කිරි. යතාර්තවාදියා ” බලන්න ! අපේ කට්ටිය..කිරිකොක්කු වගේ.. ඒ බබලන සුද , අපි රින්සෝ වලින් රෙදි සෝදන නිසයි” ඒ පරණ ඇඩ් එකක්. කිරි සුදු පාටද ? සුදු කිරි පාටද ? කිරි නොබිවු කෙනෙක් හෝ කිරි ගැන නොදන්නා කෙනෙක් මේ මිහිපිට නැතුව ඇති. මිනිස් අම්මලාගේ රතු පාට රුධිරය සුදු පාට කිරට හැරෙන්නේ තම දරුවාට ඇති ආදරය නිසාලු. කෙහෙම්මල !..එහෙමනම් තිරිසන් අම්මලාටත් කිරි එරෙන්නේ ...
හීන පෙනෙයි උඳුවප් මහ දුරුත්තේ. යතාර්තවාදියා ඔන්න අදත් ගියා යාළුවෙක් බස්සන්න එයාපෝට් එකට. මගෙ යාළුවායි , එයාගෙ බිරිඳයි පුතාල දෙන්නයි ලංකාවට යනව සති තුනක නිවාඩුවකට. ( ඇයි යකෝ අපිට වද දෙන්නෙ පලයල්ලකො ටැක්සියක් අරං.. එහෙම නැතුව සුද්දො කරනව වාගෙ වාහනෙ පාක් කරල පලයල්ලකො පාකිං එකක එතකොට ආපහු එනකොටත් ලේසිනෙ.. මම දැන් හැතැක්ම 200 ක් යන්න ඕන මුන් බස්සන්න, ආපහු එන්නත් ඒ වගේම 200 ක්) මම හැම ...
අසල්වැසියෝ… යතාර්තවාදියා පතිරූප දෙස වාසෝච…… ඒතං මංගල මුත්තමං…. අප සැන් ඩියාගෝවට පදිංචියට ආවේ මීට වසර අටකට පෙරය. නිවාඩා වල ලාස් වේගාස් කිට්ටුව අප සතුව තිබූ දැකුම්කළු නිවස විකුණා දැමීමට අප තීරණය කළේ කාරණා දෙකක් නිසාය. එකක් දරා ගත නොහැකි උෂ්ණත්වය හා වැදගත්ම කරුණ වූ ක්‍රමයෙන් උස් මහත් වන දියණිවරුන් දෙදෙනාට සුදුසු පරිසරයක් එහි නොවීමත්ය. සැන්ඩියාගෝවේ බොහොමයක් අතුරු පාරවල් ප්‍රධාන පාරේ සිට වම් ...
නෑනා…… යතාර්තවාදියා පියාගෙ සහෝදරියන්ගේ දියණියන්ද , මවගේ සහෝදරයන්ගේ දියණියන්ද නෑ කමට ” ඇවැස්ස” නෑනලාය. ඇවැස්ස කියන්නේ අවශ්‍ය කියන එකටය. මස්සිනාලා හොඳ කෙලින් හිටියේ නැත්නම් නෑනලා පිටගම් යනු ඇත. මගේ මවත් – පියාත් ඇවැස්ස නෑන – මස්සිනාලාය. අම්මාට සොයුරන් 4 ක් හා තාත්තාට සොයුරියන් 3 කුත් නිසා මට නෑනාවරුන් ගෙන් අඩුවක් නොවීය. අපේ අම්මාගේ සහ තාත්තාගෙ මහ ගෙවල් පිහිටියේ එකම වැට දෙපැත්තේය. ඒ ...
දොස්-තොර යතාර්තවාදියා මගේ බිරිඳ අසනීපෙන්. ඒක ලොකු අසනීප තත්වයක්. මොකකින් මොකක් වෙයිද කියන්න බෑ. මගේ හිත එකලාසයක් නෑ. අපි දෙන්නම තරුණ විය ඉක්මවමින් ඉන්නා දෙන්නෙක්. අවුරුදු විස්සක්ම එකට අත්වැල් බැඳන් ආවා වගේම තව දුරටත් මේ ගමන යා යුතුයි. ” අපි දෙන්න කවද හරි එකට මැරෙමු” එයා දවසක් මට කීවා . මම මගෙන්ම ප්‍රශ්න ඇහුවා. ඔබ ඇයට කවදා හරි ද්‍රෝහී වී ඇද්ද ? ...
කොටා … යතාර්තවාදියා ” චාරිකා ලර්නර්ස් , කොටා රෝඩ් , බොරැල්ල ” රූපවාහිනි නොතිබූ එහෙත් ගුවන් විදුලිය පමණක් තිබූ අපේ කාලයේ වෙළඳ සේවයෙන් නිතරම ඇසුනු ලිපිනයකි , ඒ. කොටා පාර යනු කෝට්ටේ පාරම බව පසුව මට දැන ගත හැකි විය. අද කොටා ගැන ලියන්නේ , cotta road එකක් කැලිෆෝනියාවේ culver city නම් ප්‍රදේශයේදී හදිසියේම ඇස ගැටුනු නිසාවෙන්ය. මගේ ගජයෙකු වූ ” ධනපාල ” ...
P…. for පෑන්ටි. යතාර්තවාදියා ජොක්කු ගැන විතරක් ලියල මදි.. අපි අනෙක් පාර්ශ්වය ගැනත් හිතන්න එපායැ… ඇමරිකන් කාරයන්ට අපේ නම් – ගම් දුරකතනයෙන් කියන කොට බොහෝ විට අර මිලිටරි ක්‍රමේට තමයි කියන්න වෙන්නේ. නැත්නම් උන්ට තේරෙන්නෙ නෑ. මගේ නම Nihal කියන්නේ මෙහෙමයි. N for නැන්සි… I for ඉන්ඩියා… H for හෙන්රි…. A for ඇපල්… L for ලයනල් වගේ.. අපිටත් එහෙමයි. උන්ගේ නම් සමහර වෙලාවට මීටර් ...
අපිදු කතිර ( හිල් ) ගැසුවෙමු. යතාර්තවාදියා වසර 4 කට වරක් අනිවාර්යයෙන්ම පැවැත්වෙන , ලොව ප්‍රබලම , විශාල රටක ජනාධිපතිවරයා තෝරා ගැනීමට මා ඇතුළු මගේ පවුලේ අයටද ඇරයුම් කර ඇත. එය ඉතා භාරදූර වගකීමක් බව මගේ ඇඟට දැනේ. ඒ සමඟම සියුම් අහිංසක ආඩම්බරයක්ද ඇතිවේ. මාසයකට පමණ පෙර සාම්පල් බැලට් පත්‍රිකාවක් තැපැලෙන් ලැබුනි. ජනාධිපතිවරයාට අමතරව , සම්මත කර ගත යුතු තවත් යෝජනා කීපයකටද අප ඡන්දය පාවිච්චි කළ යුතුය. ...
වත්සලා – 5 යතාර්තවාදියා ” ඔය රිමාන්ඩ් එකේ හිටි කතාව නම් ඇත්ත.. ඉස්කෝලෙ මහත්තයො.. ඉගෙන ගන්න කාලෙ කොල්ලොත් එක්ක දේසපාලනෙ කරන්න ගිහින් වෙච්චි හුට පටයක්.. නැතුව මේ කාගෙවත් දෙයක් කඩා වඩා ගන්න ගිහින් නෙවේ.. අනික් කතාව නං කියන උන්ගෙ කටවල් වල මහගෙඩි දාන්න ඕන.. මාත් අම්ම කෙනෙක්..” පවුල් දෙකේම වැඩිහිටියන්ගේ ආශීර්වාදය මැද මංගල කටයුතු ලහි ලහියේ ලෑස්ති උනා. ” මේක මගෙ හීනය.. ප්ලීස් මට ...
නයි කතාවක්. යතාර්තවාදියා නයා හෙවත් නාගයාට ඇත්තේ වෙනත් බඩ ගා යන සතුන්ට නැති ඉහළ තැනක්. ගෞරවයක්. සැළකිල්ලක්. බයක්. ඒ නිසාමයි ආයෙමත් නයා ගැන ලියන්න සිතුවේ. ඊට හේතු පාදක උනේ ලංකාවේ නයි නළඟනයි. - නයෙකු සමඟ නිදා සිටි තරුණියක් පොලිසියෙන් අල්ලයි.. නයා සත්තු වත්තට බාර දෙයි.- ප්‍රවෘත්තියක්. ලංකාවේ පොලිස්කාරයෝ ඇයට කුණුහරුපෙන් බැන වැදී ඇයට පහර දී ඇත. තවද එම තරුණිය ඇගේ හුරතල් නයා ඉල්ලා ...
