මං ඔය කෙල්ල හැදුවේ නිය පිටින් පාරක් නොගහ” ” පස්ස කහ ගන්ට නිය ...
කිරි. යතාර්තවාදියා ” බලන්න ! අපේ කට්ටිය..කිරිකොක්කු වගේ.. ඒ බබලන සුද , අපි රින්සෝ වලින් රෙදි සෝදන නිසයි” ඒ පරණ ඇඩ් එකක්. කිරි සුදු පාටද ? සුදු කිරි පාටද ? කිරි නොබිවු කෙනෙක් හෝ කිරි ගැන නොදන්නා කෙනෙක් මේ මිහිපිට නැතුව ඇති. මිනිස් අම්මලාගේ රතු පාට රුධිරය සුදු පාට කිරට හැරෙන්නේ තම දරුවාට ඇති ආදරය නිසාලු. කෙහෙම්මල !..එහෙමනම් තිරිසන් අම්මලාටත් කිරි එරෙන්නේ ...
බර. යතාර්තවාදියා මේක නං මහා බරපතල වචනයක්. ඒ මොකද කියනවා නං; ලෝකයේ තියෙන හැම භාෂාවකටම පසුව අළුතින් වචන එකතු වෙයි. සමහර වචන කිසි තේරුමක් නැති ඒවා උනත් , දීර්ඝ කාලයක් භාවිතා වීමෙන් එය මුල් බසේම කොටසක් බවට පත්වේ. ඇමරිකන් ඉන්ගිරිසියේද එහෙමය. Cool — සිසිල් Hot – උණුසුම්. ඒත් දැන් හැදෙන පරම්පරාව මේ වචන වලට අළුත් අර්තකතන දෙයි. Cool Idea Cool Song ...
රට ගිය ඇත්තෝ යතාර්තවාදියා (මගේ අනික් බ්ලොගය වන “සැබෑ මිනිසා” වසා දමන නිසා ඒ පැත්තෙන් මේ පැත්තට මාරු කළා. මේක බොරු කතාවක් උනත් ඇයි දන්නෙ නෑ මම මේකට මෙතරම්ම ආදරේ කියලා. ටිකක් දිග වැඩියි නම් තමා.. ඒත් කලින් නොකියවූ අය ඇත්නම් කියවා රස විඳින්න පුළුවන් වෙයි කියා හිතනවා ) මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ. අපි මෙහෙම පටන් ගමු. මගේ නම ...
වත්සලා – 6 යතාර්තවාදියා අපේ හනිමූන් එක කෙතරම් අව්‍යාජ එකක්ද ? හොටෙල් එකකට ගිහින් අනුන්ගෙ කාල සටහනකට වැඩ කරනවාට වඩා. අපිට ඕන වෙලාවට අවදි උනා. අපිට ඕන දෙයක් කෑවා. අපිට ඕන වෙලාවට එලියට ගියා… කාගෙන් තහනමක්ද ?… අපි කොච්චර දේ කතා කරන්න ඇද්ද? දවසකට වචන පන්දාහක් ? දහදාහක්?… මට මතක තිබුණු හැටියට මගේ පොඩි කාලෙ කතා , ගමේ කතා , පවුලේ කතා… වල් කතා.. ...
පොඩි හාමුදුරුවෝ – අවසන් කොටස යතාර්තවාදියා “මෙහේ උන්ට නම් ගානක් නෑ. අපේ මිනිස්සුන්ගෙ හැටි දන්නවනේ …? සිවුරේ හිටි කෙනෙක් කියල දැනගත්තොත් සැලකිල්ල අඩුවෙයි. මේ රහස මගෙන් පිට වෙන්නේ නෑ. ටිකක් ඔය පිළිවෙළ වෙනස් කරන්න. හැමෝටම නෝනා.. මහත්තයා.. කියන්න එපා. නම කියල කතා කරන්න.. ටික දවසක් යනකොට සේරම හරි යයි” තරමක් කලබල සහිත වීදියක කෙළවරේ වයලට් අක්කගෙ ගෙදර තිබුනේ. එහේ හිටියේ එයයි , එයාගෙ මහත්තයයි.. එකම දුව ...
රෝහණ බැද්දගේ සමඟ StarTrack. යතාර්තවාදියා ඔබේ ප්‍රියතම ගායකයා කවුද කියා කෙනෙක් මගෙන් ඇහුවොත් ඒකට මගෙන් ලැබෙන පිළිතුර වනුයේ ඒ අමරදේව නොවන බවය. අමරදේවයන් අපගේ අසහාය ගායකයා , ගාන්ධර්වයා – සංගීතඥයා බව සැබව. එහෙත් ඊට වඩා පැහැදිලි ස්වරයෙන් ගී ගයන ගායකයන් අතළොස්සෙන් රෝහණ බැද්දගෙ මුල් තැනක හිඳී. විවිධ ජන ගී රටා ඔස්සේ පර්යේෂණ කරමින් , තමාම රචනා කොට , තනු යොදා ගයා ඇති ඔහුගේ ගායනා ප්‍රමාණය ...
පාට පාට කතාවක්. යතාර්තවාදියා ” දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි” අසා ඇද්ද මේ ගීය ? කපුගේ/ මාලිනී සුසංයෝගයේ මෙම මියුරු ගීය වසර 30 කට වඩා පැරණියි. හඳ බැස යන කොට දම් පාටද ? එතකොට ආකාසෙ රන්වන් පාට වෙනවද ? මෙහි මොකක් හරි අවුලක් ඇති බව මට දැනෙනව. පාට පාට දේවල් ගොඩක් මතක් වුනේ මීට කලකට පෙර කතන්දර ලිවූ ” කක්කා ...
හෙළුව සහ නිරුවත. යතාර්තවාදියා මෙම ලිපිය ලිවීමට පටන් ගෙන අතර මඟ නතර කර දමා තිබූ එකකි. ලංකාවේ කළුතර මුහුදු තීරයේ නිරුවතින් හැසිරෙන්නන් සඳහා වෙරළ තීරුවක් ඇති කිරීමට රජයේ අනුමැතිය දී ඇති බව දුටු විගස මෙය ලිවීම ආරම්භ කළත් , පසුව එය වැරදි සහගත පුවතක් බව පළ වූ සැණින් එය ලිවීම නවතා දැමුවෙමි. එයම ටිකක් වෙනස් කොට හුදී ජන පහන් සංවේගය පිණිස මෙලෙස එළි දක්වමි. ...
අසම්මතයේ පෙම්වතුන්. යතාර්තවාදියා විල්ෆ්රඩ් ඒකනායක හා සැම්සන් සිල්වා මාරුවෙන් මාරුවට බියර් වීදුරු තොල ගෑවා. මාරුවෙන් මාරුවට ටීපෝව මත තිබූ කජු කැබලි දීසියත් හිස් කලා. ” මෙයාල මේ අමෘතය බොනව වාගෙ බොන්නෙ මට නම් තිත්තේ බෑ” එහෙම කිව්වේ විල්ෆ්‍රඩ්ගෙ බිරිය විනීතා. ” බියර් තිත්ත වෙන තරමට තමා මම කැමති” “ඔව් ඒක ඇත්ත.. ලංකාවෙ ස්ටවුට් එක තරම මට නම් මොකවත් අල්ලන්නෙ නෑ” විල්ෆ්‍රඩ්ලා ඇමරිකාවට ඇවිත් ...
ඉලක්කම්. යතාර්තවාදියා හැම ඉලක්කමක්ම 0 ත් 9 ත් අතරනේ. ඒ දෙකෙන් තමා හැම එකක්ම ගොඩ නැගෙන්නේ. බිංදුවේ වටිනාකමක් ඇත්තේම නෑ කියන්න බෑ. මොකද , ඉලක්කමක් අගට බිංදුවක් වැටුනොත් කොහොමට හිටීද ? දැන් මං ඔය බැඳල ඉන්න වත්සලා කෙල්ලගෙන් මං ඉස්සර අහනව මට කොච්චර ආදරේද ? කියල. එයා කියනව ” අහස තරම්” , “පොළොව තරම්”, “මුහුද තරම්” කියල. මම කිව්ව දවසක් එහෙම ...
රහස් කුමන්ත්‍රණය හෙවත් No Loose Ends ! යතාර්තවාදියා ස්ථානය: ශ්‍රී ලංකා හමුදා අණ දෙන මූලස්තානය. ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා සුව පහසු පැද්දෙන පුටුවක හිඳිමින් , සුරතල් පූස් පැටියාගේ ලොම් පිරුණු ගෙල පිටු පස සෙමෙන් පිරි මදියි. දුරකතනය ගෙන කමාණ්ඩෝ රෙජිමෙන්තුවේ ප්‍රධානියාට හදිසි ඇමතුමක් දෙයි. ” හලෝ.. කමාණ්ඩර්.. අද හවස මාව හමුවෙන්න පුළුවන්ද ?” පහට විතර..” කමාණ්ඩර් ජගත් සල්ගාදු: ” සත්තකින්ම සර්.. කොහේදීද?… හරි .. OK සර්.. අද හවස ...
රෝහණ බැද්දගේ සමඟ StarTrack. යතාර්තවාදියා ඔබේ ප්‍රියතම ගායකයා කවුද කියා කෙනෙක් මගෙන් ඇහුවොත් ඒකට මගෙන් ලැබෙන පිළිතුර වනුයේ ඒ අමරදේව නොවන බවය. අමරදේවයන් අපගේ අසහාය ගායකයා , ගාන්ධර්වයා – සංගීතඥයා බව සැබව. එහෙත් ඊට වඩා පැහැදිලි ස්වරයෙන් ගී ගයන ගායකයන් අතළොස්සෙන් රෝහණ බැද්දගෙ මුල් තැනක හිඳී. විවිධ ජන ගී රටා ඔස්සේ පර්යේෂණ කරමින් , තමාම රචනා කොට , තනු යොදා ගයා ඇති ඔහුගේ ගායනා ප්‍රමාණය ...
පළිගැනීම. යතාර්තවාදියා ” මගේ ඇඟිල්ල දිහා ඔහොම බලා ගෙන ඉන්න. මා ඔබට උදව් කරන්න හදන්නේ. පහසුවෙන් ඉඳගන්න. හුස්ම ඉහළ පහළ යවන්න. ඔන්න උඩට ගත්තා. ඔන්න ආපසු හෙළුවා.ඔබේ හිත දැන් සැහැල්ලුයි. ඔබට මා කියන දේ පමණයි ඇහෙන්නේ. ඔබට දැන් නිදි මතයි. ඇස් බර වේගෙන එනවා. ඔබට දැන් හොඳටම නිදිමතයි. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. ඔබ දැන් නිදි.. නිදි… නිදි….” මානසික රෝහලේ විශෙෂ්ඥ ...
බටු. යතාර්තවාදියා බටුගොඩ , බටුගෙදර , බටුවත්ත , බටුවන්දර , බටුවන්තුඩාව , බටුවිට මේ ලංකාවේ බටු ගම්මානය. තවත් ඒවා තිබෙන්නට පුළුවන. මේ එකකවත් බටු වවනවාදැයි මා නොදනී. සාමාන්‍ය කාළගුණ තත්වයන් යටතේ එතරම් කරදරයකින් තොරව වවා ගත හැකි එළවළුවකි, බටු. ඉඩ කඩ නැත්නම් මල් පෝච්චියක වුවද වැවිය හැකි, එතරම් උස නොයන පඳුරු වර්ගයේ පැළෑටියකි. බටු වර්ග කීපයකි. තිබ්බටු: ඉතා කුඩාය. ගෙඩිය කුඩා උනාට ...
හද රැඳි ගීයක්. යතාර්තවාදියා අනුන් කරන වැරදි නිසා අනුන්ගෙ පව් වලට කර ගහන , අනුන් නිසාම හැමදාම අවඥාවට ලක් වන , නින්දා අපහාස විඳින , දඬුවමට ලක් වන , එසේ වූ තවත් එක් ගැහැණියක් ගැන අද මම මෙසේ ලියමි. වංගුවේ ගෙදර කුසුමලතා නැන්දා හිටි හැටියේ අපේ ගෙදරට පාත් වෙන්නේ , යමක් කෑමට බීමට ඇත්නම් එයත් සප්පායම් වී , ඒ හිලව්වට ගමේ ඕපාදූප වලින් අපේ ...
මට තනියි…. යතාර්තවාදියා මා සිත ගත් කත කොහිදෝ ගොස් ඇත ඒ අත – මේ අත කොතැනකවත් නැත පාළුයි දස අත නාඬන් හදවත ( මගේ බිරිඳ දින හතරක රාජකාරි කටයුත්තක් සඳහා වෙනත් ප්‍රදේශයකට ගිහින් ) “කඩේ යන්න කාර් එක හෝදන්න ඔය රැවුල කපාගන්න කිලිටි රෙදි වොෂර් එකට දාන්න කුස්සියේ බල්බ් එක පිච්චිල , ඒක හදන්න” නෑසේ කිසි ඇණවුමක් දැනේ හරිම නිදහසක් ගොඩ ගැසී ...
ඇඟිල්ල ( වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි ) යතාර්තවාදියා මිනිස් අතේ හා කකුලේ ඇඟිලි පහ බැගින් වේ. කුඩා කළ ගණන් පාඩමේදී එකතු කරන විට අතේ ඇඟිලි නැතුවම බැරිය. අපේ තාත්තා නම වරක් චක්‍රය පහසු කළේ මේ විදියටය. වම් අතේ එක ඇඟිල්ලක් නමා ගන්න. ඉතිරි ඇඟිලි නමයයි. 9 වරක් එක නමයයි. වම් අතේ ඇඟිලි දෙකක් නමා ගන්න. ඉතිරි ඇඟිලි අටයි. නමා ගත් ඇඟිලි ගණනින් එකක් අඩු කර අටට ඉස්සරහින් ...