බුදුන් වහන්සේගේන් ලද කාන්තා අයිතිය සුරකින්නට කැපවුුණු ශාක්‍යධිතා සංවිධානය - Sakyaditha International World Beyond World බුදු දහම යනු සියලු ආගම් අතුරින් සැබෑ නිදහසකින් යුක්තව පිළිපැදිය හැකි ආගමකි. විශේෂයෙන් කාන්තා විමුක්තිය පිළිබඳ කතා කිරීමේදී මෙය හොඳින් පෙනෙන්නට තිබේ. එය බුදු දහමේ ආරම්භයේ සිට අද දක්වාම නොනැසී පවතින්නාවූ සුවිශේෂී ලක්ෂණයකි. මේ නිසාම බුදු දහම සිය ජීවන දර්ශනය ලෙස තබාගනිමින් විවිධ සංවිධාන ලෝකයේ විවිධ ස්ථානවල බෞද්ධ කාන්තා සංවිධාන බිහිවී තිබේ. අප දැන කතා කරන්නට සැරසෙන්නේ මේවා අතුරින් ...
රවි ෂංකර්ගේ සුරූපී දියණිය අනුෂ්කා - Anoushka Shankar, the Daughter of Ravi Shankar World Beyond World ලොව ප්‍රකට චරිත බවට පත්වන්නට විවිධ ක්‍රම තිබේ. කලාකරුවකු වීම මෙවැනි එක් ක්රමයකි. කලාකරුවකුගේ දරුවකු වීම තවත් ක්රමයකි. අනුෂ්කා ෂංකර් (Anoushka Shankar) මේ හේතු දෙක නිසාම අද වන විට ලෝක ප්‍රකට චරිතයක් බවට පත්ව තිබේ. ඇය ලෝක සංගීත ක්ෂේත්රයේ ප්‍රධාන පෙළේ කලාකාරියකි. ඒ ඇය අතිදක්ෂ සිතාර් වාදන ශිල්පිනියක් වීම නිසාය. මේ ජනප්‍රියතාවය තවත් වැඩිවන්නේ ඇය ලොව ශ්‍රේෂ්ඨතම මෙන්ම අතිදක්ෂ ...
අපේ ලෝකේ මෙහෙම තැනුත් තියෙනවා - Weirdest Places of Earth World Beyond World අපි ජීවත් වන ලෝකය ගෝලාකාරයි වගේම පුදුමාකාරයි කියලා කවුරු හරි කියලා තියෙනවා. කවුරු කිව්වත් ඒ කතාව ඇත්ත. ලෝකය පුදුමාකාරයි. මේ ගෝලාකාර ලෝකයේ පුදුමාකාර තැන් අනන්තවත් තිබෙනවා. වර්ග කිලෝමීටර් 65610 තරම් කුඩා අපේ රටේ තියෙන තැන් ටික අඩුවක් නෑර දැක බලාගන්න වෙලාවක් නැති අපට මේ ජීවිත කාලයට තියා සංසාරයේදීවත් මේ ලෝකයේ තියෙන අරුම පුදුම තැන් දැක බලා ගන්න නම් අවස්ථාවක් ලැබෙන්නේ ...
මොලේ කොලොප්පම් කරන තරග - Strange Competition of the World World Beyond World ජීවිතයම තරගයක් කියලා කියනවා. ජීවන අරගලය කියන්නෙත් ඒකට. ඊට අමතරව තවත් තරග තියෙනවා. ක්‍රීඩා තරග, ගීත තරග, නවකතා තරග කියන්නේ ඒ වගේ ඒවාට. ඒ අපි දන්නා තරග. නොදන්න, ඒ වගේම ඉතා හොර රහසේ ක්‍රියාත්මක වෙන තරගත් තියෙනවා. බලු පොර, කුකුළු පොර කියන්නේ ඒ වගේ තරග. ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්න බැරි විදියේ තරගත් තියෙනවා. ඒවා අන්තර්ජාලය පැත්තේ ගියා නම් හොයාගන්න පුළුවන්. මේ ...
නළු නිළියන්ගේ අත පය සමග ජීවිතය ද අහිමි කළ චිත්‍රපට - Tragic Accident on the set of he movies World Beyond World සිනමා පටයක් නරඹනවා කියන්නේ අපූරු අත්දැකීමක්. අපි මොහොතකට සැබෑ ලෝකයෙන් ඈත් වී සිනමාවෙන් මවන ලෝකයේ ජීවත් වෙනවා. සිතට දරා ගන්නට නොහැති තරම් උද්වේගකර අවස්ථාවන් දකින විට ඇතැමුන් සැබෑ ලෙසම ඒ ගැන කම්පාවට පත් වෙනවා. කෙසේ වෙතත් සිනමා පටයේ ධාවන කාලයෙන් පසු “මේ හැමදෙයක්ම හැබෑවටම සිදුවුණු දේවල් නෙවෙයි නේ” කියා හිත හදා ගන්නවා. සාමාන්‍යයෙන් ඒක එහෙම වුනත් හැම විටම ඒක එහෙම ...
නළු සත්තු - Animal Actors World Beyond World “ලෝකය රඟහලක් නම් අපි හි නළුවෝ වෙමු” කියා ශේක්ෂ්පියර් කියා තිබෙනවා. ඒ විදියට බැලුවොත් මේ ලෝකේ ඉන්න හැමෝම කුමක් හෝ චරිතයක් කරනවා. මිනිස්සු විතරක් නෙවෙයි සතුන් පවා නළුවෝ වෙනවා. කොහොම වුනත් සාමාන්‍ය කතාබහේදි අපි නළුවෙක් හෝ නිළියක් කියා කියන්නේ සිනමා පටයක, ටෙලි නාට්‍යයක හෝ වේදිකා නාට්‍යයක යම් චරිතයක් ඉදිරිපත් කරන පුද්ගලයෙකුට. ඒ අර්ථයෙන් ගත්තොත් නම් නළුවා කියන්නේ විශේෂ පුද්ගලයෙක්. ඒ ...
මිනිසුන්ගේ දිවි ගලවා ගත් සත්තු - Animals who saved humans World Beyond World මිනිසුන් මිනිසුන් අතර එකිනෙකාට පිහිට වීමේ අවස්ථා අප ඕනෑ තරම් දැක තිබෙනවා. ඒ වගේම මිනිසුන් සතුන්ට වගේම සතුන් මිනිසුන්ට පිහිට වූ අවස්ථාවන් ද අපට අසන්නට ලැබෙනවා. කොහොම වුනත් මිනිසුන්ට පිහිට වූ සතුන් ගැන තොරතුරු අපට ලැබෙන්නේ ටිකක් අඩුවෙන්. බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ මිනිසාට හිතවත් සතෙක් වන සුනඛයාගෙන් ලැබුණු උදව් පමණයි. නමුත් අප නොසිතන ආකාරයේ සතුන් මිනිසුන්ට පිහිට වී ඔවුන්ගේ ...
ජනකවි නාදයකින් උපන් සරසවි විරහ ගීතය - සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ World Beyond World සරසවිය, ආදරය සහ විරහව අතර ඇත්තේ අවියෝජනීය වූ සබඳතාවකි. මේ නිසාම සරසවිය ඇසුරු කොට ගෙන රචනා වූ ආදර සහ විරහ ගී අපමණය. වර්තමානයේ එවැනි ගී අලුතින් ලියැවෙන බව නොපෙනුන ද අතීතයේ එසේ රවනා වූ බොහෝ ඒවා අප මතකයේ තිබේ. එයින් වඩාත් ජනප්‍රිය මෙන්ම හැඟීම් දැඩිව උද්දීපනය කරන්නා වූ එක් ගීතයක් ලෙස සිරිසමන් විජේතුංගයන් විසින් රචිත, ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් ...
ගූගල් කැමරාව දැකපු අද්භූත දේවල් - Mysterious things captured by Google Camera World Beyond World ගූගල් සිතියම ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම්. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා මේ ගැන දන්නවා වගේම එය භාවිතටත් ගන්නවා. ගමන් බිමන් යද්දි, නොදන්නා තැනක් සොයා ගන්නට අවශ්‍ය වෙද්දි ගූගල් සිතියම නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ගූගල් සිතියමත් එක්කම බැඳුණු තවත් දෙයක් තමයි ‛ගූගල් ස්ට්‍රීට් වීව්’ (Google Street View) කියන්නේ. ගූගල් සිතියමෙන් අපට පෙන්වන්නේ චන්ද්‍රිකා මගින් ...
සම්මාන නැති වෙන්නේ ලංකාවේ විතරද? - Misplaced or Lost Awards World Beyond World ‛ගම්පෙරළිය’ චිත්‍රපටය නිර්මාණය කිරීම වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට 1965 වසරේදී ඉන්දියාවෙන් පිරිනැමුණු ‛රජත මයුර සම්මානය’ ඔහුගේ නිසල දේහය අසල තිබිය දී අතුරුදහන් වුණු පුවතත්, පසුව 177 දරණ මාර්ග අංකය හිමි කොල්ලුපිටිය - කඩුවෙල බස් රථයක තිබී එය නැවත හමු වූ පුවතත් මේ වන විට සියලු දෙනාම පාහේ දැන සිටිනවාට සැකයක් නැහැ. මේ සම්මානය පිළිබඳ තොරතුරු සොයා යාමේ දී ...
