ලොව ප්‍රධානතම විකෘතිය 'ඩෙල්ටා' මවිත 'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතිය, ඉදිරි මාස කීපය ඇතුළත ලොව ප්‍රධානතම කොරෝනා විකෘතිය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. මේ වනවිටත් 'ඩෙල්ටා' විකෘතිය, රටවල් සහ පාලන ප්‍රදේශ 124 කට පැතිර ගොස් අවසන්ය. පසුගිය සතියේ පමණක් රටවල් සහ පාලන ප්‍රදේශ 36 කින් ඩෙල්ටා විකෘතිය හඳුනා ගැනුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ ගණන 195 කි. 'ඩෙල්ටා' යනු ...
දෝෂාභියෝග ක්‍රියාවලිය ඇරඹේ මවිත අද ලොව කාගේත් කතාබහට ලක්වී සිටින්නේ ධුරයෙන් සමුගැනීමට නියමිත ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. මේ වනවිට ට්‍රම්ප් ඉතිහාසගත වී සිටී. ඒ, දෝෂාභියෝග දෙකකට මුහුණ දෙන පළමු ඇමෙරිකන් ජනාධිපතිවරයා ලෙසය.කවුරුත් පුදුම කරමින්, 2016 ජනාධිපතිවරණය ජයගත් ට්‍රම්ප්, එදා සිට මේ දක්වා 'පිස්සු නැටුවැයි' යමෙකු චෝදනා කරන්නේ නම්, ඒ 'නටපු පිස්සුවේ' ලොකුම පිස්සුව දකින්න ලැබුණේ පසුගිය 6 වැනිදාය. දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතු සාධක වූයේ ...
රංගනයටත් නර්තනයටත් හපන් ඉසබෙල් මවිත බොලිවුඩ් සුරූපිනී, කත්රිනා කායිෆ්ගේ බාල නැගණිය ඉසබෙල් බොලිවුඞ් ක්ෂේත්රයට පැමිණ සිටින්නීය. ඒ, 'ටයිම් ටු ඩාන්ස්' චිත්‍රපටිය හරහාය. චිත්‍රපටයේ ඉසබෙල්ගේ පෙම්වතා වන්නේ නවක නළුවකු වන සූරජ් පංචෝලි ය. 'ටයිම් ටු ඩාන්ස්' ඉසෙබෙල්ගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය වන අතර, මෙය සූරජ් පංචෝලිගේ පළමු නර්තන චිත්‍රපටයයි. “මා නැටුම්වලට හරිම කැමතියි. විශේෂයෙන්ම හිප්හොප් නැටුම් මම ප්‍රිය කරනවා. මේ චිත්‍රපටිය නිසා මට බෝල් රූම් නැටුම්, වගේම ...
ඇමෙරිකාවේ වඳුරු උණ මවිත වේගවත් එන්නත්කරණයක් සිදුවුවත්, තවමත් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් අතින් සහ මරණ අතින් ලොව අංක එක ඇමෙරිකා එක්සත් ජනපදයයි. කොරෝනා ජරමර මැද, ඇමෙරිකාවෙන් තවත් වයිරස උණ රෝගයක් ගැන වාර්තා වෙයි. කෙසේ නමුත් ඒ ගැන බිය විය යුතු නොවෙයි. හේතුව එය කිසිසේත්ම 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට සමාන කළ නොහැකි බැවිනි. මිහිපිට ඇති කිසිම වයිරස රෝගයක් කොරෝනාට සමාන ...
මෙන්න ඡන්ද පොරොන්දු !! මවිත සඳ ගමන්, නිවසේ වැඩට රොබෝවරුන්, ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් යානා, තෙමහල් නිවාස, රන් ආභරණ, කෝටි ගණන් මුදල් ආදී අසාමාන්‍ය ඡන්ද පොරෝන්දු ලබා දුන් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ අපේක්ෂකයකු ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 33 හවිරිදි තුලාම් සරවනන් නමැති මෙම අපේක්ෂකයා එලැඹෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ, ස්වාධීන පක්ෂයකිනි.ඉටු කළ නොහැකි, අසාමාන්‍ය විදියේ මෙම ඡන්ද පොරොන්දු හේතුවෙන් තුලාම් සරවනන් මේ වනවිට ...
