ඇය නෙමේ !

Posted: November 8, 2020 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

ටොරින්ටන් වල නාගහක් යට

නවත්තපු කලු බෙන්ස් එකේ

ගැහැණියක් අඬ අඬා හිටියා..

දැක්ක මම යන්තම් වගේ !

වැටුනු කොල විසිකරපු දේවල්

අහුල අහුලා ගිය වෙලේ..

තමයි දැක්කේ…අඬනවා ඇය..

හිටිය තවකෙක් කාරෙකේ !

ගිහින් ලගටම අහන්නත් බෑ..

වරද මගෙවෙයි අන්තිමේ..

ඒත් මට නම් බලාඉනු බෑ..

ගෑණියක් ඇය මා වගේ !

ඇතැම්ව්ට පොඩි දෙයක් වෙන්නැති

ආදරේ මදිවී වගේ..!

ඇතැම්විට ලොකු දෙයක් වෙන්නැති

ඕනෙ නෑ වගෙ ජීවිතේ !

විස්තරේ මම ගිහින් කිව්වම..

සුපවයිස තරහින් වගේ..

අනේ උඹ උඹෙ වැඩක් බලපන්.

උන් බේරගයි ඒ හබේ !

දවස් තුනකට විතර පස්සේ..

ඉරිද දවසක ගොම්මනේ..

කාර් එක යලි ඇවිත් තිබුනා..

ඒ නිසා විපරම් උනේ..

ඇසුන හැඬුමක සිහින් ශබ්දය

අදත් ඈ කඳුලින් වගේ..

ඇහේ කොනකින් හොරෙන් බැලුවා..

වෙන කෙනෙක් ඒ ඈ නෙමේ !

Leave a comment