පොඩි හාමුදුරුවෝ…. යතාර්තවාදියා ගොඩගම ශ්‍රී ජිනරතනාරාමය සමහරුන් හැඳින්වූයේ ගලේ විහාරේ හෝ කන්දේ විහාරේ නමින්. පිට ලෑලි දෙකක් එකට පුරුද්දා හැදූ බෝඩ් ලෑල්ලක සුදු ලැකර් වලින් ” ශ්‍රී ජිනරතනාරාමය” කියා යමෙකු විසින් ලියා අපිළිවෙලකට හැදූ බෝඩ් ලෑල්ල හිටුවා තිබුනු ලී කණු දෙකද වේයන් ගෙන් අරක් ගෙන තිබුනා. ගොඩගම කියන්නේ මහනුවරට කිට්ටු කාගේවත් බලපෑමකට යටත් නුවූ අසරණ ගැමියන් දෙතුන් සීයක් ජීවත් වූ කුඩා ගම්මානයක්. සියළු ...
වත්සලා – 3 යතාර්තවාදියා ” මොනවද ගේන්න ඕන මම එනකොට ?” “ම් …ම්…. අම්මට චීත්ත රෙද්දයි.. තාත්තට සුරුට්ටු මිටියයි..මට……” “ඇත්තටම මං අහන්නෙ “ ” හිතල බලල මොනව හරි ගේන්න.. බිස්කට් ටින් එකක් වගෙ… හිස් අතින් හෙම එන්නෑ.. අරින්නෑ ගේට්ටුව…” ඒ සෙනසුරාදා මට තීරණාත්මක එකක් විය. වත්සලාගේ ගෙදර පොඩි පහේ පාටියක් මෙන් විය. ඇගේ පියා ඉතා ළබැඳි සිනහවකින් යුතුව මා පිළිගත්තා. ” ඔහොම වාඩිවෙමු.. හත් ...
ගෙදර වරෙන් දුවේ. ( ඉතිරිය ) යතාර්තවාදියා වචනයෙන් විස්තර කළ නොහැකි පාළුවක් – අලස ගතියක් සිරුර පුරාම දිව යයි. දින කීපයක් නිවාඩු දමා ගෙදරට වී ඉන්නට ඇත්නම් යයි සිතේ. එහෙත් එය කිසි තේරුමක් නැති අදහසකි. සේවාස්තානයට ගොස් නියමිත කාර්යයක් ඉටු කර හිතවතුන් – හිතවතියන් හා පැය කීපයක් ගත කිරීමෙන් මනසට සැහැල්ලුවක් ලැබේ. ජීවිතයේ මෙතෙක් ආ ගමන් මග දෙස ආපසු හැරී බලන කල මා ලද ජයග්රහනයක් නැත. කණ ...
F……….. ? යතාර්තවාදියා F අපිට නැතුවම බැරි අකුරක්. අපට එය වඩාත් වැදගත් වෙන්නේ සිංග්ලිෂ් කතා කරන විටයි. නාගරික හෝ නාගරික වන්නට දඟලන අය සිංහළ / ඉංග්‍රීසි කළවම් කරමින් කරන කතාව සිංග්ලිෂ් ය. අරාබි හෝඩියේ හා හින්දි / උර්දු හෝඩියේ ” F ” අකුර ඇත. ඒ භාෂා වලට “F ” අනිවාර්යයෙන්ම තිබිය යුතුය. නැතුව කොහොමද මොහමඩ් රාෆි වගේ නම් ලියන්නේ ? සිංහළ හෝඩියේ ” ...
මත යතාර්තවාදියා හෙළ බස ලස්සන බසක් වගේම ටිකක් සංකීර්ණ බසක්. එක වචනයකට අරුත් කීපයක්ම තියෙනව. “මත” කියන කොටත් ඒ වගේමයි. මේ වගේ ලිපි සමහරුන්ට එච්චරම ප්‍රිය නෑ. අටපට්ටම වගේ කියල. ඒ එයාලගෙ මතේ. මේ මගෙ මතේ. හිතට එන දේ ලියනව. එක එක අයගෙ මත වෙනස්. මත වැඩි උනාම තමයි මත - වරණයක් පවත්තන්න වෙන්නෙ. රජයකට නම් ජනමත විචාරනයක් තියන්න වෙනව. ඒත් හිතට ...
