Saturday, October 21, 2023

මැජික් (ශනිදා දහයට!)

එකොමත් එක රටක ජනාධිපතිතුමා හා අගමැතිතුමා විදේශයක ලෝක සමුළුවකට සහබාගී වෙන අතරතුර ඔවුන්ට වෙනත් රාජ්‍ය නායකයෙකු විසින් රාත්‍රී භෝජනය සංග්‍රහයක් පවත්වනවා, ප්‍රධාන පෙලේ හෝටලයක...


ජනාධිපතිවරයා ඔහුගේ පිරිවර සමඟත් අගමැතිවරයා ඔහුගේ පිරිවර සමඟත් ශාලාවේ දිග මේසයක මුහුණට මුහුණලා අසුන්ගෙන සිටිනවා.


රාජ්‍යනායකවරුන්ට සැකසූ කෑම මේසය බොහෝම වටිනා පිඟන් කෝප්ප ආයිත්තම් වලින් පිරිලා, හැඳි ගෑරුප්පු එහෙම රන් ආලේපිත ඒවා විය. ජනාධිපතිතුමා මෙවන් තැනකින් සිහිවටනයක් හැටියට වටිනා පුංචි දෙයක් අරන් යන්න පසුබට වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි තැනක එහා මෙහා වෙන දේවල් ගැන කවුරුවත් තකන්නේ නැහැ, නොදැක්කා වගේ ඉන්න එක සිරිත නෙවැ. ඒත් පොඩි ප්‍රශ්ණයක්, මෙදා ඔහුට කලින් අගමැතිවරයා ඉස්සර වුන හැටි දැකලා පොඩ්ඩක් අප්සෙට් වුනා.


සතුටු සාමිචියෙන්, සැහැල්ලුවෙන් පිරුණ කතා අතර ජනාධිපතිවරයාට පොඩි කට්ට අදහසක් පහළ වුනා.


ජනාධිපතිවරයා මැජික් එකක් පෙන්නන්න ඉදිරිපත් වෙනවා.


"මිත්‍රවරුණී, මම මේ හැන්දයි ගෑරුප්පුවයි මගේ සාක්කුවට දානවා. ඒවා අපේ අගමැතිතුමාගේ සාක්කුවෙන් අරන් පෙන්නනම්" කිව්වේ සභාව මවිතයට පත් කරමින්.


අගමැතිවරයාට හීන් දාඩිය දානන්නට විය. වෙනෙකෙකු තම සාක්කුවට අත දාන්න කලින් හිනාවක් දාගෙනම තමා කලින්ම සාක්කුවට දාගත් රන් අලේපිත හැන්ද හා ගෑරුප්පුව අරන් පෙන්නන්නට විය.


* 80 දශකයේ අග ප්‍රසිද්ධ කතාවකි

4 comments:

  1. මේක මට මිස් උනේ කොහොමද? ඔව් මේක ඒ කාලේ ජේ ආර්ටයි ප්‍රමදාසටයි තමයි කිව්වේ!

    ReplyDelete
    Replies
    1. මම මෙදා පෝස්ට් දෙකක් කරා නෙහ්, සඳකඩපහන පෙන්නන්නේ නවතම එක වෙන්න ඕනේ. ඒ වුනත් හොයාගෙන ආවනේ, බොහෝම ස්තුතියි. ඔව් ඔබ හරි.

      Delete
  2. කතාවනං කලින් අහල තියෙනව උනාට ආය පාරක් කියෙව්වට වැඩි වෙනව කියලැයි.

    ReplyDelete