අඟහරු ගිය නාසා යානය ඔක්සිජන් හදලා මවිත අඟහරු වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් යොදා ගනිමින් ඔක්සිජන් නිර්මානය කර ගැනීමට අඟහරු ග්‍රහයාට යවා ඇති ‘පර්සිවියරන්ස්’ රොබෝ රෝවර් යානය සමත් වී ඇතැයි නාසා කියයි. අඟහරු වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උරා ගනිමින්, ඒවායින් ඔක්සිජන් නිපදවීමක් කළ පළමු ඓතිහාසික අවස්ථාව මෙය යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසන්නේ මහත් ආඩම්බරවෙනි. ‘පර්සිවියරන්ස්’ යනු රෝද හයකින් සමන්විත රොබෝ රෝවර් යානයකි. මෙම යානය අඟහරු මතට පතිත කළේ පසුගිය ...
දුර්ලභ පැළෑටි විශේෂයක් හමුවෙලා මවිත දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් පමණක් මෙතෙක් වාර්තා වී තිබූ දුර්ලභ පැළෑටි විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රිත්කයයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මීගහතැන්න, නාවලකන්ද වනාන්තර පද්ධතියෙන් ද සොයා ගැනීමට හැකිවුණු බව පර්යේෂකයෝ කියති. Henckelia Wijesundarae යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පෑලෑටි විශේෂය පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ වත්මන් නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය සුභානි රණසිංහ මහත්මිය විසින් 2016 වර්ෂයේදී ගාල්ල හිනිඳුම ...
තේ වතු මැද වැජබෙන සෙම්බුවත්ත සුකොමලිය මවිත මෑත කාලීනව දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිත වුන සෙම්බුවත්ත විල මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම විල එක් දින සංචාරයකින් දැක බලා ගත හැකි වීම විශේෂ වන අතර ලංකාවේ පිහිටා ඇති අනෙකුත් විල් මෙන් නොව මෙය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද එකක් වීමද විශේෂයත්වයකි. බ්‍රිතාන්‍යයන් විසින් තේ වගාව ආරම්භ කල සමයේ මෙම විල පිහිටි ප්‍රදේශය පෝලෝ ක්‍රීඩා පිටියක් ලෙස භාවිතා ...
විරසකය අවසන් මවිත කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී සෞදියට පැමිණෙමින්...අසල්වැසි කටාර් රාජ්‍යය සමඟ මුහුදු, ගුවන් සහ ගොඩබිම් දේශ සීමා වසර පහකට පසු යළි විවෘත කිරීමට සෞදි රජය තීරණය කළේය.2017 දී සෞදිය, කටාර් රාජ්‍යය සමඟ අමනාප විය. ඊට ප්‍රධානතම හේතුව වූයේ, කටාර් රාජ්‍යය ත්රස්තවාදයට අනුග්‍රහය සහ උඩගෙඩි දෙනවා යන චෝදනාවය. කටාර් රාජ්‍යය ඉරානය සමඟ සමීප සබඳතා පැවැත්වීම සෞදියේ උදහසට හේතුවක් වී ...
සුපර් මෑන් සහ ලොයිස්: අලුත් වෙනසක් මවිත මාවල් සුපිරි වීරයන් රිදී තිරයෙන් ජනප්‍රිය වෙද්දී, ඩී.සී. වීරයන් වඩාත් ජනප්‍රිය වූයේ CW පුංචි තිරයෙනි. 'ඇරෝ' කතාමාලාව හරහා ඇරැඹි 'ඇරෝවර්ස්' ජනප්‍රිය වීමට පටන් ගත්තේ 'ෆ්ලෑෂ්', 'සුපර් ගර්ල්', 'බ්ලැක්ලයිට්නිං', ලෙජන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ' ආදී වශයෙනි. 'සුපර් ගර්ල්' හරහා 'සුපර්මෑන්' චරිතය ප්‍රතිනිර්මාණය විය. 'සුපර්මෑන්' මෙන්ම ක්ලාක් කෙන්ට් ලෙස චරිත නිරූපණයට එක් වූයේ 'ටීන් වුල්ෆ්' කතාමාලාවෙන් ජනප්‍රිය වූ ටයිලර් හෙක්ලිං ය. 'සුපර්මෑන්' මෙන්ම ක්ලාක් ...
කොරෝනා එන්නත් හොරට හදලා මවිත කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ව්‍යාජ අයුරින් නිපදවූ 80 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත් වූ බව එරට ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ කල්ලියක සාමාජිකයන් පිරිසකි. මොවුන් ‘කොවිඩ් 19‘ එන්නත් යැයි පවසමින් නිපදවා විකුණා ඇත්තේ සේලයින් දියර යැයි පොලිසිය පවසා තිබේ. පසුගිය සැප්තැම්බරයේ සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වූ බව පොලිසිය ...
ඒක යකාගේ සපත්තුවක්! මවිත ස්නීකර්ස් ඇතුළු ක්‍රීඩා සපත්තු නිර්මාණයේ ලොව පෙරැළිකාර ප්‍රමුඛයා වන්නේ ඇමෙරිකාවේ 'නයිකී' සමාගමය. නයිකි සමාගම, නව සපත්තු කුට්ටමක් හඳුන්වා දී ඇත. ඒ, සාතන්ගේ සපත්තු එසේත් නැතිනම් යක්ෂයාගේ සපත්තු යනුවෙනි. රතු සහ කළු යන වර්ණ සුසංයෝගයෙන් සාතන්ගේ සලකුණ ද ඇතිව නිර්මාණය කළ මෙම සපත්තු කුට්ටමක මිල ඇමෙරිකන් ඩොලර් 1,018 කි. එපමණක් නොවෙයි, ඇත්ත නැත්ත කෙසේ වෙතත් නයිකී සමාගම, මෙම 'සාතන්ගේ සපත්තු' නිපදවා ...
ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් මවිත ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ලබන පෙබරවාරි මාස අගදි ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී බ්‍රිතාන්‍ය සහ තවත් පාර්ශ්ව කීපයක් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට සූදානමක් පවතින බව ජිනීවා තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. කෝවිඩ් 19 වින්දිතයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින මානව හිමිකම් පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් මේවන විටත් බ්‍රිතාන්‍ය ...
ඇසෙන්ජ් ඇමෙරිකාවට දෙන්න බෑ මවිත විකිලීක්ස් වෙබ් අඩවිය හරහා, ඇමෙරිකාවේ රාජ්‍ය සහ හමුදා රහස් ලොවට හෙළි කළ ජුලියන් ඇසෙන්ජ්, ඇමෙරිකාවට උදර්පණය කළ නොහැකි යැයි බ්‍රිතාන්‍ය අධිකරණයක් තීන්දු කළේය.ඇමෙරිකාවට ඇසෙන්ජ් උදර්පණය කරන්නැයි, ඇමෙරිකන් රජය බ්‍රිතාන්‍ය යෙන් ඉල්ලා තිබුණි. බ්‍රිතාන්‍ය විනිසුරුවරියක වන වෙනෙසා බරත්සාර් පෙන්වා දී ඇත්තේ 49 හැවිරිදි ඇසෙන්ජ්ගේ මානසික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු ඇමෙරිකාවට බාරදීම කළ නොහැකි බවය.ඇසෙන්ජ් උපතින් ඕස්ට්‍රේලියානුවෙකි. ඔහු 2006 දී ‘විකිලීක්ස්’ වෙබ් ...
මෙරට 95,550 දෙනකුට කොවිඩ්-19 එන්නත මවිත ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට මෙරට 95,550 දෙනකුට ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව ඊයේ (1) දිනයේ දී පමණක් ‘කොවිඩ්-19’ එන්නත ලබාදුන් ගණන 36,396 කි. මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ දෙවැනි දිනයේ දී 32,539 දෙනකුට සහ තෙවැනි දිනයේ දී 21,329 ලබාදුන් බව ද එම ඒකකය පවසයි. ...
