යුනිෆෝර්ම් නොහොත් සමජාති මිනිස්සු Management in Sinhala පාසල කැමති සමජාතිය මිනිසුන් හැදීමට ය. ඒ තුළ විවිධත්වයක් ඇත්නම් ඒ අතිශය සීමිත වපසරියක ය. සමාන ඇඳුම් අන්දවන්නේ ද එක ම ආකාරයට කොණ්ඩය කපන්නට සපත්තු පලඳින්නට නියම වන්නේ ද මුළුමනින් නොවුනත් එක් පැත්තකින් මේ කල්පනාව ද ඇති ව ය. සිසුන් මනින්නට එක ම කෝදුවක් භාවිතා කරන්නේ ද ඒ නිසා ය. ළමයෙකු වුනහම ඉන්න ඔ්නෑ විදිහක් […] ...
දිරි දීම Management in Sinhala මිනිසුන් දිරි ගැන්වීම සඳහා ඇතැම් විට අවශ්‍ය වන්නේ මුදල් නොවේ. ලොකු වටිනාකමක් ඇති ප්‍රසාද දීමනා නොවේ. ඇතැම් තැනක අව්‍යාජ සිනහවකින් සංග්‍රහ කිරීම වුව සෑහේ. ආචාරශීලී වීම, ඒ තැනැත්තාට නිසි ගෞරවය දීම, ප්‍රමාණවත් වේ. ඒ හරහා පුද්ගලයා පිළිගැනීම ප්‍රමාණවත් වේ. තවත් තැනක පුද්ගලයෙකුට වගකීමක් පවරා දීම, පවරා දුන් වගකීම නිසි ලෙස ඉටු කිරීමට අවශ්‍ය කළ මනා […] ...
බඳවා ගැනීම හා පුහුණුව Management in Sinhala ආයතනයකට සේවකයන් බඳවා ගැනීමේ දී අප මුහුණ දෙන අභියෝග ගණනාවක් ඇත. එහි දී මතු වන ලොකු ම ගැටලුව නම් අපට ගැළපෙන ම තැනැත්තා ලෝකයේ නැති වීම ය. සිටිය ද ඉන්නේ අපට ළං විය නොහැකි දුරක ය. අප හා මුණ නොගැසෙන ඉසව්වක ය. සමහරුන්ට දැනුම ඇත. එහෙත් අවශ්‍ය කුසලතා නැත. තවත් අයට කුසලතා නැතත් අවශ්‍ය දැනුම […] ...
දැනුම, සැලසුම් කරණය හා සැලසුම ක්‍රියාත්මක කිරීම Management in Sinhala මිනිස්සු පොත පතින් ද ගුරුවරුන්ගෙන් ද සමාජයෙන් ද බොහෝ උගනිති. ඒ අසා දැන ගෙන ය. දැක බලා ගෙන ය. ඔවුන් ඉගෙන ගන්නා දෙවැනි ක්‍රමයක් ද ඇත. ඒ යමක් කිරීමෙනි. පළමු දැනුමෙන් වැරදි නොකර ඉන්නට පෙළඹවීමක් ලැබෙන අතර දෙවැන්නෙන් වැරදි කර ඒ තුළින් ඉගෙනීමට ඉඩ හසර ලැබේ. මේ දෙආකාරය ම කෙනෙකුට ප්‍රයෝජනවත් ය. පළමු ක්‍රමය දැනුම […] ...
අපේ දුර්භාග්‍යයට හේතු අභ්‍යන්තර ද බාහිර ද? Management in Sinhala යම් ප්‍රශ්නයක් ඇති වූ විට, විශේෂයෙන් අර්බුදයක් ඇති වූ විට, අප ඊට හේතු සොයමු. ඒ අර්බුදය ජය ගත හැක්කේ හේතු හඳුනා ගත් තරමට නිසා ය. බොහෝ දෙනෙකු වැඩිපුර කැමති බාහිර හේතු දැකීමට ය. එය අපේ අහේතුවට හේතුවක් වුව ද බාහිර පාර්ශවයට ඇඟිල්ල දිගු කිරීම පිටු පස ද හේතුවක් තිබේ. ඒ වගකීම තමන්ට බාර නොගෙන වෙනත් […] ...
