ධර්මය සහ ජීවිතය - 15 කොටස - බුද්ධ ශ්රාවකයා හෙවත් සත්‍යය ගවේශනය-02 පුනරාගමනය photo credit- https://www.pinterest.com/කලින් ලිපියෙන් බුද්ධ ශ්රාවකයා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් සුතමය ඥාණය උපදවාගෙන ඒ ඇසුරින් ප්‍රඥාව වෙත ගමන් කල යුතු ආකාරය කෙටියෙන් සාකච්ඡා කරනු ලැබුවා. මෙම ලිපියෙන් ආර්යය සත්‍යය හතර ඇතුළු ඒ හා බැඳුනු දහම් කරුනු බිඳක් සාකච්ඡා කිරීමට උත්සාහ කෙරේ. පෙර ලිපිය කියවීම සඳහා මෙතැනින් පිවිසෙන්න.දුක සහ දුක්ඛය සාමාන්‍ය ජීවිත අත්දැකීම් අනුව දුක ප්‍රකට වන අවස්ථා දෙකක් තියෙනවා.1.කායික ...
කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය හෙවත් බෝධිපාක්ෂික ධර්ම -ධර්මය සහ ජීවිතය - 12 කොටස පුනරාගමනය ධර්ම මාර්ගය යනුවෙන් භාවිතා කරන මාර්ග දෙකක් අතීතයේද වර්තමානයේද සමහරවිට අනාගතයේද හමුවෙනවා. ඒ තමයි කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය කියන මාර්ග දෙක. ඒ ඒ කෙනාගේ පිළිගැනීම අනුව මේ දෙකටම පොදුවේ ධර්ම මාර්ගය කියා භාවිතා කරනවා. නමුත් නිවන් මාර්ග දෙකක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ එකම එක නිවන් මාර්ගයක් පමණයි. ඒ නිවන් මාර්ගය විශ්වාසයක් හෝ ආගමික ඇදහිල්ලක් හෝ ප්‍රාර්ථනාවක් ...
විජ්ජාව සහ සත්‍යය 05 - ධර්මය සහ ජීවිතය - 25 කොටස පුනරාගමනය අර ආනාපාන සතිය වඩන්නයි කියලා නාසිකාග්‍රයේ හෝ තොල් දෙකේ හිත තියාගන්නව වගේ හිත තියාගෙනම ඉන්නවා. යද්දිත් එද්දිත් එහෙමයි. හිත තියාගෙනම ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. කරන කරන වැඩෙත් එක්කයි මනස. මනස එක්කයි වැඩේ. පුලුවන් හැකි වෙලාවකම වර්තමානය තුලම කරන කරන දේ තුල ඉන්න සතිනිමිත්තෙ. ඔන්න ඔය ටිකම ඇති හිත සමාධි වෙන්න මේ ශාසනේ.ඊට පස්සෙ ඉඩ ලැබෙන වෙලාවක එක තැනක ඉඳගෙන ...
සතර ආහාරයෙන් නිවනට - ධර්මය සහ ජීවිතය - 17 කොටස පුනරාගමනය ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමේ තවත් ක්‍රමයක් තමයි මේ සතර ආහාරය අවබෝධ කර ගැනීම. මෙහිදී ආහාරය යන වචනය තුල ඇත්තේ ප්‍රත්‍යය හෙවත් හේතුව කියන ගැඹුරු අර්ථයයි. සතර ආහාරය පිරිසිඳ දකින නුවණක් ඇති කරගත්තාම මේ සතර ආහාරය පිළිබඳව හොඳ සිහියක් ඇතිවෙනවා.එය අප කලින් ලිපියෙහි සඳහන් කල ඉන්ද්රිය භාවනාවටත් එකසේ ප්‍රයෝජනයක් ලබන්නට හැකි වෙනවා. එම ලිපිය මෙතැනින් කියවන්න.‘‘චත්තාරො මෙ, භික්ඛවෙ, ආහාරා ...
අවකාශය සහ අනවකාශය පිලිබඳ බුද්ධ දේශනාව පුනරාගමනය මෙය අවකාශය සහ අනවකාශය පිලිබඳ බුද්ධ දේශනාවකි. අවකාශය කියන්නේ ඉඩප්රස්ථාව යන සරළ අර්ථයයි. අනවකාශය කියන්නේ ඉඩප්රස්ථාව නොලැබෙන බවට ඇති තේරුමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ක්ෂණ සම්පත්තිය හෙවත්, අවකාශය කියා කියන්නේ මේ බිහිසුනු සසරින් ගැලවෙන්නට තිබෙන්නාවූ එකම පිරිසිදු මාර්ගය වූ බුදුබණ අසා තේරුම් ගෙන එය පිලිපඳින්නට යමෙකුට ඇති ඉඩ ප්‍රස්ථාව බව. එසේම එම ඉඩ ප්‍රස්ථාව කෙනෙකුට අහිමිවන කාරණා පිලිබඳවද ...
රූපය සහ මායාව - ධර්මය සහ ජීවිතය - 18 කොටස පුනරාගමනය photo credit - https://www.pinterest.com/ජීවිතේ මහා පුදුමාකාරයි. අපට මේ ජීවිතයේ ඇත්ත හොයන්න ගියාමයි තේරෙන්නෙ, ඇත්තටම ජීවිතේ ඇත්තක් තියෙනවද කියලා. හැමතැනම මායාව. අග ඉඳන් මුලටත්,මුල ඉඳන් අගටත්, මහා පඹගාලක් වගේ දැනෙන්නෙ. එතකොට හිතෙනවා උපතේ සිට මරණය දක්වා මේ පඹගාලේ පැටලුනාම ලිහාගන්න දරන උත්සාහය නේද ජීවත් වෙනවා කියන්නෙ කියලා. මේ පඹගාල ලෙහාගන්න සමත් වෙච්ච කෙනෙක් අපට හම්බ උනාද කියල හිතල බැලුවම ඒකත් ...
Dropbox - Cloud storage සමඟින් ඔබගේ සියලුම ගොනු සුරක්ෂිතව තබා ගන්න පුනරාගමනය ඕනෑම තැනක සිට ගොනු ගබඩා කර ප්‍රවේශ කරන්න.පරිගණකයෙන්, දුරකථනයෙන් හෝ ටැබ්ලටයෙන් Dropbox වෙත ප්‍රවේශ විය හැක. එක් ආරක්ෂිත ස්ථානයක ගොනු ගබඩා කිරීමට. "ඩෙස්ක්ටොප්" වැනි වැදගත් ෆෝල්ඩර උපස්ථ කිරීමට - ඕනෑම වෙනස්කමක් පරිශීලකයාගේ ගිණුම හරහා සමමුහුර්ත වනු ඇත.ඔබගේ සියලු අන්තර්ගතයන් එකට ගෙන එන්නක්ලවුඩ් අන්තර්ගතය සහ Microsoft Office ගොනු ඇතුළුව-ඔබේ වැඩ තනන්න සහ සංස්කරණය කරන්න-කෙලින්ම Dropbox තුළ, එබැවින් ඔබ යෙදුම් අතර ...
ධර්මය සහ ජීවිතය - 04 කොටස පුනරාගමනය "මඤ්ඤමානස්ස ඛො භික්ඛවේ බද්ධ මාරස්ස"මඤ්ඤමාන කිරීමෙන් මාරයා හා බද්ධ වේ. එතකොට මඤ්ඤමානය කියන්නේ යම් ධර්මතාවයක් මම කොට, මගේ කොට, මගේ ආත්මය කොට ගැනීම බව සඳහන් වෙනවා. කෙනෙකුට හිතන්න පුලුවන් මම කියලවත් මගේ කියලවත් මගේ ආත්මය කියලවත් අපි හැමතිස්සෙම හිතන්නෙ නැහැනෙ. මොකක්ද මේ සක්කාය දිට්ඨිය මොකක්ද මේ ආත්ම දෘශ්ඨිය කියල. ඔව් ඒක ඇත්ත. එහෙම නිතරම හිතන්නෙ නැහැ. ඇයි ඒ? මුලු ...
විජ්ජාව සහ සත්‍යය 06 (අවසන් කොටස) - ධර්මය සහ ජීවිතය - 26 කොටස පුනරාගමනය භාවනාව කියල අපි යමක් කරනකොට ඒ කිරීම නිසා මනසේ ඇතිවන ගති වලට රැවටෙන්න එපා. මනසේ නොයෙක් ගති ඇති වෙනවා. හිත උඩට වැඩ කරනවා වගේ තේරෙයි. එහෙම නැත්නම් හිත ඈතට යනවා යනවා වගේ තේරෙයි.ඒ නීවරණ චිත්තයවත් ගෙවිලා නැති ලක්ෂණ. නීවරණ චිත්තය ගෙවුනාම මනස වීදුරුවක් වගේ.මනස ප්‍රභාෂ්වරයි. (පසුගිය ලිපියෙන්)....ඊගාව දේ තමයි මට දෙන්න පුලුවන් ඊලඟ අවවාදය නම් සතිනිමිත්ත අතහරින්න එපා. සතිනිමිත්ත ...
ධර්මය සහ ජීවිතය - 07 කොටස-( තන්හාව-විඳීම-විඳවීම සහ අනිත්‍යය) පුනරාගමනය මේ ශරීරය කියන්නෙ ආසන්න වශයෙන් ගත්තාම හරියට ගහක් ගලක් පුටුවක් මේසයක් ඇඳක් වගේ දෙයකට. ඒවාට හිතන්න බැහැනෙ. ශරීරය හෙවත් කයටත් එහෙමයි. ගස්ගල් ඇඳ පුටු මේස වලට විඳින්න බැහැනෙ. ශරීරයටත් එහෙමයි. හිතන්නත් බැහැ විඳින්නත් බැහැ විඳවන්නත් බැහැ. එහෙම හිතන විඳින විඳවන කෙනෙක් ශරීරයේ මොනම ඉන්ද්රියකවත් ඇත්තෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි ශරීරයට ස්වාධීනව චලනය වෙන්නත් බැහැනෙ. අතපය හොල්ලන්න,ගමන් කරන්න, ඉඳගන්න,නිදාගන්න ඒ ...
සීහළවත්ථු 01- සීරළු හොරා පුනරාගමනය ඡායාරූප අනුග්‍රහය - https://si.wikipedia.org/wikiසීහළවත්ථු නමින් රචනාවු ඉපැරනි පුස්කොලපොත, අපේ රටේ මහා ඉතිහාස ග්‍රන්ථය වූ මහාවංශයද ලියැවෙන්නට පෙර බිහිවූවක් සේ සිහළවත්ථු මුද්‍රණයේ සඳහන්වන අතර එය රචනා කර ඇත්තේ "කණ්ඨකසෝල පටුනේ විසූ ආචාර්යය ධම්මනන්දි මහතෙර" බැව් පැවසේ. අවුරුදු සිය ගනනක් පැරණි මෙහි මුල්පිටපත රචනය කර තිබී ඇත්තේ බුරුම භාෂාවෙනි. මෙම ධර්ම ග්‍රන්ථය අම්බන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩ විසූ "අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත" ...
ත්‍රිවිධ විතර්කය-ප්‍රමාදය- සහ බන්ධනය -ධර්මය සහ ජීවිතය - 11 කොටස පුනරාගමනය සසරින් මිදීමට, නිවනින් සැනසීමට එකම තැන මිනිස් ලෝකයයි. දුකේද සැපේද අනිත්‍ය බව මේ මිනිස් ලෝකයේ ජීවත්වන කෙටි කාලය තුල බොහෝ අය අත්දැකීමෙන් දැනගන්නවා. උවමනානම් කෙනෙකුට සිල්රකිමින් දන් දෙමින් පින්කරමින් සුගතිගාමි දිව්‍ය ලෝකයක ඉපදෙන්නට සංඛාර රැස් කරන්නට හැකියි. තව කෙනෙකුට පව් අකුසල් කරමින් සසර දුගතියේ සතර අපායට වැටෙන්නට පුලුවන්. තව කෙනෙකුට ධ්‍යාන වඩමින් බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබන්නටත් පුලුවන්.ඒත් නුවන තියෙන ...
ධර්මය සහ ජීවිතය - 12 කොටස - අසේවනා ච බාලානං පුනරාගමනය photo credit https://www.pinterest.com/ධර්මයෙහි "බාල" යන වචනයෙන් අදහස් කරන්නේ යමෙක් වයසින් ලාබාල බවක් නොවෙයි. මෝඩ පුද්ගලයාටද පමණක් නොවෙයි. කෙලෙහි ගුණ නොදන්නා කෙනා බාලයා ය. අසත් පුරුෂයා බාලයා ය. දුර්ජනයා බාලයා ය. අධමයා බාලයා ය. කුහක ඊර්ෂියාකාරී පුද්ගලයා බාලයා ය. උඬඟු, අහංකාර, පුහු, හිස් කෙනා බාලයා ය. විෂම අදහස් වලින් හිස උදුමවාගත් නූගත් උද්ධච්ච කෙනා බාලයා ය. බාලයා නිතර ප්‍රදර්ශනය කරන්නේ ...
මගේ නොවන නුඹ පුනරාගමනය මගෙමැයි කීවටමගේ නොවන නුඹනුඹේම වී සිටියාට කමක් නෑ....නුඹේ යැයි සිතනාමගේ නොවන මමමගේම වී ඉන්නටද ඉඩක් නෑ...සිතිවිලි පාලම දිරා ගොහින්එගොඩ මෙගොඩ යන මං අහුරාගඟ දිය ගැඹුරුයි සැඩ පහරක් සේනුඹත් මමත් එහි ගිලී ගොසින්....සමුගෙන යන්නත් බෑ වෙන්වීඉන්නේ කෙලෙසක එකෙකු වීමදහස දියකර සෝ දිය ගලනාදෙකොපුල් සඟවමු ලොවට හොරන්... jayantha colombage ...
බෞද්ධ උපමා කථා -01 පුනරාගමනය බෞද්ධ උපමා නමින් වෙනම විෂයක් ත්‍රිපිටක ධර්මයට ඇතුළත් නොවේ. නමුත් බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරන විට විවිධ ආශ්චර්යමත් උපමා රැසක් සිය දේශනාවලට ඇතුළත් කර ඇත. බුදුදහම ශ්‍රේෂ්ඨ දර්ශනයක් ලෙසත් අනුගමනය කළ යුතු මාර්ගයක් ලෙසත් උගන්වද්දී බුදුරජානන් වහන්සේ මේ උපමා යොදාගෙන දර්මය දේශනා කර ඇති බව ත්‍රිපිටකයෙන් පැහැදිලි වේ. බුදුන්ගේ අවවාදයස්වයංසිද්ධ නිදහස් චින්තනය සඳහා, ඔබ සැක කළ යුතුය. ඔබ ...
Caliber - විද්‍යුත් පොත් පුවත්පත් සඟරා කියවීමට පුනරාගමනය Caliber යනු දැනට, වඩාත් ප්‍රසිද්ධ විද්‍යුත් පොත් කළමනාකරු, නරඹන්නා සහ පරිවර්තකය වේ. Microsoft Windows, Linux සහ OS X සඳහා නොමිලේ, විවෘත මූලාශ්‍ර, හරස් වේදිකා විද්‍යුත් පොත් කළමනාකරුවෙකි. සියලුම ප්‍රධාන ඊ-පොත් ආකෘතිවල විද්‍යුත් පොත් සංස්කරණය කිරීමට, පරිවර්තනය කිරීමට, බැලීමට සහ නාමාවලිය කිරීමට එය භාවිතා කළ හැක.එමෙන්ම ඊපොත් ඩවුන්ලෝඩ් කරගැනීමටත් ඉඩ සලසයි. Caliber විද්‍යුත් පොත් කියවීමට, සංස්කරණය කිරීමට සහ නිර්මාණය කිරීමට ...
ධර්මය සහ ජීවිතය - 03 කොටස පුනරාගමනය කාමං කාමයමාතස්ස - තස්ස චෙ තං සමිජ්ඣතිඅද්ධා පීතිමනො හොති - ලද්ධා මච්චො යදිච්චතිවස්තු කාමයට කැමැති කෙනාට යම් විදියකින් ඒ වස්තු කාමයන් ලැබෙන විට, ඒ ලැබුනු වස්තු කමායන් ගෙන් සතුටට පත්වේ. පසුගිය ලිපියෙන් කාමය පිලිබඳ ඉතාම කෙටි සටහනක් තැබුවා මෙලෙස." වටිනාකම් දුන් දේවල් වලට වස්තු කාම යැයි කියනු ලැබේ. ඒ කාමයන්ට ඇති ඇලීම් ස්වභාවයට ක්ලේශ කාම යැයි කියනු ලැබේ. වස්තුකාම ...
ප්‍රමාදය-අප්‍රමාදය සහ බන්ධනය -ධර්මය සහ ජීවිතය - 10 කොටස පුනරාගමනය තරමක ගැඹුරු මාතෘකාවක් මෙන්ම ඉතාම ගැඹුරු ධර්ම කාරනා කීපයක් මේ හරහා කථාකරන්නට සිදුවෙනවා. ඉතාම සැලකිල්ලෙන් ඉතාම අවධානයෙන් මේ ලිපිය කියවා බලන්නට ආරාධනා කරන අතර සත්ත්වයා ප්‍රමාදයට පත්වන ආකාරයද, ප්‍රමාදයෙන් සසරට බැඳෙන ආකාරයද, අප්‍රමාදය නිවනට ඒකායන මාර්ගය වන බවද මෙයින් වටහා ගෙන ඉතාම අසීරුවෙන් ලබාගත් මේ මිනිස් ජීවිතයේ උපරිම ඵල නෙලාගන්නට යැයි ඉල්ලා සිටිනවා. මෙහි සඳහන් කරන කිසිදු ධර්ම කාරණයක් ...
ඉන්ද්රිය භාවනාව - උපාසක පිරිහීම - ධර්මය සහ ජීවිතය - 16 කොටස - පුනරාගමනය ඡායාරූපය - https://www.pinterest.com/බුදුරජාණන් වහන්සේ විසින් වදාල මෙම ඉන්ද්රිය භාවනා ක්‍රමය ඉතාම ආශ්චර්යය ක්‍රමවේදයක් බව එය විමසා බැලීමේදී වැටහෙනවා. කයට කිසිදු වෙහෙසක් නොදී, කයට දුක් දෙමින් කෙරෙන අත්තකිලමතානුයෝගී භාවනාවක් නොව සිහිය සහ නුවණ යොදවා පැය විසිහතර තුලම වඩන්නට හැකි ඉතාම විශිෂ්ඨ භාවනාවක් වශයෙන් මෙය අත්දකින්නට හැකියි. යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකාවක් වේවා පිරිහෙන්නට තිබෙන ඉඩකඩ බොහෝමයි. කෙලෙස් සහිත ...
ධර්මය සහ ජීවිතය - 05 කොටස-(සත්ත්වයා වරදෙහි බැඳීම) පුනරාගමනය අපට කිසිම දවසක සැබෑ වර්තමානය හමුවන්නෙ නැහැ. එයට හේතුව වර්තමානය යනු ක්ෂනයක කාලයක් පමණ නිසයි. ක්ෂනය කියන්නෙ ආසන්න වශයෙන් තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවක් විතර. ඒ නිසා වර්තමාන කියන ක්ෂණය තුල පඤ්චස්කන්ධයක් ඇතිවී නැතිවී යන බවවත් අපට හැඟෙන්නෙ නැහැ. එය ඒ තරමට වේගවත්. අප වර්තමානය කියා අවිද්‍යාව තුල පිලිගනු ලබන්නේ කලින් ක්ෂනය තුල ගෙවී ගිය අතීතයයි. අපට මේ වේගය නිසා වර්තමානය ...