ජේමිස් බණ්ඩා 007 යතාර්තවාදියා ක්ලින්ට් ඊස්ට්වුඩ්ලා රඟ පෑ කව් බෝයි චිත්‍රපට හැරුණු විට මා ඊ ලඟට කැමති බොන්ඩ් චිත්‍රපට වලටය. ඒ මොකද කියනවා නම් ; ඒවායේ ත්‍රාසය , භීතිය , ශෘංගාරය , හාස්‍යය.. කාටත් තේරෙන භාෂාවෙන් කියනවා නම් suspence , thrills ,violence , comics , action , sex , nudity………………… මේ හැම දෙයක්ම අඩංගු නිසාය. ජේම්ස් බොන්ඩ් කියන්නේ 1953 දී පමණ ඉයන් ෆ්ලේමින්ග් ...
කාලය යතාර්තවාදියා ආදි කාලෙ ලිව්ව ලිපි ආපහු කියවල අනවශ්‍යයි කියන ඒව අයින් කරන්න හිතුව. අපරාදෙ මගෙ කාලෙ ඒව ලියන්න ගත කල. අද ලියන්නම් මගෙ “ කාලෙ ” ගැන.පරණ ඒවට කට්ටිය තාම කමෙන්ට් කරනව දැක්කමයි ආයෙම මොනව හරි ලියන්න ඕන කියල හිතුනෙ. කාලෙ තමයි ප්‍රශ්නෙ. බ්ලොග් ලියන්න ඕන… අනෙක් අයගෙ බ්ලොග් කියවන්න ඕන…කමෙන්ට් කරන්න ඕන… කමෙන්ට් වලට කමෙන්ට් කරන්න ඕන.. ඔන්න දවසට පැය ...
රූකඩ යතාර්තවාදියා රූකඩ කියන විට එකවරම මගේ මතකයට එන්නේ අපේ නංගීය.ඈ නැටුම් කලාව හැදෑරීමට මහනුවර සරසවි කලායතනයටබැඳී , පළමු පාඩම ඉගෙන ගෙන , ගෙදරදී අප හැමෝම ඉදිරියේ නටා පෙන්නුවා. එය දුටු තාත්තා : ” ඔය මොනවද ? ගෑණු ළමයි නටන කොට ලාලිත්‍යයක් තියෙන්න එපායැ… ඔය නටන්නේ රූකඩ” හඬා ගෙන කාමරයට ගිය ඈ ඉන් පසු කවදාවත් නැටුම් හෝම් වර්ක් කළේ නෑ. රූකඩ ...
හය මසකට පසු…. යතාර්තවාදියා මා මළේ නැහැ. එහෙනම් මොකද උනේ ? සමහරුන් මගේ වයස අනුමාන කොට මට මාමා යයි කියයි. තවත් සමරුන් අයියා යයි කියයි.සුමාන දෙකක් බ්ලොගය අප්ඩේට් නූනොත් ඒ මන්දැයි විමසා බලයි. මා ගැන සොයා බැලූ සැමටත් , පුද්ගලිකවම ඊ මේල් එවූ සැමටත් තුති. කොහෙද අප්පා මෙච්චර කල් ගිහින් හිටියේ ?…. බොරු මවා පෑම් කරන්නේ කාටද ? ඒක nasty , ugly කතාවක්. මගේ ...
වරද කොහෙද රිසානා ???????????? යතාර්තවාදියා -රිසානා ගේ ගෙළ සිඳියි- දිරච්ච පොල් අතු වහලය කටු මැටි කොට බිත්ති හතර බිමටම සමතලා කරල ඇස්බෙස්ටස් තහඩු දාල ඇමරිකන් පැටන් එකට හැදූ අළුත් ගෙයක් ගැන උඹත් හිතුව නේද රිසානා ? අහල පහල කොල්ලො කෙල්ලො බුරුතු පිටින් ඩුබායි ගිහින් බෑග් හත අටක් පුරවල කාට් අරන් එනකොට එයාපෝට් එකෙන් එළියට උඹත් හිතුව නේද ඩුබායි යන්න රිසානා ? කවමදාවත් වරදක් නොකරන ශුද්ධවූ ...