- රජුගේ අසරුවො - ගරුවගේ Mix එක දෑස් බැදි මිනිසුන්… දුවයි..ඒ මේ අත….. දෑත් බැදි ළදරුවන්…. විසල් පිට්ටනියක….. රජුගේ අසරුවන්…. සෑදලය..නැති අසු මත…… පිම්මේ දුවයි…. කොච්චිය අල්ලන්නට…. මේ සියල් මැද… හති අරිමු අපි… වෙනකෙනු දිව දිනූ තරගයකට….! ...
“ඔරායන්” ගරුවගේ Mix එක රල පෙරැලී එන..මහ සමුදුර මැද… තනිවෙලා.. යන එන පාර …නොදැන.. හඩනා කළ… “ඔරායන්’ පාර කිව්වා මට….. ඒ ලෙසටම… හසරක් නොදැන..ගෙන්දගම් පොලොවේ…. අතරමන්ව… මං සොයනා කළ….. අහසේ ඔරායන් ලෙසම හිදගෙන… පාර කිව්වා නුඹ………….. වැරදි අතකට… පසුවයි වැටහුනේ… ගෙන්දගම් පොලවේ.. නුඹත් තවත් එක්…. දඩයක්කරුවෙක් පමන බව…..!!!! ...
කල වයස ! ගරුවගේ Mix එක නොඇරුනු ලියුම් පෙට්ටිය තුල…. ඉස්සරහ මේසෙ උඩ…. ටීවි එක ලග…පැත්තක…… කෑම මේසෙ..පිගන් ගොඩ යට ….. ජැන්ඩියට ඇදගත් …කොල්ලො…. බලා ඉන්නවා… මගේ නෙත ගැටෙනකන්…. ම්ගේ හිත නැවෙනකන්…… !!! ...
– ‘බුවනෝස් අයරෙස්’ – ගරුවගේ Mix එක දිනක් සීත සැන්දෑවක…, මාවතක දහස් දන පිරි…, වීදි පහන් ලා එලිය අතරින්…., දුටුවා සුරගනන් නටනයුරු ‘ටැන්ගො’ ! ඇවිදිමින් බලබලා…, නොයෙක් දේ වීදුරු කවුලු අතරින්…, හමු උනා කලු කබා ඇදගත්… මිනිසුන් කීප විට…, ‘කැම්බියෝ’ කියා ආචාර කල අප හට…! එක් තැනෙක..මැජික් කරුවෙක්…, තව තැනෙක…රඟන නලුවෙක්…, තැනින් තැන…සැරිසරන…, බ්රසීල..තොරොම්බලි කරුවෙක්.. ! ගොඩනැගිලි..අහස් සිඹි…සියස් ගනනාවක්…, එක කොනෙක…නෙතු යොමන…
හවසක ! ගරුවගේ Mix එක ගියා.. කීප දිනෙකම..තොටුපොල ලගට… නසා ගන්නට දිවි ..පැන..වලවේ ගඟට… හමුවුනා..ඒ හැම දිනම…හවසක… ඇවිදින…බණ පොතක් සමගින් කෙනෙක්…වයසක….! පළමුදා….. ආවේගයෙන්..ඈ ගැන…. නොහදුනනා…බව සිතා….ඈ..මා හදවත….. ගියා තොටුපොල ලඟට….හනිකට….. ඔහු කියූවා…. විවාහය..ආදරෙන්…ගෙවුනු හැටි …හැට..වසරක…! දෙවනදා….. තරහින් පුපුරමින්…ගෙහිමියා ගැන….. සල්ලි නැති කල කුලිය..ගෙවා ගන්නට…. ගියා තොටුපොල ලඟට…. දුවගෙනR
– පටන් ගත්තා…විතරයි ! – ගරුවගේ Mix එක එලි බසිති…..දිග ඇරෙති… එකින් එක….. සමහරක්….කලුයි ..දිගයි….. සමහරක්…නේක පාටයි….. පොඩියි……. සමහරුන්ට නැත…… සමහරුන්…සගවාගෙන….. අනුන් දකීවියැයි….බියෙන්…. ඇතමෙක්…ඇතුලටම….අත දමා…. සොයයි……… ඇතමෙක්…..රැගෙන… එලි පිටම……….. නැති නිසා .. තවකෙක්… බලා සිටී ඔහේ….. මොකුත් කරගත …නොහැකිව….. තවකෙක් ලගට එන තුරු…….. ඵලක් ..ඇති කුමට…?
-මම නුඹව නොබැන්දෙමි !- ගරුවගේ Mix එක උනුහුමට ගැටෙයි.. දෙතොල් සීරුවෙන්… මම නුඹ සිඹිමි….. අතරමන්ව අතැගිලි ලූ ලූ අත….. සිරුරත… මම නුඹ….ස්පර්ෂ කරමි….. වැසී අඩවන්ව …දෙනත්…. නුරා…මත් කොට…. වැසුනු…නෙත් මා…ඉදිරිපිට…. මම නුඹ….දකිමි…. හුයෙන් බැදි දහසකුත් බැදීම…. උඩ පහල යමින් මා මත…. අවැසිය…සිදිමි….. මම නුඹව නොබැන්දෙමි…..! ...
-තව වතාවක් - ගරුවගේ Mix එක එනවලු ලබන සිකුරාදා.. සිදාදියෙන් මහත්තැන් නෝනලා පිරිසක්…, අරගෙන පොත් පත් පෑන් පැන්සල් එහෙමත්.., හැමෝටම හම්බෙනව වටිනාකියන දේ බොහොමත්…, ටීචර් කියාගෙන ගියා..පංතිය නිශ්ශබ්ද වනතෙක්… එදාට තෑගි බෙදා දෙන්න.. තියනව පුන්චි උත්සවයක්… පුරුදු වෙන්න ඔනේ හැමෝම හොද සින්දුවක්… ඇදල එන්න ඔනේ ලඟ තියෙන හොදම ඇදුමත්…. ටීචර් කියාගෙන ගියා හැමෝටම නො ඇහුනත්…. හිතා ගත්තා මමත් කියන්නට ලස්සන පොඩි සින්දුවක්… පුරුදු උනා ගෙදරදිත් හොද ...
- වැරදුනා බස් රිය – ගරුවගේ Mix එක ජීවිතේ එක් ශීතල නිශාවක.., වැරදුනා මට අන්තිම.., බස් රිය… පොදි බැදන් ජීවිතය…, කර මතින් රාජකාරිය…, ඔරලොසු කටු කරකැවෙන…නිශාව …, දැනුනෙ නෑ දිගුව ඇති බව… ඈතින් පෙනේ ලාම්පු එලි..මීදුම කපන.., හපුතලේ කන්ද නගිනට තතනන …ලොරියක.., යා යුතුයි…ඔවුනට පෙනෙනෙ දෙසකට.., දන්නවා ඔවුන්..ජීවිතේ බර හොදටම… අතදමා..එල්ලිලා..වේගය බාලවුනු ලොරියට… කිය කියා හඩනගා…ආගිය විස්තර..තරගෙට…. හඬනවා…එංජිම….බෑ බෑ කියන තරමට… ගෙවෙනවා..ජීවිතය…දින..පැය..තත්පර&
- හාදවී - ගරුවගේ Mix එක නෙතු හාදවී අදුරට.. නේක පැහැයෙන් දිලෙන එලියට… තොල් හාදුවී රසයට…. තිබූ බොතල් පිරී රතුවට… සිත හාදවී වදනට… වැටී සියුමැලි නදින් සවනට… ගත හාදවී පහසට… නොකී කවුරුත් නොදත් රහසට…! අන්ජනද…කොකුම් ගා කෙදින නුදුටුව වෙසකට… කසී සලු දුහුල් ඇද… විනිවිද පෙනෙනෙ විලසට…. තාලයට අග පසග … නලවමින් ගෙනෙන රසයට… මත්වෙලා පියඹන….. මොණරු හැංගෙයි…. පිහිනන්ට තතනන….හංසයින් යට ! ...
- ඇතීනා - ගරුවගේ Mix එක ඇතීනා දෙවඟන.., වැඩි වගයි අපෙ කුස්සියට…, ග්රීක සොල්දාදුවකු සමගින…, පසු පසින් ඔවුනගේ…, ජුලියස්ගෙ දෙසැම්බරය…, ගෙවී යන අපූරුව…! හැමදාම උදේ හවා…, ලිපේ ඉදෙන හොද්දට…, වැටෙන තුන පහ මැද්දට…, ඉවසාගෙන සැර පුසුඹ…, ඉන්නවා ඇතීන නොබියව….! තව කීප දිනකින්.., පෙරලෙයි පිටු දුරුත්තට…, ඇතීනා…ඔබ ඉවසාගෙන ඉන්න…, කිරිබත් ඉදෙනවා ලඟදිම…., අලුත් අවුරුද්දට…! ...
ෆූඩ් කොර්ට් !!! ගරුවගේ Mix එක උදැහැනැක්කෙම… ඇය ඇවිත් රාජකාරියට….. තැන තැන පුන්චි කුටිවල…ඉදෙයි රස මුසු භොජන…. ඇය සෙමෙන් එක කොනෙක සිට.. බලාගෙන යයි හිස් මේස දෙස… තව නොබො..මොහොතකින් .. මේස පිරෙනා බව දැන දැන…… දහවලට…පැමිනෙයි බොහො දන…. බුදින්නට පමනක් නොව…. වෙලාවත් කන්නට….. වැඩි වෙලා රැදෙන වුන් එලවන්නට…ඇයටයි ඇත්තේ අයිතිය….!! බොහො අය මෙහි එති..අරුමොසම් පැලද….. නිල කොල විසිකරති… අඩක් කා විසිකරන කෑමට… ඇතමෙක් පෙම්බසින් වෙලෙයි… පිරිසක් ...
බදුලු දුම් රිය !!! ගරුවගේ Mix එක රෑ බදුලු දුම් රිය ….. මකාගෙන ගත… පීරනා සීතල…. ඇතුලු විය හෙමිහිට …….සින්ගිමලේ බින්ගෙට…..! කදු මුදුන්වල…මොදු වුනු….පිනි බිදු…. රූටා.. හැලුනි පහලට ….! රින්ගා…..ඝන… පයිනස්..කැලෑව අතරින්…… කඩතොලු….මාවතේ…… ගැස්සි ගැසිසී…… පැද්දි ….පැද්දී…… අපහසුයි…….දුර්ගය…… හඩ තලාගෙන……ගමනේ…. දුම් රිය…… එකක් බදුල්ලට….අනෙක කොළඹට…. වෙර ද
මුහුදු සුළං ! ගරුවගේ Mix එක කිමිදෙන්න..මොහොතකට..පෙර.. හිරු යවට… ඉන්දියන්..සාගරේ..මුදු…රැලි..අතර… විදින්නට..රාස්සිගෙ..අව්ව…දිදුලන…අවට.. යුවලක්..ඇවිත්..වෙරළට… බොහෝ කලකට..පසුව..! ජීවිතය..ගැණ..වෙරළෙ..වැලිකැට..ගානට… ජීවිතය..විද…නොසෙල්වී..වාරකන්..කාලෙට.. සුදු වෙච්චි කෙස්..කුදු වෙච්චි කොන්ද…නොහදුනා..ගානට.. ඇවිද යයි..වෙරළ..මත… රැළි..ගල්පරවල..බිදෙන..තාලෙට…! අහුනාද මේ ! පුත්තුන්ගේ තාත්තේ.. අරන් දෙනවාද..වඩයක්..ඉස්සෙක්..සරසලා..ඇති.. අරන් දෙනවාද..අයිස් පලමක්…කජු කුඩු..ඉස ඇති..
වසන්ත ! ගරුවගේ Mix එක දෙනෝ දාහක් යනෙන… අපිරිසිදු….මාවතක… ලෑල්ලක්..දමාගෙන..අයිනක… හෙවන ඇති..තැනෙක… පිහදමින්..දහදිය… නලලතින්..රූටා..හැලෙන…. මොර දෙමින්..සොයන්නට..කාසි… දිවියට..නැතුවම බැරිම..! තනි පාට..ජංගි….මල් මල් වැටුන…. නෙක..පාට..බ්රෙසියර්… ලේස් ලියවැල්…මැවුන…. කලු..කොට..සායවල්.. පැත්තක්..පැලුන… සුදු පාට..ටීශර්ට…. මයිකල්..ජැක්සන්..රගන….! සුමනක්කලා.ඇවිත්…හයිය..ඇතිදැයි බලන…. සදමාලි…අරුණගෙන්….කොට වැඩී දැයි…
Enrique වෙන ඇහැකින් ! ගරුවගේ Mix එක තියෙනවා සංගීතයක් …හවසට…, එනවලු දහස් ගනනක්… එතනට…, ගියොත් අඩු ගානෙ…. ලඟකට…, සොයා ගත හැකි…එකෙක්….මුලු රැයකට….! මැඩම් ඇවිදින් කිව්වම…, ඇදගනින් උඹල දෙන්නම…., දාන්නම් මම ගිහින් ලඟකට…, පුලුවන් නම් රිංගපන්…ඇතුලට…! ඇඳගෙන තිබුනු…ලස්සනම ඇදුමත්.., තවරගෙන..පුරය..පැරිස් විලවුන් එහෙමත් .., හිත..හිතා…රාත්රිය…සරුවෙන්න..කියලත්.., පුදුමයෙන් බල බලා…ලස්සනයි නේද කොළඹ අහසත්…..! දිගයි පෝලිම…බොහොම දුරකට…,
ආදරේ ! ගරුවගේ Mix එක අතු පතර… පැටලි ගෙන… මාර ගස්….පෙලෙහි… රීඩ් මාවතේ… හමන සුළගේ සිසිල… සගවගෙන තවමත්… නුඹේ …ආදරේ ! තුරුලු වෙනකොට… ලගින්… සොයා…. ඇය…උනුසුමක්..හීතලේ.. දැනුනෙ…නුඹෙ…හෙලා ගිය.. කදුලු වල…රස්නයයි…ආදරේ ! සොය සොයා.. තරු අතර… සද නොමැති…දිනෙක…ආකහේ… ඇය…සොයා දුන්නේත්… නුඹ සෙවූ තරුවමයි..ආදරේ ! කවද හරි…ඈ එක්ක ඇවිදින්න ඔබ සමග ඇවිද ගිය මාවතේ ! මකනවද ඔබ තැබූ පා සටහන්.. ආදරේ ! ...
මකුලු දැල් වියන්නා !! ගරුවගේ Mix එක වස්තුවම එක මල්ලක… තියාගෙන ..කර….. නැතේ නියමිත තැනක්……. මුත් ගොදුරු නැත…..හැමතැන…… සිතුනොත් මෙයැයි..තැන…. බිම තියා සිය වස්තුව…. රෙදි පටින් ඇමිනූ…… පැටලුනු ..නූල ගෙන…. වියයි……ඔහු ජිවිතේ වියමන …………! සොයා සවි ඇති කොන්…. පටලවා ඉලිප්පුනු ..තැන්වල….. හැඩ.. නැතත් ….වියමන…. එයයි..තැන….ඔහු …..ජිවිතය එල්ලන …., එල්ලා..දිලිසෙන ..තොරොම්බල්…රිදී මාල….. ඇන තියාගෙන
අදුසුමන් ! ගරුවගේ Mix එක ඇය.. රවටා තමන් සිත… නොදකීවියැයි..සිතා..ලොව… නෙක නෙක ඇදුම් ඇද…. ගිලිහුනු..කරවටින් පහලට… දුටු දුටු….සැමත්..දන…. දැනන්..සගවන්න..උත්සහ..කලබව… අහෝ රවටා..උනුත් සිත… සිනාසේ අදුසුමන්..’පටියට’ ...
උසම කඳු මුදුනක ! ගරුවගේ Mix එක ඈත ක්ෂිතිජය පෙනෙන… උසම..කඳු මුදුනකට….. රැගෙන යමි..මම..නුඹව…. රැගෙන යමි..මම..නුඹව….! හාත් පස ලහිරු..කිරණත්… දැවටෙනා..ගත..සියුම්..සුලගත්…. විහගුන්..නගන..හඬටත්…. වශී වී..මම.. වශී වී…ඔබ…! ‘නිරිතින්’ ඇදෙයි..මේඝ…වසා..හිරු…. චන්ඩ වෙයි…සුළග…මෙතෙක්..සියුම්ව..හැමු… ලිහිණින්..පලා..යයි…කටෝරඩින්….පලා..තුරු… වසාගෙන..කදුමුදුනතම….වලාකුලු…! ඉවසන්න..මොහොතක්…. තෙමෙමු.. අපි ..අනෝරා.. වැස්සේ…