දී…..පාන් කා…පාන් හිම පියලි ලංකාවේ පාන්පිටි කියන්නේ හරි රසවත් මාතෘකාවක්නේ.කාලෙකට දේශප්රේෙමී උණ තියෙන කට්ටිය පාන් නොකවු කියලා සටන් පාඨත් අරන් යනවනේ.ඒ වුනාට ඒ අයම උදේට කඩේට ගිහිල්ලා පාන් ගන්නේ දීපාන් කියලම කියලත් සමහරු කියනවා.මෙව්වට ඇමරිකන් පිටි කියලත් කියනවා.කොහොම හරි මේ පිටි නැත්නම් තිරිඟු පිටි කියන්නේ ලංකාවේ ආණ්ඩු පෙරලන්න පිහිටුවන්න පුලුවන් පුදුම භාණ්ඩයක් වෙන පාන් නිපදවන ප්රිධාන අමුද්රාව්යලය.කාලෙකට පාන් පෙන්නලා ආණ්ඩු පිහිටුවනවා.කාලෙකට පාන් එපා කියලා ...
මහ රෑ ආ භූතයා හිම පියලි හොල්මන කියන දෙයට සමහරු කියනවා සෙලවුනු මනස කියලා.ඒ කියන්නේ හිත ගැස්සිලා පේන දෙයක් විදිහට තමයි හොල්මන් කියන්නේ.ඒ හින්දා කවුරුහරි හොල්මනක් කියලා දෙයක් දැක්කොත් ඒ දිහා හොඳට බලා හිටියොත් ඒ දේ හරියටම දැන ගන්න පුලුවන්. මේක වුනේ ලංකාවේ එක්තරා දුර බැහැර පිහිටි විශ්ව විද්‍යාලයක.මේකේ ඉන්න කාර්ය මණ්ඩලයට එතැනම නවතින්න නිල නිවාස දීල තිබුනා.ගොඩක් ගෙවල් තිබුනේ කට්ටි කට්ටි විදිහට එක ළඟ හින්දා ...
දියව් දියව් ලබුම දියව් හිම පියලි මෙන්න මේ කතාව නම් ලංකාවේ ඇත්තටම සිද්ධ වෙච්ච ඉස්සරහටත් සිද්ධ වෙන්න පුලුවන් කතාවක්.මේක මං හඳුන්වන්නේ ශෝකාන්තයක් විදිහට.මොකක් වුනත් මේක දාලා මාව දන්න ඔය ගොවි ආර්ථිකය ඔලුව උඩ තියාගත්තු කෙනෙක් මට අලුපුහුල් එහෙම මතුරලා දායිද දන්නෙත් නෑ.මෙන්න මෙහෙමයි කතාව.ලංකාවේ සම්ප්‍රදායික ගොවියා කියන්නේ නිතරම රජයෙන් හැම දෙයක්ම කරලා දෙන්න ඕන කියලා හිතන කෙනෙක්නෙ.පෝර සහන මිලට දෙන්න ඕන,වගා රක්ෂණ දෙන්න ඕන,උපදෙස් ඕන රජයෙන්.වාරිමාර්ග ...
කට වැඩි හින්දා… හිම පියලි මාලුවා නහින්නේ කට හින්දා කියලනෙ කියන්නේ.මාලුවා නොවුනත් කට තියන් ඉන්න බැරි හින්දා එක එක අය නිකන් චා වෙනවා.මේකත් ඒ වගේ කතාවක්.මෙතනදිත් චා වුනේ මං එක පාරක් කියපු අර යමපල්ලා බොස්ම තමයි.මොකද මිනිහා මෝඩ කතා කියනවා ඉවරයක් නෑනෙ. දවසක් ඔන්න අපේ මාසික රැස්වීම.අපේ බොසා තමයි එතන ලොක්කා.අපි කාලයක් තිස්සේ අපේ ගිණුම්කරන කටයුතු රැසක්ම බාහිර ආයතනයකින් තමයි කර ගත්තෙ.මූලික සටහන් අපි තියලා ...
හාල් නම් හාල්,බත් නම් බත් හිම පියලි අද ලෝකයේ වඩාත්ම ප්‍රබල උපකරණය තමයි දැනුම කියන එක.මේක හරි විදිහට නැත්නම් වැරදි විදිහට පාවිච්චි කරනවද කියන එක තීරනය වෙන්නෙ ඒ ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මය මත. ඒ හින්දා දැනුම ප්‍රබල වුනාට ආධ්‍යාත්මය තමයි උතුම්ම කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්.මෙතනදි මම ආධ්‍යාත්මය කියලා හඳුන්වන්නේ ආකල්ප, සිතුම්පැතුම්, හැඟීම් ආදි එකී මෙකී නොකී චිත්තක්ෂණවල එකතුවකට.මොකද දැනුම කොච්චර තිබුනත් ඒ දැනුම කළමනාකරණය කරන්නේ කොහොමද කියන ...
ඔබ දන්නවනම් එක කඳුළු බිඳක් හිම පියලි මේ කතාව කෙනෙකුට වේදනාවක් වෙන්න පුලුවනි.තව සමහර කෙනෙකුට විහිලුවක් වෙන්නත් පුලුවනි.මොක වුනත් මේක ලියන්නේ මේ වගේ වැඩත් වෙන්න පුලුවන් කියලා දැන ගන්න. realsimple.com මේක සරසවි කතාවක්.මේක කියවලා ගමේද වුනේ,ගෙදරද වුනේ වගේ අජූත ප්‍රශ්න නම් අහන්න එපා.සරසවියේ ඉන්න කොට කැටයක් කියන්නේ හරි අපූරු අත්දැකීමක්.කැටය දවසට ගෑනු ලමයි කණ්ඩායමක් පිරිමි ලමයි කීපදෙනෙකුගේ ආරක්ෂාව හා භාරය යටතේ කොහේ හෝ නගරයකට යැවෙනවා කැට හොල්ලලා ...
අක්කි බබාගේ කතාව. හිම පියලි මේක අපි කැම්පස් ඉන්න දවස් වල සිද්ද වෙච්ච දෙයක්.ඔය දවස් වල කවියක් තියෙනවනෙ ඉස්සර වුනා එක අත බඩු හත අටය,ඉවසා සිටින මම තාමත් තනිකඩය කියලා.මේකත් ඒකටම හරියන කතාවක්. අපේ සීනියර් බැච් එකේ වැඩිම ලකුණු ගත්ත අක්කි ඒ කියන්නේ batch top, හරීම ලස්සන හුරුබුහුටි ගෑණු ලමයෙක්.ඒ වුනාට final year වෙනකන්ම කොක්කක් හිටියේ නෑ. (දැං මේ වචනේ දන්නේ නැති අයට මේකත් කියන්න ...
ඔයා පස්සේමයි ගැලවුමක් නෑ. හිම පියලි ලෝකේ ලස්සනම වදන “ආදරය” නම් ලෝකේ අමිහිරිම,අවාසනාවන්තම වදන මොකක්ද? මේකට එක එක අය එක එක විදිහේ අර්ථ නිරූපන දෙන්න පුලුවන්.මොක වුනත් අද මං කියන්න යන දෙයත් එක්ක සමහරවිට කියන්න වෙන්නේ කොච්චර අවාසනාවන්ත වුනත් ඒක ඔයා පසු පස එන එක නවත්වන්න කාටවත් බෑ.කොච්චර මේ ලෝකේ වැඩ දම දමා පුම්බගෙන හිටියත් මේක හමුවේ ඕන වැඩ්ඩෙක් බිමට වැටෙනවා.ඇත්තටම මේ වචනය මොකක්ද ? කතා ...
වවාගෙන කෑම. හිම පියලි මඩ සෝදාගත් කල ගොවියා රජ කමටද සුදුසුය කියලා කිව්වේ ලංකාවේ සිරකරුවෙක් විදිහට රඳවාගෙන හිටපු රොබට් නොක්ස් කියන විදේශිකයා කියලා කතාවක් තියෙනවා.ඒත් ඇත්තටම ඒක රොබට් නොක්ස් හිතලා කියපු කතාවකට වඩා ඒ කාලේ උඩරැටියන්ගේ ජනවහරේ තිබුනු කතාවක් විදිහට තමයි සාමාන්‍යයෙන් පිළිගන්න වෙන්නේ.ඒ කාලේ රජ පෙලපතට නෑකම් කියපු අය රට වටේම (මෙතනදි රට වටේ කියන්නේ සෙංකඩගල රාජධානිය පුරාම)හිටපු නිසා වගේම ඒ ගොල්ලන්ගෙන් සමහරු ...
හද්දා ඩොටේ හෙවත් ගම්මානේ හිම පියලි පොරොන්දු කඩන එක ලාංකිකයින්ගේ පුරුද්දක්ද මන්දා,අර සීසර්ගේ පොරොන්දු සීසර්ට කඩන්න පුලුවන් කියලා කතාවක් තියෙද්දි ඕනෑම කෙනෙකුට ඒ වගේ කතාවක් කියලා ඕනම පොරොන්දුවකින් පැනලා යන්න පුලුවන්.පහුගිය දවසක මං කිව්වා එක්තරා දවසක වෙච්ච එක්තරා ගමනක් ගැන කියනවා කියලා.ඉතින් මමත් ඒ කතාව නොකියා ඉන්න හිතලත් මේක කියන්නේ ඒක මට කියන්න ඕන කියලා හිතුනු හින්දා.ඒත් මේකෙන් කාටවත් අපහාසයක් සිද්ද වෙන්න එපා කියලත් මං කියනවා.ඇත්තටම ...
නියම කුකුළා හිම පියලි දැං මේක කියවලා මෙතන ඉන්න නියම කුකුල්ලු මට බනින්න එහෙම එපා කියලම අද කතාව පටන් ගන්නම්.මේක යම් ආකාරයකට අර ප්‍රායෝගික දැනුම,එහෙම නැත්නම් වැඩක් කරන විදිහ,ඉංග්‍රීසියෙන් කියනවනම් know how දන්නේ නැති එක කියලත් කියන්න පුලුවන්.මොක හරි මේ වැඩේ කරපු කෙනාට මම කුකුලා කියලා කියනවා.මේකගේ ඇත්ත නම හරි කාඩ් එක හරි දාන එක ටිකක් මඩ ගැහිල්ලක් හින්දා.ඔන්න දවසක් අපේ විස්ස විජ්ජාලේ හිටියා ...
අසභ්‍යයයි,බලන්න එපා.18+ හිම පියලි හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේම ගහේ කටු උල් කරන්න එපා කියලත් කියන්නේ එක ලඟම යන යෙදුම් දෙකක්.දෙකින්ම කියන්නේ කෙනෙක්ගෙ අනාගත චරියාව දැන් හැදෙන වැඩෙන විදිහ සහ තමන් ස්ථාපිත වෙච්ච විදිහට සිද්ධ වෙන බව.මේ කතාවත් ඒ වගේ දෙයක්.කිසිම ජන පිරිසක් මේකෙ මං හෙලා දකින්නේ නෑ,ඒත් මේක තමයි ඒ මිනිස්සුන්ගේ යථාර්තය.මේක බස් කතාවක්.එ කියන්නේ බසයක් වෙච්ච කතා බහක්. මේ බස් එක යන්නේ ...
විභාග සමත් වීමේ ජිල් මාට්.18+ හිම පියලි අත්දුටුවයි සහතිකයි.මා කළ ගුරුකමක් මෙතෙක් කෙළ වී නැත.කකුල් වතුර බේසම් වල දමාගෙන පාඩම් කළ කාලය අවසානයි.තවදුරටත් නිදි මරමින්,මදුරුවො තලමින්,කට්ට කමින් පාඩම් කලයුතු නැත.ඕනෑම විභාගයක් අති විශිෂ්ඨ ලෙස සමත් වීමට මාහැඟි ක්‍රම රැසක් මාසතුය.තවත් ප්‍රමාද වන්න එපා.ඔබේ දිවිය උඩු කරිඤ්ඤං කරනා විශ්වයේ අති බලගතු රහස් රැසක් ඔබ අතට. දයාබර දරුව,ඔබ ලබා ඇත්තේ මාහැඟි මිනිස් දිවියකි.ප්‍රේත,අසුර,තිරිසන් තුන් නිරය තුල නොවැටී සකල විශ්වයේ ...
ජැකා අයියාගේ වැඩ කිඩ 18+ හිම පියලි ඔය jack කියන්නේ හරි ජනප්‍රිය නමක්නෙ.අර Titanic චිත්‍රපටයේ ලියනාඩො ඩි කැප්රියෝ රඟපාන චරිතයේ නමත් ජැක්.ජැක් ජිල් එක්ක කන්දක් නඟින්න ගිහින් බිමට පත බෑවුනා කියලා කතාවකුයි පොඩි කවියකුත් තියෙනවා.අර ෆ්‍රෙඩී සිල්වා කියන ගීතයකුත් තියෙනවා ජැක්ලා වැටුනේ කකුල ලිස්සලයි,අපේ අය වැටුනේ කට වැඩි හින්දයි කියලා.අදටත් ලෝකයේ පොප් රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සනුත් ජැක් කියන නම ගත්ත කෙනෙක්.ඒ තරමටම ජැක් කියන නම මාර ...
අඩෝ ෆ්‍රෙෂ් රැග් එක හිම පියලි ඔන්න මේ දවස් වල ලංකාවේ campus වලට ගජරාමෙට අලුතින් ලමයි ගන්නවා.ඒ දිහා ලංකාවේ ඉන්න සමහර පුද්ගලයොත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා කොහෙන් හරි මොකක් හරි තලු මර මර කියන්න පුලුවන් කුණු කතාවක් අහුවෙයිද කියලා. http://www.alankar.edu.in මෙන්න මේ වැඩේ සිද්ධ වුනේ ලංකාවේ අගනගරයේ තියෙන සුප්‍රකට විශ්ව විද්‍යාලයක මංතුමා ඉගෙන ගන්න කාලේදි. ඔය විශ්ව විද්‍යාල උප සංස්කෘතියේ තියෙනවානේ හරි අපූරු වචන සෙට් එකකුත්.ඒ ...
දුරස් වන්නට මේ ලෙසින් හිම පියලි මං එයාව මුලින්ම දැක්කෙ මෙතනදි http://www.waitingroomproject.org එයා වාඩි වුනේ අන්න අතන http://www.replacementcushionsanslings.com අපි හමු වුනේ අරෙහෙ. http://www.brighton.ac.uk අන්තිමේදී එයත් යන්න ගියා. www,s288.photobucket,com දැං මං ජොලියෙ ඉන්නවා.ඇයි……………..මුහුදේ ඉන්නේ එක ???????????? http://www.dogrepublic.net ...
මල්ලිගෙ කතාව.18+ හිම පියලි ලිංගිකත්වය හා සම්බන්ධ මොනම හෝ දෙයක් අමුම අමු කුණුහරුපයක් ලෙසත්, ලිංගික සබඳතා හෝ ඒ ගැන සිතීමත් ලාංකීය සංස්කෘතියේ චිරස්ථායි පැවැත්මට හානියක් කියලා හිතන අය වහාම මෙය කියවීමෙන් වළකින්න. දවසක් මේ කියන එක්කෙනා, අපි එයාට මාලක කියලා කියමුකෝ.(මාලක සිල්වා නෙවෙයි) ලංකාවේ දුර ගමන් සේවා බස් රථයක වාඩි වෙලා යනවා.මාලක වැඩ කරන්නේ කොලඹ තියෙන ප්‍රසිද්ධ සමාගමක. මාලකට එයාගේ පවුලේ තව මල්ලි කෙනෙකුත් ...
විවාහ වී දෙවෙනි ගමනේ නොකී කතාව. හිම පියලි පසු ගිය දිනෙක රූපවාහිනියේ channel අතර මාරු වෙමින් සිටි මට අපූරු වැඩසටහනක් නෙත ගැටුනි.එහි සිටි සර්වතොභද්රයින් දෙසා බෑ දෙසුම් ඇසූ මා හට සකල ශ්‍රී විශ්ම බලය ලැබී දෙසු කරුවන්ගේ හෘද සාක්ෂිය හඬ නගනු ඇසිනි.මේ ඒ කතාවයි. හෘද සාක්ෂියේ වදන යටින් ඉරි ඇඳ දක්වා ඇත. මේ ලංකාවේ මහා මඟුලක් සංවිධානය කරලා විවාහ වෙච්ච දෙන්නෙක් රූපවාහිනි නාලිකාවකට දෙන සම්මුඛ පරීක්ෂණයක්.(interview) නිවේදිකාව:ඔයාලා ...
මහ රජාගේ සෙල්ලං ලෙල්ලම. හිම පියලි ඔන්න එකෝමත් එක කාලෙක හරි අරුම පුදුම රටක් තිබුනා.මේ රටේ හිටියේ රජ කෙනෙක්.ඒ කියන්නේ රටේ විධායකයත්,ව්‍යවස්ථාදායකයත්,අධිකරණයත් ඒ හැම එකක්ම මේ රජතුමාගේ තමයි,හරිය.රජතුමාට හිනාවෙන්න ඕන වුනාම රටවැසියොත් හිනාව් වෙන්න ඕන.රජතුමා කිව්වොත් අඬන්න කියලා එයාල අඬන්න ඕන.සමහරු රජතුමා කියන්නත් කලින් රජතුමා හිතන පතන දේවල් කරලා ලකුණු දා ගන්නවා. මේ රජතුමා කෙළි සෙල්ලං වලට බොහෝම මනාපයි.ඉතින් එයා හිතුවා රටේ විසඳන්න අමාරු ලොකු ලොකු ...
මුඩුක්කු බල්ලාගේ ඉන්දියානු ආදරය හිම පියලි Slum Dog Millionaire චිත්‍රපටිය හරි අපූරුය. http://www.freedownloadbuzz.blogspot.com එය හැදුවේ ඉන්දියාවේදී වුවත්,ප්‍රධාන චරිත රඟපෑ නලු නිලියන් ඉන්දියානුවන් වුවත් (සම්භවයෙන් ඉන්දියානුවන් වුවත් වෙනත් රටවල පුරවැසිභාවය ලබා ඇත),ඉන්දියාවේ පාරේ තොටේ අපි දකින සැබෑ ඉන්දියානු යථාර්තය වුවත්,ඒ වෙනුවෙන් ඉන්දියාවේ සුපිරි සංගීතඥ අල්ලා රක්ඛා රහුමාන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබුවත් එය ඉන්දියාවේ අභිමානය කියාපාන සිනමා කෘතියක් ලෙස පිළිගැනීමට බොහෝ ඉන්දියානුවන් කැමැත්තක් නොදක්වන බව පෙනෙන්නට තිබුනේ ...