ඉස්සර කාලේ සෙල්ලම් කරද්දී - Sweet memory of childhood sports World Beyond World අපි පොඩි කාලේ දැන් කාලේ වගේ කොම්පියුටර හෝ ස්මාර්ට් දුරකතන හෝ තිබුණේ නැත. ඒ නිසා අපටම වෙන් වූ බොහෝ සෙල්ලම් තිබුණේය. ඒ කාලේ අපේ ගමේ කළ සෙල්ලම් අතර මට මතක ඇති විදියට මෙසේ සඳහන් කළ හැකිය.හැංගිමුත්තන්අඩි අඩි පොල්ල - පොල්ලක් විසි කරයි. පොල්ල අහුලාගත් තැනැත්තා අනෙක් අය සෙවිය යුතුය. සැඟවී සිටින කෙනෙක් දුටු විගස ඔහුගේ නම කියා ‘අඩි‘ යන වචනය ...
ලොව වයස්ගතම මකුළුවා දෙබර දෂ්ටනයකින් මිය යයි - World's Oldest Spider Passed Away World Beyond World පසුගිය අප්‍රේල් 30 වැනි සඳුදා ෆොක්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කොට සිටියේ ඕස්ට්‍රේලියාවේ සිටි ලොව වයස්ගතම මකුළුවා වසර 43ක් ආයු වළදා මිය ගිය බවයි. මකුළුවාගේ මිය යාමට හේතුව පරපෝෂිත දෙබරකුගේ දෂ්ටනයක් බව පැවසෙනවා. ‛අංක 16’ (Number 16) යන අනවර්ත නමින් හඳුන්වනු ලැබූ Giaus Villosus වර්ගයට අයත් විෂ සහිත මේ මකුළුවා මෙයට පෙර වැඩිම කලක් ජීවත්ව සිටි මෙක්සිකානු මකුළුවාට වඩා වසර ...
මේවා මේ තරම් වටින්නේ ඇයි? - Most Expensive Items from around the World World Beyond World ලෝකයේ වටිනා දේවල් බොහොමයක් තිබෙනවා. ඒවා නොයෙක් ආකාරයෙන් පෙළ ගස්වන්න පුළුවන්. අනෙක එක් වටිනා දෙයක් තවත් එකකට දෙවෙනි වන්නේත් නැහැ. කෙසේ නමුත් මේ වසරේ අප්‍රේල් මාසය වන විට ලෝකයෙන් හමු වූ වටිනාම භාණ්ඩ කිහිපයක් ගැන විස්තරයක් අන්තර්ජාලය පීරමින් සිටිද්දී හමුවුණා. ඒ ගැන ටිකක් කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. වටිනාම ජංගම දුරකතනය ලෝකයේ වටිනාම ජංගම දුරකතනය අහවල් එකය කියා එකවර ...
අරුම පුදුම මඟුල් සිරිත් - Weird Wedding Traditions from around the World World Beyond World මේක මඟුල් සක්වළක් කියලා කවුදෝ කියලා තියෙනවා. ඒ නිසා අතේ හොඳින් සල්ලි නැතත් සෑහෙන ගාණක් වියහියදම් කරලා, ෆොටෝ සූට් තොගයක් කරලා විශාලෙට මඟුලක් ගන්න කවුරුවත් දෙපාරක් හිතන්නේ නෑ. මොනව වුනත් මඟුලක් ගන්න කොට සිරිත් විරිත් සම්ප්‍රදායන් නම් පුළුවන් තරම් කරන්න කවුරුත් උත්සාහ ගන්නවා. අපේ රටේ නම් නැකතට වැඩ කරන එක තමයි කවුරුත් කරන්න උත්සාහ කරන වැඩේ. අපේ රටේ සිංහල ජනතාව ...
කපුටු සාත්තරේ - Crow Astrology World Beyond World තොරතෝංචියක් නොමැතිව කපුටෙක් හඬද්දී, ‘අද නම් නෑයෙක් එනවා‘ යැයි කියන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් දැන් මේවා මිනිසුන්ගෙන් ඈත් වුව ද අතීතයේ මේ පුරුදු අප අතර බෙහෙවින් තිබිණි. මා කුඩා කාලයේ වැඩිහිටියකු කපුටු සාස්තරය ගැන අපූරු කවියක් මට කියා දුන්නේය. මේ ළඟදී දිනෙක මට ඒ කවිය මතක් විය. එබැවින් යළිත් අමතක වන්නට පෙර මේ කවිය ලියා බ්ලොග් අවකාශයට මුදා හැරිය යුතු ...
බංගලියන්ගේ නයි නැටුම ඇතුළු තවත් ක්‍රිකට් නැටුම් - Cobra Dance and Other Cricket Dance Styles World Beyond World ශ්‍රී ලංකාවේ නිදහස සමරමින් පවත්වන ලද ‛නිදහස් කුසලාන’ තුන්කොන් ක්‍රිකට් තරගය නිමාවට පත් වූයේ ක්‍රිකට් ඉතිහාසයට බොහෝ අලුත් මතකයන් එක් කරමින්. නිදහස කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා පවසා සිටියේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් මුල සිටම ලබා දුන් සහයෝගය තම ජයග්‍රහණයට මහත් රුකුලක් වූ බවයි. ඔහු පවසා සිටියේ මෙය තම රට තුළ පැවැත්වෙන තරගයක් සේ දැනෙන තරමට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද ...
මිනිසුන් උස්සන්නට සුදු වෑන්ම ගන්නේ ඇයි? - White Vans and Abductions World Beyond World Image Source - https://bjerg.deviantart.com/art/Candy-In-The-Van-114711398සුදු වෑන් යනු අප නිතර අසා ඇති වෑන් ජාතියකි. ඒවා හදන්නේ මොන සමාගමේ වුනත් අවසානයේ සුදු වෑන්වලට ලැබෙන්නේ එකම ආකාරයේ ගෞරවයකි. ඒ සුදු වෑන් ‘මිනිස්සු උස්සන්න‘ හෙවත් පැහැර ගැනීමට ගන්නා වෑන් ජාතියක් ය කියන එකය. අපේ රටේ සුදු වෑන්වලින් මිනිසුන් උස්සපු කතා කාලාන්තරයක් තිස්සේ ඇසෙන්නේය. හිට්ලර්ගේ කාලයේ යුදෙව්වන්ට පහර දීම සඳහා සුදු වෑන් පැමිණ ඇති බවට ...
අරුම පුදුම අවමංගල සිරිත් - Weird Funeral Rituals of the World World Beyond World උපත වගේම මරණය කියන්නෙත් අපට ජීවිතයේ දී මුහුණ දෙන්න සිදුවෙන ස්වාභාවික සිදුවීම් දෙකක්. මේ අතර තමයි අප කාගෙත් ජීවිතය ගළාගෙන යන්නේ. මරණය කාටත් පොදු දෙයක් වුනත්, මරණින් පසු මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කිරීම රටින් රටට, ජන වර්ගයේ හැටියට වෙනස් කම් තියෙනවා. අපේ රටෙත් අපට ඒ අත්දැකීම තිබෙනවා. ආගමික, සංස්කෘතික ආදී වෙනස් කම් තිබුණත් අප අත්දැක තියෙන අවමංගල්‍ය චාරිත්‍රවල අපට ...
ආණ්ඩුවේ වෙබ් අඩවි තහනම් විහිළුව සහ කුරණ ඉඩම World Beyond World ආණ්ඩුවේ වෙබ් අඩවි තහනම විහිළුවක් වන්නේ ඇයි ද කියා අටුවා ටීකා ඇතිව විස්තර කළ යුත්තක් නොවන බව අන්තර්ජාල පහසුකම භාවිත කරන්නන් සහසුද්දෙන්ම දන්නේය. අද රාත්‍රියේ ප්රවෘත්ති අසද්දී, ‘වෙබ් අඩවි තහනම තව දින කිහිපයක් පවතින්නේය‘ යැයි ඇසුණු විට මට මෙන්ම බොහෝ දෙනෙක් කටින් ද නැත්නම් වෙන තැනකින් ද සිනහ වෙන්නේ යැයි සිතන්නට ඇත. ඒ කෙසේ වෙතත් ආණ්ඩුවේ වෙබ් අඩවි තහනම ...
VPN කියන්නේ මොකක්ද හැබෑටම? World Beyond World Image Copyright - http://techtrendske.co.ke/beginners-guide-vpn-terms-2/VPN ගැන බොහෝ දෙනෙක් දැන සිටියත් එහි ප්‍රයෝජනය සීරියස් ලෙසම දැනුණේ රජය විසින් අන්තර්ජාලයේ ඇතැම් වෙබ් අඩවි අවහිර කරන්නට පියවර ගත් නිසාය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ රජයේ තොරතුරු තාක්ෂණ දැනුම මෙය වඩා බොහෝ ඉහළ තැනක තිබිය යුතු බව බොහෝ දෙනෙක් කතා කරන්නට වූයේ ද මේ කාලයේමය. එයට හේතුව බොහෝ කාලයක් තිස්සේ VPN ගැන දැන සිටියත් ...