දීවාලි පහන් - Diwali Lights ගල්මල්-Coral දැන් දැන් ආලෝක සැරසිලිපිරිලා ඇති කඩසාප්පුවල…ඒ කාලේ උඹ ආවේ බරට බරේ රසකැවිලි පුරෝගෙනහැම වාරෙමඉන් පෙට්ටියක් පොඩි දුවටත්ඔතා දෙන...කන්නෙ කොමෙයි රසකැවිලිරාම රජු ගමන සිහිකරඅපි ඉතිං අනික් පැත්තේපරාද වුණ...එනමුදු සමරන්නම්ඔසු උයන උනාවැටුණකේසරි, ලඩ්ඩු තලුමරමිනමොනා කීවත් නුඹ නිහඬයදැස් පුංචි කර සිනාසෙන...අද නම් බැහැකේත වනේ වැළලෙන්නඉර අවරට යන්න කලින්දුවන්න එපැයිවාසනාව ගෙනෙනරන් අභරණක් අරගන්න...පඩිපත ගිලිහුණ මීනානුඹ අද දිල්ලියේ දඑපා බොඳ වෙන්නපුංචි තරුනෙතු අහිංසකදිලිසෙන ලෝ පතුරක් ...
බිඟුවනි මුලා නොවන් ගල්මල්-Coral නෙක උයන් වතු පුරාපාට මලින් පිරිලා හැඩයි,හෙට දවසේ පල බරින්අතු ඉති පුරවන වහසි බසින්සුරඟන රැඟුම්...ගුමු ගුමුවෙ ඇදීමුලා නොවන්,ඉටි මලින් සරසලාඅහස උස තුඹස්යසසින් වැජඹෙන වේයන්... කලබලෙන් උන් ඇදෙන්නේරැකෙන්නට උනුන්,රකිමින් උන්ගේ රජුන්මිස නිමාකරන්නට දඋන් පැටවූ අපේ කරුමයන්...පුංචි පුංචි බිඟුවන් ලෙසින්පෙළින් පෙළට යමන්,හෙට පලබර වෙන්න නම්පරිස්සමෙන් නියම මල තෝරාගනිව්මුලා නොවෙව්! ...
ඔබට පෙම් කරමි | I will Love You (ශනිදා දහයට!) ගල්මල්-Coral මා ඔබට පෙම් කරමිහිරු දවනතුරු ආකාහේ,සඳ දිළෙනතුරුඅඳුරු රාත්‍රියේ.රුදුරු නිල් සයුරනිසසල වෙනතුරු සිඳී,මා ඔබට පෙම්කරමිකාලය ගෙවෙනතුරු.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Christy Ann Marine)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
මැජික් (ශනිදා දහයට!) ගල්මල්-Coral එකොමත් එක රටක ජනාධිපතිතුමා හා අගමැතිතුමා විදේශයක ලෝක සමුළුවකට සහබාගී වෙන අතරතුර ඔවුන්ට වෙනත් රාජ්‍ය නායකයෙකු විසින් රාත්‍රී භෝජනය සංග්‍රහයක් පවත්වනවා, ප්‍රධාන පෙලේ හෝටලයක...ජනාධිපතිවරයා ඔහුගේ පිරිවර සමඟත් අගමැතිවරයා ඔහුගේ පිරිවර සමඟත් ශාලාවේ දිග මේසයක මුහුණට මුහුණලා අසුන්ගෙන සිටිනවා.රාජ්යනායකවරුන්ට සැකසූ කෑම මේසය බොහෝම වටිනා පිඟන් කෝප්ප ආයිත්තම් වලින් පිරිලා, හැඳි ගෑරුප්පු එහෙම රන් ආලේපිත ඒවා විය. ජනාධිපතිතුමා මෙවන් තැනකින් සිහිවටනයක් හැටියට ...
රාත්‍රි ගෙවී | After Nights ගල්මල්-Coral වඩාත් දික් වූ රාත්‍රීන් ගෙවුන පසුව පවාඑළඹෙන උදය බලකරනුයේඅළුත් බලාපොරොත්තු, නැවුම් ගීතයන් (ගයන්න).උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Morgan Harper Nicholas)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
කටු | Thorns ගල්මල්-Coral අසන්නේ ද කවුරු හෝඇයි ඔබ මෙතරම් පරිස්සම්ඔබේම අවකාශයේ,කියන්න ඔවුනටරෝසමලක් ලස්සන වෙන්නටඋල්කටු වැඩුවේ නැහැ කිසිවිට.එනමුදු,සොබාදහම බලකරනපරිස්සමට,රුදුරු විලෝපිකයින් ගෙන්.නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: නොදනී)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
නිවටන (හල්කිරීම, පාපිල්ල නැති) ගල්මල්-Coral වාඩිවී උන්නගහ යටකම්මැලිකමේගහ සෙලෙව්වේඑකමුතුවෙ බලේකූඩේ පුරවා ගත්තටඅහුලා ගෙඩි ඇපල් ගහේතොපි ලියනවා ද නියමයන්වැළකුමට උඩුකුරු තෙරපුමනොවළකා කාරණේපෙළන,බලේ… ...
කෝච්චියේ දිරන ගල්මල්-Coral හෝ හෝ හඬ මැඩගෙනසමුද්ර දේවියබලා නොබලා මහ සයුරඅඳුර කපාගෙන ඇදෙනවා...කොටුපවුරේ ඔරලෝසුවමද එළියේ තනිවෙලාවිඩාබරව නැවතිලා,ඒත් පුරුද්දට බලනවා...අන්තිම බස්රිය පණ ගැහිගැහීමග බලා ඉන්නවා,විදුලි පන්දම් එළියඅඩි පාර දිගේ පිය මනිනවා,අපේ ගෙදර සඳ රැසින් දිලෙනවා...පිනි දියෙන් නැහැවුණ බස්රියදවසේ විරාමය නිමා කරහිරුටත් කලින් නගරෙට ඇදෙනවා,හිමිදිරි අඳුරේම සමුද්‍ර දේවියකොළඹ දුවනවා...ගමට වැටෙන හිරු කිරණඅකැප ද තාත්තේනුඹේ ජීවිතය කෝච්චියේමදිරෙනවා...සමුද්‍ර දේවි: වෙරළබඩ දිනපතා කාර්යාල දුම්රිය ...
සිනාවක් | Save Me a Smile ගල්මල්-Coral ඔබේ සිහිනයමට කියන්න,ඔබේ හදසනසන්නම්,එකම එක සිනාවක්තියාගන්නමා වෙනුවෙන්,මා හැමදාඔබේම වෙන්නම්...නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Matthew Spenser)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
කැඩුණු පියානෝවන් | Broken Pianos ගල්මල්-Coral කැඩුණු පියානෝ වාදනය කරයි ද කැඩි, කැඩී ගීත? ඉරිතැලුණ හදවතට බිඳුන තාල? එතුල වෙත්ද ගීතයක් වැයෙන්නට බලා සිටින? ඇයගේ හද යතුරුපෙල සිඳිබිඳි ස්වර නිහඬ වෙලා එනමුත් තවම රැව්දේ ඇයගේ මියුරු නද සවන් දෙන්න, සවන් දෙන්න...නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Tyler Knott Gregson)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
මූ-ලෝ-උපාය - Strategy ගල්මල්-Coral නඟේ උඹේ දහඩිය මහන්සියනැව් නැග්ගේගෙනෙමින් රන් කහවණුදේශයටරට කරන මොළ ම හාන්සියනැව් නග්ගන්නමහන කම්මලයි උඹයිවිදේශයටඋගස් කරන්නලේසි ඇති උන්ටහිස් දේශය...