මුඛ එන්නත වෙනුවට සැනිටයිසර් දීලා මවිත පෝලියෝ මුඛ එන්නත වෙනුවට අත්වැරදීමකින් අවුරුදු පහට අඩු කුඩා දරුවන් 12 දෙනකුට විෂ බීජ නාශක දියර (සැනිටයිසර්) ලබාදීමේ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ යුවත්මාල් දිස්ත්‍රික්කයේ පිටිසරබද ගම්මානයකින් වාර්තා වෙයි. ගම්මානයේ දරුවන්ට පෝලියෝ මුඛ එන්නත ලබා දීම පසුගිය ඉරිදා (31) සිදු කෙරුණේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ මැදිහත් වීමෙනි. ‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුයෙන් පෝලියෝ මුඛ එන්නත් බෝතල් ගෙනැවිත් ඇත්තේ සැනිටයිසර් දියර ද සමඟ ...
ආදාහනය එපා! මවිත කොවිඩ් -19 වයිරසය ආසාදනයවී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සිව්දෙනෙක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතයින් වන අහමඩ් ශහීඩ්, ෆර්නැන්ඩ් ඩී වැරෙන්නස්, ක්ලෙමන්ට් නයලෙට්සොස්සි වූලේ සහ ලැලෙන්ග් මොෆෝකෙන්ග් මෙම ඉල්ලීම සිදු කර ඇත.එක්සත් ජාතින්ගේ සංවිධානයේ එම විශේෂඥයින් සිව්දෙනා විශේෂ නිවේදනයක් ...
මම සමාජ මාධ්‍යවල නෑ - කාංචනා මෙන්ඩිස් මවිත ඇයගේ රූමත්කමත්, දක්ෂතාවත් නිසාම සිනමාවටත්, පුංචි තිරයටත් ඇය නැතුවම බැරි රංගන ශිල්පිනියක් වූවාය. ඇයගේ ඒ හැකියාව නිසාම, මෙරට සම්මාන උළෙල රැසකදීම සම්මානයට පාත්‍ර වූවාය. රංගන දිවියේ ඉහළ ස්ථානයක සිටිය දී විවාහයත් සමඟ ඇය එංගලන්තය බලා ගියේ මෙරට ප්‍රේක්ෂකයන්ගේ සිත්සතන්වලට කඳුළක් ද එක් කරමිනි. මෑත කාලයේ දී තිරගත වූ ඇය රඟපෑ නිහාල් ජයසිංහ නිර්මාණය කළ ‘‘සෙනෙහසේ සිහිනය’’ චිත්‍රපටය නිසාම බොහෝ දෙනා ...
ස්පුට්නික් එන්නත ඉරාන වැසියන්ට මවිත රුසියාවෙන් මිලදී ගත් ‘ස්පුට්නික් 5’ ප්‍රතිශක්තිකරණ එන්නත ඉරාන වැසියන්ට ලබා දීම ඉරාන රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කිරීමට නිපදවා ඇති ‘ස්පුට්නික් 5’ එන්නත, කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද පවා අඩපණ කරන බවට එන්නත නිපදවූ රුසියාවේ ‘ගැමලේයා’ සමාගම සහතික වී ඇත. ‘ස්පුට්නික් 5’ එන්නතේ සාර්ථකත්වය සියයට 91 ක් බව ද පැවැසෙයි. ඉරානය රුසියාවෙන් ‘ස්පුට්නික් ...
කොරෝනා සනීප කරන්න බෙහෙත් ඕනෑ නෑ මවිත කොවිඩ් 19 වෛයිරසය සම්බන්ධයෙන් මුහුණු පොත හරහා නිරන්තරයෙන් සමාජය දැනුවත් කරන වෛද්‍යවරයකු ලෙස විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ මහතා හැඳින්විය හැක. කොරෝනා සුව කිරීමට බෙහෙත් අවශ්‍ය නැති බවත්, එය ඉබේම සුව වන බවත් වෛද්‍යතුමා පැහැදිලි කරයි.කොවිඩ්19 රෝගය සුව කරන්න බෙහෙත් අවශ්‍ය නැහැ. හෙම්බිරිස්සාව වගේ ඉබේම සුව වෙනවා. ඒත් මේ වෛරසය සමහර අයට විතරක් හෙම්බිරිස්සා වෛරසයට වඩා සංකූලතා ඇති කරනවා. එයයි වෙනස. ...
