Haddi (2023) තනි තරුව (Thani Tharuwa) (2023 සැප්තැම්බර් 10දා සිනමාවේදීන් සමූහයට) Haddi (2023) IMDb: 5.7/10Genre: Crime, Dramaමගේ ඉරිදාවේ පැය දෙකක් හඩ්ඩිට දුන්නා.හඩ්ඩි කියන්නේ හිජ්රාවෙක් හෙවත් සංක්‍රාන්තික ලිංගිකයෙක් (transgender). 2018දී ජගත් මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවලට අනුව ඉන්දියාවේ විතරක් ඇස්තමේන්තුගත හිජ්රා ජනගහනය මිලියන 4.9ක්! ඇතැම් වාර්තාවලට අනුව මේ වනවිට එම අගය මිලියන දහයකට ආසන්නයි. කියැවෙන ආකාරයට පකිස්ථානයේ මේ ගණන 250,000ක් පමණත් බංග්ලාදේශයේ 12,000ක් පමණත් නමුත් නිශ්චිත නැහැ. අනෙක් ...
"ණ" සම්මාන තනි තරුව (Thani Tharuwa) මනුවර්ණ සම්මානයකට පාත්රවීම ආන්දෝලනාත්මක සිදුවීමක් විය යුතු නැහැ! ඒත් එහෙම වුණා. ඇයි?මනුවර්ණ පිළිබඳ පිටස්තරයෙක් හැටියට මගේ කියැවීම දෙන්නම්. මං මනුවර්ණව අඳුනගත්තේ 2014දී යහපාලනය බලයට ගේන්න පටන්ගත්ත ෆේස්බුක් රැල්ල කාලයේ ඔහුගේ ලැම්බෝගිනි නාටකය නිසා. එතනදී ඔහු ජවිපෙ හෙවත් ජාජබ කඳවුරේ හිටගෙන (තවමත් එහෙමමයි - ප්‍රතිපත්ති ගරුකයි) කළ ඒ කතාව දේශපාලන පක්ෂ විපක්ෂබාවය පැත්තකින් තියලා බැලුවත් මට දැනුණේ ඕවර් ඇක්ටින් දඟලානා එකක් ...
මකුළුවා තනි තරුව (Thani Tharuwa) මකුළුවා කියන්නේ මොන වගේ සතෙක්ද කියලා කව්රු හරි මගෙන් අහල නෑ, ඇහුවොත්...ඌ භයානක එකෙක්. හීනි දිග අට පය විහිදං සිටි සිටි ගාලා ඇවිදලා විතරක් මගේ කොඳු නාරටිය හිරි වට්ටවන්න විතරක් නෙවෙයි, ඌට පුළුවන් මගේ හීන දකින හැම රැයක්ම තත්පරයට කුඩුපට්ටං කරලා දාන්න! හරියට.. ඔව් ඒ වගේ..මගේ බංගලාවේ දොර අරිද්දිම ඒ වගේ එකෙක් සිටිසිටි ගාලා දුවං ඇවිත් දොර උලුවස්ස දිගේ ...
දහතුනේ රනිල් තනි තරුව (Thani Tharuwa) මහ බඹා රනිල් වික්‍රමසිංහගේ නළලේ කොටා ඇත්තේ මයිත්‍රී බව ඔබ කවදා හෝ දවසක සිතුවාද? නැත, ඔබට හිමි තුට්ටු දෙක රැගෙන හොට් සීටයෙන් බැස ආ ආතක් බලාගෙන යන්ට.මහින්ද රාජපක්ෂට බුද්ධාගමද ජෙප්පන්ට කුහකත්වය ද ආකාරයටම රනිල් වික්‍රමසිංහ චරිතයට පත්තියම් වී ඇති එකක්ය, බලය විමධ්‍යගත කිරීමේ අමාරුව! දැන් එතැයි දැන් එතැයි රනිල් ආ දින සිට බලාපොරොත්තු වූ මාතෘකාව කල්යල් බලා දැන් වේදිකාවට සම්ප්‍රාප්තව ...
ගිනිගත් කඳාන තනි තරුව (Thani Tharuwa) කඳානේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ගිනිගත්තයින් පස්සේ තමයි අසල්වැසියන් හැර සෙසු මහජනතාව දැනගන්නේ ඒක තිබිලා තියෙන්නේ පුද්ගලික පදිංචිකරුවන්, පාසැල් සහිත ගමක කියලා. ඒ ගින්නෙන් අසල්වැසි නිවසක් පවා විනාශ වෙලා මාධ්‍යයට අනුව අවට පාසැල්වල දරුවන් 85කට වැඩි ප්‍රමාණයක් ශ්වසන අපහසුතාවලට ලක්වෙලා මහ විශාල කාලගෝට්ටියක් නිර්මාණය වෙනකම් එවැනි පරිසරයක ඒ කර්මාන්ත ශාලාව බොහොම නිරුපද්‍රිතව වැජඹුණේ කොහොමද? සාමාන්‍ය ගෘහාශ්‍රිත පරිසරයක නැත්නම් ...
ජාතික ගීය සහ දේවානම්පියතිස්ස තනි තරුව (Thani Tharuwa) උමාරාගේ ජාතික ගීත නාටකයෙ මුල පටන් අගට (හදවතින්ම) ශ්‍රී ලාංකිකයන් ගියේ මිහිඳු හිමි වැඩි මගය. ඒ අන්ත දරුණු නිරාගමිකයන් (බෞද්ධ විරෝධී - අතිවිශේෂ; ශ්‍රී ලංකාවට ආවේණික සත්ව කොට්ඨාශයකි.) පවා ඒ මග යාම ස්වභාව ධර්මයේ කුරිරු සරදමක්ය!මේ ප්රශ්නය හැර ලංකාවට වෙනත් ප්‍රශ්න නැතිද යන්න ඒ දනන්ගේ මුවග නිබඳ රැඳුනු අතර දුවන මුවන් දැක නෙලූ පලා විසිකළ දේවානම්පියතිස්සට දුරින් ඥාති වන පරම්පරාවේ ...
මාතා මහතා කිරීම තනි තරුව (Thani Tharuwa) රැල්ල උමාරාටය!IPL posh කිරීමට නම් රැඩිකල් කලාකරුවන් අවශ්‍ය බව තීරණය කළ සංවිධායකයන් කව්දැයි අපි නොදනිමු.උමාරා ද චිත්‍රාල් ද හැරුණු කොට ජාතික ගීය ගායනයට (ඝාතනයට?) සුදුසු වෙනත් ගායක ගායිකාවන් නොසිටියේදැයිද නොදනිමු.උමාරා බොක්කෙන්ම ජාතිමාමකත්වය ආරෝපණය කරගන්නට හැදුවාද කියාත් නොදනිමු.අල්පප්‍රාණ මහප්‍රාණ කිරීම සහ උච්චාරණය බොරු ඉංග්‍රීසි පන්නයට හැරවීම ගැන උමාරලා උමාරියාලා විනිශ්චයකරුවන් ලෙස අසුන්ගන්නා රියැලටි තරඟවලද නිරතුරුව ඇසෙන නමුත් උමාරාට තමා සම්මතෙහි පිහිටීම ...
