රටවල් රැසක් ඇස්ට්‍රාසෙනකා තහනම් කරයි මවිත ලේ කැටි ගැසීමෙන් මරණ සිදුවන්නේ යැයි බියක් හටගෙන ඇති බැවින් කොවිඩ් 19 වයිරසයට එරෙහිව භාවිතයට ගන්නා 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත තාවකාලිකව තහනම් කිරීමට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ද තීරණය කර තිබේ. මේ වනවිට යුරෝපා සංගමයට අයත් යුරෝපා රටවල් බොහොමයක් ද ආසියාවට අයත් තායිලන්තය ද 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ජනතාවට ලබා දීම තාවකාලිකව නවතා දමා ඇත. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සම්බන්ධයෙන් බියක් නිර්මාණය ...
ඉතාලියට නව අගමැතිවරයෙක් මවිත ඉතාලියේ නව අග්රාමාතණයරයා ලෙස මාරියෝ ඩ්‍රාගී පත්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මාරියෝ ඩ්‍රාගී යුරෝපා මහ බැංකුවේ හිටපු සභාපතිවරයා වන අතර, ඉතාලියේ කෘතහස්ථ දේශපාලනඥයෙකි. ඔහුට මේ වනවිට ඉතාලියේ සියලු දේශපාලන පක්ෂවල සහය ලැබි ඇතැයි ද පැවැසෙයි. තමන්ට ජාතික ඒකීය රජයක් පිහිටුවීමට තමන්ට හැකි බව මාරියෝ ඩ්‍රාගී ඉතාලි ජනාධිපති සර්ගියෝ මැටරෙල්ලා හමුවී පැවැසූ බවත්, ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊට ලැබුණු බවත් පැවැසෙයි. ...
සුන්බුන් මැද පැවැති දේව මෙහෙය මවිත ඉරාකයේ සංචාරය කරන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් එරට උතුරු දෙසින් පිහිටි මොසූල් නුවර ට ගොස්, අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ගේ කුරිරුකම් නිසා මියගිය ඉරාක වැසියන් සිහිපත් කරමින් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීය. 2014 දී අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් මොසූල් නුවර ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබුණි. අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් පිහිටුවා ගත්, ඉස්ලාමීය රාජ්‍යයේ කේන්ද්‍රස්ථානය වූයේ මොසූල්ය. මොසූල් නගරය මුදා ගැනීමේ සටන පැවැතියේ 2017 වසරේය. එය අවසන් වී නගරය මුදා ගන්නා ...
සාංචි රෝහලේ PCR කරන්නේ උයන්පල්ලෙක් මවිත 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන්, ඉන්දියාවේ සාංචි නුවර මහ රෝහලේ කටයුතු අඩපණ වී ඇති බවත්, රෝහලට පැමිණෙන රෝගීන්ගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීමට උයන්පල්ලකු යොදවා ඇති බවත් ඉන්දියාවේ එන්.ඩී.ටී. පුවත් සේවය වාර්තා කරයි. බෞද්ධ පුද බිමක් ලෙස සැලකෙන සාංචි අයත් වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයටය. මේ වනවිට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ද කොරෝනා ආසාදිතයන් වැඩි වීමට පටන් ගෙන තිබේ. ගතවුණු පැය 24 ඇතුළත ...
ඉන්දියාවේ දිනක කොරෝනා ලක්ෂ 2 යි මවිත ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේ නව කොරෝනා වයිරස ආසාදිතයන් 200,739ක් වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (15) නිවේදනය කළේය. ගත වූ පැය 24ක කාලයේ ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 1,038ක් වාර්තා වී ඇති අතර එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 173,123ක් දක්වා ඉහළ ගොස් ඇත.ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවා වාර්තා වීමත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ...
ශ්‍රී ලංකාව දහවැනි තැනට මවිත ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය පාලනය කිරීමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ මුල් රටවල් දහය අතරට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ඔස්ට්‍රේලියාවේ ලෝවි ආයතනය නිකුත් කළ අධ්‍යයන වාර්තාවකට සහ ඊට අදාළ දර්ශකයකට අනුව ශ්‍රී ලංකාවට එහි දසවැනි ස්ථානය හිමි වි තිබේ. රටවල් 98ක් අතරින් ශ්‍රී ලංකාව මෙලෙස දසවැනි ස්ථානයට පත්ව තිබෙන අතර අසල්වැසි ඉන්දියාවට එම දර්ශකයේ 86 වැනි ...
සෞදි ක්‍රියාකාරිනිය නිදහස් මවිත පස් වසරක සිර දඬුවම් නියම වූ, සෞදි මානව ක්‍රියාකාරිනියක වන 31 හැවිරිදි ලොජේන් අල් හත්ලෝල් නිදහස් කිරීමට සෞදි රජය තීරණය කළේය. සෞදි කාන්තාවන්ට රථ වාහන පැදවීමේ අයිතිය ඉල්ලා දුන් එරට ප්‍රබල මානව ක්‍රියාකාරිනියක ලෙස ලොජේන් අල් හත්ලෝල් සැලකෙයි. සෞදි කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි බැවින් ලොජේන් අල් හත්ලෝල් සෞදි රජයේ උදහසට ලක් වූවාය.සෞදි පොලිසිය, ලොජේන් අල් හත්ලෝල් අත්අඩංගුවට ගත්තේ 2018 ...
එන්නත ගත්තොත් 'බොන්න බෑ' මවිත ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නේ නම්, මත්පැන් පානයෙන් වැළැකී සිටිය යුතු යැයි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු බොහෝ දෙනකු පෙන්වා දෙති.‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට, බ්‍රිතාන්‍ය වැසියන්ට මේ වනවිට එන්නත් දෙකක් හිමිවෙයි. එයින් එකක්, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක් වී නිපදවා ඇති සියයට 95 ක් සාර්ථක එන්නතය.අනෙක් එන්නත බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මැදිහත් වී, ...
සෞදි ක්‍රියාකාරිනිය වසර 5 ක හිරේ මවිත සෞදි කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන එරට ප්‍රබල මානව ක්‍රියාකාරිනියක වන ලොජේන් අල් හත්ලෝල්ට සෞදි අධිකරණයක් වසර 5 ක් සහ මාස 8 ක සිර දඬුවමක් නියම කර තිබේ.සෞදි කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි බවින් ලොජේන් අල් හත්ලෝල් සෞදි රජයේ උදහසට ලක් වූවාය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වුණු බවත් චෝදනා එල්ල වී තිබුණු අතර, ඇය වරදකාරිය වූයේ එම ...
කොරෝනා නසන අන්නාසි මවිත අන්නාසි යොදාගනිමින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි ප්‍රතිකර්මයක් සොයාගැනීම සඳහා ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් මේ වනවිට අත්හදා බැලීම් කරමින් සිටිති.පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සොයාගෙන සංවර්ධනය කෙරුණු ඖෂධයක් තවදුරටත් සංවර්ධනය කර මෙලෙස නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි ප්‍රතිකර්මයක් ලෙස භාවිත කිරීම කෙරෙහි එම පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශාන්ත ජෝර්ජ් රෝහලේ පිළිකා පිළිබඳ විශේෂඥයකු වන ...
ඇස්ට්‍රාසෙනකා එන්නතට WHO සහතිකයක් මවිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා එන්නත සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගැනීම අනවශ්‍ය බව ලෝක ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා එන්නත සම්බන්ධයෙන් බියක් හටගෙන ඇත්තේ එන්නත ලබා ගැනීමෙන් රුධිරය කැටි ගැසී, යුරෝපා සංගමයට අයත් යුරෝපා රටවල් කීපයක වැසියන් මියයෑමත් නිසාය. කෙසේ නමුත් එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමක් සිදුවන බවට මෙතෙක් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය ...
වසර 45,000 ක් පැරැණි ඉනි ඌරා මවිත ලොව පැරණිම සත්ව රූප සිතුවම යැයි සැලකෙන, වසර 45,500 ක් පැරණි බිතුසිතුමක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇත. මේ සිතුවම හමුවී ඇත්තේ ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපතේ ලෙනකිනි. ඉන්දුනීසියාව යනු ප්‍රධාන දූපත් කීපයකින් සහ කුඩා දූපත් රැසකින් සැදුම්ලත් ආසියානු දූපත් රාජ්‍යයකි. බිතු සිතුවම සහ එය ඇති ලෙන සොයා ගැනීම කර ඇත්තේ, ඉන්දුනීසියා සහ ඕස්ට්‍රේලියා පර්යේෂකයන්ගේ එකමුතුවෙනි. පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට මෙම සිතුවම මෙතෙක් ලෝකයේ හමුවී ...
අලුත් පෙමක් සොයා යන කූනිස්සෙක් මවිත නිවර්තන කලාපයේ විසිරී පැතිරී ඇති කඩොලාන වනාන්තර, සාගරයත් ගොඩබිමත් අතර පිහිටි ස්වභාවික බාධක පවුරකි. කඩොලාන මුල් ජලයට යටින් පැතිර පවතින්නේ මසුන් බොහොමයකට ආරක්ෂිත නිවහනක් බවට පත් වෙමිනි. ‘මාළු බබාලාට’ මෙවැනි කඩොලාන වනාන්තරවල කන්න දේ බොහොමය. ලොකු විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට කඩොලාන මුල් උපකාරී වෙයි. කරදිය මුසු මෙම කඩොලාන වනාන්තරවල මෝරුන් පමණක් නොව, කරදිය කිඹුලන් පවා බහුලව දැකිය හැකිය. කඩොලාන වනාන්තර පිරි ...
දෙවැනි එන්නත් මාත්‍රාව ගන්න මැලිවෙති මවිත ඇමෙරිකානුවන් මිලියනයකට වැඩි පිරිසක්, ඔවුන්ට ලබා දුන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට මැලිකමක් දක්වන බව එරට වසංගත රෝග මර්දන ඒකකය පවසයි. එන්නත්කරණ වැඩසටහන යටතේ ඇමෙරිකානුවන්ට එන්නත් වර්ග 3 ක් ලැබේ. එයින් දෙකක් 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් වන අතර තෙවැන්න 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නතය. 'ෆයිසර්' සහ 'මොඩර්නා' මාත්‍රා දෙකකින් සමන්විත වන අතර 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එක් මාත්‍රාවකින් පමණක් සමන්විතය. ...
ඇෆ්ගන් යුද්ධය අවසන් කරනවා මවිත නිමාවක් නැති ඇෆ්ගන් සංග්‍රාමය නිමා කරන බවත්, ලබන මැයි පළමු වැනිදා සිට, ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගෙන්වා ගැනීම ආරම්භ කරන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සොල්දාදුවන් 2,500 ක පිරිසක් රඳවා තැබේ. මොවුන් ක්‍රියා කරන්නේ ඇෆ්ගන් රජයත්, ආරක්ෂක අංශවලටත් සහාය දක්වන උපදේශකරුන් ලෙස පමණි. යුද ගැටුම්වලට මෙම පිරිස සම්බන්ධ වෙන්නේ නැත. ඇෆ්ගන් ...
නාසයට ඉසින කොරෝනා එන්නතක් මවිත 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි නව එන්නතක්, නාසයට ඉසින දියරයක් ලෙසින්, කුඩා දරුවන් සඳහා හඳුන්වා දීමට චීනයත් රුසියාවත් සූදානම් වෙයි. චීනය සහ රුසියාව පවසා ඇත්තේ ඔවුන් නිපදවන එන්නත් මේ වනවිට සායනික අත්හදා බැලීම් සඳහා ද යොදා ගෙන තිබේ. රුසියාව පවසා ඇත්තේ එලැඹෙන සැප්තැම්බර් මාසය වනවිට ඔවුන් ඔවුන්ගේ එන්නත ලොවට හඳුන්වා දෙන බවය. චීන සෞඛ්‍ය අමත්‍යාංශය එරට 'කැන්සිනෝ' ඖෂධ ...
ලෙබනනයේ පළමු විදුලි මෝටර් රථය මවිත දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයේ, විදුලි බලයෙන් පණ ගැන්වෙන මෝටර් රථයක් එළිදක්වා තිබේ. මෙම ඉලෙක්ට්‍රික් මෝටර් කාරය 'ක්වඩ්ස් රයිස්' යන නමින් නම් කර ඇත. මෙය ස්ටෝප්ට් කාර් එකක් වන අතර, 'ක්වඩ්ස් රයිස්' යන්නෙහි අර්ථය ජෙරුසලම අරාබි බසින් හඳුන්වන නාමයයි. ලෙබනනය මධ්‍යධරණී කලාපීය රටක් වන අතර, මධ්‍යධරණී කලාපයේ රටක මේ අයුරින් ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවීම සිදුවුණු පළමු අවස්ථාව මෙය ...
ලෝකයෙන් පහෙන් එකක් ගිලා බසිනවා මවිත වසර 2040 දී ලෝකයෙන් පහෙන් එකක් ගිලා බහිනවා!භූමි විෂමතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකියක් වන්නේ මෙයයි. සිදුවන මෙම ව්‍යසනය ලෝක ජනගහනයෙන් මිලියන 635 කට එනම්, හැට තුන්කෝටි පනස් ලක්ෂයකට බලපාන බව පර්යේෂණ කණ්ඩායම එළිදක්වා ඇති වාර්තාවේ දැක්වෙයි. එයින් වැඩිදෙනා ආසියානු කලාපීය රටවල වැසියන්ය. පර්යේෂණ කණ්ඩායම ලොවට ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන කරුණු කාරණා අනුව, ...
මුල්ම එන්නත ගත් වීර කැප්පෙටිපොල මවිත ඉන්දියාවෙන් ගෙන එන ඔක්ස්ෆර්ඞ් ඇස්ට්‍රාසෙනිකා කොවිඞ් එන්නත හෙට (28) මෙරට ලැබීමටත් එය අනිද්දා (29) සිට ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනීමටත් නියමිතය. කොවිඞ් වෙනුවෙන් සැකසුණු එන්නතක් ගෙන්වා එන්නත් කිරීම ශ්‍රී ලාංකිකයන්ට නවමු අත්දැකීමක් වන්නේ එය භාවිතය ලොවටම තවමත් නවමු අත් දැකීමක් වන බැවිනි. දේශිය වෙදකමෙහි එන්නත් භාවිතයක් සිදුනොවේ. එසේනම් මෙරට දී එන්නත් ලබා දීමේ ඉතිහාසය කෙබ`දුදැයි සොයා බැලීම මේ සමයේ දී විශේෂයක් ...
ඉන්දියාවේ වැඩිහිටියන් සැමට අද සිට එන්නත් මවිත ඉන්දියාවේ අවුරුදු 18 වැඩි සියලු දෙනාට අද (1) සිට 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබේ. ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරියේය. එය අදියර කීපයක් යටතේ ආරම්භ වුණු අතර කොරෝනා ආසාදිතයන් ඉහළ යෑමට පටන් ගත් බැවින්, පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට 45 ට වැඩි සෑම ඉන්දියානුවකුටම එන්නත් ලබා දීම ආරම්භ කෙරුණි. පසුගිය ජනවාරියේ ආරම්භ කළ එන්නත්කරණ ...