January 28, 2024

Gypsy- Movie Review

Psychologists ලා කියන්නේ මිනිස්සුන්ගේ මානසික ව්‍යාධි වලට මුල් වුණු හේතු හොයන්න උදවු කරන, ක්‍රම ක්‍රමයෙන් සුව වෙන්න පාර කියන අය බව අපි හැමෝම හොඳින් දන්නවා. ඒත් එහෙම නොවන Psychologists ලා ත් ඉන්න පුලුවන්ද? වැඩි විස්තර නොකියා මේ series එක what not to do as a psychologist ගැන කියලා කියන්න පුළුවන්! 

මේකේ තියෙන්නේ එක season එකයි, කොටස් දහයයි. Season 2 විකාශය කිරීම අහෝසි කළ බව තමයි සඳහන්. ඒකට නම් හේතුවක් හොයාගන්න නැහැ. කතාවේ චරිත අතරේ සියුම් ව කෙරෙන manipulation කම්පන ඇතිකරන සුළු බව කියන්නත් ඕන. ඒත් fascinating බවෙන් අඩුවක් නැති කම්මැලි නැතිව බලන්න පුළුවන් series එකක්. 

Gypsy (2017)



9 comments:

  1. මම reviews කීපයක් කියෙව්වා. Creepy නේද

    ReplyDelete
    Replies
    1. very creepy! :)
      ඒත් ඒ වගේ වෘත්තිමය බලයක් තියෙන කෙනෙක් ඒක මහා පරිමාණයෙන්, ඒත් කාටවත් නොතේරෙන්න misuse කරන විදිහ මරු. එයාගේ සේවාදායකයන්ට වැඩිය ඒ සේවය අවශ්‍ය එයාටයි!

      Delete
  2. Replies
    1. Creepy in a behavioural way, not in a scary way
      බය නැතිව බලන්න බස්සා! :D

      Delete
    2. අනේ මන්දා? උත්සහ කරලා බලන්නම්.😊

      Delete
  3. කියවා ලියන්න ආයෙමත් එනවා!

    ReplyDelete
  4. බලන්නම ඕන. ස්තුතියි සටහනට.

    ReplyDelete
    Replies
    1. බැලුවොත් අදහස් කියන්න අනුරුද්ධ.

      Delete