ලොව ප්‍රථම කාබනික රබර් සෙල්ලම් බඩු සන්නාමය මවිත ස්වාභාවික සෙල්ලම් බඩු සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රිය ශ්‍රී ලාංකික සන්නාමයක් වන 'Tikiri Toys', Global Organic Latex Standard (GOLS) සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වූ ලොව ප්‍රථම කාබනික (Organic) රබර් සෙල්ලම් බඩු නිෂ්පාදන සන්නාමය බවට පත්වී තිබේ. සෙල්ලම් බඩු කර්මාන්තයේ කාලීන අවශ්‍යතාවක් අනුව හඳුන්වා දී ඇති මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ Control Union Certifications මගිනි. පුරෝගාමී සහතිකකරණයක් වන මෙය, කාබනික රබර් කිරි (Organic ...
කොරෝනා අලුත් වෙන්නේ මෙහෙමයි මවිත මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් පළාතෙන් පළමු වරට සොයා ගත් 'බ්‍රිතාන්‍ය ප්‍රභේදය' යන නමින් ද හැඳින්වෙන කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදය මේ වනවිට අප රටින් ද වාර්තා වී තිබේ. මහා බ්‍රිතාන්‍යයෙන් පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් පවා මේ ආකාරයට විකෘති ප්‍රභේද හිස ඔසවා තිබේ. මේ එම විකෘති ප්‍රභේද සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ආර්.එන්. ජී රාජපක්ෂ මහතාගේ මෙසේ පැහැදිලි කරයි. ආර්.එන්. ජී රාජපක්ෂ මහතා සමාජ ...
සාගරයට සමුදී ගොඩට ගිය මාළුවෙක් මවිත සාගරය සහ ගොඩබිම අතර මායිම වෙරළය. මුහුදු වෙරළ වැලිවලින් පමණක් නොව, ඇතැම් තැන්වල ගල් ගොඩැලිවලින් ද සමන්විතය. මෙම මායිමේ ජීවත්වන සාගරය හා බැඳුණු ජීවීන්ගේ වික්‍රම සැබැවින්ම අපූරුය. සාගර ජීවිතය අතහැර සෙමින් සෙමින් ගොඩබිමට පිහිනා ආ සාගර ජීවීහු වසර ගණනාවක පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස, ගොඩබිම ජීවිතයට කෙමෙන් කෙමෙන් හැඩ ගැසෙන්න වූහ. සාගරය ජීවීන් පරිණාමය වී, පෘථිවියේ ජීවය පහළ වූ අයුරු මෙසේ යැයි ...
කඳුකර ජීවිතයට උපන් හපනා මවිත අරාබි අර්ධද්වීපයේ දැඩි හිරු රැස්වලින් දවස පුරා බැටකන වියලි කර්කශ කඳු වැටි. උස අනුව පමණක් නොවෙයි, තියුණු බෑවුම් අනුව ද මේවා හිමාල අඩවියේ කඳුවැටිවලට සමාන කළ නොහැක. මෙම කඳු අතරේ ඇති පහළ බලද්දී කැරැකිල්ල හැදෙන මේ තියුණු බෑවුම් හරිම භයානකය. අනතුරුදායකය. ඒවායේ පය තබා ගැනීමට තැනක් නැත. එසේ වුවත්, මේ කඳු අතරේත් තියුණු බෑවුම් අතරේත් ජීවය පවතී. මේ තියුණු බෑවුම් ...
අගමැති ඉම්රාන්ට කොරෝනා මවිත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, 'කොවිඩ් 19' ආසාදිතයකු බව වාර්තා වේ. තමන් 'කොවිඩ් 19' ආසාදිතයකු බව ඉම්රාන් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. අගමැති ඉම්රාන් මෙසේ 'කොවිඩ් 19' ආසාදිතයකු වූයේ, 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වීම වැළැක්වීමට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන දින දෙකක් ගත වෙද්දී යැයි පැවැසෙයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට ලබා දී ඇත්තේ චීනයේ නිෂ්පාදිත 'සිනොෆාර්ම්' ප්‍රතිශක්තිකරණ ...
විල්ලුවේ මෘගයා: කළු බළල් අවතාරය මවිත 1983 වසරේ සිට ජනතාව බියට පත් කරන, ගොවිපළ සතුන්ට පහර දෙන අද්භූත සත්වයෙක් එක්සත් රාජධානියේ කෝන්වෙල් ප්‍රාන්තයේ ජීවත් වේ. පෙනුමෙන් මේ සත්වයා දැවැන්ත බළලකු වැනිය. මේ සත්ත්වයා හැඳින්වෙන්නේ ‘බොඩ්මින් කළු බළල් මෘගයා’ එහෙම නැතිනම් ‘කෝන්වෙල් මෘගයා’ කියාය. වගුරුවලින් පිරුණු කෝන්වෙල් ප්‍රාන්තයේ මීදුමෙන් පිරුණු තෙතමනයෙන් පිරි අඳුරු විල්ලුවේ සැරිසරණ මෙම දැවැන්ත කළු බිළාලයා එසේ සැරිසරණු දුටු බවට ඇසින් දුටු සාක්ෂි ගණනක් ...
'මියුසස් පබ්ලිෂින්' අලුත් වැඩකට මුලපුරයි මවිත ශ්‍රී ලාංකික නවකතා කලාවට, නව පන්නරයක් වෙමින්, ආකර්ශණීය අයුරින් නවකතා සහ කවර නිර්මාණය කරමින්, පාඨකයන්ගේ ආදරය දිනූ පොත් ප්‍රකාශන ආයතනයක් වන්නේ මියුසස් පබ්ලිෂින් හවුස් ය. පෙට් සෙමෙට්රි, කල්කි, සෑන්ඩ්ස්ටෝම් යන මියුසස් පොත් හරහා බුක්මාක්, මග්ස් ආදිය ද පාඨකයන්ට තිළිණ කළ මියුසස් පබ්ලිෂින් හවුස් කණ්ඩායම, ඔවුන්ගේ නවතම කෘතිය හරහා අලුත් වැඩකට අතගසා තිබේ. එය සැබැවින්ම අගය කළ යුත්තකි. මියුසස් පබ්ලිෂින් හවුස් ...
විරෝධතාවලට එක් වුණු ස්පයිඩර් මෑන් මවිත අවුන් සාන් සූ කී ඇතුළු ඇගේ ප්රජාතන්ත්රවාදී ලීගයේ නායකයන් අත්අඩංගුවට ගනිමින්, මියන්මාර හමුදා සිදු කළ හමුදා කුමන්ත්‍රණයට විරෝධය දක්වන මියන්මාර වැසියන් අතරේ ස්පයිඩර් මෑන් ද සිටිනු දකින්න ලැබේ. ස්පයිඩර් මෑන් ලෙස සැරසී විරෝධතා පුවරු අතැතිව විරෝධතාවල නියැලෙන්නේ 'ස්පයිඩි හිතෝ' යන නමින් පෙනී සිටින 28 හැවිරිදි තරුණයෙකි. මොහු කලක් සිංගප්පූරුවේ රැකියාවක් කළ මියන්මාර තරුණයෙකි. ඔහු යළි මියන්මාරයයට පැමිණ ඇත්තේ තමන්ගේම කියා ...
මාස්ක් දාන්න කියන්න ‘දෙවියෝ වැඩලා’ මවිත ඉන්දියාවේ බැංගලෝර් නුවර හින්දු බැතිමතුන් ‘රාම් නවාමී’ සැණකෙළිය සමරද්දී, ඊට සමගාමීව, කොරෝනා වසංගතයෙන් බේරීමේ යහපත් සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් බැංගලෝර් වැසියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද ආරම්භ වී තිබේ.‘රාම් නවාමී’ සැණකෙළියට සමගාමීව, හින්දු වැසියන් දේවත්වයෙන් සලකන දේව චරිත, බැංගලෝර් වීදි සංචාරය කරමින්, මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සහ මුහුණු ආවරණ නොමැති පුද්ගලයන්ට මුහුණු ආවරණ බෙදා දීම සිදු කරන බව ...
දින 216 ක් සිරුරේ කොරෝනා තිබිලා මවිත ඒඩ්ස් රෝගී කාන්තාවකගේ සිරුරේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය, දින 216 ක් පැවැති බවත්, එම කාලය තුළ 'කොවිඩ් 19' වයිරසය, එකිනෙකට වෙනස් විකෘති ප්‍රභේද 32 ක් නිර්මාණය කළ බවත් කාන්තාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසති. දකුණු අප්රිකානුවකු වන මෙම 36 හැවිරිදි කාන්තාව, පසුගිය කාලය පුරාවට ජෝහැන්නස්බර්ග් රෝහලක ප්‍රතිකාර ලැබුවාය. දකුණු අප්‍රිකා සෞඛ්‍ය බලධාරීන් ඇයගේ රෝගී තත්ත්වය ගැන අනාවරණය කළේ, ඇගේ ...
Justice League - Snyder Cut ආවා මවිත සිනමාලෝලීන්, විශේෂයෙන් DC සුපිරි වීරයන්ට ආදරේ සිනමාලෝලීන් පුලපුලා බලා සිටි අධ්යක්ෂ සැක් ස්නයිඩර්ගේ ජස්ටිස්ලීග් චිත්‍රපටය Zack Snyder's Justice League අද (18) HBO Max හරහා විකාශය කිරීම ආරම්භ විය. Zack Snyder's Justice League පැය 4 ක ධාවන කාලයකින් යුක්තය.අයන්මෑන්, තෝර්, හල්ක්, ස්පයිඩර් මෑන් ආදී මාවල් වීරයන් ඇසුරින් සිනමා නිර්මාණ බිහිවෙද්දී සහ එම නිර්මාණ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවද්දී, 2013 වසරේ, DC චිත්‍රකතා ...
චීනය නිවැරදි දත්ත දීලා නෑ මවිත 'කොවිඩ් 19' හෙවත් නව කොරෝන වයිරසයේ සුලමුල සෙවීමට තමන් චීනයට යැවූ විමර්ශන කණ්ඩායමට, චීන රජය වයිරසයේ ආරම්භය සම්බන්ධ මූලික දත්ත කිසිවක් ලබා දී නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් චෝදනා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ චෝදනා කළේ විමර්ශන කටයුතු අවසන් කර චීනයෙන් පිටත් වූ එම විශේෂ කණ්ඩායම ලබා දුන් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසුව විශේෂ මාධ්‍ය හමුවක් ...
පිලිප් කුමරුන්ගේ සමු ගැනීම මවිත බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන පිල්ප් කුමරු අභාවප්‍රාප්ත විය. පිලිප් කුමරුන්ගේ වයස අවුරුදු 99 කි. දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා මෙන්ම එඩින්බරෝ ආදිපාදවරයා ද වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කළේ බකිංහැම් මාලිගයයි. පසුගිය මාර්තු මාසයේ පිලිප් කුමරු රෝහල්ගත කෙරුණු අතර, ඔහු මාසයක කාලයක් රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබූ බව මාධ්‍ය වාර්තා කළේය. අභාවප්‍රාප්ත වන අවස්ථාවේදී පිලිප් කුමරු ...
යේමන යුද්ධයට ඇමෙරිකාව නෑ මවිත යේමනයේ ෂියා මුස්ලිම් හවුති සන්නද්ධ කැරැලිකරුවෝයේමන යුදධයෙන් ඇමෙරිකාව ඉවත් කර ගන්නා බවත්, යේමන යුද්ධය මුල්කොට ගනිමින් සෞදියට සහාය ලබා දීමෙන් වැලැකී සිටින බවත්, මින් ඉදිරියට යේමන සරණාගතයන්ට ඇමෙරිකාව විවෘත වනු ඇති බවත්, ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ධුරයෙන් සමුගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් 7 ක වැසියන්ට ඇමෙරිකාවට පැමිණීම වළක්වමින් තහංචි පනවා තිබුණු අතර, බයිඩන් ජනාධිපති ධුරය බාරගත් සැණින් ...
සඳ ගමනට එක්වුණු මයිකල් කොලින්ස් සමුගනී මවිත 1969 වසරේ ඇපලෝ 11 සඳ ගමනට එක්වුණු නාසා ගගනගාමී මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. කොලින්ස් 90 හැවිරිදි වියෙහි පසුවිය. මයිකල් කොලින්ස් පසුගිය වසර කීපයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුයෙන් ප්‍රතිකර ලබමින් සිටියේය. 2019 දී සඳ ගමනට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැති විශේෂ සැමරුමට කොලින්ස් සහභාගී විය. නීල් ආම්ස්ට්‍රෝං පළමු මිනිසා ලෙස ...