– ‘බුවනෝස් අයරෙස්’ –

Posted: May 2, 2015 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts
Tags: ,

දිනක් සීත සැන්දෑවක…,
මාවතක දහස් දන පිරි…,
වීදි පහන් ලා එලිය අතරින්….,
දුටුවා සුරගනන් නටනයුරු ‘ටැන්ගො’ !

ඇවිදිමින් බලබලා…,
නොයෙක් දේ වීදුරු කවුලු අතරින්…,
හමු උනා කලු කබා ඇදගත්… මිනිසුන් කීප විට…,
‘කැම්බියෝ’ කියා ආචාර කල අප හට…!

එක් තැනෙක..මැජික් කරුවෙක්…,
තව තැනෙක…රඟන නලුවෙක්…,
තැනින් තැන…සැරිසරන…,
බ්‍රසීල..තොරොම්බලි කරුවෙක්.. !

ගොඩනැගිලි..අහස් සිඹි…සියස් ගනනාවක්…,
එක කොනෙක…නෙතු යොමන…වීදි ගනිකාවක්…,
හිනැහෙමින්..තුටුවෙමින් ..ගැහැනුන් ළමුන් රූමත්..,
ඉරිදාට ‘සැන් තැල්මො’ ජන ගගක් අපි කවුරු නාවත්..!

ඉල්ලයි යමක්..කෙනෙක් යදිමින්…,
දෙදෙනෙකු සිපගනී…ආදරය..විදිමින්…,
සප්පායම් වෙමින්…රාත්තල් මස් බුදිමින්….,
‘කිල්මෙස්’ බීර බී..හොදට පදමින්..!

හඩනවා ඇසෙනවා ..’රෙකොලෙතා’ සොහොනට…,
නැව් හෙමෙන් ඇදෙනවා…’මැදේරො’ වරායට…,
‘ඔබිලික්සුව’ පෙනෙයි..කොයි තැනත් ..ඈතට…,
‘ෆ්ලොරීඩා’ වීදියේ…’පසිෆිකෝ’ ගැලරියට…!

ලොව ඈත කෙලවරක…,
විදිමින් සියුම් සදරැස්…
තෙජසින් දිලෙන මේ….නගරය….
‘බුවනෝස් අයරෙස්’ !

blog-tatoo

Leave a comment