දුරලන්නට අඳුර ගල්මල්-Coral අඳුර තීව්රයවේදනාව නිම් නැතරාත්රිය දිගුයඅරුණෝදය උදාවෙනතුරුනොනිමී දැල්වේවාවිලක්කු,ඉටි පහන්…
දඬු අඬුව හිර කරන - The Grip ගල්මල්-Coral බොරු හකු වසන් කරන'මුත් රළු කැලැල්පළුදු කඩතොලුවරින් වරහිර කරනමිටිපහරින් පෙලන හකු අතරදඬු අඬුවේග්රහණයෙන් මිදෙන්නේනිමාවෙන කැටයමනොවෙද වටිනා…
අරගල විරුවනි ඉවසන් ගල්මල්-Coral අඳුර පරදනතරු කැට දිළෙන්නේඋනුන්ගේම පුංචි එළියෙන්දිරියෙන්මිස නොවඔද තෙදැති හිරු රැස් අරගෙනමෝදුවෙන මුවාවෙනසඳ මෙන්කඩා වැටෙනදවා වනසන උල්කාපාතනොමවන්අපේ රට රකිනදූ දරුවනි අරගල විරුවන් රන්වන් තරු මෙන්පුංචි පුංචි එළියෙන්එක්වන්ජයගනු සැක නැතපලවා අඳුරපතුරා සාමය සෙනෙහසඑකාමෙන්පෙරටම යමු, යමුඉවසන්පරදා විසගෝරමෘගයන්... ...
අපිට ඕනේ හෙටක්! ගල්මල්-Coral පාලකයා හැමදාම කලේ බොරුවඇම දාලා බාගත්තේ අහිංසකයිනගේ ඔළුවකොහොම හරි කොටවලා බේදකරලා පුරවා ගන්නේ උන්ගේ චන්ද මල්ලඅරං බලය රකින්නේ උන්ගේම නඩයඉන්නකම් බලයේ හොරා කකා කරන්නෙම බොරුවඋනුන් අතරේම බෙදාගන්නවා ජාතික ධනයඔක්කොම බර පටවන්නේ මහජනයා පිටමඋන් එපාවීගෙන එනකොටතව රොත්තක් වලිකනවා තවත් පොටක් පාදාගෙනලොකු, ලොකු බලාපොරෝත්තු ඇති කරනවාපාලකයා හැමදාම කලේ බොරුවඇම දාලා බාගත්තේ අහිංසකයිනගේ ඔළුවආයෙත් තවත් බොරුවක් ජය ගන්නවාඋනුත් කරන්නේ එකම ප්‍රෝඩාව සාක්කු පුරවාගෙන ...
බලාපොරොත්තුව - The Hope ගල්මල්-Coral සඳ සැඟවිලා අඳුර ගිලගෙන අහසදින ගනිනවා ඇති පිළිගන්නටනව සඳ, මුදු රැස්අඳුර වෙලාගෙන ගොඩකරයබලසුන්ව සැර රැහැන්අරපිරිමහන්න විදුලි බලය බිඳුණ සුදු පෙණ අතුරාඔබ මොබ දුවන කඩිසර රළසරසයි දියඹතැන තැන විසිරුන පහන් එළිපාවෙන යාත්රාහැඩ කරන අඳුරු සිත්තම...සාගර නීතිය රජයනතෙරක් නැති සයුරනොවී සැර පරුෂසපුරනවා ඇති බලාපොරොත්තුව,දවසේ මඩිය...එහෙත්සයුරින් වට ගොඩකරයමිදෙන්නේ කවදා දසාගර නීතියෙන්,අඳුරෙන්... ...
කෝච්චියේ දිරන ගල්මල්-Coral හෝ හෝ හඬ මැඩගෙනසමුද්ර දේවියබලා නොබලා මහ සයුරඅඳුර කපාගෙන ඇදෙනවා...කොටුපවුරේ ඔරලෝසුවමද එළියේ තනිවෙලාවිඩාබරව නැවතිලා,ඒත් පුරුද්දට බලනවා...අන්තිම බස්රිය පණ ගැහිගැහීමග බලා ඉන්නවා,විදුලි පන්දම් එළියඅඩි පාර දිගේ පිය මනිනවා,අපේ ගෙදර සඳ රැසින් දිලෙනවා...පිනි දියෙන් නැහැවුණ බස්රියදවසේ විරාමය නිමා කරහිරුටත් කලින් නගරෙට ඇදෙනවා,හිමිදිරි අඳුරේම සමුද්‍ර දේවියකොළඹ දුවනවා...ගමට වැටෙන හිරු කිරණඅකැප ද තාත්තේනුඹේ ජීවිතය කෝච්චියේමදිරෙනවා...සමුද්‍ර දේවි: වෙරළබඩ දිනපතා කාර්යාල දුම්රිය ...
ගිජුලිහිණියනේ වරෙව් පහතට - Come Down Vultures ගල්මල්-Coral ගිජුලිහිණියනේවරෙව් පහතට බැස අහස් විමානයෙන්කුරුලු ඇසෙන් දකින දසුනමුළා කරනවා ඇත තොප...සංගීත රාවය වීදියේ කෙළවරසතුටු සාදයක් නොව පාළුව දුක තුනී කෙරුමට මිසවරුගණන් උන් ඉන්නා පෝලිමේ...සරසා මල් වෙඩි බෙදා කිරිබතසැමරුව හන්දියේඋන් අද පෝලිමේ ජීවිත ජීවත් කෙරුමට අරගලේදුවනවා පෝලිමෙන් පෝලිමටනිනව්වක් නැති දේශයේ…ගිජුලිහිණියනේවරෙව් පහතට,බැස අහස් විමානයෙන්... ...
නොදනිමි... ගල්මල්-Coral ඈත අහස නැමී පහළසුවිසල් සයුර සිඹිනසිතිජ ඉමේ නිසසලඑද්දි වෙරළට රළ පෙළවියරු වෙන්නේ කෝමද...පාට පාට මල් පෙතිසමනොළ තටු පිරිමැදහමන මුදු මද නලඅතු ඉති රිකිලි සිඳින්නට නපුරු වෙන්නේ කෝමද...සුන්දර සිනහව ලාලිත කතාවසැණෙකින් යට කරරුදුරු කේන්තියමතු වෙන්නේ කොයින් කෝමද,නොදනිමි... ...
උදේ පැතුම්! ගල්මල්-Coral හිරු බැසයන සැන්ඳැවේබහු දින ධීවර යාත්‍රාවෙ නැඟ යනඔහු වෙනුවෙන් බිරිය පතනවා ඇතිලොකු මඩියක් දවසෙන් දෙකෙන්...කැඩී බිඳී ගිය අබලි එකතු කරගෙනඅලුත් බේසමක් දෙන ඔහුටඇය පතනවා ඇති වැඩි වැඩියෙන්කැඩිච්ච බිඳිච්ච හමුවෙන ගෙවල්...තණ කොළ කපන මැෂිම කරගාගෙනබයිසිකලය පදින පුතු වෙනුවෙන්මව පතනවා ඇති ඉඩෝරය නිමාකරවැහි පොද, විගස වැඩෙන වල් පැල...වෙද නළාව කරවට දාගෙනමෝටෝරිය පණ්1අගන්වන දොස්තර පුතුටපැතුවා ද අම්මේ, පොඩි පෝලිමක් රෝහලේනිරෝගී සුවය සැමට ...
සාපලත් පියාපත් ගල්මල්-Coral අඩ සඳේ කැළුම්මුවාකර වැහි වලාවීදුරු කවුළු එකිනෙක පහුකරකඳෝකිමියෙක් පියෑඹුවාමගේ කුටියේ අඳුර මකනඉටිපන්දම් දැල්ලසුළඟේ සැලෙනවාමියුරු දම් දෙසුමක්කන වැකෙනවාදැහැන බිඳමින්මොකෙක් දෝ රූං ගාගෙනදැල්ලට ඇදෙනවාවරක්, දෙවරක්උගේ පණ බේරුවාබලෙන් දැල්ලට ළංවූඌ කේන්තියෙන් දොඩවනවාමොහොතකින්,පියාපත් දැවී අළුවිපොළොවෙ වැතිරුණාමෙරුවෙකු නිසසල වුණා... ...
යදින්නේ ද නුඹ විරාමයක් ගල්මල්-Coral ඇදී ඉඳිකටුවේවෙලි පාටපාට නූලපිරේ පිළිවෙළටරූපය මතුකර රටාවකියා පානදෑතේ දස්කම් විස්කම්කලාව එම්බ්රෝයිඩර අවනතවඩිජිටල් සිත්තමෙපාට සංකලනයටහනි හනිකට දුවන ඉඳිකටුවපාට පාටනූලෙන්නෙක රූරටා මවනවාඑම්බ්රෝයිඩර යන්තරේ නුඹේ නෙතුයුගලුහුබඳිනවාවිදුලි වේගයෙන් දුවනඉඳිකටු පෙළපාට පාටනූල් පන්දුමවන නෙකරටාරිද්මයට රටකහවණු කන්දපාමුලකුඩාවෙන රුවනුඹවිඩාබර සොයුරියයදින්නේ දවිරාමයක්තව එක විරාමයක්... ...
ජීවිතය ලස්සන ගල්මල්-Coral අහස කළු කරන්නේවලා බර වූ විටයවැසි පොද වැටෙන්නේඋහුලා ගනු බැරිවඉර ලස්සනවැස්ස පෑයූ පසුවසඳ ලස්සනකළුවලා පාවී ගිය පසුවඑනමුදුජීවිතය ලස්සනකඳුළු නැතිවිට නොවෙද... ...
මොර සූරන වැස්සක් ගල්මල්-Coral සැඳෑ අහස අද වෙනස්ය,සුදු සේළයෙන් සැරසීඈත රන්වැලි තීරයේ රඟනරළ බිඳෙන හඬ යටකර,අඳුර කපාගෙනතුරු වැල් අතරින් හිනැහෙන වෙරළ ඉමේ ඉහළට නැගිදුර ඈත සුරපුරය මුදුනේතාලෙට නිමි නිමි දිලෙනරතු එළියත් සෝදාගෙන ගිහින් දමොර සූරන වැස්ස වහිනවා...සඳලුතලෙන් බැස හිරිකඩඈත්කර දුහුල් තිරපටඑබී බලා ඔච්චම් කරනවා දමොර සූරන වැස්ස වහිනවා...සඳ තරු නැතිමගේ නුබ ගැඹරේතනිය මකන්නටගයමින්, වයමින් තාලෙටමොර සූරන වැස්ස වහිනවා... ...
අවැසිය විරාමයක් ගල්මල්-Coral හිමිදිරියේ නැග එනකළුවරට ඉඩදී බැසයනහිරු, දැවුවත් ඉඳහිටජීවන කතරට ගෙනෙයි රිද්මයක්.කොහෙන් දෝ පෙරළාගෙන ආ සැඩ කුණාටුවක් අඳුරු වලාවක්තිබ්බා තිතක්අවුල් කර පුරුදු රිද්මය,වෙහෙසය නුහුරු සැන්ඳෑව.කෙලෝරක නැතිව බැට කනතිත ද තැලි තැලීහැඩය වෙනස් වෙලාහඳුනාගත නොහැකිව,අවැසිය විරාමයක්නැවතීමට නොවතව දුරක් යන්නගමන යායුතු… ...
දීවාලි පහන් - Diwali Lights ගල්මල්-Coral දැන් දැන් ආලෝක සැරසිලිපිරිලා ඇති කඩසාප්පුවල…ඒ කාලේ උඹ ආවේ බරට බරේ රසකැවිලි පුරෝගෙනහැම වාරෙමඉන් පෙට්ටියක් පොඩි දුවටත්ඔතා දෙන...කන්නෙ කොමෙයි රසකැවිලිරාම රජු ගමන සිහිකරඅපි ඉතිං අනික් පැත්තේපරාද වුණ...එනමුදු සමරන්නම්ඔසු උයන උනාවැටුණකේසරි, ලඩ්ඩු තලුමරමිනමොනා කීවත් නුඹ නිහඬයදැස් පුංචි කර සිනාසෙන...අද නම් බැහැකේත වනේ වැළලෙන්නඉර අවරට යන්න කලින්දුවන්න එපැයිවාසනාව ගෙනෙනරන් අභරණක් අරගන්න...පඩිපත ගිලිහුණ මීනානුඹ අද දිල්ලියේ දඑපා බොඳ වෙන්නපුංචි තරුනෙතු අහිංසකදිලිසෙන ලෝ පතුරක් ...
ජීවිතය පාටකූරු පෙට්ටියක් වාගේ ගල්මල්-Coral ජීවිතයම සිතුවම් එකතුවකිනුඹ සිත්තරෙකිකැමැතිම පාට තෝරාගෙන හැඩකරනකාලයත් සමඟවඩාත් කැමැති පාට විග විගස ගෙවෙනබොහෝ විටඑතරම් ඇල්මක් නැති පාටනිරතුරුව ඉතිරි කර…ඇති හැකි විටෙකඅලුත් පාටකූරු පෙට්ටියක් රැගෙනතව පිටුවක්, කීපයක්පාට කරනු ඇතසතොසින…හිතැඟි පිටුවෙන් පිටුවවෛවර්ණව පාට කරනොදැනීම එකතු වෙනවා ඇතිඑතරම් ඇල්මක් නොදැක්වූ පාට කූරු,අතෑරුන පිටු එහෙමපාට කෙරුමටතේරීමකින් තොරව...බොහෝවිටඑය ඔබේම සිතුවම නොවෙද? ...
බර ද ලා දළු - Heavy Buds ගල්මල්-Coral රිකිලි අග්ගිසි පෙරදාමල් මෙන් සැරසූ සියුමැලිළපටි අඹ දළු බැබලෙනවාහිමිදිරි හිරු එළිය අරගෙනනිල් අහසේ රඟ දෙනදුහුල් සේල රටා වහන් කරගෙනකළු වලාවක් හක්කලං කරනවා දෝදුර හිනිදුම් පත්තුවට...ඈත හෝ හෝ හඬ දෙනමූදු සුළඟ මෝරනකඩා ඇද හැලෙනවාකළු සේල බරවුනවැස්ස මොර සූරනඅඹ දළු කොන්ද නවාගෙනසොවින් බලා ඉන්නවා දෝඉහිරුණු ලා දළු ගස පාමුලකඳ ගැට පෑදී ඉලිප්පුණවිහිදුන අතු ඉති රිකිලි කොළ දරනසුවඳ සියුමැලි ලා දළු බරදහැලුවේ ඇයි ...
තරු සඳු ඇති තුරු - Evening Sky ගල්මල්-Coral දිදුලන තරුසඳු ඇති තුරුසැඳෑ අහසනැත අඳුරුවැහුව දකළු වළාවන්...
වෙනස් කතාවක් ගල්මල්-Coral මහා විශාල කාන්තාරයක් මැද්දේ පුංචි ක්ෂේම භූමියක් තියෙනවා. දන්නවනේ ක්ෂේම භූමියක් කිව්වාම ගස්වැල් එහෙම සරුවට වැවෙන, වතුර ආදී ස්වාභාවික සම්පත් වලින් පිරුණ, කුරුල්ලෝ, වන සතුන් එහෙම ගැවසෙන තැනක් වෙන්න පුළුවන් වුණාට මේ කියන ක්ෂේම භූමිය ටිකක් වෙනස්. මෙහේ ස්වාභාවික සම්පත් භූමියේ තැන තැන විසිරිලා තියෙන්නේ. බීමට ගන්න පිරිසිදු වතුර ලබා දෙන උල්පතෙන් බුබුළුලා උනන පිරිසිදු වතුර නදිය දිගේ හඬ දිදි ...