සිහි නොවන දිනයක් නැත Hot Chocolate Days කලබල වීදියක දස අත දුවන සෙනඟ'තර නාඳුනන මුහුණක ඒ අඩ දෑස් සිනහව මඔබ සිහි නොවන දිනයක් නැත හිස රැඳි ඔටුනු බර දැනෙන වෙහෙසී හවසක රිය ගාලේ ඉරි තැල්මක ඔබ දුන් දම් පැහැ මල ම ඔබ සිහි නොවන දිනයක් නැත නොසෙල්වෙන රිය පෙළ මැද සිරවුණු අනෝරාවක "පාලු අඳුරු නිල් අහසේ"තාල සූරයි හදවත ඔබ සිහි නොවන දිනයක් නැත~හෙල්මලී~ Digital painting ...
අරුත Hot Chocolate Days සාමාන්‍යයෙන් ඩැෆඩිල් මල් වලත්, විසිතුරු ඉර බැස යාම් වලත්, විශේෂ කිසිත් සිදු නොවූ සුන්දර දිනවලත් අරුත වැටහෙන්නට නම් ජීවිතය විසින් ඔබව තරමක් දුරට තලා පෙළා දැමිය යුතු ය.පරිවර්තනය- හෙල්මලී ගුණතිලකTranslation of a quote by Alain de BottonDigital painting ...
සදාකාලික දරුවෝ Hot Chocolate Days සමහර කවි තියෙනවා පරිවර්තනය කළොත් ඒවායේ සුන්දර බව ගිලිහෙන්න ඉඩ තියෙන ඒවා. එහෙම කවි කියවලා රස විඳලා මම ආපහු හැරිලා එනවා. ඒත් මේ කවිය පරිවර්තනය නොකළත් බෙදාගන්න හිතුණේ හිතට ළඟ බව නිසායි. මේ කවියෙන් කියවෙන දේ ලෝකයේ හැමතැනම දෙමව්පියන්ට පොදු සංසිද්ධියක් මං හිතන්නේ. අපේ ළමයි කොයිතරම් ලොකු වුණත් එයාලා හැමදාම අපේ හිත් ඇතුලේ 'ළමයි'ම තමයි. මැදිවියේ ඉන්න අපි ගැනත් ...
කවියෙකු සමාව ඉල්ලයි Hot Chocolate Days මා නොලියූ කවි ගැනසමාව දෙනු මැන මටඋත්ප්රාසයෙන් අවුරා දැමූ කේන්තියෙන් පාගා දැමූ ආත්ම ආරක්ෂාවට පිළිකෙව් කළ බිය නිසා අත්හැර දැමූ බොහොමයක් කවි ඇතනොතේරුම්කමින්, බියෙන් අන්ධවනොතැකුවෙමි ඒවා මමඒ නොලියූ කවිදස අත මහා ඝෝෂා කර දිවා රෑ මා සොයා ආ නමුත්පළවා හැරියෙමි ඒ හැමඒවාට සැරසෙන්නට හැකිව තිබුණු වර්ණපළඳින්න ඉඩ නොදුන්නාටමට සමාවෙන්න ඒවා අඳුරේ හෙලීම ගැන මට සමාවෙන්නනොලියූ පද පේළි වෙතින් මිදෙන්නටඒ ...
මීයා Hot Chocolate Days තම නිවසේ වෙසෙන ගැහැනුන් රාත්‍රී දෙකක් තිස්සේ නොකඩවා එක ලෙසම කටයුතු කිරීම ගැන ගනේසන් ට දැනුණේ කේන්තියකි. එදිනත් රාත්‍රී ආහාරයෙන් පසු කිසිම කෑම කැබැල්ලක් ඉතුරු නොවන සේ ඔවුන් මුළුතැන්ගෙය පිරිසිදු කර නින්දට ගොස් තිබිණි.මොවුන් ට මේ ගැන අවබෝධයක් නොමැති වීමට ඉඩ නැත. තම සොයුරියට වයස පනහට වැඩි ය. බිරිඳ ට හතළිහකට ආසන්න ය. දියණියට ළඟදීම දහතුන් විය එළඹෙනු ඇත. ...
'කැන්ගරු දේසේ සිංහල පොත්' සමඟ 'සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව' Hot Chocolate Days මගේ දෙවෙනි කෙටිකතා පොත - 'සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව' ගැන ඕස්ට්‍රේලියාවේ SBS ගුවන්විදුලි සේවාවේ 'කැන්ගරු දේසේ සිංහල පොත්' වැඩසටහනට කළ කතාබහයි මේ. මේ සඳහා මට ආරාධනය කළ SBS සේවාවේ සිංහල අංශයේ ප්‍රධානී දිල්රුක්ෂි විජේසූරිය මහත්මියටත්, පොතේ කොටස් කියවීමෙන් වැඩසටහන රසවත් කළ පූජනී ගුණසේකර සොයුරියටත් මගේ ආදර ස්තූතිය හිමි වෙනවා. ...
බොම්බයි මොටයි Hot Chocolate Days ඉස්සර අපි පොඩි කාලේ හවස් වරු වලට ඈතින් ලාවට වගේ සීනුවක ටිලිං ටිලිං සද්දේ ඇහුනොත් ඒ බොම්බයි මොටයි වෙළෙන්දෙක් බව නොවරදවාම දැනගෙන හිටියා. ඒ කාලේ බොම්බයි මොටයි වෙළෙන්දෝ කවදාවත් බයිසිකල් වල ගියේ නැහැ, ගියේ පයින්මයි. එහෙම පයින් යද්දී ඇවිදින තාලෙට එයාලගේ අතේ තියෙන සීනුවේ සද්දේ තමයි අපට ඒ ඇහුණේ. ඒ සද්දෙට පාරට දුවගෙන ගියොත් අනිවාර්යයෙන් වෙළෙන්දා ව නවත්තා ගන්න ...
Gypsy- Movie Review Hot Chocolate Days Psychologists ලා කියන්නේ මිනිස්සුන්ගේ මානසික ව්‍යාධි වලට මුල් වුණු හේතු හොයන්න උදවු කරන, ක්‍රම ක්‍රමයෙන් සුව වෙන්න පාර කියන ය බව අපි හැමෝම හොඳින් දන්නවා. ඒත් එහෙම නොවන Psychologists ලා ත් ඉන්න පුලුවන්ද? වැඩි විස්තර නොකියා මේ series එක what not to do as a psychologist ගැන කියලා කියන්න පුළුවන්! මේකේ තියෙන්නේ එක season එකයි, කොටස් දහයයි. Season 2 ...
අගාධය Hot Chocolate Days මගේ ලෝකයේ ඔබ උන්නු තැන දැන් ඇත්තේ අගාධයකි. හැම දිවා වරුවකම මම එය මඟ හැර ඇවිදිමි. හැම රාත්‍රියකම මම ඊට ඇදවැටෙමි.පරිවර්තනය- හෙල්මලී ගුණතිලක Translation of a quote by Edna St. Vincent MillayDigital painting ...
ස්තූතියි! Hot Chocolate Days මගේ දෙවෙනි කෙටිකතා පොත, 'සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව' මෙල්බර්න් නගරයේ එළිදැක්වීම ජනවාරි 20දා පැවැත්වුණා. එය සාර්ථක කරගන්නට දායක වුණු හැමදෙනාටත්, සහභාගී වූ, සුබ පැතුම් පණිවිඩ එවූ හැමදෙනාටත් මගේ ආදර ස්තුතිය හිමි වෙනවා. සුළු ප්රාතිහාර්ය මහා ප්රාතිහාර්යයක් වන්නේ ඔබ සැම නිසාමයි! ...
උපුටන! Hot Chocolate Days මගේ දෙවෙනි කෙටිකතා පොත 'සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව' ජනවාරි 20 මෙල්බර්න් නගරයේ එළිදැක්වෙනවා. ඒ බව මම කළින් පෝස්ට් එකක් දැම්මා නේ. මේ ඒ සම්බන්ධ වෙන කතාවක්. පොත එළිදැක්වීම වෙනුවෙන් මගේ බොහොම පරණ මිතුරියක් වන කාංචනා අමිලානි පොතේ උපුටන වලින් facebook posts වලට ගැලපෙන පින්තූර ටිකක් මට හදලා එවලා තිබුණා. ඒ මම ඉල්ලලා වත් නෙමෙයි. පහුගිය ටිකේ මම බොහොමත්ම කාර්යබහුල වුණු ...
මේ මොහොත Hot Chocolate Days වසර ගණනක් තිස්සේ බොහෝ සේ වෙහෙස වී, දුර ගෙවා විත් මේ මොහොතේ ඔබ සිටිනු ඇත ඔබගේ කාමරය මැද,නිවස තුළ අක්කර භාගයේ වර්ග සැතපුම ඇතුළත දූපතේ, රටෙහි අවසානයේදී ඔබ එතැනට එළඹුණු අයුරු මනාව දැනගෙන කියනු ඇත ඔබ “මෙය අයිති මටයි”මේ මොහොතේම වෘක්ෂයන් තම මුදු දෑත් ඔබ වෙතින් මුදාගෙන විහඟුන් තම හඬ නැවතත් තමා සතු කරගෙන කඳු මුහුණත් ඉරි තැලී බිඳ ...
ආරාධනයක්! Hot Chocolate Days මගේ 'සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව' කෙටිකතා එකතුව එළිදැක්වීම ජනවාරි විසි වෙනිදා, මෙල්බර්න් නගරයේදී සිදුවන්න නියමිතයි. අහඹු විදිහට ඒ දිනය යෙදිලා තියෙන්නේ මගේ පලවෙනි කෙටිකතා පොත 'සහස් පියවර' ලංකාවේදී එළිදක්වලා හරියටම අවුරුදු පහකින්. එදාට ළඟපාතක ඉන්නවා නම් ඇවිත් යන්න එන්න! ...
To new beginnings! Hot Chocolate Days ටික දවසකට කළින් මල් පැල විකුණන කඩයකින් මල් පැල අරන් එද්දී ඒකෙ පිටවීමේ දොරටුව ළඟ මල් පැල කීපයක් තියලා තියෙනවා මම දැක්කා. බොහොම දුක්මුසු තත්ත්වයේ තිබුණු ඒවායින් පෙනුණේ මරණාසන්න බවක්. අඩු ගාණකට මිළ ලකුණු කරලා තිබුණු ඒ පැල ළඟ "May flourish with some love" කියලා ලියපු පුවරුවකුත් තිබුණා. ඒ වෙද්දී අපට අවශ්‍ය මල් පැල අරගෙන ඉවර වෙලා තිබුණත් මේ ...
ස්තූතියි! Hot Chocolate Days මේක මම වෙනදාට ලියනවාට වැඩිය වෙනස් සටහනක්. මේක ලියන්නේ කෙනෙකුට ස්තූතියි කියලා කියන්නයි. මම අඳුනන්නේවත් නැති සොයුරියක් මගේ Hot Chocolate Days facebook page එකට දිග පණිවිඩයක් එවලා තිබුණා. ඉස්සර ඉඳන් දිනමිණ පත්තරේ මගේ කෙටිකතාත්, පරිවර්තිත කවිත් බොහොම ආසාවෙන් කියවන බවත් ඒ සාහිත්‍ය අතිරේක තාමත් එකතු කරලා තියෙන බවත් ඈ කියලා තිබුණා. ඈ මගේ බ්ලොග් එකෙත් යාව ජීව සාමාජිකාවක් ලු.මගේ ...
Wednesday's Child- Yiyun Li Hot Chocolate Days මම Yiyun Li ගේ කෙටිකතාවක් මුලින්ම කියෙව්වේ බොහොම අහම්බෙන්. කම්මැලි මොහොතක පුස්තකාලයේ තිබුණු New Yorker සඟරාවක පිටු පෙරළද්දී තමයි මට ඈ ව මුලින්ම මුණගැහුනේ. ඒ මීට අවුරුදු කීපයකට කලින්. එදා ඒ කෙටිකතාව හොඳටම රස වැටුණු නිසා මම Li ගේ කෙටිකතා තවත් හොයන්නත්, කියවන්නත් පටන් ගත්තා.1972 දී චීනයේදී උපන් Yiyun Li එහිදී ලබාගත් ප්‍රථම උපාධියෙන් අනතුරුව ඇමෙරිකාවේදී විද්‍යා ක්ෂේත්රයෙන් පශ්චාත් ...
Glitch (2015) Hot Chocolate Days මේක drama series එකක් ගැන විස්තරයක්. series තියා තනි movies වත් බලන්න හොර මගෙන් මෙහෙම ඒවා නිතර ලැබෙන්නේ නැහැ!මේකේ නම Glitch. ඕස්ට්‍රේලියාවේ රූගත කරලා තියෙන මේ series එකට seasons තුනක් තියෙනවා. බොහොම කෙටියෙන් කියනවා නම් Yoorana කියන ඈත නගරයක මියගිය කීප දෙනෙක් කිසි දෙයක් නොවුණු විදිහට යළි පණ ලැබීම තමයි මේකේ නිමිත්ත. ඒ නගරයේ පොලිස් නිලධාරියෙකුත්, වෛද්‍යවරියත් මේ අවුල ...
වයස්ගතවීම Hot Chocolate Days වයස්ගතවෙද්දී ඉබේම නුවණ පහල නොවන බව මම දැන් දනිමි. ඒ වෙනුවට නැවතත් බොළඳ බව, අනුන් මත යැපීම වැනි ගති ඉස්මතුවන අතර අහිමි වූ අවස්ථා වෙනුවෙන් දොම්නසක් මුසු පසුතැවීමක් දැනෙන්නට ඉඩ ඇත. නිරතුරුව බුද්ධිමය ලෙස, භාවාත්මක ලෙස සහ අධ්‍යාත්මික ලෙස වැඩෙන්නන්ට පමණක් වයස්ගතවීමේ සාරවත් බව උරුම වේ.Translation of a quote by James Hollisපරිවර්තනය- හෙල්මලී ගුණතිලකDigital Painting ...
'Forget-me-not' Hot Chocolate Days මම ඈට රෙබෙකා කියන්නම්. රෙබෙකා මම කළින් රැකියාව කළ ආයතනයක මගේ ප්‍රධානියා. ඒ රැකියාවට සම්මුඛ පරීක්ෂණයෙන් මාව තෝරලා ගත්තේත් රෙබෙකා. "ඔයාව දැක්ක ගමන් අපේ ටීම් එකට හරියනම කෙනා ඔයා බව මම දැනගත්තා" රැකියාවට ගිය මුල් දවසේ එයා මට එහෙම කීවා. රෙබෙකා පුංචි සිරුරක් තියෙන බොහොම ප්‍රියමනාප, හිනාවෙන් දවස ගෙවන කෙනෙක්. ඒත් ඒ පුංචි ශරීරය ඇතුළේ ඕනෑම අභියෝගයකට ඔලුව කෙලින් ...
මල්බෙරි ගස Hot Chocolate Days මට මතක ඇති කලෙක සිටඔබ උස් ව වැඩුනා මෙතැනඑබී මේ පවුරෙන් මෙපිටටචීනය ගැන වත්සේද පණුවන් ගැනවත්දැනගන්නට පෙරහැඳිනුවා මා ඔබේ ඵලඔබේ දම් පැහැයපොඩිවී මගේ දෙපයටපැතිරුණා මිත්තනියගේ පලස් මතකවුරුන් හෝ නැවක නියමුවෙක් අනාගතයට සෙවනක් මවන්නටමෙහි මේ පැලය සිටුවන්නට ඇතමේ සිසිරයේ දී රථයක් ගැටීඅහිමිවුණා ඔබේ පහත අත්තක්ජීවිත කාලයක්මඔබව හැඳිනූ ඒ මැහැල්ලවැළපුනා, ඒ තුවාලය දැකකිසිම මුහුණකට වඩාරැළි වැටී ඇත ඔබේ මතුපිට ඉතා සෙමෙන් දිවි ...