අස්වැසුමේ හිස්ගැසුම තනි තරුව (Thani Tharuwa) අස්වැසුම් ප්රශ්නය දවසින් දවස උග්‍ර වෙනවද මාධ්‍ය එහෙම උලුප්පා දක්වනවද කියලා මාධ්‍යයෙන් දැනුවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක් හැටියට නිශ්චිතවම කියන්න අමාරුයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. සමීක්ෂණය සාධාරණව සිදුවෙලා නැතිබවත් ඇත්තටම ආධාර උපකාර ලැබිය යුතු කොටස මගහැරී ඇති බවත් පේනවා, ඇහෙනවා, කියවෙනවා.අනාදිමත් කාලයක ඉඳන් ආධාර මත යැපෙන කොටසක් ඉන්න සමාජයක ඔය විෂමතාව අද ඊයේ ඇතිවුණ එකකුත් නෙවෙයි. අධ්‍යාපනය, වෙෙද්‍ය සහ සෞඛ්‍ය පහසුකම් ඉඳන් ...
තොණ්ඩමන් සතිය තනි තරුව (Thani Tharuwa) ත්‍රස්තවාදයකට නායකත්වය දුන් ප්‍රබාකරන්ට විතරක් නෙවෙයි සහරාන්ටත් සුදුහුණු ගාපු ඇත්තෝ ඉන්න සිවිල් සමාජයක් ජීවන් තොණ්ඩමන්ව එතන්ටත් එහාට දානවා වගේ මාධ්‍ය ආවරණයක් කරන පාටක් පේනවා. කවි ගී හෑලි ලියන සංසදයත් විශාල ශ්රමදායකත්වයක් ලබා දෙනවා. සමහරවිට මේක තොණ්ඩමන් සතිය වෙන්නත් පුළුවන්
චින්තන හටන තනි තරුව (Thani Tharuwa) පක්ෂ දෙකකින් පෙනී හිටියත් රනිල්ටයි චන්ද්‍රිකාටයි පොදු සාධකයක් තියෙනවා. ඒ ඔවුන් නියෝජනය කරන පැළැන්තිය බිම් මට්ටමට එතරම් සංවේදී නොවීම. චන්ද්‍රිකා තමන්ගේ පැළැන්තිය නඩත්තු කරන්න බිම් මට්ටම යොදාගත්තට රනිල් ඇත්තටම තමන්ගේ පැළැන්තියටවත් සංවේදී නැති අමුතු මිනිහෙක්. හැබැයි මේ දෙන්නම ඊනියා සංවේදීත්වයක් දක්වනවා "අගතියට පත්" කියන බොරු ලේබලය ගහගෙන ඉන්න බෙදුම්වාදී කඳවුරුවලට. සමහර වෙලාවට මිනිස්සුන්ට ප්‍රශ්න නැතිවුණාමත් ප්‍රශ්න හොයාගෙන හරි ඒ වෙනුවෙන් ...
Mini මිනී කතා තනි තරුව (Thani Tharuwa) මාත් හිතන් හිටියේ මැරුණම මිනිය වෙෙද්‍ය විද්‍යාලෙට භාරදෙන හැටියට ලියලා තියන්න.හැමෝම සද්භාවයෙන් ද එහෙම කරන්නේ කියලා මං දන්නෙ නෑ. හැබැයි එක හේතුවක් සද්භාවය වෙන්න පුළුවන්. අනික අවමංගල්‍ය පුහු ආටෝපයට ඇති අකමැත්ත සහ මුදල් නහස්තිය වෙන්නත් පුලුවන්. එහෙම මොක හින්දා හරි මිනිස්සු භාරදෙන මිනී අතිරික්තයක් තියෙනවා නම් ඒ බව නිසි කළමනාකරණයක් නොකර, දැනුවත් කිරීමක් නොකර ඉස්සරහ දොරෙන් භාරගෙන පස්සා දොරෙන් ගෙනිහින් ...
හනුමා වන්නම තනි තරුව (Thani Tharuwa) රාමායණයේ කියැවෙන ආකාරයට හනුමා අත්අඩංගුවට ගෙන වල්ගයේ පාංකඩ ඔතා වානර පන්දමක් කළවිට උන්දෑ ශ්‍රී ලංකාද්වීපයම විනාශ කරවමින් ගි.නි. තබමින් යකා නටා වල්ගය මුහුදේ ඔබා නිවාගෙන ඉන්දියාවට පැනගන්නවාය.වානර පන්දම කාගේ නුවණැති යෝජනාවක්දැයි නොදන්නා නමුත් වසර දහස් ගණනකට පසු තවමත් ලාංකිකයා වානර පන්දම් හදමින්, වානර පන්දම්වලට අනුබල දෙමින් සිටියි!අලුත්ම වානර පන්දම නටාෂාය. කාගෙ හෝ න්‍යාය පත්‍රයක කොටස්කරුවන් වීමෙන් නොනැවතී තමන්ගේ මුග්ධභාවයේ වල්ගයෙන් ...
පට්ට පොරවල් තනි තරුව (Thani Tharuwa) ලංකාවේ විවිධාකාර "වෙන්ට-පොෂ්" රැලි ඇතිවීම අතිශය සාමාන්‍යකරණීය වෙලාය! ඒත් ඒ අතර නොනවතින රැලිද ඇත. ඉන් එකකි, නිරාගමික රැල්ල! නමට එහෙම වෙතත්, මේ නිරාගමික නිකාය ඇත්තෙන්ම නිරාගමික නොවන නිසා මේ නමට සාධාරණයක් ඉෂ්ට නොවේ.ලංකාවේ බුජ්ජිමත් බහුතරයගේ බහුත මානසිකත්වය අනුව නිරාගමික වී හෝ නොවී බෞද්ධයා/බුද්ධ ධර්මය/බොදු පිළිවෙත විවේචනය කිරීම "පට්ට පොරක්" වීමට ඉහළම සුදුසුකමක්ය! පන්සිල් පද පහේ අනුපිළිවෙලවත් නොදන්නා ඇතැම් බෞද්ධ යැයි ...
ඇඳුම් මැනුම් තනි තරුව (Thani Tharuwa) පහුගිය දවස් ටිකේ ඇඳුම් සමාජ ජාලාව කළඹලා කියලා පේනවා. ලොකු විශ්ලේෂණ කරන්න තරම් කාලයක් ගත නොකර මගේ අදහස ලියනවා.කෙනෙක් වැදගත් අවස්ථාවකට තව කෙනෙකුට ආරාධනාවක් කරන්නේ ඒ පුද්ගලයා ඒ අවස්ථාවට වැදගත් කියන අදහසින් බව මං විශ්වාස කරනවා. ඒ වැදගත්කම එක එක හේතුවලට එන්න පුළුවන් බව හරි. හැබැයි, ඒ ආරාධනාව පිළිගනිද්දි තමන්ට දුන්න වටිනාකම සහ විශේෂත්වය, අවස්ථාවේ වැදගත්කම සහ වටිනාකම, (තමන්ට නැතත් ...
මාරක අපල තනි තරුව (Thani Tharuwa) කාන්තා පාර්ශවයට මාරක අපල කාලයක්. එක දිගට විකල් කතන්දරම අහන්න ලැබෙද්දි ලියන්න හිතෙන දේවල් වේගයෙන් යාවත්කාලීන වෙනවා. ඒ වේගයට මගේ කාලය සමපාත කරගන්න අපහසු හින්දා ටිකක් නිහඬයි. අද මිත්‍රයන් කීපදෙනෙක් නිහඬකම ප්‍රශ්න කළ නිසා පොඩි ලියැවිල්ලක් හරි ලියලා තියන්න හිතුණා. (ඒ දුන්න තල්ලු-ස්ටාට් එකට ස්තූතියි
තොරණ් කතා තනි තරුව (Thani Tharuwa) අපි නරක්වෙලාද නැත්නම් වෙසක් තොරණ් නරක්වෙලාද කියලා මං දන්නෑ. හැබැයි සමහර තොරණ් කතා අහන් හිටියම...
