ජීවිතේ !

Posted: October 22, 2016 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

රැල්ලකට අසුවුන..
ගසාගෙන විත් වැටුනු…මුහුදට…,
රැල්ලකට අසුවුන…
පාවෙලා ගොස් වැටුනු..වෙරළට…!

ඇවිදිනා කෙනෙක්..වෙරළ..හිස් ලූ අත….
රැගෙන වැලිගසා..වෙරළෙන්….සුරතට…
විසිකලා..නැවත…මුහුදට…

පිහිනනා කෙනක්…මුහුදු දිය රැලි මැඩ….
පැටලුනෙන්….ඔහුගෙ…කකුලට…
විසිකලා..ආයෙත්..වෙරළට…!

මුහුදේද…වෙරළේද…
වෙරළේද….මුහුදේද ?

රැගෙන යාවිද…වෙරළෙන්..ගොඩමිබ දෙසට…
පාවී යාවිද…මුහුදෙන්..තවත් මුහුදක් වෙතට… ?

blog-tatoo

Leave a comment