වැස්ස !

Posted: June 10, 2017 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

ජීවිතේ එක් තැනෙක..නැවතුව..
ආදරේ මා හදම … රැවටුව….
තෙමී..නොතෙමී..තෙමුන….
සිහින් පොද..වැස්සද….මේ වැටෙන්නේ… ?

එක පුංචි කුඩය.. යට…
තුරුලු වී…හද..ගැසිම..නැවතුන…
තෙමී..තෙත..බරිත උන..
අනෝරා..වැස්සද..මේ..වැටෙන්නේ….?

සොයා..එන..සැඩ..සුලග….
නුඹ..ගැනම..රහස්..පැවසුව…
දෑත්…දිගුකර..අහසට..තෙමුන….
ආදරේ…මෝසමද…මේ වැටෙන්නේ….?

තෙමී…කප් කල් පුරාවට..සසරෙම..
මතක හෙවනැලි…බොහෝ..රැදවුව…
විවර කර..මුලු..හදම…වැස්සට…
සෝදා..හරින්නද…ඔබ…කියන්නේ ?

blog-tatoo

Leave a comment