January 10, 2024

මේ මොහොත

වසර ගණනක් තිස්සේ
බොහෝ සේ වෙහෙස වී, දුර ගෙවා විත්
මේ මොහොතේ
ඔබ සිටිනු ඇත
ඔබගේ කාමරය මැද,
නිවස තුළ
අක්කර භාගයේ
වර්ග සැතපුම ඇතුළත
දූපතේ, රටෙහි
අවසානයේදී ඔබ එතැනට එළඹුණු අයුරු
මනාව දැනගෙන
කියනු ඇත ඔබ
“මෙය අයිති මටයි”

මේ මොහොතේම
වෘක්ෂයන් තම මුදු දෑත්
ඔබ වෙතින් මුදාගෙන
විහඟුන් තම හඬ නැවතත් තමා සතු කරගෙන
කඳු මුහුණත් ඉරි තැලී බිඳ වැටී
ඔබේ හුස්ම හිර වන සේ
වාතය දිය රැල්ලක් සේ ඔබ වෙතින් ඉවත්වනු ඇත

‘නැත’ ඔවුන් මුමුණනු ඇත
‘ඔබට කිසි දෙයක් අයිති නැත
සදාකාලිකවම
ඔබ අමුත්තෙක් පමණි
කඳු තරණය කර, ජය දද නංවා ඔද වැඩුවද
අප ඔබට අයිති වූයේ නැත
ඔබ අප ව සොයාගත්තේ නැත
හැමවිටම සිදු වූයේ එහි අනිත් පැත්තයි’

පරිවර්තනය -හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘The Moment’ by Margaret Atwood

සුප්‍රකට කතුවරියක්, කිවිඳියක් වන Margaret Atwood 1939 දී කැනඩාවේ උපන්නියකි. මේ වෙද්දී ඈ නවකතා, කෙටිකතා, කාව්‍ය සංග්‍රහයන්, සහ ළමා පොත් ආදී ග්‍රන්ථ සියයකට වඩා පළ කර ඇත. Margaret Atwood තම නිර්මාණ වෙනුවෙන් සම්මාන රැසක් ලබා ඇති අතර Handmaid’s Tale වැනි ඇගේ නිර්මාණ චිත්‍රපට බවටද පත් කර තිබේ.

ලන්ඩන්කවි ජනවාරි 2023 කලාපය

Digital painting



9 comments:

  1. මෙම කවිය අපට වෙනත් මගකින් කියන්න උත්සාහ කරන්නෙ සුප්‍රසිද්ධ් රතු ඉන්දියානු නායක සියැටල්ගෙ ප්‍රකාශයම නේද කියල මට වෙලාවකට හිතෙනව.ලස්සන පරිවර්තනය.

    ReplyDelete
    Replies
    1. සරත්, ඔව් ඇත්තටම අදහස ඊට සමානයි නේද?

      Delete
  2. හරිම අපූරු නිර්මාණයක් මලී.
    ජයවේවා !!!

    ReplyDelete
  3. මලී බ්ලොග් දෙකක්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමින්ද. නැහැ බ්ලොග් එකයි තියෙන්නේ

      Delete
  4. Handmaid’s Tale ටීවී සීරීස් එක නම් බැලුවා

    ReplyDelete
    Replies
    1. ඒකෙ කතාවේ පොතේ කතාවට වඩා වෙනස් කියලා චෝදනාවක් දැක්කා. මම නම් පොත කියෙව්වා. Chilling!

      Delete
    2. පොතත් කියෙව්වා ෆිල්ම් එකත් බැලුව. අයිසිස් එකෙන් හැදුවේ ටිකක් ඒ වගේ රාජ්‍යයක් නේද

      Delete