January 01, 2024

To new beginnings!

 


ටික දවසකට කළින් මල් පැල විකුණන කඩයකින් මල් පැල අරන් එද්දී ඒකෙ පිටවීමේ දොරටුව ළඟ මල් පැල කීපයක් තියලා තියෙනවා මම දැක්කා. බොහොම දුක්මුසු තත්ත්වයේ තිබුණු ඒවායින් පෙනුණේ මරණාසන්න බවක්. අඩු ගාණකට මිළ ලකුණු කරලා තිබුණු ඒ පැල ළඟ "May flourish with some love" කියලා ලියපු පුවරුවකුත් තිබුණා. ඒ වෙද්දී අපට අවශ්‍ය මල් පැල අරගෙන ඉවර වෙලා තිබුණත් මේ අසරණයෝ දෙතුන්දෙනාත් ගෙදර ගෙනියන්න මට හිතුණා. ඒත් ඒවාට ආයෙත් පණ එයිද කියලා නම් ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ.

ගෙදර ගෙනත්, වත්තේ පොඩි ඉඩක් වෙන්කරලා 'ආදරය' ටිකක් දුන්නාම නොහිතූ වේගයෙන් මේ පැල ඔක්කොම දළු දාලා හැදෙන්න ගත්තා. සති කීපයක් ගිය තැන, අලුත් අවුරුද්දේ මුල් දවසට ඒ එක පැලයක් මට මලකුත් උපද්දලා තිබුණා. 

ඉතින් ඔබ සැමටත් මේ 2024 අවුරුද්ද අලුතින් මල් පිපෙන අවුරුද්දක් වෙන්න කියලා මගෙන් මේ ප්‍රාර්ථනාව. 
May this be a year of new beginnings, Happy New Year!

12 comments:

  1. ❤️💖❤️💖❤️

    ReplyDelete
  2. ඔබටත් මල් මල් 2024 ක්ම වේවා...ගසකටත් ,ආදරය දැනෙනවා...

    - Mayya

    ReplyDelete
  3. ඔබටත් සුබ නව වසරක්

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක්!

      Delete
  4. සුබ නව වසරක්!

    ReplyDelete
  5. ඔබටත් සුබම සුබ 2024 ක් වේවා.

    ReplyDelete
  6. "May flourish with some love" ගස් වැල් වලට සහ මල් වැවීමට කැමති අයට ඉතාමත් හොඳ උපදෙසක් 'මල් පැළ විකුණන වෙළඳ පළ' දී තිබෙන්නේ. ඊටත් වඩා වැදගත් පණිවුඩයක් /පොඩි ඉඩක් වෙන්කරලා 'ආදරය' ටිකක් දුන්නාම /යන වැකියෙන් ලැබෙන බවයි මගේ හැඟීම. සුබ අලුත් අවුරුද්දක් වේවා.!

    ReplyDelete
  7. සුබ නව වසරක් වේවා!
    ඇත්තෙන්ම අද ලංකාවේ වෙසෙන අපිට බොහෝම හොඳ උපදේසාත්මක කතාවක්

    ReplyDelete
  8. මේක කියවලා inspire වෙලා ගෙදර තියෙන බාගෙට මැරිච්ච මල් පැලේකට 'ආදරය' ටිකක් දෙන්න හිතුවා. හැබැයි ඉතින් මගෙ නොසැලකිල්ල නිසාමයි එයාට එහෙම වුනේ.

    Here's to new beginnings.

    ReplyDelete
  9. සුබ නව වසරක් හැමෝටම!
    (ටිකක් කලබල දවස් ටිකක් නිසා පිළිතුරු පමා වුණා

    ReplyDelete