බුකී වැසියෝ ! ගරුවගේ Mix එක දිනක් උදයෙන්ම නැගිටලා..යන්න කලියෙන් කන්තෝරු., ඇදේ එතැනම වැතිරිලා…බැලුව..බුකියේ..පින්තූරු. ! කසුන් නම් ජිම් එකේ..එක අතක් පිම්බිලා, ප්‍රභා නම් උයනවලු…අල මදිලු තැම්බිලා. අස්වාන් පැටලිලා..සුමිත් එක්කල ආයෙත්, ලයික් නම් වැටෙනවා..’සිංහ ලේ’ කකියවන තාලෙත්. නැගල යනවා මගේ.අයි ලව් යු..පෝස්ට් එක, හැමොටම ප්‍රශ්නෙ දැන් ..රුමේශිගෙ කොමෙන්ට් එක. එලෙක්ට්‍රික් වැඩිවෙලා..වැඩක්..නෑ බජට් එක, අනුරාධ හදාගෙන..උගෙ පරණ ෆියට් එක. ඇවිල්ලලු..සුරාජ්ගේ..බන්ඩ්ල් ඔෆ් ජොයි.. එලියට, නිකී ගේ ටැටූ එක…මදක් ඉහලින්..බු
කියන්න ! ගරුවගේ Mix එක නුඹ දුටුව සිහිනේ තැනක.. මා සිටියාද..කියන්න..! මා නොමැති බව..දැන දැනත්… එය..වින්දාද කියන්න…! අවදී වී එක වෙලාවක… ඔබ…ලග නේද…බලන්න..! දැනුනෙ නෑ මට…නුඹ ගිහින් බව… සිහිනයක් නේද මේ….කියන්න ? හැපි හැපී ගල් පරවල…රළ බිදෙන හැටි…බලන්න… යන්න එනවාද ආයෙ සැරයක්…. පාලුයි නේද …කියන්න ? ගැහි හැහී සීතලේ ගුලිවී… මල් පිපෙන හැටි …බලන්න.. ගිහින් එමු නේද…ආයෙ සැරයක්…. එනවා නේද…කියන්න ? ...
මල්..මල්..! ගරුවගේ Mix එක මල්…මල්… හැම තැනම…නොපිපෙන… හැම දනම..නොදකින… දකින්නකු …නොනෙලන… මුදු පුසුඹ..සපිරුන… ! මල්…මල්… තැන නොතැන ඔහෙ පිපෙන.. හැම දනම නිති දකින… බොහෝ දන නෙලාලන… සැර පුසුඹ..විහිදුවන…! මල්…මල්… හැම තැනම…සුපිපෙන… හැම දනම..නොදකින… දකින්නන්..සිප..විදින…. මුදු සුවද…විහිදුවන….! මල්…මල්… ...
– හිච්චි – ගරුවගේ Mix එක තණ බිස්සෙ විසි වෙච්ච…සුදු පාට මල් පිච්ච… අතු පතර..හැංගිච්ච…පොල් කිච්චො..ගුලි වෙච්ච… කලු වෙච්ච…ආකාසෙ…වලාකුලු විසිරිච්ච… කිම ‘හිච්චි’ නුඹේ මූණ..මලක් වගෙ පරවෙච්ච…? රිදෙනවද..හද නුඹේ…ආල පා පෑරිච්ච… හඬන හඬ ඇසුන මට…සිටි නමුත්..නෑසිච්ච… බලා ගත් බැලූ අත…දෙදොහක්ම…රෑ වෙච්ච… කොහි ‘හිච්චි’ නුඹේ හඳ ….ආකාසෙ..පාවෙච්ච…? වන් පච්ච…වෙල් යාය.. අස්වැන්න..බර වෙච්ච…. දීග තල යන්ට හරි…කල වයස
පියාඹන්න ! ගරුවගේ Mix එක බොහෝ ජනයා යනෙන තැනකට.. ඉල්ලගෙන දේව..වරමක්… කල්පනා කොට..මාත් හිතුවා… යන්න ආයෙත් සැරයක්….! හීන් වැහි පොද එකින් එක විත් වෙලා මහ සුළි සුලගක්… වහිනකොට ඇති තරම් ඇඩුවා…. කදුලු පිහදන්නෙ..නැතුවත්…. හිත සවසක…හඳ දකිනකොට… හිතුව…තාම නුඹ…මගෙමත්… පන්සලේ…හැම තැනම බැලුවා…. හිටියෙ නෑ …බෝ මලුවෙත්….. ඈත රටකට…පදිංචියකට… ගියා..කියලා ඇහුනත්… නිතර..නිතරම ..මතක් වෙනවා… නුඹේ සියුමැලි…මුහුනත්… හීතලේ..හිම කබායක