ඇතමෙකුට ඇය අමුතුය | Some Found Her Odd (ශනිදා දහයට!) ගල්මල්-Coral ඇතමෙකුට ඇය අමුතුයදියමන්තියට වඩා කවියට මන බැන්ද ඇය,කරවට මුතුමාලය ඇයගේඅලංකාර වදන් පෙලකි,ලස්සනට අමුණන.ඇයගේ විපුල හදින්,අලංකාර මොහොතක් සිතුවම් කරනඅමිල සිනහවෙන් පුරවන,ඇතමෙකුට ඇය අමුතුය.එනමුදු මට, ඇය ශ්රේෂ්ඨයමැණික විරල.* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: John Mark Green)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
ප්‍රේමය | Love, Story or Poetry ගල්මල්-Coral එයපවතින්නේ නම්,ප්‍රේමයකි.ඉවර වූයේ නම්,පෙම් කතාවකි.පටන්ගෙන නැති නම්,කවීකමකි.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: නොදනී)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral
නික්ම යන්නට පෙර | Before You Go ගල්මල්-Coral පුළුවනිද දෙන්න මොහොතක්?ඔබ දිහා බලන්නයම් විදියකින් හමු නොවුනොත් අපි ආයෙත්මතක තියාගන්නහිරු එළියෙන් නැහැවුන ඔබේ මුහුණඔබේ දෑසේ ඇඳුන මාව...නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Sharyn Marsh)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
අපේක්ෂාව - Hope ගල්මල්-Coral කෙඳි වලා රොදක්හිස් නිල් අහසේ තනිවෙලාඋදා හිරු රැසින් දිලෙනවා...ඈත අහස් කුසේලිහිණියෙකු කරනම් ගසයි...ඉරි තැලුන පොලවකපත් හැලී වියලි රුකඅහස බලාන අසරණව,ඉල්ලනවා දෝ දිය බිඳක්හිස් අහස යට,අතු අග දළුලන්නට... ...
බල්ටිමෝ - දෛවයේ සරදමක් ගල්මල්-Coral කඩා වැටෙමින්පාලම බල්ටිමෝහෙළි කලේකුණු නැවක්,මොන කුණු රජෙක්,දෛවයේ සරදමක්උන්ගේමපිලිකන්නේවිස කුණු ගොඩක්ඇස් වසා යටගියෑකි පුවත
බාලගිරි - Not Today, Tomorrow ගල්මල්-Coral නුබ ගැබ බරවහෝ ග ගා කඳුළු සලනවාකෙසඟ කුරුදු දර පතුරබෑ කිය කියා දැවෙනවා අතනෑර නුඹහති ද දා ගිනි පිඹිනවාසිලින්ඩරය දොරකඩහැඩ ද දා මකුළුවා වියනවා...මුළුතැන්ගෙයි රාක්කේබෝතල් විනිවිද පේනවාපිළිකන්නේ පලා පාත්තියඅහස බලාගෙනනව දල්ලක් යදිනවාඇහැපියවෙද්දි හඹා එනගෑස් ලොරිය පේනවාහතරට නැවුන ලොකු කොළය බාලගිරිය සොයනවා... ...
තරු සඳු ඇති තුරු - Evening Sky ගල්මල්-Coral දිදුලන තරුසඳු ඇති තුරුසැඳෑ අහසනැත අඳුරුවැහුව දකළු වළාවන්...
මිදීම - Unleash ගල්මල්-Coral මද පවනසැඩ සුළඟමාරුතයජයගෙන ඉඳින්නැ'තිවාර අවාරතරණය කරගස රකින්නැ'තිඉඩදීනව දළු, රිකිලිහැලෙන්නැ'ති...
වට වට - Circle ගල්මල්-Coral වට, වට අඳිනකව කටුවහිත, හිත ඇතිනම්දිගෑරිය හැකියතුඩ, තුඩ ඇඟිලිහසුරු වනකව, කව පැහැළා තද විය හැකියඑක, එක මතවැටි නොවැටෙනනෙක, නෙක සදතෑකිහැඩ දිලෙනසමවායබැබළෙන...සටහන:ජ්‍යාමිතිය අනුව වට, කවය, වෘත්තය කොහොම කිව්වත් circle, මිනිස් සමාජයේ ද කවයන් ඕනෑ තරම්ය. කවයන් හැටියට ඒකරාශී වෙන තැන සම හෝ ආසන්න වශයෙන් සම අදහස්, සිතුම් පැතුම්, රුචියන් තිබිය හැකිය, ඒ වගේම වෙනස් කවයන් දෙකක වුණත් සමාන අදහස් දරන ...