හීන මානය


ඊර්ෂ්‍යාව , කුහක කම, ක්‍රෝධය වගේම හැමෝම ගාව තියෙන දෙයක් මේ හීනමානය කියන එක. පිස්සුවක්. බුදුන් වහන්සේ කියල තියෙනව ” සබ්බේ සත්තා උම්මත්තකා” කියල. අපි හැමෝම ළඟ යම් ආකාරයක පිස්සුවක් තියෙනවා. ඒක නැති කරන්න බෑ. මේ මා ළඟත් තියෙනව. එය එක්තරා මානසික දුබලතාවයක් කියල මිනිස් මනස ගැන දන්නා අය කියනව.
හීන මානය කියන්නේ කොහොම එකක්ද කියල කියන්න බෑ. නියම වචනය මා නම් කියන්නේ ” හීන මාන්නය” විය යුතුයි කියල.

අපි හැමෝම ළඟ මාන්නයක් තියෙනව. මේ මා ළඟත් තියෙනව. ඒකත් පිස්සුවක්. මාන්නය කියන්නේ ආඩම්බරකම.

යුධ ශක්තිය අතින් ලෝකයේ හතරවන බලවතා හැටියට සැලකෙන ඉන්දියාවටද පරාජය කළ නොහැකිවූ , යුධ ශක්තියෙන් ලෝකයේ පළමුවැන්නා වන ඇමරිකාවෙන් උපදෙස් නොලබා , ලොව බිහිසුනුම ත්‍රස්තවාදියා මුළුමණින්ම දුරු කළ හමුදාවක් ඉන්න රටක උපන් කෙනෙක් හැටියට මා තුළ විශාල අභි – මාන්නයක් ඇත.

හදිසි අනතුරකදී , පොලිසිය , ගිලන් රත පැමිණෙන තුරු බලා නො ඉඳ , මහ පාරේ ගමන් කරන රියක් බලෙන් හෝ නවතා තුවාල කරුවන් රෝහල් වලට යවා උන්ගේ පණ බේරා දෙන්නට තරම් මානුෂික ගුණ ඇති මිනිසුන් සිටින රටක උපන් කෙනෙකු හැටියටද මා තුළ විශාල අභි – මාන්නයක් ඇත.

තම මව් පියන් මහළු වූ පසු මහළු නිවාස වලට නොයවා , දෙමව්පියන්ට දෙවියන්ට මෙන් සලකන මිනිසුන් සිටින රටක උපන් කෙනෙක් හැටියටද මා තුළ විශාල අභි -මාන්නයක් ඇත.

එහෙත් ඉඳ හිට රටේ තැනකින් , දෙතැනකින් මගේ මාන්නය හීන කරන ආරංචිද මට අසන්නට ලැබේ. එවිට අර තිබූ මාන්නය බිඳක් හීන වෙන්ට බලයි.

මේ මාන්නය මැනීමට යම් මීටරයක් (මානයක් ) අවශ්‍යවේ.

උෂ්ණත්වමාණය – Thermometer
වේග මාණය – Speedometer

මිනිසුන් තුළ ඇති හීන මානයට බොහෝ විට හේතු වන්නේ බාහිර බලපෑමය. නැත්නම් බාහිරයත් එක්ක සන්සන්දනය කරන්ට යෑමයි. තමා කිසි වටිනාකමක් නැත්තෙකු , කිසි දක්ෂතාවයක් නැත්තෙකු යැයි සිතීම , අනාගතය පිළිබඳ අවිනිශ්චිත බව , උනන්දුව අඩුවීම , තමාගේ පවුලේ අඩු පාඩු , පෙලැන්තිය වගේම තමාගේ ශරීරයේ පෙනුමද මේ හීන මානයට සාධක වේ. ඔබ දන්නවාද , හීන මානය ජාන තුළින් පරම්පරාවෙන් පරම්පරාවට යන එකක් බව. ?

ධනවතෙකු තුළ ඇති මාන්නය මනින මානය මුදල් . බැංකු ගිණුම්. උගතෙකු තුළ ඇති මාන්නය මනින මානය ඔහු ලබා ඇති සහතික ,උපාධි.
ක්‍රීඩකයෙකු තුළ ඇති මාන්නය මනින මානය ඔහු ළඟ ඇති කුසළාන. සහතික.
තව එමටයි.
රටේ විවිධ ආයතන වලින් රැස් කරන දත්ත , අතීත දත්ත හා සන්සන්දනය කර අනාගතයට එය ගැලපීම
මහ බැංකුවෙ , මුදල් අමාත්‍යාංශයේ උගතුන් හදන අය-වැයයි. හිටපු ප්‍රේමදාස ජනාධිපති කීවේ, “මට ඕක බස් ටිකට් එකක අනික් පැත්තේ හදල පෙන්වන්න පුළුවන්” කියල.
තමා තුළ නැති එහෙත් අනික් අය ළඟ ඇති උගත් කමට කරන සමච්ච්ලය නේද මේ ? මෙහි ඇත්තේ හීන මානයයි.

අපි දවසක් ගියා ලංකාවේ කෝටිපති මුදලාලි කෙනෙක් ළඟට. යම් දෙයක් සඳහා ආධාරයක් බලාපොරොත්තුවෙන්. ඔහු අත්සනවත් ගහන්න දන්න කෙනෙක් නොවේ. එහෙත් ඔහු යටතේ සේවය කරන්නේ.. ඉංජිනේරුවන් , දොස්තරවරුන් ,ගණකාධිකාරින්.
ඔහු ඔහුගේ අකවුන්ටන්ට කතා කොට , ” අයිසේ මෙන්න මේ වැඩේ කරල දෙනව ” කියල කිව්වා.

විමල් වීරවංශ ඇමතියා මේ ළඟදී කියල තියෙනව එයා විශ්ව විද්‍යාලෙ නොගිය එක ගැන සතුටු වෙනව. කියල. එක පෙළට තියල මතකයන් ඇවිස්සීමෙන් කෙනෙකුගෙ උගත් කම මනින්න බෑ කියල.

මට ඒක දැක්කමයි මේ සේරම ලියන්න හිතුනේ. අපි ඉස්සර මෙඩිකල් ස්ටුඩන්ලට විහිළු කළා , “උඹල කට පාඩම් කරල හැම දෙයක්ම කරන්නෙ” කියල.
කාල් මාක්ස්, ලෙනින් , එන්ග්ලස්ල කියපුව කට පාඩම් කරල ගිරව් වගේ කියවල අපේ අහින්සක කොල්ලො කෙල්ලො ටයර් උඩ යවල පේනවද මේ යකා මේ කියන කතා ?

This entry was posted in Uncategorized. Bookmark the permalink.

10 Responses to හීන මානය

  1. Alchemiya පවසයි:

    ඇමතිලාගෙ මොළය ගැන මම දැන් කතා නොකරන නිසා මෙහෙම කියනවා…
    මටත් තියෙනවා නව මානයක් ගැන හීනයක්… අපෙ මිනිස්සු මේ හිතන විදියෙන් උන්ව වෙනත් මානයකට ගෙනයන හීනෙ මගේ හිතේ තියෙනවා. නමුත් ඒක හීනයක්ම වෙන බව මට දැන් හිතෙනවා…

  2. praveena පවසයි:

    අපි ඔක්කොටම ටික ටික පිස්සු. ඒක නම් ඇත්ත. ලියන අයට වැඩිපුර පිස්සුලු. එහෙමනම් ඉතින් අපිට වැඩියෙන් පිස්සු. 😀

  3. නිර්නාමික පවසයි:

    විමල් තුමාගෙන් අහන්න ඕන ප්‍රශ්නෙ ඔබ අහල තිබෙනව!

ප්‍රතිචාරයක් ලබාදෙන්න