වසන්ත !

Posted: January 28, 2017 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

දෙනෝ දාහක් යනෙන…
අපිරිසිදු….මාවතක…
ලෑල්ලක්..දමාගෙන..අයිනක…
හෙවන ඇති..තැනෙක…
පිහදමින්..දහදිය…
නලලතින්..රූටා..හැලෙන….
මොර දෙමින්..සොයන්නට..කාසි…
දිවියට..නැතුවම බැරිම..!

තනි පාට..ජංගි….මල් මල් වැටුන….
නෙක..පාට..බ්‍රෙසියර්…
ලේස් ලියවැල්…මැවුන….
කලු..කොට..සායවල්..
පැත්තක්..පැලුන…
සුදු පාට..ටීශර්ට….
මයිකල්..ජැක්සන්..රගන….!

සුමනක්කලා.ඇවිත්…හයිය..ඇතිදැයි බලන….
සදමාලි…අරුණගෙන්….කොට වැඩී දැයි… අහන….
මල්කාන්තිගෙ දුවට…කැමති..පාටක්..හොයන…
අතරතුර…”මල් ප්‍රේමෙ”… කොටහ..ඉල්ලන් ඇදෙන…!

කාශ්ඨක…ගිනි..අව්ව…
සිනා පොඩි..හඩ…තැලුන…
මහන්සිය..කාන්සිය…මල් සුරුට්ටුවෙ එතුන…
මහින්දගෙ…සිරිසේන…කැරැට්ටුව..දිග..ඇරුන…
“රෙදි වසන්තගෙ” දවස….හෙටක්…නොමදැන..ගෙවුන !

blog-tatoo

Leave a comment