'පෙගසස්' අවභාවිතයට ලක්වුණාදැයි සොයනවා මවිත ඊශ්‍රායලයේ 'එන්.එස්.ඕ ගෲප්' සමාගමෙන් මිලදී ගත් 'පෙගසස්' මෘදුකාංගය අවභාවිතයට ලක්වී ඇතිදැයි වහා සොයා බැලීමට විමර්ශනයක් ආරම්භ කළ බව ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය කියයි.'එන්.එස්.ඕ ගෲප්' යනු ඔත්තු බැලීම් සඳහා තාක්ෂණික සහාය ලබා දෙන ඊශ්‍රායලයේ පෞද්ගලික තාක්ෂණික සමාගමකි. පෞද්ගිලක සමාගමක් වුවත්, 'එන්.එස්.ඕ ගෲප්' ක්‍රියාත්මක වන්නේ ඊශ්‍රායල ආරක්ෂක අමත්‍යාංශය යටතේය. 'පෙගසස්' යනු 'එන්.එස්.ඕ ගෲප්' සමාගම හරහා අලෙවිකරණ මෘදුකාංගයකි. මෙය භාවිතයට ගනිමින්, ස්මාර්ට් ෆෝන් ...
බල්ලන්ට බළලුන්ට පී.සී.ආර්. මවිත ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සෙවීමට දකුණු කොරියාවේ සෝල් අගනුවර බල්ලන් සහ බළලුන් නොකඩවා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරන බව නගර බලධාරීහු පෙන්වා දෙති.සෝල් බලධාරීන් නිවෙස්වල ඇති කරන බල්ලන් සහ බළලුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීම ආරම්භ කෙරුණේ පසුගිය සති අන්තයේදීය. ඒ, නගරයේ ස්ථාන කීපයක නිවෙස්වලින් ‘කොවිඩ් 19’ ආසාදිත බළලුන් කීප දෙනකු හමුවීම නිසාය. සුරතල් සතුන් වෛද්‍ය ...
Apple Daily පුවත්පත නවතා දමයි මවිත හොංකොංහි ප්රජාතන්ත්ර හිතවාදී පුවත්පතක් වන ‘ඇපල් ඩේලි’ පුවත්පත නවතා දැමීමට පියවර ගෙන ඇත. ‘ඇපල් ඩේලි’ පුවත්පත වසර 26ක් මුළුල්ලේ මුද්‍රණය කෙරුණු පුවත්පතකි. චීනයේ නව ජාතික ආරක්ෂක නීති යටතේ මෙම පුවත්පතට සහ එය අයත් සමාගමේ වත්කම් අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මෙලෙස පුවත්පත මුද්‍රණය කිරීම නවතා දමා තිබේ. ‘ඇපල් ඩේලි’ පුවත්පතේ හිමිකරු වන්නේ මේ වනවිට අත්අඩංගුවේ පසුවන ජිමි ලායි ය. හෙතෙම නිරන්තරයෙන් ...
නන්දා දේවිට බිලිවුණු ගණන ඉහළට මවිත ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, ‘නන්දා දේවි’ ග්ලැසියරය කඩා වැටීමත් සමඟ සිදුවුණු මහා ව්‍යසනයෙන් මියගිය ගණන ඉහළ යමින් පවතින බවත් පස් තට්ටු යට සිරවී අතුරුදන් වූ ගණන 177 පසු කර ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. අතුරුදන් වූවන් සෙවීමට දිවා රෑ පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, ඉන්දීය හමුදා සොල්දාදුවන් දහසකට ආසන්න පිරිසක් ද අතිරේක හමුදා බලඇණියක් ද යොදවා ඇත. දිවි ගලවා ...
වොෂින්ටනයේ නිදහස සැමරේ මවිත ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය අපකීර්තියට පත්කිරීමට ඇතැම් කණ්ඩායම් දරණ උත්සාහයට නොරැවටෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා එක්සත් ජනපද පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටී. එවැනි දුර්මතයන් මත පදනම්ව වැරදි අදහස් වෙත එල්බ නොගන්නා ලෙසත්,ලොවම අඩපණ කර ඇති වසංගත තත්ත්වයක් සමඟින් පොරබදනා අතරතුර ඉතාම කෙටිකාලයක් තුළශ්‍රී ලංකා රජය විසින් දියත් කර ඇති සාධනීය කාර්යයන් පැහැදිළිව හඳුනා ගන්නැයි ...
රුසියන් සාහිත්‍යයේ යකින්න: බාබායාගා මවිත ස්ලාවික් පුරාවෘත්තවල සඳහන් වන චරිතයක් වූ බාබායිගා යකින්න, මන්තරකාරිය නැතහොත් එනම් මායාකාරිය රුසියානු කතන්දරවල එන ජනප්‍රියත ම චරිතයකැයි හැඳින්විය හැකිය. පෝලන්ත ජාතිකයෝ මැයව ‘ඉයෙන්සබාබා’ (Ienzababa) හෝ ‘ජෙස්ඩා’(Jezda) යන නම්වලින් ද චෙකොස්ලෝවැකියානුවෝ ‘ජාසි බාබා’ (Jazi Baba)යන නමින් ද හඳුන්වති. ‘බාබා’ යන්න මැහැල්ල, අත්තම්මා සඳහා යෙදෙන්නක් වන අතර රුසියානු බසින් ‘යාගා’ යන්නෙහි අරුත ද එය ම වේ. බාබායිගා සාමාන්‍යයෙන් රුසියානු සුරගන කථාවල ...
මෙල්බන් යළි වසයි මවිත මහා බ්රිතන්යයෙන් පළමු වරට හඳුනා ගත් ‘කොවිඩ් 19’ වයිරස විකෘතිය ආසාදනය වූ ආසාදිතයන් 13 දෙනකු වාර්තා වීමත් සමඟ මිලියන පහක ජනගහනයක් වෙසෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඊයේ (12) දින පහකට වසා දැමුණි. මහා බ්‍රිතාන්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ එංගලන්තය, ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ වේල්සයයි. මෙම නව විකෘතිය පළමුවෙන් හඳුනා ගත්තේ එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයෙනි. ඒ අනුව, මෙම විකෘතිය කෙන්ට් ප්‍රභේදය යනුවෙන් ද හැඳින්වෙයි. බ්‍රිතාන්‍යයේ සිට ...
කුමරියයි: මකරයි: Raya and the Last Dragon මවිත 'රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන්', මාර්තු පළමු වැනිදා එළිදැක්වීමට නියමිත නවතම 'ඩිස්නි ප්‍රින්සස්' චිත්‍රපටයයි. මේ වනවිට 'රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන්' පිටපත් අන්තර් ජාලයට එක් වී අතර, බොහෝ දෙනකු එය නරඹා අවසන්ය. 'රායා ඇන්ඩ් ද ලාස්ට් ඩ්‍රැගන්' චිත්‍රපටයට අග්නිදිග ආසියානු රටවල චරිත පාදක වෙයි. අග්නිදිග ආසියානු රටවල චරිත සහ කතාවක් ඩිස්නි චිත්‍රපටයකට නැගුණු පළමු අවස්ථාව මෙයයි. මෑත කාලයේ ජනප්‍රිය වූ ...
කියුබා එන්නත් සාර්ථකයි මවිත ඇමෙරිකාවේ ආර්ථික සම්බාධක මැද කියුබානු විද්‍යාඥයන් සියයට සියයක් ඔවුන්ගේ තාක්ෂණයෙන් නිපදවා ඇති 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් දෙක සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කියුබාව අයත් වන්නේ ලතින් ඇමෙරිකා කලාපයටය. ඒ අනුව, දේශීයව සාර්ථක කොරෝනා මර්දන එන්නත් දෙකක් නිපදවීමට සමත් වූ එකම ලතින් ඇමෙරිකා රාජ්‍යය ලෙස සැලකෙන්නේ මිලියන 11 ක ජනගහනයක් වෙසෙන කියුබාවය. ...
බැචලේගේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා මවිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බව එම කවුන්සිලයේ දී ප්‍රකාශයක් කරමින් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබේ.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව එක්සත් ...
ශ්‍රී ලංකා - ලිචෙයින්ස්ටයින් සබඳතා ඇරඹේ මවිත ශ්‍රී ලංකාව හා ලිචෙයින්ස්ටයින් (Liechtenstein) රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි. මේ සම්බන්ධ යෝජනාව ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සතියේ දී කැබිනට් මණ්ඩලයට යොමු කළ අතර ඊට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණු බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී. බටහිර යුරෝපා කලාපයට අයත් ලිචෙයින්ස්ටයින් රාජ්‍යය ස්විස්ටර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර පිහිටා ...
මොකක්ද මේ වට්ස් ඇප් අවුල? මවිත වට්ස් ඇප් ගැන නොදන්න කෙනෙක් නැති තරම්ය. කොරෝනා වසංගතය හමුවේ දරු දැරියන් නිවෙස්වලට කොටුවෙද්දී, අධ්‍යාපන කටයුතු ජංගම දුරකතනයට පරිගණකයට සීමා වෙද්දී, වට්ස් ඇප් ගැන නොදත් අය පවා වට්ස් ඇප් භාවිතයට හුරු විය. අද වට්ස් ඇප් සම්බන්ධයෙන් ලොව පුරා ලොකු කතාබහක් නිර්මාණය වී තිබේ. වට්ස් ඇප් අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මොකක්ද මේ වට්ස් ඇප් අවුල? වට්ස් ඇප් හරහා පසුගිය දිනවල ...
තමිල්නාඩු ජය ස්ටාලින්ට හිමිවන ලකුණු මවිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජය, හිටපු මහ ඇමැතිවරයකු වන කරුණානිධිගේ පුතු එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වය යටතේ පවතින 'ඩී.එම්.කේ' පක්ෂයට හිමිවනු ඇතැයි ප්‍රාන්ත පුවත් සේවා අනාවැකි පළ කර ඇත. තමිල්නාඩු ප්‍රාන්තසභා මැතිවරණය පැවැත්වූයේ ආසන 234 ක් වෙනුවෙනි. තමිල්නාඩු ප්‍රාන්ත පුවත් සේවා අනාවැකි පළ කරන අන්දමට මේ වනවිට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන 'ඩී.එම්.කේ' පක්ෂයට ආසන 170 ක් දිනා ගැනීමට හැකිවනු ඇති බවත්, ...
එමීර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපති මවිත එක්සත් අරාබි එමීර් රාජ්‍යය නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වීම ලැබූ මල්රාජ් ද සිල්වා මහතා කස්ර් අල් වටන් ජනාධිපති මන්දිරයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති හා අග්‍රාමාත්‍ය සහ ඩුබායි හි පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා වෙත ඉකුත් දා සිය අක්ත පත්‍ර පිළිගැන්වූ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. අක්ත පත්‍ර ඉදිරිපත් කිරීමෙන් ...
තනි අතින් රළ පඳන සුරූපිනිය මවිත හවායි දූපත් රාජ්‍යයේ, කොවායි ප්‍රාන්තයේ ලියුහේ නගරය, බෙත්නි හැමිල්ටන් නිජබිමය. ක්‍රිස්තියානි පවුලකට උපන් බෙත්නි, දරු තිදෙනකුගේ පවුලේ බාලයා ය. හවායි වටකරගත් මහ සාගරය, සෙසු හවායි වැසියන්ගේ පමණක් නොව, බෙත්නිගේ ද ජීවිතයේ කොටසකි. පිහිනීමට පමණක් නොව, කුඩා කළ සිට රළ පැදීම එසේත් නැතිනම් රළමත ලිස්සා යෑමට (සර්ෆින් ක්‍රීඩාව) ද බෙත්නි උපන් හපනියකි. ඇය සර්ෆ් ලෑල්ලේ (සර්ෆ් බෝඞ්) නැගී රළ මත ලිස්සා ...
ලෙන් බිත්තියේ අබිරහස් අත් සලකුණ මවිත මේ ලෙන පිහිටා ඇත්තේ, ඊජිප්තු සහ ලිබියා දේශසීමාවේය. ලෙන අයත් වන්නේ සහාරා කාන්තාරයේ ගල් ගොඩැලි සහ ක්ෂේම භූමි දක්නට ලැබෙන භූමි ප්‍රදේශයකටය. මෙම ප්‍රදේශයේ ජීවත් වන ගෝත්‍රික වැසියන් ලෙන හඳුන්වන්නේ ‘වඩී සූරා’ එසේත් නැතිනම් ‘මෘගයන්ගේ ලෙන’ යනුවෙනි. ලෙන් බිත්තිවල ආදි මිනිසාගේ සිතුවම් දකින්න ලැබේ. ඒ සිතුවම් අතර, මිනිස් අත් සටහන් ද ඇත. ඒවා එම චිත්‍ර ඇඳි සිත්තරුන්ගේ අත් සටහන්ය. එම ...
එන්නත් දෙකකට ඉන්දියාවේ අනුමැතිය මවිත බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමගාම එක්වී නිපදවූ ‘කොවිෂීල්ඩ්’ ප්‍රතිශක්තිකරණ එන්නතට සහ සහ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ සමාගම නිෂ්පාදනය කළ ‘කොවැක්සීන්’ ප්‍රතිශක්තිකරණ එන්නතට ඉන්දියාවේ ඖෂධ නියාමන ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවිය.කොවිෂීල්ඩ් එන්නතට ජනවාරි 1 වැනිදා අනුමැතිය හිමිවුණු අතර කොවැක්සීන් එන්නතට ජනවාරි 2 වැනිදා අනුමැතිය හිමි වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය ඉන්දියාව තුළම ...
පාකිස්තාන අගමැති ජනපති හමුවෙයි මවිත දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය. ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යතුමා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කළහ. කතාබහ ...
දෙරට අතර සබඳතා තර වෙයි මවිත ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් බවත් ශ්‍රී ලංකාවේ වසර තිහක ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වෙමින් පාකිස්තානය සිය කාර්යභාරය ඉටු කළ බවත් දෙදින නිල සංචාරයක නිරත වන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ (23) පස්වරුවේ පැවැසීය. පාකිස්තානය ලොව විශාල බෞද්ධ උරුමයක් තිබෙන රටවලින් එකක් බව කී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බෞද්ධ සිද්ධස්ථාන සහ ඉපැරැණි බෞද්ධ ශිෂ්ටාචාර ...
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළෙඳ නාමය 'සිංගර්' මවිත ශ්‍රී ලාංකිකයන්ගේ අංක එකේ වෙළෙඳ නාමය ලෙස පසුගිය දහහතර වසරක් පුරා වැජඹුණු ‘සිංගර්‘ සිය ජනප්රසාදය තවදුරටත් තහවුරු කරමින් පසුගියදා පැවති 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වැනි වරටත් “ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමය” ට (People’s Brand of the Year 2021) හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. තවද “යෞවනයේ ප්‍රමුඛතම වෙළඳ නාමය” (People’s Youth Choice Brand of the Year 2021) සහ “පාරිභෝගික ...