Saturday, October 21, 2023

ඇතමෙකුට ඇය අමුතුය | Some Found Her Odd (ශනිදා දහයට!)

 


ඇතමෙකුට ඇය අමුතුය
දියමන්තියට වඩා 
කවියට මන බැන්ද ඇය,
කරවට මුතුමාලය ඇයගේ
අලංකාර වදන් පෙලකි,
ලස්සනට අමුණන.
ඇයගේ විපුල හදින්,
අලංකාර මොහොතක් සිතුවම් කරන
අමිල සිනහවෙන් පුරවන,
ඇතමෙකුට ඇය අමුතුය.
එනමුදු මට, ඇය ශ්‍රේෂ්ඨය
මැණික විරල.


* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: John Mark Green)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

20 comments:

  1. ලස්සනයි නිර්මාණය.
    ජයවේවා

    ReplyDelete
  2. අපූරුයි..අදමද මන්දා මං මෙහෙ ආවේ..

    ReplyDelete
    Replies
    1. පළමුව ගල්මල් අඩවියට සාදරයෙන් පිලිගන්නෙමු!
      ශැනිදා දහයට! කර අරුමයට තුති, ඔබේ අඩවියේ ද හරබර කවියක් වින්දා, දැනුයි සටහනක් කලේ. ජය!
      ආයෙත් බ්ලොග් ටික පණගහලා එනවා නම් ඒකයි සතුට!

      Delete
  3. හැමදාම වාගේම ලස්සන වදන් මුතු පොටක්!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! මේකත් පසුගිය සාහිත්‍ය මාසයේ කල පරිවර්තන වලින් එකක්.

      Delete
  4. අළුත් අදහසක් ගේන කවියක්!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඒ ඇගයුමට.
      පසුගිය සාහිත්‍ය මාසය පුරා තෝරාගත් විවිධ ඉංග්‍රීසි කවි පරිවර්තනය කර ෆේස්බුක් ගෲප් එකක් වෙනුවෙන්, මේ ඉන් එකක්. සරළ වෙනස් ආරේ කවි වලට අවදානය යොමු කලේ.

      Delete
  5. Replies
    1. බොහෝම ස්තුතියි ප්‍රසා. එදා පටන් ප්‍රසා බ්ලොග් වලට දෙන සපෝට් එක කවදත් වටිනවා. ආයෙත් බ්ලොග් පණගහලා එනවා දකින ඔබ ඉහළින්ම තුටු වෙනවා සැක නැහැ, මේ වෙනස ගොඩාක් වටිනවා.

      Delete
  6. ඇයට සුභ ගමනක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඩ්‍රැකි, ඒ කාලේ බ්ලොග් සුවඳ දෙන්න පටන් ගැනීමම සතුටක්.

      Delete
  7. ඒක මරු... ආයෙත් එන්නං මෙහෙ.. ජය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, ඔව් මහේෂ් හරිම සතුටුයි.

      Delete
  8. ඒක නියමයි..
    අපූරු අදහසක් ගේන කවියක්

    ආයෙමත් මෙහෙ එන්නං. ජය

    ReplyDelete
  9. ඩීන් අයියා දිගටම ලියුවා, මම කමෙන්ට් නොකලත් දිගටම කියෙව්වා.. කමෙන්ට් කරන්නැත්තෙ බොහෝ විට ඒවා බරසාර වැඩි නිසා..ඒත් මගේ ක්‍රමේට රස වින්දා.. මේකත් එහෙමයි..දිගටම ලියමු. ජය !

    ReplyDelete
    Replies
    1. සෙන්නා එදා ඉඳන්ම ආව ගිය කෙනෙක් නෙහ්, බොහෝම ස්තුතියි

      Delete