ඔහු සහ ඇය ගරුවගේ Mix එක යාරා නිම්නයේ..කෙලවරක… අනන්තය සිඹින…මිදි වත්තක… තොලගානු දුටිමි..ඔබ…., රක්ත පෑ මදු බදුනක්…. සගවමින් දෙඇස්…. ක්ෂිතිජයේ..විටින් විට…! සියුමැලිද..ඒ දෙතොල් තවමත්.. රතුයි…තොල් සායම්..නැතුවත්.. ඇවිත් ඔබ..ලගින්..නවතින්න..හිතුවත්… දැනුනා… දුරයි….බෝම…අපේ හදවත්…! ගාලු කොටුවේ..බැම්මක… රළ…හැපි හැපී හඩන…ඉසව්වක… බලා සිටිනවා..දුටිමි.. ඔබ… ඉර ගලින් එහා..නොපෙනි..යනතුරු… ඡායාව…නැව්..වල… දීප්තිමත්ද…
කටු ! ගරුවගේ Mix එක හදේ විසිරුනු..ආදරේ මල්.. පොකුරු පොඩිකර…නුඹෙ…පයින්…. ජීවිතේ..යටිකුරුව..හරවා.. පෙන්වලා..මට එක…රැයින්…. නොයෙක් සෙවනැලි..නුඹේ..හද..අග… අත වනන බව..දුටු සෙයින්…. මගෙ ලගම..මටවත්ම..නොකියා… නික්මිලා..නුඹ…මගෙ..ගෙයින්…! ඇනුනු..කටු…හද..පතුලෙ ගැඹුරෙම… රිදුම් දෙනවා..බෝ ..සෙයින්…. හුදකලාවී…කාන්සිය..මැද…. ගලවමින්..කටු..හෙමි..හෙමින්… ඇතැම් තැන්වල..ඇමුණු..මතකය… ලිහාලන්නට..බැරි හෙයින්… නැවති..නැවතී…නැවත..ඇඬුවාR
එනතුරා ඔබ ! ගරුවගේ Mix එක පල්ලියේ සීනු හඬ… ඇසෙන මානේ තැනෙක.. නවතා මගේ හදවත..ගියා මම දුරෙක…! විඳිනවා ඇති…ඇය..පහස…. උඳුවප් මහේ..සීතලේ… ගයනවා ඇති ගීතිකා…මුදු හඬින්.. සෙනෙහෙ පා ලොව කෙරේ… සිනහ තුටු වදන් මැද.. තරු දිලෙන…නත්තලේ මැදියමේ…. දන්නවා ඔබට…අමතකව නැතිබව… මා බලා ඉන්න බව.. එනතුරා ඔබ…අවදියෙන් ! පුරා සඳ….නුබ..රගන කඩුපුල් පිපුනු..එක් රෑක…. ඝන්ඨාර හඬ අතර….හැගෙනවා…මට නිතර… එනතුරා…මම ..නැවත….. බලා…ඉන්නා…බව.. ඔබ̷
ජීවිතේ ! ගරුවගේ Mix එක රැල්ලකට අසුවුන.. ගසාගෙන විත් වැටුනු…මුහුදට…, රැල්ලකට අසුවුන… පාවෙලා ගොස් වැටුනු..වෙරළට…! ඇවිදිනා කෙනෙක්..වෙරළ..හිස් ලූ අත…. රැගෙන වැලිගසා..වෙරළෙන්….සුරතට… විසිකලා..නැවත…මුහුදට… පිහිනනා කෙනක්…මුහුදු දිය රැලි මැඩ…. පැටලුනෙන්….ඔහුගෙ…කකුලට… විසිකලා..ආයෙත්..වෙරළට…! මුහුදේද…වෙරළේද… වෙරළේද….මුහුදේද ? රැගෙන යාවිද…වෙරළෙන්..ගොඩමිබ දෙසට… පාවී යාවිද…මුහුදෙන්..තවත් මුහුදක් වෙතට… ? ...