දිවිනසාගැනීමේ විමුක්තිය තනි තරුව (Thani Tharuwa) දිවිනසා ගැනීම විමුක්තියක්ද? එක්තරා විදිහකට ඔව්! ධර්මයට අනුකූලව නම් දිවිනසා ගැනීම පාපයක්. එතැනින් එහා අපාගතවීමක් වෙනව කියලා කිව්වට ඒක ඔප්පු කරන්න අමාරු කාරණයක්. අමරාදේවී කිව්වා වගේ ගියොත් කෙනෙක් යළිත් නොඑන තැනක ඉඳන් ඒ පර්යේෂණය කරන්න තරම් මිනිස් තාක්ෂණය තවම දියුණු නෑ. සමහරවිට හැමාකාරයකම ආගම් ධර්මයන්වල දිවිනසාගැනීම අධෛර්යමත් කරන්නේ ඉතා කලාතුරකින් ලැබෙන මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම කියමින්. වටිනා හැමදේම සුන්දර නොවන බව ...
සර්වබලධාරී තනි තරුව (Thani Tharuwa) ලෝකය සර්වබලධාරීන්ගෙන් පිරී ඉතිරී ගොසින්ය!ඒ සර්වබලධාරීන්ට මිනිසුන්ගේද සත්වයන්ගේද ලෝකයේමද ඉරණම ගැන තීන්දු තීරණ ගැනීමේ මහ මෙහෙයුම් නිසාම තමා ගැන සිතන්නටවත් වෙලාවක් නැතිවන තරමට කාර්යබහුලය!මේ ලෝකයේ ජීවත්විය යුත්තේ කව්ද කොතරම් කාලයක්ද ඒ කෙසේද යන්නෙන් නොනැවතී ඔවුන් ජීවත් විය යුත්තේ කා සමගද කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවාද වැනි සුළු කාරණා පවා සර්වබලධාරීන්ගෙ විෂයපථයට අදාළය. ඒ අතර මානව සහ සත්ත්ව නිදහස, ප්රජාතන්ත්රවාදය, ...
පෞද්ගලීකරණයෙන් ඔබ්බට.. තනි තරුව (Thani Tharuwa) රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට මං එකඟ නැහැ!හැබැයි... රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්නට සිද්ධවෙන තැනට පත් කළාට වග කියන්න ඕන දේශපාලනඥයො විතරක්ම නෙවෙයි. වෘත්තීය සමිති තමයි ඒකට වග කියන්න ඕන ලොකුම පිළිලය! ඇයි..? ඕනෑම වෙලාවක පවත්නා රජයට විරුද්ධ වෘත්තීය සමිති බලා ඉන්නේම වර්ජනයක් කරන්න, අංචියක් අදින්න. සල්ලිවලට ඕනෑම යටිකූට්ටු වැඩක් කරන්න. වෘත්තීය සමිති කියන්නේ අතිශය සද්භාවයෙන් යුතුව, "වැඩකරන ජනතාව" වෙනුවෙන් පටන්ගත් ක්‍රමවේදයක්. හැබැයි ...
සදාකාලික ඉලන්දාරියා තනි තරුව (Thani Tharuwa) කලං කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්! කලං ගැන කියන හැම වෙලාවකම, ඔහුව දකින හැම වෙලාවකම මං ඕක කියනවා කියලා මගේ සමීපතමයො දන්නවා. කොටින්ම කලං මගේ ක්‍රෂ් එකක්❤️කලංව මුලින්ම දැක්කේ කවද්ද මොන චිත්‍රපටයෙද කියලා මට මතක නෑ. හැබැයි සෑහෙන්න පොඩි කාලෙක වෙන්න ඕන. කලංගෙ චරිතයක්, නිර්මාණයක් ගැන ලොකු විචාර ලියන්න තරම් මම ඔහුගේ නිර්මාණ නරඹලා නෑ. හැබැයි..ඒ පළමු දැක්මේ ඉඳන් හිතේ කෙටිච්ච චරිතයක්! ...