එන්නත ගත්තොත් 'බොන්න බෑ' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 7, 2021

එන්නත ගත්තොත් 'බොන්න බෑ'

‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නේ නම්, මත්පැන් පානයෙන් වැළැකී සිටිය යුතු යැයි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු බොහෝ දෙනකු පෙන්වා දෙති.

‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට, බ්‍රිතාන්‍ය වැසියන්ට මේ වනවිට එන්නත් දෙකක් හිමිවෙයි. එයින් එකක්, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක් වී නිපදවා ඇති සියයට 95 ක් සාර්ථක එන්නතය.

අනෙක් එන්නත බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මැදිහත් වී, ‘ඇස්ට්‍රාසෙන්කා’ ඖෂධ සමාගම සමඟ එක් වී නිපදවා ඇති එන්නතය.

“කොවිඩ් එන්නත ලබා ගන්නවා නම්, ඇල්කොහොල් පානයෙන් වැලැකී සිටිය යුතුයි. ඊට හේතුව එන්නත් ලබා ගැනීමෙන් සිරුරේ ඇතිවන ප්‍රතිශක්තිය ඇල්කොහොල් හේතුවෙන් ක්ෂයවීමයි” යැයි හදිසි ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය රොක්ස් ඉහාරියා පවසයි.

“අපගේ සිරුරේ ට්‍රිලියන ගණනින් ක්ෂුද්‍රජීවීන් ජීවත් වෙනවා. බොහොමයක් ජීවීන් අපට අවශ්‍යයි. වයිරස සහ බැක්ටීරියාවලින් අප ආරක්ෂා කරන්නේ මේ ජීවීන්. ඇල්කොහොල්වලින් මේ හොඳ ජීවීන් පවා මිය යනවා. ඒ වගේමයි රුධිරයේ ප්‍රතිශක්තිය ඇති කරන සෛල හැඳින්වෙන්නේ සුදුරුධිරාණු යනුවෙන්. ලිම්පෝසයිට් ද මේ අතරට වැටෙනවා. වයිරසවලින් අප ආරක්ෂා කරන්නේ ඒවායි. ඇල්කොහොල්වලින් ඒවාට හානි සිදුවෙනවා.” වෛද්‍ය රොක්ස් ඉහාරියා වැඩි දුරටත් කියා සිටී.

(ඩේලිමේල්)

Classified_Ad

Classified_Ad_News_Bottom