වැහි බිංදු ! ගරුවගේ Mix එක නිමක් නැති ආකාසෙ. . බොහෝ දුර ගෙවා විත්.. මගෙ දෑස් මානයෙම බිදෙන්නට හිතුනෙ ඇයි ? සෙනසුරාදා සවසක.. බරදී…බැල්කනියෙ පුටුවක… බලා ඉමි…මම…බිදී…යන හැටි… නුඹ වගෙම…බොහෝ දුර.. ගෙවා ආ මගෙ…හීන.. නුඹ බිදෙන…ඉසව්වට.. ඉර එලිය වැටුනාම… දේදුන්නෙ… නෙක..පාට… මැවෙනවා…හැමදාම… මගෙ හීන බිදෙන තැන… ඝණ අදුර…මකන්නට.. හිරු එලිය..එක්ක නුඹ.. කවද හරි එනවාද…? ...
ඇය නෙමේ ! ගරුවගේ Mix එක ටොරින්ටන් වල නාගහක් යට නවත්තපු කලු බෙන්ස් එකේ ගැහැණියක් අඬ අඬා හිටියා.. දැක්ක මම යන්තම් වගේ ! වැටුනු කොල විසිකරපු දේවල් අහුල අහුලා ගිය වෙලේ.. තමයි දැක්කේ…අඬනවා ඇය.. හිටිය තවකෙක් කාරෙකේ ! ගිහින් ලගටම අහන්නත් බෑ.. වරද මගෙවෙයි අන්තිමේ.. ඒත් මට නම් බලාඉනු බෑ.. ගෑණියක් ඇය මා වගේ ! ඇතැම්ව්ට පොඩි දෙයක් වෙන්නැති ආදරේ මදිවී වගේ..! ඇතැම්විට ලොකු දෙයක් වෙන්නැති ...
චෙරි ! ගරුවගේ Mix එක රැගෙන විත් ඇය අද…රොස මල් පොකුරක්… සුපිපුන..ලැමට..තුරුලු කරගෙන…, සගවමින්..දකුනැස….කෙටි..කෙහෙරැල්ල යට… ගැටෙන තුරු..මා ඇස…ඈ..නීල නෙතු යුගලට… බලා සිටියා ඇය දෙසම …මම ! රිදුම් දෙනවාද..දන්නෑ….සියුමැලිවු…කන්පෙති…. බොහෝ තැන්..විද..ඇති….. හැඩුම් එනවාද..දන්නෑ…වමැස..උඩ…දිලිසෙන… රිදී ගෑ…තොඩු පෙති…. කවුරු ඇන්දාද..දන්නෑ…වමත…මත..ඇති..ලියවැලි… කවුරු මැව්වාද..දන්නෑ..චෙරි පැහැ..සිනිදු..තොල් පෙති….! විට
දුර ගෙවල් ගරුවගේ Mix එක යද්දි ගෙයින් ගෙට කුලියට නැති උනා බොහෝ දේ මට පුංචි ඇණ මුරිච්චි එහෙමත්.. කැඩුනු සෙල්ලම් බඩු.. ආදරෙන් රැකගත් තෙරක් නැති මතකත් … යාන්තම් හදාගත්… එක මලක් පිපුණු.. රෝස පඳුරත්.. හදන්නට අපිට හෙවනක්.. තාත්තට හීනයක් තිබුනත්… එකතු වී නෑලු තවමත්… ඕනෑ තරමට මුදලක්… මල්ලිටයි මටයි කාමර දෙකක්.. ලොක් එක අයිති ගේට්ටුවක්.. පිඩලි අල්ලපු මිදුලක්.. තිබුනා නම් කොච්චර හොඳඳ.. ඇවිදින් අම්මගේ ඇහැට ...
ශීතයේ මම ! ගරුවගේ Mix එක ශීතයේ …, බොහෝ නිසසල රැයෙක, මියෙන්නට …තතනන..ගිනි උදුන ලග…පැද්දෙන…පුටුවක…, මතකයන්…නුඹ ගැන.., ගුලිකර…විසි කරෙමි…දැවෙන …උදුනට. සිතමින්, උනුසුම් කරාවියැයි…මා සිත… නැවත්…හිරු නැගෙන තුරු…මේ රැය.. පුරාවට….! ඇසෙනවා…හිම පියලි…. තුරු පත් වල…ගැටෙන…ඒ සද්දේ. සිතෙනවා..ඒ ඔබමයි…. දොරට….තට්ටු කරන්නට…ඇත්තේ. එක වරක් ලංවෙලා…වැලද ගන්නට ඔබව….සිත්සේ. ඇවිත් යනවාද…මා මියෙන්නට පෙර… කවදහ
මල් ! ගරුවගේ Mix එක තැලූ කැකුලු මල් ඇත, උන් වත කැලලී.. පිපී සුවද දෙන මල්, බිගු වසගෙට ගනිතී.. පරවුනු මලක උණුසුම යන්නට පෙරදී.. ඒ මල සිඹින වියපත් බඹරෝද වෙතී.. කල් යල් බලා ඔච්චම් කරමින් කෙලිලොල්.. දැනගෙන නොදන්නා බව, තේරුම සරදම්.. පීදෙන කලදි වැටහෙන විට සිදුවූ කම්.. නොපෙනෙන කැලලි ඇත වත, දිවි තිබෙනා කල්.. ගෙන ආ බවට අකලට පරවූ කුසුමක්.. තොරතුරු රැගෙන, අතමිට ගුලිකොට පනමක්.. ...
රහස ගරුවගේ Mix එක යුරෝපයේ දුර රටක.. විසල් ගොඩනැගිලි අතර… ඒත් ලිලී මල් පිපුනු..වීදියක… පාරට මූණලා තිබුන… ලී නොවන ලී වගෙම බංකුවක…. නිල්පාට අහස සීත මදනලේ පහස බොහෝ කල් රැකගෙන සගවාගත් රහසඅ හන්නට… රඟන්නට… හූමිටි තියන්නට… කවුරුවත් ඒවිද.. ලගින් ඉදගෙන ඉන්නට.. සවස..! ...
මිදෙනකන් සිහින විලාසෙන් ! ගරුවගේ Mix එක දුටු දුටූ තැන..තොල් සිඹින නුවරුන්… මත්ව ආලිංගන…මුලාවෙන්… වැටි වැටී…ඇවිදින කෙනෙක් වෙත… අත පා ..සියුම් සිනාවෙන්… පෙති පෙතී…හැලෙන..මල් ගොමුවල.. මලක් ගෙන අතට…සමාවෙන්… පෙනි පෙනී..නොපෙනි යන නුඹ… සොයනවා..මම තාම පමාවෙන්…! නිති නිතී…රිදෙනවා හදවත… ලඟ නොමැති නුඹ… වියෝවෙන්…. සිටි සිටී ..කලෙක..මොණර සේ රණ…. රැගුම් පා ආල ..නුරාවෙන්..! මැරි මැරී උපදි ..භව අතර අප.. සැරි සරන ..මුග්ධ …විලාසෙන්.. රිදි රිදී…ගමන…දුරය
වැස්ස ! ගරුවගේ Mix එක ජීවිතේ එක් තැනෙක..නැවතුව.. ආදරේ මා හදම … රැවටුව…. තෙමී..නොතෙමී..තෙමුන…. සිහින් පොද..වැස්සද….මේ වැටෙන්නේ… ? එක පුංචි කුඩය.. යට… තුරුලු වී…හද..ගැසිම..නැවතුන… තෙමී..තෙත..බරිත උන.. අනෝරා..වැස්සද..මේ..වැටෙන්නේ….? සොයා..එන..සැඩ..සුලග…. නුඹ..ගැනම..රහස්..පැවසුව… දෑත්…දිගුකර..අහසට..තෙමුන…. ආදරේ…මෝසමද…මේ වැටෙන්නේ….? තෙමී…කප් කල් පුරාවට..සසරෙම.. මතක හෙවනැලි…බොහෝ..රැදවුව… විවර කර..මුලු..හදම…වැස්සටR
සව්දිය !! ගරුවගේ Mix එක අතරමන් වීමි….. කතරක…. දිය බිදට කාසි සෙලවෙන !!!!! ඔවුන් දිග කබා..දුහුල් ලොගු හැද.. හිස වසා..හැඩ වැඩ දැමූ රෙද්දෙන්…. සිනාසෙයි…..මහ පාර අද්දර… පෙරදිනට නොදෙවෙනි ..දාහය… ඇස් උගුලුවාලන ..හිරු කිරණ.. පලවා දමයි ..ඔවුන්.. ලෙන්ගතු කමින් හිනැහී….. අපි.. රත් වූ වැලි කැටැ දිලෙන… තාර දියවූ මාවත් දිගේ… ඇස් හකුලුවා..ඇවිද යයි… මොඩයින් සේ ටයි..කොට් පැලද !!!! ...