2021 ඔස්කාර් සම්මාන දිනූ ආසියානුවෝ මවිත බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි ඇවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල පසුගිය දා 93 වැනි වරට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්විණි. මෙවර සිනමා සම්මාන උළෙල සුවිශේෂී එක්ක විය. ඒ, කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව එය පැවැත්වීම නිසාය. මීට පෙර මේ අයුරින් ඔස්කාර් සිනමා සම්මාන උළෙලක් පවත්වා නැතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. සාමාන්‍යයෙන් ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන්නේ ලොස් ...
K2 නැග්ග වීරයෝ මවිත ලොව උසම කන්ද එවරස්ට්ය. එවරස්ට් කඳු මුදුන පළමුවෙන් ම තරණය කළේ නවසීලන්ත ජාතික ශ්‍රීමත් එඩ්මන් හිලරි සහ නේපාල ඉන්දීය ෂර්පාවරයකු වන ටෙන්සිංග් නෝර්ගේ ය. ඒ, 1953 මැයි 29 වැනිදා ය. හිලරි සහ නෝර්ගේ කළ එවරස්ට් තරණය සදා අමරණීය වික්‍රමයකි. එවරස්ට් තරණය අවදානම්ය. අසීරු අභියෝගයකි. මරණය සමඟ සෙල්ලමකි. කෙසේ නමුත් ලොව දෙවැනියට උසින් වැඩිම කන්ද ලෙස සැලකෙන ‘කේ 2’ තරණය ඊටත් ...
සල්මාන් කුමරු වරදකරු කරන CIA වාර්තාව මවිත බයිඩන්, කශොග්ජී සහ සල්මාන් රජුසල්මාන් කුමරුසෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය වූයේ, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අනුදැනුම සහ අනුමැතිය යටතේ බව තහවුරු කරන අතිශය රහස් වාර්තාවක් සී.අයි.ඒ. බුද්ධි අංශය සකස් කර ඇති බවත් එම වාර්තාව ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවත් පැවැසෙයි.ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධිය මෙම වාර්තාව සකසා ඇත්තේ, තුර්වෙකි සහ වෙනත් ජගත් බුද්ධි අංශ ද ලබා දුන් තොරතුරු සහ සාක්ෂි ...
ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි මවිත 'කොවිඩ් 19' වසංගතය පාලනය කර ගැනීමට අපොහොසත් වූ බැවින් ජනතා අප්‍රසාදයට පත් ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්තේ, සිය ඉල්ලා අස්වීම ඉතාලි ජනාධිපතිවරයාට බාර දුන්නේය.අගමැති කොන්තේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලාට බාර දුන්නේ, කැබිනට් මණ්ඩලය හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය. 2018 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයට පත්වී, සන්ධාන රජයක් පිහිටුවීමට කොන්තේ සමත් වූයේ රටේ ආර්ථිකය පණ ගැන්වීමේ ප්‍රධාන අරමුණ ඇතිවය.‘කොවිඩ් 19’ වසංගතය චීනයෙන් විදේශවලට ...
ආසාදිතයෝ මිලියන 100 ක් මවිත ලොව පුරා ‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් ගණන මිලියන 100 සීමාව පසු කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ දත්ත අනුව, ලොව සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 100,290,805 කි. ලොව සමස්ත ‘කොවිඩ් 19’ මරණ වාර්තා වී ඇත්තේ 2,150,500 ක් ලෙසය. ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී, සුවය ලැබූ ගණන 72,292,597 ක් තෙක් ඉහළ ගොස් ඇති බව ද පැවැසෙයි. තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ...