“මන්කාද් කරලා දසුන්ව දවා ගන්න අපි සැලසුම් කළේ නැහැ” – Rohit Sharma The Papare ඊයේ (10) ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානකව දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථාව ලබා නොගැනීමට හේතුව ඉන්දීය නායක Rohit Sharma විසින් තරගයෙන් අනතුරුව පැහැදිලි කළා. දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වූ මෙම තරගයේ දී ඉන්දීය පිතිකරුවන් ලෙස Virat Kohli, Shubman Gill සහ නායක Rohit Sharma විසින් දියත් කළ ...
සුරේන් බ්‍රිතාන්‍ය තරගාවලියට සුදුසුකම් ලබයි The Papare සවි එසවීමේ ශූර ලහිරු සුරේන් පෙරේරා, Light Media Championship සවි එසවීමේ තරගාවලියේ 59kg අංශයෙන් ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුනා. මහා බ්‍රිතාන්‍යයේ දී පැවති තරගාවලියේ පළමු අදියර ජයග්‍රහණය කිරීමත් සමඟ, පසුව පැවැත්වෙන බ්‍රිතාන්‍ය ජාතික සවි එසවීමේ ශූරතාවයට සහභාගී වීමේ අවස්ථාව ඔහුට උදා වී තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතික තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා සවි එසවීමේ ක්‍රීඩකයා වන්නේ සුරේන් පෙරේරායි. අමතකව ගිය ...
පුතාගේ ක්‍රිකට් ගැන නොදැකම සමුගෙන ගිය “අම්මා” The Papare Naseem Shahගේ අම්මා ක්‍රිකට් වලට ආදරය කරපු කෙනෙක් නෙවෙයි, ඒත් පුතාට ආදරය කරපු නිසා ඇය තීරණය කරනවා පුතා ක්‍රිකට් ක්‍රීඩා කරනවා බලන්න. ඒත් දෛවයේ සරදමකට වගේ Naseem Shahට කවදාවත් ම බැරි වුනා අම්මාට පේන්න ක්‍රිකට් ක්‍රීඩා කරන්න. පාකිස්තානයට මොන දෙයින් අඩුවක් තිබුනත් වේගපන්දු යවන්නන්ගේ අඩුවක් තිබිලා ම නැති තරම්. කාලයෙන් කාලයට වේගය සහ දෝලනය දෙකෙන් ම පරිපූර්ණ වුනු තරුණයින් පාකිස්තාන ...
ගෝල ද්විත්වයක් සමඟින් Ronaldo සෞදි ගමන අරඹයි The Papare සිය නව පාපන්දු කණ්ඩායම වන Al Nassr කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී පළමු තරගය වූ ප්‍රබල PSG කණ්ඩායමට එරෙහි තරගයේ දී ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo ඊයේ (19) සමත් වුනා. පාපන්දු පිටියේ වත්මන් ප්රබලතම ප්‍රතිවාදීන් ලෙස සැලකෙන Ronaldo සහ Lionel Messi එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කරනු දැක ගැනීමට මෙහි දී ප්‍රේක්ෂකයින්ට ඉඩ ලැබුණු අතර ඉතා තියුණු සටනකින් පසුව එම ...
මාලිංග හා සම වී මහේල අභිබවා යෑම The Papare ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය සංචාරයේ විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි තරගය අවසන් වෙන්නේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ඉතිහාසයේ ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය එක් කරමින්. එහි හිමිකාරීත්වය දසුන් ශානක සතු වුනා. පන්දු 20ක දී වාර්තා වූ මෙම අර්ධ ශතකය, වසර 15ක් තිස්සේ රඳවා තබා තිබුණේ මහේල ජයවර්ධනගේ දක්ෂතා අතරයි. දසුන් එදින ක්‍රීඩා කළේ මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ...
තරගයට කලින් ම ඉන්දීය නායකයාගෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්! The Papare අද (03) පැවැත්වීමට නියමිත තරගයේ දී, ආසියානු කුසලානයේ දී ලද පරාජයට වගකිවයුතු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වැඩි අවධානයක් ලබා දෙන බව ඉන්දීය නායක Hardik Pandya පවසනවා. සාපේක්ෂව ගත් කල නිමා වූ 2022 වර්ෂය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඒ තරම් ම සුභදායී වසරක් නොවුනු අතර, මේ වසර වෙනුවෙන් ගිය වසරට වඩා වෙනස් ආරම්භයක් ලබා ගැනීමට Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් නවක ඉන්දීය සංචිතය බලාපොරොත්තු ...
මංගල ශූරතාවය මාතර අනුර ක්‍රීඩිකාවන්ට The Papare ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි පෙළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතර අනුර මහා විද්‍යාල කණ්ඩායම සමත් වුනා. ඔවුන් මෙවැනි ශූරතාවක් දිනා ගත් පළමු අවස්ථාව මෙයයි. “අපි විශාල කැපවීමක් කරලා දිනාගත් ජයග්‍රහණයක් මේක. තරගාවලියට එක් වුනේම ශූරතාව දිනා ගන්නවා කියන අධිශ්ඨානයත් සමඟින්. අඩුපාඩු රාශියක් තිබුණා. දුෂ්කරතා තිබුණා. කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සමහර ...
තීරණාත්මක අවසන් සටන වෙනුවෙන් ශ්‍රී ලංකා පිළෙන් එක් වෙනස්කමක්! The Papare ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම ක්‍රීඩකයින් තරග වැදුනු යුග වලදී පවා සපුරා ගැනීමට අපොහොසත් වූ දුෂ්කර ඉලක්කයක් සපුරා ගැනීමේ අටියෙන් අද (07) දසුන් ශානක පෙරටු කොට ගත් යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම රාජ්කොට් පිටියට පිවිසෙනවා. ඒ ප්‍රබල ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදීම තරගාවලි ජයක් ලබා ගැනීමේ අභියෝගයයි. දශක ගණනාවක් පුරා විහිදී යන ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව තුල ඔවුන් අත්පත් කරගත් සුවිශේෂී සන්ධිස්ථාන ඕනෑ ...
23න් පහළ මධ්‍යම ආසියා ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට The Papare පසුගිය මාසයේ බංග්ලාදේශයේ දී පැවති වයස අවුරුදු 23න් පහළ මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 23න් පහළ කණ්ඩායමට හැකි වුනා. තරගාවලියේ ආරම්භක තරගයේ දී Kyrgyzstan කණ්ඩායම සමඟින් තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරගය තියුණු සටනකින් පසු තරග වට 4-1ක් ලෙස පරාජය වුනේ 26-24, 25-22, 25-21ක් සහ 25-18ක් ලෙසයි. නේපාලය සමඟ පැවති තරගයේ දී නවීන් ...
ක්‍රිකට් සංඛ්‍යාදත්ත හරියටම හොයාගන්න හැටි The Papare ක්‍රිකට් ක්‍රීඩාවේ දී ක්‍රීඩක යොදාගැනෙන්නේ ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා දිවියේ කාර්යසාධනයන්, විශ්ලේෂණයන්, තක්සේරු කිරීම් සහ ක්‍රීඩකයන් අතර නොයෙකුත් සංසන්දනයන් සම්බන්ධව දල අදහසක් ලබා ගැනීම සඳහා ලෝකයේ සම්මත මූලිකතම මිනුම් දර්ශකයක් වශයෙන්. කෙසේ නමුත්, යම් ක්‍රීඩකයෙකුගේ සමස්ත තරග වාර්තාවක් පමණක් එක එල්ලයේ බලමින් යම් නිගමනයකට එළඹීම යෝග්‍ය නොවන්නේ එම දත්ත පුළුල්ව සෑම අංශයක්ම ඔස්සේ විශ්ලේෂණය කිරීම මෙහි දී අනිවාර්ය කාරණයක් වන බැවින්. නමුත් ...
නවමු ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පන්දුව අතට ගනී The Papare සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (03) සුප්‍රසිද්ධ වන්කඩේ පිටියේ දී ආරම්භ වනවා. එහි දී නවමු මුහුණුවරක් ගත් ඉන්දීය කණ්ඩායමට කලක් තිස්සේ එකම කණ්ඩායමක් ලෙස එකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව පරාජය කළ හැකි ද යන්න අද රාත්‍රියේ දී දැනගත හැකි වනු ඇති. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ...
“මට අළුබඳුනේ ක්‍රීඩා කරන්න ඕන” – ආචර් The Papare Jofra Archer (ජොෆ්රා ආචර්), 2020 වර්ෂය වන දක්වා ඉතා ඉහළ දස්කම් දැක්වූ වේගපන්දු යවන්නෙක්. එහෙත් ආබාධ ඇතිවීම නිසා ඔහු දිගින් දිගටම ජාත්‍යන්තර ක්‍රිකට් වලින් ඈත් වුනා. එහෙත් එළඹෙන අළු බඳුන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමන්ට බලාපොරොත්තුවක් ඇති බව ඔහු පවසනවා. “මම ඊළඟ මාස දෙක, තුන, හතර මාව තවත් තියුණුව ලෑස්ති කරගනිමින් ගත කරන්න ඕන. මාව තව ටිකක් ඔරොත්තු දෙන විදියට,” ...
WATCH – මොරටුවෙන් බිහිවෙන යොවුන් ලකුණු මැෂිම – Tharindu Amarasinghe | Powerplay The Papare මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් බිහිවුනු දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චමිදු වික්‍රමසිංහ Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා https://youtu.be/oAo4NI8umjc The post WATCH – මොරටුවෙන් බිහිවෙන යොවුන් ලකුණු මැෂිම – Tharindu Amarasinghe | Powerplay appeared first on ThePapare.com. ...
ඉසිපතනය පළමු ඉනිමේ වැඩි ගෞරවය දිනාගනියි The Papare වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරග දෙකක් අද (24) කොළඹ දී ක්‍රියාත්මක වුනා. එම තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුනු අතර එක් තරගයක පළමු ඉනිමේ ජය හිමි කරගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් වුනා. සාන්ත පීතර – ආනන්ද තරගයේ දිනය ආරම්භයේ දීම සාන්ත පීතර පළමු ඉනිම අත්හිට වූ අතර එයට පිළිතුරු දීම ආරම්භ ...
WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට් බලකණු නැවතත් පිටියට – Cricket Watarawuma The Papare ගෙවුණු සතියේ 19න් පහළ බාලක සහ බාලිකා පාසල් ක්‍රිකට් පිටියේ පුවත්. NSL පළමු තරග සතියේ තතු. එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය. ඒ සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ දමිත් වීරසිංහ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න. The post WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට් බලකණු නැවතත් පිටියට – Cricket Watarawuma appeared first on ThePapare.com. ...
දසුන් පිත්ත අතට ගනියි; යොවුන් ක්‍රීඩකයෙකුට එක්දින වරම්! The Papare ශ්‍රී ලංකාව අද (12) කල්කටා නුවර Eden Gardens ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය තවදුරටත් සජීවීව තබා ගැනීමේ ඒකායන බලාපොරොත්තු ඇතිවයි. ඔවුන් ගුවාහාති හිදී පැවති දෙරට අතර පළමු එක්දින තරගය ලකුණු 67කින් පරාජය වූ නිසා තරගාවලි ජයක් ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා. අද නැවත වරක් කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ...
නොදු”ටූස්” The Papare නවසීලන්තයේ ඉපදිලා එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරපු අය හිටියා. එංගලන්තයේ ඉපදිලා නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරපු අයත් හිටියා. බෙන් ස්ටෝක්ස් උපන්නේ නවසීලන්තයේ. ඒත් ඔහු ක්‍රීඩා කළේ එංගලන්තය වෙනුවෙන්. රොජර් ටූස් උපන්නේ එංගලන්තයේ. ඔහු ක්‍රීඩා කළේ නවසීලන්තය වෙනුවෙන්. කවුද මේ රොජර් ටූස්? පළමු වරට නවසීලන්තය වෙනුවෙන් එක් අවුරුද්දක දී එක්දින ලකුණු 1000 පහුකරපු පිතිකරුවා. නවසීලන්තයේ පිතිකරණ වැඩකාරයෝ කොච්චර හිටියත් රොජර් ටූස් තමයි ඒ ...
16න් පහළ සමස්ත ලංකා රග්බි තරගාවලිය පෙබරවාරි මාසයේ දී The Papare ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සහ මහනුවර රග්බි සම්මේලනය එක්ව පවත්වන අවුරුදු 16න් පහළ බාලක දස සාමාජික රග්බි තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (31) පැවැත්වුනා. ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති Rizly Illyas මහතා, මහනුවර රග්බි සම්මේලනයේ සභාපති කාවින්ද ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහ තරගාවලියේ අනුග්‍රාහකයින් නියෝජනය කරමින් මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. මෙම තරගාවලිය පෙබරවාරි 25 ...
Kohli කවුද මාත් එක්ක බලද්දී? The Papare ලොව හොඳම පිතිකරුවන් ලැයිස්තුවේ මුල් දහයේ කවුරුන් සිටියත් එහි මුල් ස්ථානයේ තමන් සිටින බවත්, සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli ඔහුට පසුපසින් සිටින බවත් පාකිස්තාන පිතිකරුවෙකු වන Khurram Manzoor පවසනවා. ආසන්න වශයෙන් සියවසකට එහා අතීතය දෙස හැරී බලද්දී කාලයෙන් කාලයට ක්‍රිකට් ලෝකයේ පතාක යෝධයින් ලෙස නම් සටහන් කළ ක්‍රීඩකයින් සිටි අතර Don Bradman, Viv Richards, Wasim Akram, Sachin Tendulkar, මුත්තයියා මුරලිදරන් ...
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි! The Papare ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ( FFSL ) තහනමක් පනවා තිබෙනවා. 2023 ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වෙත නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බව සඳහන් ශීර්ෂ පාඨයක් සමඟින් අද (22) දිනයේ FIFA මගින් සිය සාමාජික සංගම් වෙත FIFA මහ ලේකම් Fatma Samouraගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ...