Covid 19 හැර මිනිසාට වින කළ තවත් වෛරස තිබේද? - Other Deadliest Viruses on Earth World Beyond World Image Credit:https://cdn.arstechnica.net/wp-content/uploads/2020/02/NIGMS_HeLa_cells-CROPPED-800x465.jpgමිනිසුන් විසින් මිනිසුන්ට එරෙහිව තැනූවක් ලෙස අයෙක් චෝදනා කළත්, ලොවට ඉබේ පහළ වූවක් වුවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව වටා මිනිසුන් බිලිගනිමින් සිය අණසක විහිදුවමින් සිටී. යම් ජාතියක්, ආගමක් ප්‍රබල වුවත්, දුබල වුවත්, සෞඛ්‍ය ක්ෂේත්රය අතිශය දියුණු වුවත්, දුර්වල වුවත් ඒ කිසිවක් ගණනකට නොගෙන මෙය ප්‍රබල ලෙස ව්‍යාප්ත වේ. අප ගත හැකි සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කළ ...
කොරෝනා සහ සොබා දහම - Corona (Covid-19) and the Nature World Beyond World Image credit : https://blogs.timesofisrael.com/thank-you-corona/වෛරස ආසාදනයන් පිළිබඳ සිනමාපට කොතෙකුත් නරඹා තිබුණ ද මගේ සිත්ගත් එක් නිර්මාණයක් වූයේ Will Smith රංගනයෙන් දායක වන I Am Legend චිත්‍රපටයයි. මෙය මම එක් වරක් නොව කිහිප වරක්ම නැරඹූයෙමි. කවදා හෝ දිනෙක ලෝකය සැබවින්ම මේ හා සමාන ව්‍යසනයකට ගොදුරු වනු ඇතිදැයි මෙය නැරඹූ සෑම වාරයකදීම මට සිතිණි. එම චිත්‍රපටයේ මෙන් වෛරස් ආසාදනය නිසා මිනිසුන් විකෘති ස්වභාවයකට ...
කොරෝනා හෙවත් කොවිඩි-19 ගැන ඔබ දත යුතු දෑ - What you should know about Covid-19 World Beyond World මේ දිනවල අප රටේ ඇති බරපතලම සෞඛ්‍ය ගැටලුව බවට පත්ව ඇත්තේ කොරෝනා වෛරසය හෙවත් කොවිඞ්-19 රෝගී තත්වයයි. මා ජීවත්වන වෙන්නප්පුව අවට ප්‍රදේශයෙන් ද කොවිඩි-19 න් ආසාදනය වූයේ යැයි සැකසහිත පුද්ගලයන් හමු වීම මේ පිළිබඳව වැඩිදුර නිවැරදි තොරතුරු සොයා බලන්නට මට හේතුවක් සපයා දී තිබේ. මේ පිළිබඳ නිවැරදි තොරතුරු සොයන්නන්ට උපකාරයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවියේ සඳහන් වූ තොරතුරු සමුදායක ...
දිගින් දිගටම අභාග්‍ය සම්පන්න වන භාග්‍යමත් මාසය World Beyond World Image credit: https://www.parenting.lk/wp-content/uploads/2019/04/Avurudu-696x405.jpgඅප්‍රේල් මාසයට සිංහලෙන් ‘බක් මාසය‘ කියලා කියනවා. ‘බක්‘ කියන එකේ තේරුම තමයි භාග්‍යමත් කියන එක. ඒ කියන්නේ වාසනාවන්ත මාසය කියන එක. අස්වනු නෙලාගෙන අටුකොටු පුරවගෙන සූර්ය මංගල්‍යය සමරන්න ආදි පැරැන්නෝ හුරුපුරුදු වෙලා හිටියේ මේ මාසයේ. ඉතින් ඒ මාසය ඇත්තටම භාග්‍යමත් මාසයක් තමයි. කොහොම වුනත් දැන් වසර කිහිපයක ඉඳන් මේ භාග්‍යමත් මාසය අභාග්‍යමත් සිදුවීම්වලින් දිගින් දිගටම පිරෙන්න පටන් අරන් ...
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන්නට නම් - To Protect from Corona (Covid 19) Virus World Beyond World Image Credit : https://en.wikipedia.org/wiki/Coronavirus#/media/File:2019-nCoV-CDC-23312_without_background.pngකොරෝනා වයිරසයෙන් ආරක්ෂා වන්නට එය එය විනාශ කර දමන්නට යුනිසෙෆ් සංවිධානය මගින් ලබා දී ඇති මේ උපදසේ පිළිපදින්නකොරෝනා වයිරසය රෙදිපිළි මත තැන්පත් වුවහොත් එයට එම මතුපිටෙහි ජීවත් විය හැක්කේ පැය නවයක (9) කාලයක් පමණි. එබැවින් කළ යුත්තේ රෙදිපිළි සෝදා දැමීම හෝ පැය දෙකක් තද අව්වේ වියළා ගැනීමයි. වයිරසය විනාශ කිරීම සඳහා මේ පියවර ප්‍රමාණවත් ය. කොරෝනා වයිරසය ...
පරිගණක වෛරස් හමුවේ ඇපල් පද්ධතිය වින්ඩෝස්ලවට පරදින ලකුණු! World Beyond World Image credit: https://www.techradar.com/news/macos-catalina-vs-windows-10-may-2019-update-which-is-bestඇපල් පරිගණකවලට අනිෂ්ට මෘදුකාංග හෙවත් මැල්වෙයාර්වලින් (malware) හානියක් සිදුනොවන බව කාලයක් තිස්සේ අප දැන සිටි කාරණයක්. මැල්වෙයාර්වලින් වන තරමක් හානි සිදු වුණේ වින්ඩෝස් පරිගණකවලටයි. කෙසේ නමුත් ඉතාමත් මෑතකදී සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වුණේ මැල්වෙයාර්වලට එරෙහිව ක්‍රියාත්මක වන්නට ඇපල් පරිගණකවලට තිබූ හැකියාව කෙමෙන් අඩු වී යන බවයි. තවත් ආකාරයකින් පැවසුවොත් වින්ඩෝස් පරිගණකවල මැල්වෙයාර් හඳුනාගැනීමේ හැකියාව සහ එය
වැඩියෙන් මිරිස් කා වැඩියෙන් ජීවත් වෙන්න - Eating Chili Peppers Help You Live Longer World Beyond World source - https://www.mancrates.com/blog/hot-sauce-contest-prep/මිරිස් සහිත ආහාර පරිභෝජනයට ගැනීම මේ වන විට ලොව පුරා විලාසිතාවක් බවට පත්ව තිබේ. මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ පුරුද්දක් ලෙස මිරිස් කෑමට ගන්නා පුද්ගලයන්ගේ මර්ත්‍යතා අවදානම හෙවත් මරණයට පත් වීමේ අවදානම මිරිස් කෑමට නොගන්නා පුද්ගලයන්ට වඩා අඩු බවය.මිරිස් ආහාරයට ගැනීම නිසා ලැබෙන සෞඛ්‍යමය වාසි සහගත තත්වයන් පිළිබඳ ඉතිහාසය මුළුල්ලේම සාධක ඕනෑ තරම් ලැබී තිබේ. මේ ...
මගේ ජීව වායු ඒකකය - My Home-made Bio gas Unit World Beyond World දැනට මාස කීපයකට කලින් ගෑස් හිඟයක් ආපු වෙලාවේ මටත් හිතුණා බයෝ ගෑස් එකක්, එහෙමත් නැත්නම් ජීව වායු ඒකකයක්වත් තිබුණා නම් මේ වගේ වෙලාවකදි ප්‍රයෝජනවත් වෙයි නේද කියලා. ඉතින් මම යූටියුබ් විඩියෝ සෑහෙන ප්‍රමාණයක් බැලුවා කොහොමද බයෝ ගෑස් එකක් හදා ගන්නේ කියලා උපදෙස් ගන්න. බොහෝ යූටියුබ් වීඩියෝවල නම් ඉතා පහසුවෙන් බයෝ ගෑස් ඒකක හදලා ගැස් නිපදවා ගන්නවා පෙන්වපු නිසා මමත් වැඩේට ...
වෝල්ට් 230 න් එල්.ඊ.ඩී. බල්බයක් දල්වමු - 230 V to an LED Bulb World Beyond World වෝල්ට් 230 න් එල්.ඊ.ඩී. දල්වන පරිපථ අන්තර්ජාලයේ ඕනෑ තරම් තියෙනවා. මේක මට මගේ හිතවතකුගෙන් ලැබුණු පරිපථයක්. මෙය හොඳින් ක්‍රියාත්මක වන නිසා එය බෙදා හදා ගන්න එක හොඳයි කියලා හිතුණා. මේ පරිපථය ප්‍රයෝජනවත් වෙන්නේ වෙසක් කාලෙට. පාට හයේ එල්.ඊ.ඩී. බල්බ කෙලින්ම වෝල්ට් 230 න් දල්වන්න මේ සරල පරිපථයට පුළුවන්. මෙන්න මේවා තමයි ඕන වෙන්නේ. 100uf/16v - 1 ( වෝල්ටීයතාව මීට වඩා ...
ජල මට්ටම පෙන්වන දර්ශකයක් හදමු - Water Level Indicator and Alarm DIY World Beyond World ගෙදර තියෙන වතුර ටැංකිය පුරවන කොට ඒ ගැන ටිකක් අමතක වුනොත් වෙන්නේ උතුරලා යන එක. මේ ගැටලුව විසඳගන්න උපකරණ වෙළෙඳ පලේ තියෙනවා. ෆ්ලෝටිං ස්විච් එකක් දාන්න පුළුවන් වතුර මෝටරයකින් පුරවනවා නම්. ජල මණ්ඩලයේ සැපයුමෙන් පුරවනවා නම් බෝල් ක්ලොක් කියන උපකරණයක් පාවිච්චි කරලා ටැංකිය පිරුණු විට ජල සැපයුම නවතාලන්නට පුළුවන්. කොහොම වුනත් මේ වාගේ උපක්‍රම පාවිච්චි කරන්න බැරි අයටත් මේ සඳහා ...
ෆෙන්ග් ෂුයි කියන්නේ ඇත්තටම මොකක්ද? - What really is Feng Shui? World Beyond World වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාවෙන් මිදී ජීවිතය අධ්‍යාත්මික දෙසට වඩාත් නැඹුරු කරගැනීමට බොහෝ දෙනා බොහෝ දේ කරති. ආගම දහමට යොමුවීම එවැනි එක් දෙයකි. ඇතැම් දෙනෙක් තරගකාරී රැල්ල ඔස්සේම ඉදිරියට ඇදෙන්නට, මේ තරගයෙන් ජයගන්නට අධ්‍යාත්මික ලෙස වාසනාව සොයා යති. වර්තමානයේ මෙසේ අධ්‍යාත්මික දෙසට නැඹුරුවෙමින් වාසනාව සොයා ගන්නට අප රටෙහි ජනප්‍රියව පවතින එක් මාර්ගයක් වන්නේ චීන ජනතාව අතර ද ඉතා ජනප්‍රිය ‛ෆෙන්ග් ...
පරණ වාහන බැටරියක් ගොඩ දාගන්නේ මෙහෙමයි - Restoring an Old Vehicle Battery World Beyond World වාහනයක් සඳහා භාවිත කරනවාට අමතරව වාහන බැටරියක් ගන්න පුළුවන් තවත් ප්‍රයෝජන බොහොමයක් තියෙනවා. විදුලිය ඇණ හිටීමක දී නිවසට ආලෝකය සපයා ගැනීම වැනි දෙයකට වාහන බැටරියකින් සෑහෙන උදව්වක් ගන්න පුළුවන්. නමුත් අලුතින් බැටරියක් මිලට ගැනීම ඒ තරම් ලාබදායක නැහැ. පරණ බැටරි විකුණන තැන්වලත් අපි හිතන තරම් ලාබෙට බැටරි ලබා ගන්න බැහැ. කොහොම වුනත් කිසිම ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැතිව ඉවත දමාපු බැටරියක් ...
වැරදුණු ජනපතිවරණ අනාවැකි World Beyond World 2019 ජනපතිවරණය පිළිබඳ විවිධ අය විවිධ අනාවැකි ඉදිරිපත් කළහ. ඒවා අතර දේශපාලනමය වශයෙන් සහ ජ්‍යොතිෂමය වශයෙන් වූ අනාවැකි බොහෝ විය. නමුත් ඒවා වැරදී ගියේය. කෙසේ නමුත් රටේ සාමාන්‍ය මිනිසුන් සිතන පතන ආකාරය ගැන දැනුවත්ව සිටියේ නම් දේශපාලනය හෝ ජ්‍යොතිෂය නැති වුව ද නිවැරදි අනාවැකි පළකරන්නට පුළුවන් කම තිබිණි. අපට උපදෙස් දෙන්නට මාධ්‍යවලින් පැමිණෙන මොවුනට නැත්තේ ද ඒ අවබෝධමය. එසේ හෙයින් ...
දෙමළ මුස්ලිම් ඡන්ද වැටුනේ ද සිංහල නායකයකුටමද? World Beyond World Source : https://en.wikipedia.org/wiki/2019_Sri_Lankan_presidential_electionමෙවර ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලවලට අනුව සමාජ ජාලවල සහ තවත් බොහෝ වෙබ් අඩවිවල පැතිර යමින් පවතින එක් කරුණක් වන්නේ ලංකාවේ සුළු ජාතීන් සියලු දෙනා එක් රොක් වූයේ දෙමළ හෝ මුස්ලිම් නායකයන් වටා නොව සිංහල නායකයන් වටා යන්නය. ගෝටාබය රාජපක්ෂ ජනපතිතුමා රුවන්වැලි සෑය අසලදී පැවසූයේ තමා ජයග්‍රහණය කළේ සිංහල ඡන්දවලින් ය යන්නය. මෙය මෙය ඇතැමුන්ට වහකදුරු මෙන් තිත්ත කතාවක් බවට ...
අවසානයේ සිංහලයා ජයග්‍රහණය කළේය - At last, Sinhalese Won World Beyond World 2015 ඊනියා යහපාලන පාලන තන්ත්රයක් බිහි වීමෙන් පසු ‘සිංහල‘ යන වචනය පවා පැවසීම සංහිඳියාවට තර්ජනයක් යැයි මතයක් පැතිරී ගියේය. සිංහලයා නපුංශක ජාතියක් කිරීමට එකී පාලකයන් ගත් ප්රයත්නයන් දරා සිටින්නට නොහැකි තැන මම 2015 ජූනි මාසයේ බ්ලොග් සටහනක් තැබුවෙමි. (කැමති නම් එය මෙතැනින් කියවන්න) ඉන් වසර 4 කට පසුව නව ජනපතිවරයෙක් පත්ව සිටී. ඔහු ගෝටාභය රාජපක්ෂයි. පවුල් පාලනයක් හෝ වෙන මලඉලව්වක් ...
උසේ හැටියට බර පහසුවෙන්ම සොයා ගනිමු World Beyond World නීරෝගී සිරුරක් පවත්වාගෙන යන්නට සෑමදෙනෙක් තුළම ඇත්තේ ඉමහත් කැමැත්ත්. නීරෝගී සිරුරක් පවත්වාගෙන යාම සඳහා බොහෝ දෙනෙක් විවිධ උපක්‍රම අනුගමනය කරනවා. නිතර ව්‍යයාම කිරීම, ව්‍යයාම සිදුකරන්නට පහසුකම් ඇති මධ්‍යස්ථානවලට සම්බන්ධ වී ඒවායේ සිටින විශේෂඥයින්ගේ උපදෙස් පැතීම, වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැනි විවිධ දෑ මේ අතරින් විශේෂයි. ව්‍යායාම කිරීම සැබැවින්ම යහපත් දෙයක්. ව්‍යායාම කළ ද නොකළ ද ඔබගේ සිරුර තරබාරු තත්වයට පත්වීමෙන් ...
භූමිකම්පා අත්දැකීමක් පරිගණකයෙන් විඳිමු - Earth quick with computer screen World Beyond World භූමිකම්පාවක දී සිදුවන කම්පනය පරිගණක තිරය තුළින් විඳීමේ හැකියාව ලබා ගන්නා අන්දම ගැනයි මේ කියන්න යන්නේ. මේක html file එකක්. මේක මට ලැබුණේ අපේ රට සුනාමි ව්‍යසනයට මුහුණ දුන් අවුරුද්දේ දී කුමක් හෝ වෙබ් අඩවියකින්. මේක කරන්නේ මෙහෙමයි. මේ පහළ තියෙන සබැඳිය ඔස්සේ ගිහින් මේ html file එක ලබා ගන්න. බාගන්න මෙය ස්මාර්ට් දුරකතනයකින් නම් විඳින්න පුළුවන් වෙයි ද ...
සිංහලයාට උරුම අස්න සාහිත්‍යය World Beyond World තිසර, සැලළිහිණි, කොවුල් ආදී පක්ෂීන් අත යැවූ සංදේශ ඇතුළත් සංදේශ කාව්‍ය හැරුණු විට ‛අස්න’ සාහිත්‍යයක් ද සිංහල බසෙහි පවතිනවා. විහාර අස්න, දොරකඩ අස්න, අනුශාසනා අස්න, දඹදෙණි අස්න, මහා අස්න, කුවේණි අස්න, සිංහබා අස්න, ආදිය එයට ඇතුළත්. මේ අතරින් විහාර අස්න, දොරකඩ අස්න, අනුශාසනා අස්න සාහිත්‍ය කෘතිවලට වඩා ආගමික උත්සවවලට අදාළ කෘති ලෙස පිළිගැනෙනවා. විහාර අස්නනම් පොත නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ...
අපූරු දඬුවම් දුන් ඉලනාග රජු World Beyond World අපේ ඉතිහාසයේ ඉලනාග රජතුමා සම්බන්ධව සිදුවීම් කිහිපයක්ම හමුවෙනවා. ඉලනාග රජකමට පත්වෙන්නේ සීවලී රැජින සිහසුනෙන් පළවා හැරීමෙන් පසුවයි. රාජාභිෂේකයෙන් පසු ඉලනාග රජතුමා සිරිත් පරිදි තිසා වැවේ දිය නෑමට යනවා. මේ වෙලාවේ අනිවාර්යයෙන්ම අමාත්‍ය මණ්ඩලය ද රජු සමග මේ අවස්ථාවට සහභාගී විය යුතුයි. එය රාජ ගෞරවය වෙනුවෙන් සිදු කරන දෙයක්. රජතුමා දිය නා ආපසු යාමට සූදානම් වෙද්දී දුටුවේ ලම්භකර්ණ වංශයට අයත් රාජ ...
කට පිච්චෙන්න තේ බොන අයට ගලනාලයේ පිළිකා ඇතිවීමේ අවදානමක් - Hot Tea and Cancer Risk World Beyond World ඇමරිකා එක්සත් ජනපදයේ පිළිකා සංගමය මේ වසර මුලදී සිය පර්යේෂණ වාර්තාවක් නිකුත් කරමින් පවසා සිටියේ එරටින් වාර්ෂිකව ගලනාලයේ පිළිකා ඇතිවන රෝගීන් 17,650 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බවත්, එයින් 16,000 ක් පමණ මිය යන බවත් ය. දරා ගැනීමේ හැකියාව අනුව මෙම පිළිකා රෝගී තත්වය නිර්ණය කිරීමෙන් පසු මෙයට ගොදුරු වන රෝගීන්ගෙන් 20% ක් පමණ උපරිම වශයෙන් වසර 5 ක පමණ ...