පිරිමි හා ගැහැණු Management in Sinhala ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණේ මාර්තු 8 දා ට ය. විවිධ උත්සහ පැවැත්වුන ද විවිධ ප්‍රකාශ නිකුත් කළ ද පිරිමි හා ගැහැණු පිළිබඳ සමාජය තුළ මුල් බැස ගෙන ඇති යල් පැන ගිය මතවාදයන් ප්‍රමාණවත් ලෙස සංවාදයට ලක් වූ බවක් පෙනෙන්නට නැත. මේ මතවාදයන් නිසා පීඩාවට පත් ව ඇත්තේ ගැහැණු පමණක් නොවේ. පිරිමි ද ඉන් බැට […] ...
තර්ක බුද්ධිය ද ඉවෙන් දැනෙන දේ ද? Management in Sinhala අප බොහෝ අවස්ථා වල සිතන්නේ මිනිසුන් යනු තර්ක බුද්ධිය යොදා ගෙන තීන්දු තීරණ ගන්නා බුද්ධිමත් සත්ත්ව කොට්ඨාශයක් බව ය. එහෙත් ඇත්ත ඊට හාත් පසින් ම වෙනස් ය. මිනිසුන් යනු හැඟීම් වලින් පිරුණු, පූර්ව නිගමන රාශියක් ඔලුවේ තබා ගෙන ඒවාට වන්දනා කරමින් ඉන්නා, හැඟෙන දැනෙන හැටියට වැඩිපුර හිතන්නේ මතන්නේ නැතිව, ඉවෙන් තීන්දු තීරණ ගන්නා කොට්ඨාශයකි. එහෙත් […] ...
ඈලියාවට යා හැකි වැඩි පරිස්සම Management in Sinhala බොහෝ දෙනෙකු මුහුණ හෝදන බේසමේ ද කිඹුලුන් ඉන්නේ දැයි බලති. ඔවුන් බිය ය. ඇතැම් විට ඒ අතීත අත්දැකීමක් නිසා විය හැකි ය. මේ බිය සාමාන්‍ය බියක් නොවේ. අසමාන බියකි. ඉංග්‍රීසියෙන් මේ සඳහා සුවිශේෂ වචනයක් යෙදේ. ඒ ෆෝබියාව ය. සිංහලෙන් යෙදිය හැකි ආසන්න ම වචනය භීතිකාව ය. බය අපේ පැවැත්මට අත්‍යවශ්‍ය හැඟීමකි. දැනීමකි. එහෙත් එය අන්තයට […] ...
නියමිත මාත්‍රාවට ගත යුතු සැලසුම්කරණ ඖෂධය Management in Sinhala ඔ්නෑ ම කටයුත්තක් කිරීමේ දී අප පළමු ව කරන්නේ එය සැලසුම් කිරීම ය. සමහරු එය කොළයක් පෑනක් රැගෙන කරන අතර තවත් අය එය මනසින් කරති. ඒ කටයුත්තට අදාළ සම්පත් මොනවා ද? ඒවා ලබා ගන්නේ කෙසේ ද? අරමුදල් කොපමණ අවශ්‍ය ද? ඒවා සම්පාදනය කර ගන්නේ කෙසේ ද? කවර දුෂ්කරතා මතු වනු ඇද්ද? ඒවා කළමනාකරණය කර ගන්නේ කෙසේ ද? කවර […] ...
ලියන්න උගනිමු Management in Sinhala ලියන එක පණ යන වැඩකි. ඔබ කිසියම් කෙනෙකු හෝ කිසියම් පිරිසක් සමග මුහුණට මුහුණ ලා කරන කතා බහක දී නම් ඔබ කියන කරුණ ඔවුන්ට තේරේ ද ඔවුන් එය අනුමත කරන්නේ ද ඒ ගැන ඔවුන්ට ඇත්තේ කුමන උනන්දුවක් ද යන්න ඔවුන්ගේ අභිනයෙන්, හැසිරීමෙන් හා ප්‍රතිචාරයෙන් පෙනේ. එහෙත් ඒ වාසිය ලියන්නෙකුට නැත. කියවන්නා පළමු වාක්‍යයෙන් ම ලියවිල්ල […] ...
ඇස් දෙකකින් නොව ඇස් සිය දහස් ගණනකින් ලෝකය දෙස බලමු Management in Sinhala යමක් දෙස බැලිය හැකි ආකාර ගණනාවක් තිබේ. ඇතැමුන්ට තර්ජනයක් හෝ අභියෝගයක් වන දේ තව කෙනෙකුට අපූරු අවස්ථාවක් වන්නේ ඒ නිසා ය. ගැහැණියකගේ නිරුවත කෙනෙකුට අසභ්‍ය දෙයක් වන විට කලාකරුවෙකුට සෞන්දර්ය වඩන එකක් වන්නේ ද ඒ නිසා ය. දානය මහත් ආනිශංස ඇති පුණ්‍ය කර්මයක් ලෙස සමහරු දකිතත් කෙනෙකුට එය යැපුම් මානසිකත්වය ඇති කරන ක්‍රියාවක් ලෙස හෝ […] ...
කියවීම මිනිසෙකු සම්පූර්ණ කරයි ද? Management in Sinhala “කියවීම” යැයි කී විට “කට” කියවීමත් ඇතුළත් වන නමුත් මේ සාකච්ඡාවේ අප කතා කිරීමට අපේක්ෂා කරන්නේ ලේඛන කියවීම ගැන ය. ඊට පුවත් පත්, පොත් පත්, අන්තර්ජාල සටහන් ආදී නොයෙකුත් දේ ඇතුළත් ය. කොටින් ම අකුරු තියෙන ඔ්නෑ ම එකක් ඇතුළත් ය. “කියවීම මිනිසෙකු සම්පූර්ණ කරයි”. මේ වැකිය ඔබ අසා ඇතුවා ට සැක නැත. එහෙත් හැම […] ...
බොහෝ දෙනෙකු නොදන්නා බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් නියාමය Management in Sinhala නිශාන්ත කමලදාස බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් ගැන බොහෝ දෙනා දන්නේ භෞතික විද්‍යාඥයෙකු ලෙස ය. විද්‍යුතය සොයා ගත් පුද්ගලයා ලෙස ය. එහෙත් බොහෝ දෙනෙකු නොදන්නා තවත් වැදගත් යමක් ද ඔහු සොයා ගත්තේ ය. ඒ වෙනත් ම ක්ෂේත්රයක් අරබයා ය. ඒ ක්ෂේත්රය මනෝ විද්‍යාව ය. ෆ්රෑන්ක්ලින් පෙන්සිල්වේනියා මහජන සභාවේ සභිකයෙකු හැටියට කටයුතු කරන වකවානුවේ ප්‍රතිවිරුද්ධ පිලේ සභිකයෙකු ඔහුට සතුරු […] ...
අන්තර් පුද්ගල සම්බන්ධතා Management in Sinhala සමහරු අන්තර් පුද්ගල සම්බන්ධතා සම්බන්ධයෙන් කප් ගහපු අය ය. පිටට තට්ටු කර කතා කරන්නට, නම් මතක තබා ගෙන නමින් අමතන්නට, අතින් අල්ලා ගෙන කතා කරන්නට, කර ට අත දමා ගෙන ලෙන්ගතුව පළ කරන්නට ඔවුන් දක්ෂ ය. ඔවුන් කතා කරන්නේ කටින් පමණක් නොවේ. ඇස් වලින් ද මුහුණේ ඉරියව් වලින් ද ශාරීරික ඉරියව් වලින් ද ඔවුහු කතා […] ...
ධනාත්මක චින්තනය දෙස තෙවැනි ඇසකින් Management in Sinhala නිශාන්ත කමලදාස ධනාත්මක චින්තනය නැති බැරි අය ඇති හැකි අය කරන චින්තනයකි. පසු බා සිටින අයට නැගිටින්න අත දෙන චින්තනයකි. හැංගී මුළු ගැන්වී සිටින අය සබයට ගන්නා චින්තනයකි. එහෙත් ඇතැම් ධනාත්මක චින්තනය පිළිබඳ දේශන පවත්වන්නන් අපට කියන්නේ අපට කිසිවක් ම බැරි නැති බවයි. සාධනීය ව හිතුවොත් කරන්නට බැරි කිසිවක් නැති බව යි. හැම දෙයක් ම […] ...
සම්මත ක්‍රියාකාරී ක්‍රියාවලිය (SOP) Management in Sinhala පහත පළ වන්නේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගේ මුහුණු පොතේ පළ ව තිබූ සටහනෙන් උපුටා ගත් කොටසකි. උපුටා ගත් කොටසේ ආරම්භය – “Standard Operating Procedure (SOP) යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? ආයතනයක ලියා තබා ඇති යම් කාර්යයක්/ ක්‍රියාවලියක් සිදු කෙරෙන පිළිගත් ක්රමවේදයයි. මෙවැන්නක ඇති වැදගත්කම කුමක් ද? SOP ඇති විට කිසියම් රාජකාරියක් සිදු කරන පුද්ගලයා මාරු වී […] ...
තත්ත්ව පාලන කව Management in Sinhala “අපට අවශ්‍ය මිනිසුන්ගේ දෑත් පමණක් නොවේ. ඔවුන්ගේ මොළය ද අප අගය කරන්නෙමු. එයින් ද ආයතනයට වැඩක් ගත හැකි දැයි අපි විමසමු”. මේ දර්ශනය ජපනුන්ගේ ය. තත්ව පාලන කව වලට පදනම සපයන්නේ මේ දර්ශනය ය. මේ ජපාන දර්ශනය හා ක්‍රමවේදය බටහිර ආයතන රැසක් ද අනුගමනය කිරීමට ආරම්භ කළේ මේවා බටහිර කළමනාකරණ සාහිත්‍යයට එක් වීමත් සමග ය. […] ...
නායකත්ව මාදිලි තුනක් Management in Sinhala සමහර නායකයෝ මිනිසුන් සමග කුලුපග ඇසුරක් පවත්වති. කතාබහේ දී ඔවුන් සුහදශීලී ය. හැඟීම් බර ය. ලෙන්ගතු ය. වචනයෙන් පමණක් නොව අභිනයෙන් ද ඔවුන් මිනිසුන් තමන් වෙතට ඇද ගැනීමේ දක්ෂ ය. පිටට තට්ටු කොට තමන් වෙතට ඔවුන් ඇද ගෙන අත් අල්ලා ගෙන කතා කරන ඔවුන් අනුගාමිකයන්ගේ දරුවන් සුරතල් කරන්නෝ ය. ඔවුන්ගේ අම්මලා ආච්චි අම්මලා සමග තොඳොල් […] ...
ඇස්කිමෝවරුන්ට ශීතකරණ විකිණීම නොහොත් අලෙවිකරණය Management in Sinhala ඇස්කිමෝවරුන්ට ඒ අය ජීවත් වන රටේ දී ශීතකරණයක් ඔබට විකිණිය හැකි ද? එය නොහැකි බව ඔබ කියනු ඇත. එහෙත් ඔබ අලෙවිකරණයේ දක්ෂ නම් එය ද කළ හැකි යැයි පිළිගැනේ. ඒ සඳහා, අවශ්‍ය යැයි මිනිසුන් නොහඟින දේ සම්බන්ධයෙන්, අවශ්‍යතාවක් ඇති කිරීමට ඔබ දක්ෂ විය යුතු ය. මිනිසුන් මිල දී ගන්නේ භාණ්ඩ හා සේවා ම නොවේ. ඒවායින් ඇති […] ...
දැනුම කළමනාකරණ ක්‍රියාවලියේ මර්මස්ථාන Management in Sinhala දැනුම කළමනාකරණය ගැන මිට පෙර සටහන් කිහිපයකින් ම සාකච්ඡා කර ඇත්තෙමු. මේ එහි තවත් පැති කඩක් ගැන ය. දැනුම සැකසෙන්නේ දත්ත හා තොරතුරු ආශ්රයෙනි. දත්ත අමු ය. එය සකසා ගත් විට තොරතුරක් වෙයි. දැනුම තොරතුරු අර්ථ නිරූපනයෙන් ලබන්නකි. අද බිත්තර මිල යනු අමු දත්තයකි. ඒ අමු දත්තය පවා නිවැරදි ව ලබා ගත හැක්කේ ගැලපෙන නිධියක්, […] ...