ක්‍රිකට් ලෝකයේ උගත්තු - Educated people in the Cricket World World Beyond World වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වටපිටාව ගෙන බැලුවොත් පෙනෙන්නේ ඔවුන් බොහෝ දෙනෙක් කුඩා කාලයේ පටන්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම සූදානම් වෙමින් කටයුතු කරන සහ කළ අය බවයි. තවත් විදියකින් පැවසුවොත් ඔවුන් යම් දිනක ජාතික ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධවීමේ අරමුණින් සියලු කටයුතු කරමින් සිටින බව පෙනෙනවා. බොහෝ දෙනෙක් තමාගේ අධ්‍යාපනය පිළිබඳ අවධානය යොමු කරන්නේ ඉතා අඩු මට්ටමකින්. නමුත් අතීතයේ තත්වය එයට වඩා වෙනස්. අතීතයේ සිටි ...
සර්වසම නිවුන්නු සහ අපරාධ - Identical Twins and Crimes World Beyond World ඔබ ‛සර්වසම නිවුන්නු’ (Identical Twins) ගැන අසා තිබෙනවද? අසා තිබුණත් නැතත් ඒ ගැන කෙටියෙන් සඳහන් කළොත් කියන්න තියෙන්නේ හැම අතින්ම සමාන නිවුන්නු කියන එකයි. ඒ කියන්නේ පෙනුමෙන්, කතා බහෙන්, ඇවිදින විලාශයෙන් ආදී සෑම අතින්ම සමානයි. විද්‍යාත්මකව ගත්තොත් ඔවුන්ගේ ඩී.එන්.ඒ. පවා සමානයි. වෙනස් වෙන්නේ ඇඟිලි සලකුණු පමණයි. ‛ඩූම් 3’ හින්දි චිත්‍රපටය නැරඹුවා නම් එහි කියැවෙන්නෙත් සර්වසම නිවුන්නන්ගේ කතාවක් බව ඔබට මතක් ...
අටෝපියාව සහ කේතුමතිය World Beyond World පෝලන්තයේ අටෝපියා නගරයක් සඳහා ආකෘතියක් ඉදිකරන්නට පටන් ගත් අතර තවම එය අවසන් වී නැත‘අටෝපියාව‘ මේ බොහෝ දෙනෙක් අද කාලයේ සිය ලියමන්වල භාවිත කරන වදනකි. මෙය බොහෝ තැන්වල කියවා ඇතත් හතර විලිලිජ්ජාව වන්නේ මා එහි තේරුමක් දැන නොසිටි නිසාය. ඇතැම් තැන්වල මෙය ‘උතෝපියාව‘, ‘උටෝපියාව‘ ලෙස ද සඳහන් කොට තිබේ. කියවන සියල්ලේම තේරුමක් තිබිය යුතුය කියා නීතියක් නැති බැවින් මම මෙය ඔහේ ...
වෛද්‍යවරු හැම වෙලාවකම කියන්නේ ඇත්තමද? World Beyond World දොස්තර මහත්තුරු කියන හැම දෙයක්ම ඇත්තද? මේ දවස්වල සිද්ධ වෙන දේවල් දිහා බැලුවාම මේ ගැටලුව බොහෝ දෙනෙකුට ඇති වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් කියන්නේ අපේ සමාජයේ තිබෙන ඉහළම වෘත්තියක්. වෘත්තිය ඉහළ වුනත් ඒ වෘත්තිය තුළ ඉන්නෙත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු කරන හැම දෙයක්ම ඔවුනුත් කරනවා. මත්පැන් බිම සිරුරට අහිතකරයි කියලා අප හැමෝටම වඩා දන්නේ ඔවුන් වුනත්, මත්පැන් පානය කරන ...
උපන් ලපය - Taliko, A Short Story by Nodar Dumbadze World Beyond World මම උපන් ගම ඇහැලියගොඩ. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන්නට කලින් අපේ ගමේ ලීලාවතී විජේනායක අනුස්මරණ ගොඩනැගිල්ලේ වසරකට වරක් සෝවියට් පොත් ප්‍රදර්ශනයක් පැවැත්වුණා. පොතක් කීපයක් මිලට ගත් විට සෝවියට් දේශය ගැන ලියැවුණු පොත් පත් සඟරා කිහිපයකුත් නොමිලේම ලබා ගන්න පුළුවන්. මෙසේ ලැබුණු දේවල් අතර ‛ස්පුට්නික්’ සඟරා කිහිපයකුත් තිබුණා. මේ එක සඟරාවක ‛තාලිකෝ’ නමින් කෙටිකතාවක් තිබුණා. මෙය ලියා තිබුණේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් වුණු ...
අපටත් මෙහෙම නායකයෙක් හිටියා නම් හෙවත් නායකයන් වූ සරල මිනිස්සු World Beyond World නායකයෙක් කියන්නේ කවුද? නායකයෙක් කියන්නේ තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් තමන්ගේ අනුගාමිකයන්ට ද නිවැරදි මාර්ගයේ, නිවැරදි විදියට ගමන් කරන්න පෙන්වා දෙන කෙනෙක්. අපේ රටේ නායකයන් සහ ලෝකයේ නායකයන් දෙස බලද්දි මේ ආදර්ශය ලබා දෙන කී දෙනෙක් ඉන්නවාද කියා මඳක් නැවතී සිතා බැලිය යුතු කාලය එළැඹ තියෙනවා. මෙසේ සිය අනුගාමිකයන්ට නිවැරදි ආදර්ශයක් ලබා නොදෙන නායකයන් අතරේ සිය ජීවිත ඉතා සරලව, නිවැරදිව ...
හදවතක් නොමැතිව මාස හතරක් ජීවත් වූ ඩි’සානා සිමොන්ස් - D'Zhana Simmons, lived 4 months with no heart World Beyond World ඇතැමුන්ගේ ජීවිත වාසනාවන්තය. ඇතැම්හු සුවසේ ඉපිද සැපසේ ජීවත් වෙති. නමුත් එසේ නොවන අය ද සිටිති. දැනට විසි පස් වැනි වියෙහි පසුවන ඩි’සානා සිමොන්ස් ද එවැන්නියකි. දැනට වසර 11 කට පමණ පෙර ඇය පිළිබඳ ලෝකයා කතා කරන්නට පටන් ගත්තේ අන් හේතුවක් නිසා නොව ඇය හදවතක් නොමැතිව මාස හතරක කාලයක් ජීවත් වූ නිසාය. මේ ඇගේ කතාවය. ඩි’සානා ද සාමාන්‍ය දැරියක වූවාය. ඇය ...
බුර්කාවට පෙම් බැඳි මුස්ලිම් නොවන ලෝකප්‍රකට ගැහැනු - Celebrates who loves Burqa World Beyond World මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කාව පිළිබඳ රටම කතා කරන අතරේ ඒ හා සම්බන්ධ අපූරු කතාවක් ඇමරිකා එක්සත් ජනපදයෙන් අසන්නට ලැබුණා. ඒ ඇමරිකාවේ සුප්‍රකට ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළෙන්. පසුගිය දිනෙක එහි මගී පර්යන්තයට බුර්කාවකින් සැරසුණු කාන්තාවක් පැමිණියා. බුර්කාව ඇමරිකාවේ ප්‍රසිද්ධියේ ඇඳීම තහනම් නිසාත්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසාත් ගුවන් තොටුපළේ බලධාරීන් වහා ක්‍රියාත්මක වී එකී කාන්තාවට සිය මුහුණු ආවරණ ඉවත් කරන ...
මුස්ලිම් සහෝදරවරුණි, අපි කෙසේ නම් ඔබ විශ්වාස කරන්නෙමු? - Dear Muslim Brothers, How can we trust in you? World Beyond World මුස්ලිම් සහෝදරවරු අපෙන් ඉල්ලන්නේ ඔවුන් දෙස සැකයෙන් බලන්නට එපා ය කියාය. අපේ රටේ දේශපාලකයන් කියන්නේ අසල්වැසි මුස්ලිම් සහෝදරවරු දෙස සැකයෙන් බලන්නට එපාය කියාය. තවත් අය පවසන්නේ අප අසල්වැසි මුස්ලිම් සහෝදරයන් මනුෂ්‍යත්වයේ නාමයෙන් ආරක්ෂා කරගන්නට කියාය. නමුත් මුස්ලිම් සහෝදරවරුන් කියන කතා අප විශ්වාස කරන්නේ කෙසේද?ඔවුන්ගේ පල්ලිවලින් සය නිවෙස්වලින් කඩු, කිනිසි හසු වේ.මුස්ලිම් ආගමික ඇමතිවරයා පවසන්නේ ඒවා කැලෑ කපන්නට ගෙනා ඒවා බවය.මරික්කාර් ...
මෙහෙමත් පුදුම සත්තු - Amazing Animal Stories World Beyond World ලෝකයේ මිනිසුන් වගේම සතුනුත් ඉන්නවා. මිනිසුන් වගේම මේ සතුනුත් විවිධාකාරයි. විවිධාකාර සතුන් අතරින් තවත් සමහරු භයංකාරයි. ඒ වගේම පුදුමාකාරයි. භය වෙනවාට වඩා අපි පුදුම වෙන්න කැමතියි. ඒ කැමැත්තට ඉඩ දෙමින්, පුදුමාකාර දේවල්වලට ඉඩ හරිමින් දැන් අපි ලෝකයේ සිටි පුදුමාකාර සතුන් කිහිප දෙනෙක් ගැන අරුම පුදුම දේවල් ටිකක් කතා කරමු.ඇවිදීමෙන් සැනසීම ලැබූ සුනඛයා - බොබී ඉවසීමෙන් වගේම ඇවිදීමෙන් වුනත් ඇතැම් විට ...
සිටුවර මොන්ටි ක්‍රිස්ටෝ (1975) සිංහල උපසිරැසි - Sinhala Subtitles for The Count of Monte Cristo (1975) World Beyond World විශ්ව සාහිත්‍යයේ ඉතා රමණීය නිර්මාණයක් විදියට ඇලෙක්සැන්ඩර් ඩූමාගේ The Count of Monte Cristo සඳහන් කරන්නට පුළුවන්. මේ කතාව මා මුලින්ම දැන ගත්තේ අප පාසල යන කාලයේ ටයිටස් තොටවත්තයන් විසින් මෙය සිංහලෙන් හඩ කවා රූපවාහිනියේ විකාශනය කිරීමත් සමගින්. ඉන් පසු මේ නවකතාව සොයා කියවන්නට දැඩි කැමැත්තක් ඇතිවුනත් එයට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ කතා පුවතෙන් 2002 වසරේ දී නිර්මාණය කරන ලද චිත්‍රපටයක් ...
සෙවණැල්ලක් - A Shadow - Short Story by R K Narayan World Beyond World රාසිපුරම් ක්‍රිෂ්ණස්වාමි ඉයර් නාරායන් (1906 ඔක්තෝබර් 10 – 2004 ඔක්තෝබර් 13) හෙවත් සුප්‍රකට ඉන්දීය ලේඛක ආර්.කේ. නාරායන් ඉංග්‍රිසි බසින් සිය නිර්මාණ කටයුතුවල යෙදුණු සාහිත්‍යධරයෙකි. ඔහුගේ නිර්මාණවලට නවකතා සහ කෙටිකතා ඇතුළත්ය. මේ කෙටිකතාව මා උපුටා ගත්තේ ඉන්දීය කෙටිකතා රැසක් ඇතුළත් වූ Let’s Go Home & Other Stories නම් කෘතියෙනි. මෙය මා විසින් පරිවර්තනය කරනු ලදුව, අදින් වසර 22 කට පෙර, එනම් ...
දියමන්ති ගැන කයි තකන්දර - Diamond Story World Beyond World රටේ ප්‍රශ්න සහ අපේ ප්‍රශ්න අමතක වෙන තරමට අපට එදිනෙදා කතා කරන්න දේවල් හැමදාම තියෙනවා. ඒ කතා කරන දේවල් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන එක් දෙයක් තමයි මෑතකදී සිදුවුණු මහා දියමන්ති මංකොල්ලය. පැරණි සිංහල චිත්‍රපට නරඹා තිබෙනවා නම් දියමන්ති මංකොල්ලයක් ගැන නිර්මාණය වුණු ‛දියමන්තිය’ චිත්‍රපටයත් මේ වෙලාවේ බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්න පුළුවන්. ඒ වගේම ලෝක ප්‍රකට හොලිවුඩ් ...
දියමන්ති ගැන කතන්දර - Stories About Diamonds World Beyond World රටේ ප්‍රශ්න සහ අපේ ප්‍රශ්න අමතක වෙන තරමට අපට එදිනෙදා කතා කරන්න දේවල් හැමදාම තියෙනවා. ඒ කතා කරන දේවල් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන එක් දෙයක් තමයි මෑතකදී සිදුවුණු මහා දියමන්ති මංකොල්ලය. පැරණි සිංහල චිත්‍රපට නරඹා තිබෙනවා නම් දියමන්ති මංකොල්ලයක් ගැන නිර්මාණය වුණු ‛දියමන්තිය’ චිත්‍රපටයත් මේ වෙලාවේ බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්න පුළුවන්. ඒ වගේම ලෝක ප්‍රකට හොලිවුඩ් ...
සිටුවර යාචකයෝ - The Rich Beggars World Beyond World කොළඹ ගම්පහ අතර දුම්රිය මාර්ග ගමන් සීමාව තුළ වසර 25 ක් තිස්සේ සිඟා කෑ අන්ධ පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගත් පුවතක් පසුගිය දිනෙක පුවත්පත් කිහිපයක දක්නට ලැබුණා. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ පොදු ප්‍රවාහන සේවාවන් තුළ සිඟමන් යැදීම තහනම් දෙයක් වූ නිසයි. නමුත් ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණයේ දී අපූරු තොරතුරක් හෙළි වුණා. 65 හැවිරිදි මේ පුද්ගලයා ...
අතීත ලෝකයේ අභිරහස් නිර්මාණ - Ancient Mysterious Inventions World Beyond World ලෝකයේ දවසින් දවස අලුතින් පුදුමාකාර සොයා ගැනීම් සිදු වෙනවා. ඒවා නිර්මාණය කළ ආකාරයත්, ක්‍රියා කරන ආකාරයත් එහි නිර්මාපකයන් විසින් විස්තර කරනවා. ඒ නිසා පුදුමාකාර වුවත්, ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දන්නා නිසා ඒවා අප ඉදිරියේ අභිරහසක් ලෙස ඉතිරි වෙන්නේ නෑ. නමුත් පුදුමාකාර මෙන්ම අප ඉදිරියේ අභිරහසක් ඉතිරි කරමින් සිදු වූ නිර්මාණයන් ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. විශේෂත්වය වන්නේ මේවා වර්තමානයේ නොව ...
රන්ගිරි දඹුලු විහාරයේ ගල් කඩ වෙහෙර/ගල් කුඩු වෙහෙර World Beyond World රන්ගිරි දඹුලු විහාරයේ ගල් කඩ වෙහෙර හෙවත් ගල් කුඩු වෙහෙර පිළිබඳ කතාව අසා තිබුණේ කුඩා කාලයේ දී වැඩිහිටියකුගෙනි. මෙය මතකයේ තබාගෙන දඹුලු විහාරය වඳින්නට ගිය විටෙක මේ වෙහෙර දෑසින් දැක ගතිමි. පසු කාලයේ බ්ලොග් ලියන්නට පටන් ගත් විට මේ පිළිබඳ සටහනක් තබන්නට සිතුවත්, මේ කරුණ තහවුරු කරමින් ලියැවුණු තොරතුරු කිසිවක් අන්තර්ජාලයේ සොයා ගන්නට නොහැකි වූ නිසා එය ලීවේ නැත. ...
දුරකතනයට අලුත් බැටරියක් ගන්නට පෙර මේ ගැනත් හිතන්න - Before you buy a new battery for your Android World Beyond World අද කාලේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් නැති කෙනෙක් නැති තරම්. මේවායෙන් කරගන්නට පුළුවන් වැඩ බොහොමයි. ලෝකෙම අත උඩ තියාගෙන ඉන්නවා වගෙයි දැනෙන්නේ. කොහොම වුනත් ස්මාර්ට් දුරකතන බොහොමයක, විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති දුරකතනවල තියෙන ගැටලුව තමයි ඉක්මනින් බැටරි බැස යාම. සාමාන්‍යයෙන් ස්මාර්ට් දුරකතනයක් තියෙන කෙනෙකුගෙන් අහන ප්‍රශ්නයක් තමයි,“කොයි තරම් කාලයක් බැටරිය අල්ලලා හිටිනවාද?” කියන එක. වැඩි දෙනෙක් දෙන උත්තරය තමයි ...
ලෝකයේ සංචාරයට තහනම් තැන් - Places can never Visit from around the World World Beyond World අපේ රට කොයි තරම් කුඩා වුනත් අපට ජීවිත කාලේටම දැක බලා ගන්න බැරි තැන් ඕනෑ තරම් තියෙනවා. ලෝකයක් විදියට ගත්තොත් අපට ඒ වගේ තැන් ගැන හිතාගන්නවත් බෑ. අතේ මිටේ මුදල් හදල් තියෙන අය වෙනත් රටවලට ගිහින් මේ වගේ විවිධ ස්ථාන දැක බලා ගන්නවා. ඒ කතාව එහෙම වුනත්, කොයි තරම් මුදලක් තිබුණත් දැක බලා ගන්න බැරි ස්ථානත් තියෙනවා. මේවා විවිධ රටවල ...
ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 2 - Refrigerator Compressor Relay Problem Solving World Beyond World ශීතකරණ දෝෂයක් පහසුවෙන් නිවැරදි කර ගනිමු - 2 කියා මෙය හඳුන්වා දී තිබෙන්නේ ශීතකරණයක් මුහුණ දෙන එක දෝෂයක් ගැන කලකට පෙර මා බ්ලොග් සටහන් ලියූ නිසයි. එය මෙතැන ක්ලික් කිරීමෙන් කියවන්නට පුළුවන්.මා ශීතකරණ අලුත්වැඩියා කරන්නෙකු නොවුනත්, අපේ නිවසේ ඇති ශීතකරණයේ දෝෂයක් ඇති වූ විට කාර්මිකයකු කැඳවන්නට ඉක්මන් නොවී එය මටම විසඳාගන්නට හැකිදැයි සොයා බැලීමට මා පුරුදුව සිටින නිසා මා සොයා ...