ඉන්දියාවේ දිනක කොරෝනා ලක්ෂ 2 යි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 15, 2021

ඉන්දියාවේ දිනක කොරෝනා ලක්ෂ 2 යි

ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේ නව කොරෝනා වයිරස ආසාදිතයන් 200,739ක් වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (15) නිවේදනය කළේය. ‍

ගත වූ පැය 24ක කාලයේ ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිත මරණ 1,038ක් වාර්තා වී ඇති අතර එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 173,123ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවා වාර්තා වීමත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 14 ඉක්මවා ගියේය. 

ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි. එහි පළමු තැන සිටින්නේ ඇමෙරිකාව වන අතර බ්‍රසීලය තෙවැනි තැන පසුවෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 34.1කි.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom