එන්නත් දෙකකට ඉන්දියාවේ අනුමැතිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 4, 2021

එන්නත් දෙකකට ඉන්දියාවේ අනුමැතිය

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමගාම එක්වී නිපදවූ ‘කොවිෂීල්ඩ්’ ප්‍රතිශක්තිකරණ එන්නතට සහ සහ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ සමාගම නිෂ්පාදනය කළ ‘කොවැක්සීන්’ ප්‍රතිශක්තිකරණ එන්නතට ඉන්දියාවේ ඖෂධ නියාමන ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවිය.

කොවිෂීල්ඩ් එන්නතට ජනවාරි 1 වැනිදා අනුමැතිය හිමිවුණු අතර කොවැක්සීන් එන්නතට ජනවාරි 2 වැනිදා අනුමැතිය හිමි වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය ඉන්දියාව තුළම නිෂ්පාදනය කිරීම විශේෂත්වයකි. 

ඊට අමතරව ‘භාරත් බයෝටෙක්’ සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ද ඉන්දියාවේ නිෂ්පාදනයකි. ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු අතර ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය සමඟ එක්ව භාරත් බයෝටෙක් සමාගම එම කොවිඩ්-19 එන්නත නිපදවීම කළේය.

ඉන්දියාවේ සේරම් ආයතනය නිෂ්පාදනය කළ ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනකා එන්නත හදිසි භාවිතය සඳහා මහජනතාවට ලබාදෙන නමුත් භාරත් බයෝටෙක් සමාගමේ එන්නත සීමාසහිතව භාවිත කෙරෙන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කර තිබේ.

ඉන්දියාව ඉදිරි දින කිහිපය ඇතුළත ඔවුන්ගේ මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතර ඉන්දියාව පසුගිය දිනෙක දින දෙකක පෙරහුරු එන්නත්කරණ වැඩසටහනක් ද පැවැත්වීය.

ලොව දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන ඉන්දියාවෙන් මේ වනවිට එක් කෝටි තිස් ලක්ෂයක ඉක්මවා ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වී ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදයට පසු ලොව දෙවැනියට වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන වනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ සියලු දෙනාට ‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදෙන බව පෙරහුරු එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය විමසීමෙන් අනතුරුව එරට සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් නවදිල්ලි අගනුවරදී පවසා තිබේ.

ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ මුලින්ම සෞඛ්‍ය සේවකයන් කෝටියකටත් ඉන් අනතුරුව කොවිඩ්-19 මර්දනයේ ඉදිරිපෙළ සිටින සේවකයන් කෝටි දෙකකටත් එන්නත ලබා දීම සිදු කරයි.

දෙවැනි අදියර යටතේ තවත් කෝටි 27කට එන්නත ලබාදෙන බව දෙවැනි අදියර නිවේදනය කරමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.

මේ අතර ඉන්දියාවේ තවත් ඖෂධ සමාගමක් වන සයිඩස් කැඩිලා සමාගමේ ‘සයිකොව්-ඩී’ සහ රුසියාවේ ‘ස්පුට්නික් 5’යන කොවිඩ්-19 එන්නත්වලට ද ඉදිරි දින කිහිපය ඇතුළත අවසරය හිමිවනු ඇතැයි එරට තොරතුරු සහ ප්‍රචාරක අමාත්‍ය ප්‍රකාශ් ජවේකාර් ඉකුත් දිනෙක පැවැසීය.

ඒ අනුව 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් හතරක් සූදානම් කරන පළමු රට වන්නේ ද ඉන්දියාවය.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom